“ජුනි 7–13. මතෙව් 26; මාර්ක් 14; ලූක් 22; යොහාන් 18: ‘මා කැමති ලෙස නොව, ඔබ කැමති පරිදි වේවා’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)
“ජුනි 7–13. මතෙව් 26; මාර්ක් 14; ලූක් 22; යොහාන් 18,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021
බෙන්ජමින් මැක්පර්සන් විසින්, තවද එය රාත්‍රිය විය
ජුනි 7–13
මතෙව් 26; මාර්ක් 14; ලූක් 22; යොහාන් 18
“මා කැමති ලෙස නොව, ඔබ කැමති පරිදි වේවා”
මතෙව් 26; මාර්ක් 14; ලූක් 22; සහ යොහන් 18, හි විස්තර කර ඇති සිදුවීම් ගැන කියවන විට; විශේෂයෙන් ඔබේ ජීවිතයේ වෙනස්කම් කිරීමට පොළඹවන, ඔබට ලැබෙන ඕනෑම හැඟීමක් කෙරෙහි අවධානය යොමුකරන්න.
ඔබේ හැඟීම් සටහන් කරන්න
ගෙත්සෙමන උයනේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දුක්විඳි බවට සාක්ෂි ලෙස ලෞකික සාක්ෂිකරුවන් තිදෙනෙක් පමණක් සිටි අතර—ඔවුන් බොහෝ දුරට නිදාගත්තෝය. එම උයනේදී හා පසුව කුරුසියේ සිටියදී, ඒ වන විට ජීවතුන් අතර සිටි කිසිවෙකු පාහේ සිදුවන්නේ කුමක්ද යන්න දැනසිටියේ නැති වුවත්, මෙතෙක් ජීවත්වූ සෑම පුද්ගලයෙකුගේම පව්, වේදනා සහ විඳවීම් යේසුස්වහන්සේ විසින්ම භාරගත්තේය. නමුත් ඉන්පසු, සදාකාලිකව වැදගත් සිදුවීම් බොහෝවිට ලෞකික අවධානයකින් තොරව සිදුවී යයි. කෙසේවෙතත්, පියාණන් වන දෙවියන්වහන්සේ දැනසිටියේය. තම ඇදහිලිවන්ත පුත්‍රයාණන්ගේ ආයාචනය උන්වහන්සේට ඇසිණ: “පියාණෙනි, ඔබ කැමතිසේක් නම්, මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේවී නුමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවයි කීසේක. එකල ස්වර්ගයෙන් දේවදූතයෙක් උන්වහන්සේට පෙනී, උන්වහන්සේ ශක්තිමත් කළේය” (ලූක් 22:42–43). මෙම පරාර්ථකාමීත්වය සහ යටත්කම දැකීමට අප භෞතිකව නොසිටි අතර, එක් අතකින්, අප සැමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම පිළිබඳ සාක්ෂිකරුවන් විය හැකිය. අප පසුතැවිලි වී අපගේ පව් වලට සමාව ලැබෙන සෑම අවස්ථාවකම සහ ගැළවුම්කරුවාණන්ගේ ශක්තිමත් කිරීමේ බලය අපට දැනෙන සෑම අවස්ථාවකම, ගෙත්සෙමන උයනේ සිදුවූ දේ පිළිබඳව අපට සාක්ෂි දිය හැකිය.
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
මතෙව් 26:17–30; මාර්ක් 14:12–26; ලූක් 22:7–39
සක්‍රමේන්තුව යනු ගැලවුම්කරුවාණන්ව සිහිපත් කිරීමේ අවස්ථාවකි.
ඔබේ ජීවිතයේ වැදගත් පුද්ගලයන් මතක තබාගැනීමට ඔබ කරන්නේ මොනවාද? ගැළවුම්කරුවාණන් තම ගෝලයන්ට සක්‍රමේන්තුව හඳුන්වාදුන් විට, “මා සිහිකිරීම පිණිස මේක කරපල්ලායයි කීසේක” (ලූක් 22:19; 3 නෙපි 18:7 ද බලන්න). මෙම වත්පිළිවෙතේ පාන්, ජලය සහ වෙනත් අංග උන්වහන්සේව සහ උන්වහන්සේගේ දුක්වේදනා සිහිකිරීමට ඔබට උපකාර කරන්නේ කෙසේද? පළමු සක්‍රමේන්තුව ගැන කියවන විට මෙම ප්‍රශ්නය මෙනෙහි කරන්න. එසේම, ජෝසෆ් ස්මිත් පරිවර්තනයේ ඇති සංශෝධන බලන්න (පාද සටහන් සහ බයිබල් උපග්‍රන්ථය බලන්න).
සෑම සතියකම සක්‍රමේන්තුව අතරතුර ඔබට ඇති අත්දැකීම් මෙනෙහි කිරීමට යම් කාලයක් ගතකරන්න. එය වඩාත් අර්ථවත් කිරීමට ඔබට කුමක් කළ හැකිද? සමහරවිට ඔබට ගැලවුම්කරුවාණන් ගැන මතකතබාගැනීමට පෙළඹවීමක් ලැබූ කරුණු කිහිපයක් ලිවිය හැකිය—උන්වහන්සේගේ ඉගැන්වීම්, උන්වහන්සේගේ ප්‍රේමයේ ක්‍රියා, ඔබ උන්වහන්සේට විශේෂයෙන් සමීප බවක් දැනුණු අවස්ථා හෝ උන්වහන්සේ ඔබ වෙනුවෙන් උන්වහන්සේ කෙරෙහි ගෙන ඇති පාප හා වේදනා.
තවත් බලන්න 3 නෙපි 18:1–13; දහම සහ ගිවිසුම 20:76–79; “Sacrament,” Gospel Topics, topics.ChurchofJesusChrist.org; “Always Remember Him” (video, ChurchofJesusChrist.org).
මතෙව් 26:36–46; මාර්ක් 14:32–42; ලූක් 22:40–46
ගැළවුම්කරුවාණන් ගෙත්සෙමනෙහිදී මා වෙනුවෙන් දුක්විඳි සේක.
සභාපති රසල් එම්. නෙල්සන් අපට මෙසේ ආරාධනා කළේය “ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය ගැන ඉගෙනගැනීමට කාලය ආයෝජනය කරන්න” (“යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය අපගේ ජීවිත වලට ඇදගැනීම,” එන්සයින් හෝ ලියහෝනා, මැයි 2017, 40).
සභාපති නෙල්සන්ගේ ආරාධනය පිළිගැනීමට ඔබ කරන්නේ කුමක්දැයි සලකා බලන්න. මෙම පදවල විස්තර කර ඇති පරිදි, ගෙත්සෙමනේ ගැලවුම්කරුවාණන්ගේ දුක්වේදනා ගැන යාච්ඤාපූර්වකව කල්පනා කිරීමෙන් සහ මතකයට එන පෙළඹවීම් සහ ප්‍රශ්න ලිවීමෙන් ඔබට ආරම්භ කළ හැකිය.
ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ වන්දිගෙවීම පිළිබඳ වඩාත් ගැඹුරු අධ්‍යයනයක් සඳහා, මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු සඳහා වෙනත් ශුද්ධලියවිලි පද සෙවීමට උත්සාහ කරන්න:
-
ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම අවශ්‍ය වූයේ ඇයි? (2 නෙපි 2:5–10, 17–26; 9:5–26; ඇල්මා 34:8–16; 42:9–26 බලන්න.)
-
ගැලවුම්කරුවාණන් දුක්විඳින විට උන්වහන්සේ අත්වින්දේ මොනවාද? (යෙසායා 53:3–5; මොසායා 3:7; ඇල්මා 7:11–13; දහම සහ ගිවිසුම 19:16–19 බලන්න.)
-
ක්‍රිස්තුස්වහන්සේගේ දුක් වේදනා මගේ ජීවිතයට බලපාන්නේ කෙසේද? (බලන්න යොහාන් 10:10–11; හේබ්‍රව් 4:14–16; 1 යොහාන් 1:7; ඇල්මා 34:31; මොරෝනි 10:32–33; Dallin H. Oaks, “Strengthened by the Atonement of Jesus Christ,” Ensign or Liahona, Nov. 2015, 61–64.)
-
මට ඇති වෙනත් ප්‍රශ්න:
ගෙත්සෙමනේ සිදුවූ දේ ගැන ඔබ ඉගෙනගන්නා විට, ගෙත්සෙමන ඔලිව් ගස් වත්තක් බවත් ඔලිව් තලා, ආලෝකය සහ ආහාර මෙන්ම සුවකිරීම සඳහා භාවිතා කරන තෙල් නිස්සාරණය කිරීමට භාවිතා කිරීම සඳහා, ඔලිව් තලන යන්ත්‍රයක් ඇතුළත් බවත් දැනගැනීම සිත්ගන්නා කරුණක් විය හැකිය (ලූක් 10:34 බලන්න). ඔලිව් තෙල් නිස්සාරණය කිරීම සඳහා අධික බරක් භාවිතා කිරීමේ ක්‍රියාවලිය මගින් ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් දැරූ පාපයේ හා වේදනාවේ බර සංකේතවත් කළ හැකිය (බලන්න D. Todd Christofferson, “Abide in My Love,” Ensign or Liahona, Nov. 2016, 50–51).
මාර්ක් 14:27–31, 66–72; ලූක් 22:31–32
හැරීම යනු අඛණ්ඩ ක්‍රියාවලියකි.
පේත්‍රැස් ගැලවුම්කරුවාණන් සමග ලැබූ අත්දැකීම් ගැනත්—ඔහු දුටු ප්‍රාතිහාර්යයන් ගැනත්, ඔහු ඉගෙනගත් දහම ගැනත් සිතන්න. එසේනම් ගැලවුම්කරුවාණන් පේත්‍රැස්ට “නුඹ හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ශක්තිමත් කරපන්නැයි” කියා පවසන්නේ ඇයි? (ලූක් 22:32; ඇල අකුරු එකතු කරන ලදි). සාක්ෂියක් තිබීම සහ සැබවින්ම හැරීම අතර වෙනස කුමක්දැයි වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් ඉගැන්වූයේ කුමක්ද? (බලන්න “Converted unto the Lord,” Ensign or Liahona, Nov. 2012, 106–9). මාර්ක් 14:27–31, 66–72 හි පේත්‍රැස්ගේ අත්දැකීම් ගැන කියවන විට, ඔබේම හැරීම ගැන සිතන්න. පේත්‍රැස්ගෙන් ඔබට ඉගෙනගත හැකි පාඩම් මොනවාද? ඔබ අලුත් ගිවිසුම දිගටම කියවන විට, පේත්‍රැස්ගේ හැරීම හා අන් අයව ශක්තිමත් කිරීමට ඔහු දැරූ උත්සාහය පිළිබඳ ඔබ සොයාගන්නා සාක්ෂි මොනවාද? ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය ලැබීම ඔහුගේ හැරීමට බලපෑවේ කෙසේද? (යොහාන් 15:26–27; ක්‍රියා 1:8; 2:1–4 බලන්න).
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබගේ පවුලේ අය සමග ගැලවුම්කරුවාණන්ගේ ජීවිතයේ අවසාන සතිය ගැන ඔබ දිගටම කියවන විට, ඔබගේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:
මතෙව් 26:17–30; මාර්ක් 14:12–26; ලූක් 22:7–39
සෑම සතියකම සක්‍රමේන්තුව අතරතුර ඔබගේ පවුලේ අත්දැකීම් කුමනාකාරද? පළමු සක්‍රමේන්තුව ගැන කියවීමෙන් සක්‍රමේන්තුවේ වැදගත්කම සහ පවුලේ සාමාජිකයින්ට ඔවුන්ගේ නමස්කාරය වඩාත් අර්ථවත් කළ හැකි ආකාරය පිළිබඳ සාකච්ඡාවක් ඇතිකරගත හැකිය. සක්‍රමේන්තුව බෙදාහැරීමේ පින්තූරයක් පෙන්වමින් (Gospel Art Book, no. 108) සක්‍රමේන්තුවට පෙර, අතරතුර සහ පසු කාලය තුළ ඔබට කළ හැකි දේ පිළිබඳව එකිනෙකා සමග අදහස් බෙදාගැනීම සලකා බලන්න.
ලූක් 22:40–46
ඔබේ පවුලේ අය මෙම පද කියවන විට, “ගැළවුම්කරුවාණන් ගෙත්සෙමනෙහිදී මා වෙනුවෙන් දුක්විඳි සේක” යන පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයන කොටසේ යෝජනා කර ඇති ශුද්ධලියවිලි පාඨ අධ්‍යයනය කරන විට ඔවුන් ඉගෙනගත් දේ බෙදාගත හැකිය.
ලූක් 22:50–51
මෙම අත්දැකීමෙන් අප යේසුස්වහන්සේ ගැන ඉගෙනගන්නේ මොනවාද?
වෝල්ටර් රනේ විසින්, නුඹ මෙතෙක් දුර විඳෙව්වේය
මතෙව් 26:36–46; මාර්ක් 14:32–42; ලූක් 22:40–46
මෙම පදවල ගැලවුම්කරුවාණන්ගේ වචන වලින් අප ඉගෙනගන්නේ මොනවාද?
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.
පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම
පසුකාලීන අනාගතවක්තෘවරුන්ගේ හා ප්‍රේරිතයන්ගේ වචන අධ්‍යයනය කරන්න. ශුද්ධලියවිලි වල ඔබ සොයාගත් සත්‍යයන් පිළිබඳව පසුකාලීන අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතයන් උගන්වා ඇති දේ කියවන්න. නිදසුනක් ලෙස, එන්සයින් හෝ ලියාහෝනා හි නවතම ප්‍රධාන සම්මන්ත්‍රණ කලාප වල, ඔබට “වන්දිගෙවීම” සඳහා මාතෘකා දර්ශක සෙවිය හැකිය (බලන්න Teaching in the Savior’s Way, 21).