පුස්තකාලය
මැයි 24–30. ජෝසෆ් ස්මිත්—මතෙව් 1; මතෙව් 24–25; මාර්ක් 12–13; ලූක් 21: ‘මනුෂ්‍ය පුත්‍රයාණන් පැමිණෙනු ඇත’


“මැයි 24–30. ජෝසෆ් ස්මිත්—මතෙව් 1; මතෙව් 24–25; මාර්ක් 12–13; ලූක් 21: ‘මනුෂ්‍ය පුත්‍රයාණන් පැමිණෙනු ඇත’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“මැයි 24–30. ජෝසෆ් ස්මිත්—මතෙව් 1; මතෙව් 24–25; මාර්ක් 12–13; ලූක් 21” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021

දෙවන පැමිණීම

හැරී ඇන්ඩර්සන් විසින්, දෙවන පැමිණීම

මැයි 24–30

ජෝසෆ් ස්මිත්—මතෙව් 1; මතෙව් 24–25; මාර්ක් 12–13; ලූක් 21

“මනුෂ්‍ය පුත්‍රයාණන් පැමිණෙනු ඇත”

ඔබ ජෝසෆ් ස්මිත්—මතෙව් 1; මතෙව් 24–25; මාර්ක් 12–13; සහ ලූක් 21, කියවන විට ඔබට මෙසේ ඇසිය හැකිය, “මෙම පරිච්ඡේදවල මා වෙනුවෙන් ඇති පණිවිඩ මොනවාද? මගේ පවුල වෙනුවෙන්? මගේ කැඳවීම සඳහා?”

ඔබේ හැඟීම් සටහන් කරන්න

යේසුස්වහන්සේගේ ගෝලයන් උන්වහන්සේගේ අනාවැකිය පුදුමසහගත බව නිසැකවම සොයාගන්නට ඇත: යුදෙව් ජනයාගේ අධ්‍යාත්මික හා සංස්කෘතික කේන්ද්‍රස්ථානය වූ, යෙරුසලමේ බලවත් දේවමාළිගාව, කෙතරම් විනාශවී යනු ඇත්දයත්, … එක ගලක් ඉතිරි නොවනු ඇත.” ස්වාභාවිකවම ගෝලයන්ට වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය විය. “මේවා සිදුවන්නේ කවදාද?” ඔවුන් ඇසුවෝය. “එමෙන්ම ඔබවහන්සේගේ පැමිණීමේ ලකුණ කුමක්ද?” (ජෝසෆ් ස්මිත්—මතෙව් 1:2–4). ගැලවුම්කරුවාණන්ගේ පිළිතුරු වලින් හෙළිවූයේ ක්‍රි.ව. 70 දී ඉටුවූ අනාවැකියක් වන—යෙරුසලමට පැමිණෙන මහා විනාශය—අන්තිම දවස්වල උන්වහන්සේගේ පැමිණීමේ ලකුණු හා සසඳන විට සාපේක්ෂව කුඩා බවය. සූර්යයා, සඳ, තරු, ජාතීන් සහ මුහුද වැනි—යෙරුසලමේ දේවමාළිගාවට වඩා ස්ථාවර යැයි පෙනෙන දේවල් තාවකාලික බව ඔප්පුවනු ඇත. එසේම “ස්වර්ගයේ බලයන් පවා සොලවනු ලැබෙනු ඇත” (ජෝසෆ් ස්මිත්—මතෙව් 1:33). අප අධ්‍යාත්මිකව දැනුවත්ව සිටීනම්, මෙම කැලඹීම මගින් සත්‍ය වශයෙන්ම ස්ථිර දෙයක් කෙරෙහි විශ්වාසය තැබීමට අපට ඉගැන්විය හැකිය. යේසුස්වහන්සේ පොරොන්දු වූ පරිදි, “අහසත් පොළොවත් පහව යනු ඇත; එහෙත් මාගේ වචන පහව යන්නේ නැත. … එසේම මාගේ වචනය අගය කරන කවරෙකු වුවද, රැවටීමට ලක්වන්නේ නැත” (ජෝසෆ් ස්මිත්—මතෙව් 1:35, 37).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

ජෝසෆ් ස්මිත්—මතෙව්

ජෝසෆ් ස්මිත්—මතෙව් යනු කුමක්ද?

ජෝසෆ් ස්මිත්—මතෙව්, ජෝසෆ් ස්මිත්—මතෙව්, අනගි මුතු ඇටයෙහි ඇති අතර එය ජෝසෆ් ස්මිත් විසින් බයිබලයේ පරිවර්තනයෙන් උපුටාගත් කොටසකි. එහි මතෙව් 23 හි අවසාන පදය දක්වා සහ මතෙව් 24 සඳහා සංශෝධන අඩංගු වේ (බලන්න Bible Dictionary, “Joseph Smith Translation”). ජෝසෆ් ස්මිත්ගේ දේවානුභාවයෙන් කරන ලද සංශෝධන මගින් නැතිවූ වටිනා සත්‍යයන් නැවත ලබාදේ. ජෝසෆ් ස්මිත්—මතෙව් හි 12–21 පද පුරාණ යෙරුසලමේ විනාශය ගැන සඳහන් කරයි; 21–55 පදවල අවසාන දවස් පිළිබඳ අනාවැකි අඩංගු වේ.

ජෝසෆ් ස්මිත්—මතෙව් 1:21–37; මාර්ක් 13:21–37; ලූක් 21:25–38

ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීම පිළිබඳ අනාවැකි වලට අනාගතයට ඇදහිල්ලෙන් මුහුණදීමට මට උපකාර කළ හැකිය.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීමට තුඩුදෙන සිදුවීම් ගැන කියවීම නොසන්සුන් විය හැකිය. නමුත් යේසුස්වහන්සේ මේ සිදුවීම් ගැන අනාවැකි පැවසූ විට උන්වහන්සේ තම ගෝලයන්ට පැවසුවේ මෙලෙසයි “කරදර නොවන්න” (ජෝසෆ් ස්මිත්—මතෙව් 1:23). භූමිකම්පා, යුද්ධ, රැවටීම් සහ සාගත ගැන ඇසෙන විට ඔබට “කරදර නොවන්නේ” කෙසේද? ඔබ මෙම පද කියවන විට මෙම ප්‍රශ්නය ගැන සිතන්න. ඔබ සොයාගන්නා සැනසිලිදායක උපදෙස් සලකුණු කරන්න.

තවත් බලන්න දහම සහ ගිවිසුම 29:14–21; 38:30; 45:16–52; 88:86–94; “Second Coming of Jesus Christ,” Gospel Topics, topics.ChurchofJesusChrist.org.

ජෝසෆ් ස්මිත්—මතෙව් 1:26–27, 38–55; මතෙව් 25:1–13; ලූක් 21:29–36

ගැළවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීම සඳහා මම සැමවිටම සූදානමින් සිටිය යුතුය.

දෙවියන්වහන්සේ “මනුෂ්‍ය පුත්‍රයාණන් පැමිණෙන දවසවත් හෝ වේලාවවත්” එළිදරව් කර නැත (මතෙව් 25:13). නමුත් “නොදැනුවත්ව” එම දවස අප වෙත පැමිණීමට උන්වහන්සේ කැමති නැත (ලූක් 21:34), එබැවින් සූදානම් වියයුතු ආකාරය පිළිබඳව උන්වහන්සේ අපට උපදෙස් දී ඇත.

ඔබ මෙම පද කියවන විට, ගැළවුම්කරුවාණන් උන්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා සැමවිටම සූදානම්ව සිටීමට අපට ඉගැන්වීමට භාවිතා කළ උපමා සහ වෙනත් සැසඳීම් හඳුනාගන්න. ඔබ ඒවාගෙන් ඉගෙනගන්නේ කුමක්ද? ඔබ කුමක් කිරීමට පෙලඹී ඇත්ද?

මතෙව් 25:14–30

ස්වර්ගික පියාණන්වහන්සේ බලාපොරොත්තුවන්නේ මම උන්වහන්සේගේ දීමනා ඥාණවන්තව භාවිතා කිරීමයි.

ගැලවුම්කරුවාණන්ගේ කාලයේදී, “දීමනා” යනුවෙන් අදහස් කරන්නේ මුදල් සඳහාය. නමුත් ස්වාමින්වහන්සේගේ දීමනා පිළිබඳ උපමාවෙන් උන්වහන්සේ අපට දී ඇති ඕනෑම ආශිර්වාදයක් භාවිතා කිරීමට උන්වහන්සේ කැමතිවන්නේ කෙසේද යන්න පිළිබඳව අපට ඉගැන්විය හැකිය. ස්වාමින්වහන්සේ උන්වහන්සේ අපට දී ඇති දේවලින් අපි දියුණුවීම බලාපොරොත්තු වන සේක. ඔබ මෙම උපමාව කියවන විට, ස්වර්ගික පියාණන්වහන්සේ ඔබට දී ඇති ආශීර්වාද හා අවස්ථාවන් ලැයිස්තුවක් සාදන්න. මෙම ආශිර්වාද සමග ඔබ කුමක් කරනු ඇතැයි උන්වහන්සේ අපේක්ෂා කරයිද? ඔබට මෙම තෑගි වඩාත් ඥාණවන්තව භාවිතා කළ හැක්කේ කෙසේද? ඔබ ස්වාමින්වහන්සේට සේවය කරන විට ඔබේ දීමනා මහිමයට පත්වූයේ කෙසේද?

මතෙව් 25:31–46

මම අන් අයට සේවය කරන විට, මම දෙවියන්වහන්සේට සේවය කරමි.

ස්වාමින්වහන්සේ ඔබේ ජීවිතය විනිශ්චය කරන්නේ කෙසේදැයි ඔබ කවදා හෝ කල්පනා කර ඇත්නම්, බැටළුවන්ගේ හා එළුවන්ගේ උපමාව කියවන්න. ඔබ ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියෙහි පෙනීසිටින විට වඩාත්ම වැදගත් වන්නේ කුමක්ද?

මොසායා 2:17 ද බලන්න.

මාර්ක් 12:18–27

නැවත නැගිටීමෙන් පසුවද විවාහ දිගටම පවතිනු ඇත්ද?

“ඔවුන් මළවුන්ගෙන් නැගිටින විට, ඔවුන් විවාහ වන්නේවත් විවාහය ලබාදෙන්නේවත් නැත” යන යේසුස්වහන්සේගේ ප්‍රකාශය සෙලෙස්ටියල් විවාහ ගිවිසුමට එළඹ නැති අය ගැන සඳහන් කරන බව නවීන එළිදරව්වෙන් අපි ඉගෙනගනිමු (බලන්න දහම සහ ගිවිසුම 132:15–16). ස්වාමිපුරුෂයා සහ භාර්යාව ඔවුන්ගේ ගිවිසුම් වලට එකඟ නම් “අලුත් හා සදාකාලික ගිවිසුම මගින් … පුරුෂයෙකු භාර්යාවක් විවාහ කරගැනීමෙන් පසු” සෙලෙස්ටියල් විවාහය “සදාකාලය පුරාවටම” පවතිනු ඇත (දහම සහ ගිවිසුම 132:19).

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

ජෝසෆ් ස්මිත්—මතෙව්

මෙම පරිච්ඡේදය ගවේෂණය කිරීමට ඔබගේ පවුලට උදව් කිරීම සඳහා, ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීම සඳහා අපට සූදානම් වියහැකි ආකාරය පිළිබඳ උන්වහන්සේගේ ඉගැන්වීම් සොයාබැලීමට ඔවුන්ට ආරාධනා කරන්න (උදාහරණ සඳහා, බලන්න, 22–23, 29–30, 37, 46–48 පද). මෙම උපදෙස් පිළිපැදීමට ඔබේ පවුලට කුමක් කළ හැකිද?

ජෝසෆ් ස්මිත්—මතෙව් 1:22, 37

දෙවියන්වහන්සේගේ වචනය අගය කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? පවුලක් ලෙස අපට මෙය කළ හැක්කේ කෙසේද? රැවටීම වළක්වාගැනීමට එසේ කිරීම අපට උපකාර කරන්නේ කෙසේද?

මතෙව් 25:1–13

සාකච්ඡා කිරීමට මෙම දළ සටහන සමග එන කන්‍යාවන් දස දෙනාගේ පින්තූරය ඔබට භාවිතා කළ හැකිය මතෙව් 25:1–13. මෙම පදවල විස්තර කර ඇති පින්තූරයේ පවුලේ සාමාජිකයින් දකින විස්තර මොනවාද?

ඔබ සඟවා ඇති කඩදාසියෙන් සෑදූ තෙල් බිඳු සෙවීම සඳහා නිවස වටා සොයායාමට පවුලේ සාමාජිකයන් කැමති වේවිද? පවුලේ සාමාජිකයින්ට ඔවුන්ගේ සාක්ෂි ශක්තිමත් කිරීම සඳහා සහ දෙවන පැමිණීම සඳහා සූදානම්වීම සඳහා කළ හැකි දේවල් නියෝජනය කරන ශුද්ධලියවිලි, සභා ඇඳුම්, හෝ දේවමාළිගාවක පින්තූරයක් වැනි වස්තූන් සඳහා එම බිඳු ඇමිණිය හැකිය.

මාර්ක් 12:38–44; ලූක් 21:1–4

වැන්දඹුවගේ ආදර්ශයෙන් ඔබගේ පවුලේ සාමාජිකයින්ට ඉගෙනගත හැක්කේ කුමක්ද? පරිත්‍යාග ගැන ගැළවුම්කරුවාණන් තම ගෝලයන්ට ඉගැන්වූයේ කුමක්ද? දසයෙන් කොටස පරිත්‍යාග පතක් පෙන්වන්න, ඔබේ පවුලේ අය ස්වාමින්වහන්සේට පරිත්‍යාග කිරීමට සහ මෙම පරිත්‍යාග දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගොඩනැගීමට උපකාරී වන ආකාරය සාකච්ඡා කරන්න. දසයෙන් කොටස පරිත්‍යාග පතක සටහන් කළ නොහැකි ඔබගේ පවුලේ අය කරන පරිත්‍යාග තිබේද?

වැන්දඹුවගේ කාසිය

සැන්ඩ්‍රා රාස්ට් විසින්, වැන්දඹුවගේ කාසිය

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

ඔබේ වටපිටාවන් සූදානම් කරන්න. “අපගේ වටපිටාව සත්‍යය ඉගෙනගැනීමට සහ දැනීමට ඇති හැකියාව කෙරෙහි තදින්ම බලපායි” (Teaching in the Savior’s Way, 15). ශුද්ධාත්මයාණන්ගේ බලපෑමට ආරාධනා කරන ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමට ස්ථානයක් සොයාගැනීමට උත්සාහ කරන්න. නගාසිටුවන සංගීතය හා පින්තූර වලටද ආත්මයාණන්ට ආරාධනා කළ හැකිය.

කන්‍යාවන් දසදෙනා

වෝල්ටර් රනේ විසින්, ඔවුන්ගෙන් පස්දෙනෙක් බුද්ධිමත්ය