“ජුනි 14-20. මතෙව් 27; මාර්ක් 15; ලූක් 23; යොහාන් 19: ‘එය අවසානයි’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)
“ජුනි 14-20. මතෙව් 27; මාර්ක් 15; ලූක් 23; යොහාන් 19,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021
ඇන්ටෝනියෝ සිසේරි විසින්, එක්කේ හෝමෝ
ජුනි 14–20
මතෙව් 27; මාර්ක් 15; ලූක් 23; යොහාන් 19
“එය අවසානයි”
මතෙව් 27; මාර්ක් 15; ලූක් 23; සහ යොහාන් 19 හි ගැලවුම්කරුවාණන්ගේ ලෞකික ජීවිතයේ අවසාන පැය පිළිබඳ විස්තර ඇතුළත් වේ. උන්වහන්සේගේ පරිත්‍යාගය හා මරණය ගැන අධ්‍යයනය කරන විට උන්වහන්සේ ඔබ කෙරෙහි ඇති ප්‍රේමය දැනීමට උත්සාහ කරන්න.
ඔබේ හැඟීම් සටහන් කරන්න
සෑම වචනයකින්ම හා ක්‍රියාවකින්ම, ප්‍රේමය ලෙස පාවුල් හැඳින්වූ—යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල ආදරය නිදර්ශනය කළේය (1 කොරින්ති 13 බලන්න). ගැලවුම්කරුවාණන්ගේ ලෞකික ජීවිතයේ අවසාන පැය ගණනට වඩා මෙය කිසිවිටෙකත් පැහැදිලි නොවීය. බොරු චෝදනා හමුවේ උන්වහන්සේගේ ගෞරවනීය නිශ්ශබ්දතාව පෙන්නුම් කළේ උන්වහන්සේ “පහසුවෙන් කෝපනොවන” බවයි (1 කොරින්ති 13: 5). උන්වහන්සේගේ වධ වේදනා අවසන් කිරීමට ඇති බලය වළක්වාලමින්—මහත් පීඩාව, සමච්චල් කිරීම හා කුරුසියේ ඇණගැසීම වැනි දේවලට යටත්වීමට උන්වහන්සේ දැක්වූ කැමැත්ත—උන්වහන්සේ “දිගු කාලයක් දුක් දරන” බවත් “සියල්ල දරාසිටින” බවත් පෙන්නුම් කළේය (1 කොරින්ති 13: 4,7). උන්වහන්සේගේම අසමසම දුක් වේදනා වලදී පවා—උන්වහන්සේගේ මව කෙරෙහි උන්වහන්සේ දැක්වූ දයානුකම්පාව සහ කුරුසපත්කරුවන් කෙරෙහි උන්වහන්සේ දැක්වූ දයාව—උන්වහන්සේගේම “[උන්වහන්සේගේම] තමාගේම දේ සොයන්නේ නැති” බව පෙන්නුම් කළේය (1 කොරින්ති 13:5). යේසුස්වහන්සේ පොළොවේ ගතකළ අවසාන මොහොතේ, උන්වහන්සේගේ ලෞකික දේවසේවය පුරාම උන්වහන්සේ කළ දේ කරමින් සිටියේය—එනම් අපට පෙන්වීමෙන් ඉගැන්වූවේය. ඇත්තවශයෙන්ම, ප්‍රේමය යනු “ක්‍රිස්තුස්වහන්සේගේ නිර්මල ආදරයයි” (මොරෝනි 7:47).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
මතෙව් 27; මාර්ක් 15; ලූක් 23; යොහාන් 19
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දුක්විඳීමට ඇති කැමැත්ත පෙන්නුම් කරන්නේ පියාණන්වහන්සේ හා අප සියල්ලන් කෙරෙහි උන්වහන්සේගේ ප්‍රේමයයි.
ගැලවුම්කරුවාණන්ට “දේවදූතයන්ගේ සේනාවන්” කැඳවීමට බලය තිබුණද (මතෙව් 26:53), අයුක්තිසහගත පීඩා, කුරිරු සමච්චල්කිරීම් සහ සිතාගත නොහැකි ශාරීරික වේදනා විඳදරාගැනීමට උන්වහන්සේ ස්වේච්ඡාවෙන් තෝරාගත්තේය. උන්වහන්සේ එය කළේ ඇයි? “උන්වහන්සේගේ ප්‍රේමනීය කරුණාව නිසාත්, මනුෂ්‍ය දරුවන් කෙරෙහි උන්වහන්සේ දැක්වූ බොහෝ ඉවසිලිවන්තකම නිසාත්” බව නෙපි සාක්ෂි දැරීය (1 නෙපි 19:9).
1 නෙපි 19:9 කියවීමෙන් ඔබට ගැලවුම්කරුවාණන්ගේ අවසාන පැය කීපය පිළිබඳ අධ්‍යයනය ආරම්භ කළ හැකිය. මතෙව් 27; මාර්ක් 15; ලූක් 23; සහ යොහාන් 19 හි යේසුස්වහන්සේ දුක්විඳින බව නෙපි පැවසූ සෑමදෙයකටම උදාහරණ ඔබ සොයාගෙන තිබේද?
“[ඔවුන්] උන්වහන්සේව නිෂ්ඵල දෙයක් ලෙස විනිශ්චය කළෝය”
“ඔව්හු උන්වහන්සේව මහත් පීඩාවට පත්කළහ”
“ඔව්හු උන්වහන්සේට පහර දුන්හ”
“ඔව්හු උන්වහන්සේට කෙළ ගැසූහ”
ස්වර්ගික පියාණන්වහන්සේගේ සහ යේසුස්වහන්සේගේ “ප්‍රේමනීය කරුණාව” ඔබට දැනීමට උපකාර වන ඡේද මොනවාද? ගැළවුම්කරුවාණන් විසින් නිරූපණය කරන ලද ගුණාංග වලින් වඩාත් පූර්ණ ලෙස වර්ධනය වීමට ඔබ පෙලඹී ඇත්තේ කුමන ගුණාංගය මතද?
තවත් බලන්න “Jesus Is Condemned before Pilate” and “Jesus Is Scourged and Crucified” (videos, ChurchofJesusChrist.org).
මතෙව් 27:27–49, 54; මාර්ක් 15:16–32; ලූක් 23:11, 35–39; යොහාන් 19:1–5
දෙවියන්වහන්සේගේ සත්‍යයට සරදම් කිරීම මගේ ඇදහිල්ල දුර්වල නොකළ යුතුය.
යේසුස්වහන්සේ තම දේවසේවය පුරාම සමච්චල් කිරීම විඳදරාගත් අතර, උන්වහන්සේගේ දුක්විඳීමේදී හා කුරුසියේ ඇණ ගැසීමේදී එය වඩාත් තීව්‍ර විය. නමුත් මෙම සමච්චලයට සත්‍යය වෙනස් කළ නොහැක: යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ය. යේසුස්වහන්සේ විඳදරාගත් නින්දාව ගැන ඔබ කියවන විට, අද මුහුණදෙන විරුද්ධවාදිකම් සහ උන්වහන්සේගේ කාර්ය සමච්චල් කිරීම ගැන සිතන්න. විරුද්ධත්වය විඳදරාගැනීම පිළිබඳව ඔබ ලබාගන්නා අවබෝධය කුමක්ද? මතෙව් 27:54 හි මුලාදෑනියාගේ වචන ගැන කුමක් ඔබව පොළඹවයිද?
මතෙව් 27:46; මාර්ක් 15:34
ස්වර්ගික පියාණන්වහන්සේ යේසුස්වහන්සේව කුරුසියේදී අත්හැරියාද?
වැඩිහිටි ජෙෆ්රි ආර්. හොලන්ඩ් පහත දැක්වෙන අදහස ලබාදුන්නේය: “පරිපූර්ණ පියෙක් ඒ පැයේදී තම පුත්‍රයාව අත්හැරියේ නැති බවට … මම සාක්ෂි දෙමි. … කෙසේවෙතත්, තම පුත්‍රයාගේ උත්තරීතර පරිත්‍යාගය ස්වේච්ඡාවෙන් හා හුදෙකලා වූවාක් මෙන් සම්පූර්ණ වීමට නම්, පියාණන් එවෙලේ යේසුස්වහන්සේගෙන් උන්වහන්සේගේ ආත්මයේ සැනසිල්ල, උන්වහන්සේගේ පෞද්ගලික පැමිණීමේ සහයෝගය ඉවත්කරගත්තේය. … [ගැලවුම්කරුවාණන්ගේ] වන්දිගෙවීම අසීමිත හා සදාකාලික වීමට නම්, මුළුමනින්ම, අශෝභන ලෙස, බලාපොරොත්තු රහිතව තනිවම, දිව්‍ය ආත්මය ඉවත්කරගැනීම කෙබඳු දැයි වටහාගැනීමට, උන්වහන්සේට ශාරීරිකව පමණක් නොව අධ්‍යාත්මිකවද මියයෑම දැනීමට සිදුවිය” (“None Were with Him,” Ensign or Liahona, May 2009, 87–88).
ලූක් 23:34
සමාවදීම සඳහා අපගේ හොඳම උදාහරණය ගැලවුම්කරුවාණන්ය.
ලූක් 23:34 හි ගැලවුම්කරුවාණන්ගේ වචන කියවන විට ඔබට හැඟෙන්නේ කෙසේද? (පාදසටහන c හි ජෝසෆ් ස්මිත් පරිවර්තනය විසින් සපයන ලද අදහස බලන්න). ගැලවුම්කරුවාණන්ගේ වචන ගැන සඳහන් කරමින් සභාපති හෙන්රි බී. අයිරින්ග් මෙසේ ඉගැන්වීය: “අපව අමනාප කරන අයට අප සමාව දියයුතු අතර කිසිදු ද්වේශයක් තබානොගත යුතුය. ගැලවුම්කරුවාණන් කුරුසයේ සිට ආදර්ශය තැබීය. … අපව අමනාප කරන අයගේ හදවත් අපි නොදනිමු” (“That We May Be One,” Ensign, May 1998, 68). ඔබට යමෙකුට සමාවදීමට අපහසු නම් මෙම පදයට ඔබට උපකාර කළ හැක්කේ කෙසේද?
ලූක් 23:39–43
ගැලවුම්කරුවාණන් සොරාට කළ ප්‍රකාශයේ “පාරාදීසය” යන්නෙහි තේරුම කුමක්ද?
ශුද්ධලියවිල්ලෙහි, පාරාදීසය යන වචනයෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ “මරණයෙන් පසු ආත්මික ලෝකයේ සාමයේ සහ සන්තෝෂයේ ස්ථානයක්” යන්නයි—එය ධර්මිෂ්ටයන් සඳහා වෙන්කර ඇති ස්ථානයකි. ලූක් 23:43 හි පාරාදීසය යන වචනය වැරදි පරිවර්තනයක් බව ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා ඉගැන්වීය; ස්වාමින්වහන්සේ සැබවින්ම කීවේ සොරා ඔහු සමග ආත්මික ලෝකයේ සිටින බවය” (True to the Faith, 111; තවත් බලන්න Joseph Smith, Journal, June 11, 1843, josephsmithpapers.org). ආත්මික ලෝකයේ, සොරා ශුභාරංචිය දේශනා කරනු අසනු ඇත.
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:
මතෙව් 27:3–10
යූදස් යේසුස්වහන්සේව පෞද්ගලිකව දැනසිටියත්, ඔහු “[යේසුස්වහන්සේගෙන්] ඉවත්වී, උන්වහන්සේගේ වචන නිසා අමනාප විය” (Joseph Smith Translation, Mark 14:31 [මාර්ක් 14:10, හි පාදසටහන a]). ප්‍රබල සාක්ෂි ඇති ලෙස පෙනෙන අය ගැලවුම්කරුවාණන්ගෙන් ඉවත්වීමට හේතුවිය හැක්කේ මොනවාද? අපට යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සත්‍යවන්තව සිටිය හැක්කේ කෙසේද?
මතෙව් 27:11–26; මාර්ක් 15:1–15; ලූක් 23:12–24; යොහාන් 19:1–16
යේසුස්වහන්සේ නිර්දෝෂී බව දැනසිටියත්, පිලාත් යේසුස්වහන්සේව කුරුසියේ ඇණ ගසන්නට යැව්වේ ඇයි? හරි යැයි අප දන්නා දේ වෙනුවෙන් පෙනීසිටීම ගැන පිලාත්ගේ අත්දැකීම් වලින් අප ඉගෙනගන්නේ මොනවාද? හරි දේ වෙනුවෙන් නැගීසිටීමට පුරුදු වීමට ඉඩ සලසන අවස්ථාවන් භූමිකාවන් ලෙස රඟදැක්වීම ඔබේ පවුලට ප්‍රයෝජනවත් විය හැකිය.
“උන්වහන්සේම කුරුසිය උසුලාගෙන, ගොල්ගොතායයි කියනලද ස්ථානයට පිටත්ව ගියසේක” (යොහාන් 19:17).
මතෙව් 27:46; ලූක් 23:34, 43, 46; යොහාන් 19:26–28, 30
සමහරවිට ඔබට මෙම පද වලින් සොයාගත හැකි ගැලවුම්කරුවාණන් කුරුසියේ ප්‍රකාශ කළ ප්‍රකාශයන් එකක් හෝ කිහිපයක් සොයාගෙන ඒවායින් එකක් හෝ කිහිපයක් එක් එක් පවුල් සාමාජිකයාට පවරා, ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ මෙහෙවර ගැන ඔවුන් ඉගෙනගන්නා දේ බෙදාගැනීමට ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න.
මාක් 15:39
කුරුසියේ ඇණ ගැසීම ගැන කියවීම යේසුස්වහන්සේ “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්” බවට අපගේ සාක්ෂි ශක්තිමත්කර ඇත්තේ කෙසේද?
ලූක් 19:25–27
පවුලේ සාමාජිකයන්ට ආදරය හා සහයෝගය දැක්විය යුතු ආකාරය ගැන මෙම පද වලින් අප ඉගෙනගන්නේ මොනවාද?
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.
අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම
ගැලවුම්කරුවාණන්ගේ ජීවිතය අනුකරණය කරන්න. ගැළවුම්කරුවාණන් ඉගැන්වූ ආකාර, එනම් උන්වහන්සේ භාවිතා කළ ක්‍රම සහ උන්වහන්සේ පැවසූ දේ අධ්‍යයනය කිරීම ප්‍රයෝජනවත් වේ. නමුත් අන් අයට ඉගැන්වීමට හා ඔසවා තැබීමට ගැලවුම්කරුවාණන්ගේ බලය පැමිණියේ… උන්වහන්සේ කෙබඳු පුද්ගලයෙක්ද යන්න මතයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් ජීවත්වීමට ඔබ වෑයම් කරන තරමට, උන්වහන්සේ මෙන් ඉගැන්වීමට ඔබට හැකිවනු ඇත” (Teaching in the Savior’s Way, 13).