පුස්තකාලය
මැයි 10–16. මතෙව් 19–20; මාර්ක් 10; ලූක් 18: ‘තව මට අඩු කුමක්ද?’


“මැයි 10–16. මතෙව් 19–20; මාර්ක් 10; ලූක් 18: ‘තව මට අඩු කුමක්ද?’” එන්න, මා අනුගමනය කරන්න–පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“මැයි 10–16. මතෙව් 19–20; මාර්ක් 10; ලූක් 18,” එන්න, මා අනුගමනය කරන්න–පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021

මිදි වත්තක වැඩකරුවන්

මැයි 10–16

මතෙව් 19–20; මාර්ක් 10; ලූක් 18

“තව මට අඩු කුමක්ද?”

ඔබට ලැබෙන පෙළඹවීම් වලට අවධානය යොමුකරමින් මතෙව් 19–20; මාර්ක් 10; සහ ලූක් 18, කියවා මෙනෙහි කරන්න. එම පෙළඹවීම් සටහන් කර, ඒවා තුළ ක්‍රියාකරන්නේ කෙසේද කියා සිතින් නිශ්චය කරගන්න.

ඔබේ හැඟීම් සටහන් කරගන්න

ඔබට ගැළවුකාරයාණන්ගෙන් ප්‍රශ්ණයක් ඇසීමට අවස්ථාවක් හිමිවුවහොත්, එය කුමක් වේවිද? එක් පොහොසත් තරුණයෙකු ගැළවුම්කරුවාණන්ව පළමු වරට මුණගැසුන විට, “සදාකාල ජීවනය ලබන පිණිස, මොන යහපත් දෙයක් කරම්දැයි” ඔහු උන්වහන්සේගෙන් ඇසුවේය?(මතෙව් 19:16). ගැළවුම්කරුවාණන්ගේ ප්‍රතිචාරයෙන් පෙන්නුම්කළේ තරුණයා දැනටමත් කර ඇති යහපත් දේ අගය කිරීමක් සහ තවත් යහපත් දේ කිරීමට කල ආදරණීය දිරිගැන්වීමකි. සදාකාල ජීවනය ලැබීමේ හැකියාව ගැන අප මෙනෙහි කරන විට, අපිත් ඒ ආකාරයෙන්ම තවත් බොහෝ දේ කල යුතු දැයි කල්පනා කල හැකිය. අපේම ආකාරයෙන් “තව මට අඩු කුමක්ද”? කියා අසන විට(මතෙව් 19:20), ධනවත් තරුණයාට දැක්වූ ප්‍රතිචාරය තරම්ම පෞද්ගලික පිළිතුරු ස්වාමින්වහන්සේට අපට දිය හැක. ස්වාමින්වහන්සේ අපෙන් කුමක් ඉල්ලාසිටියත්, උන්වහන්සේගේ පිළිතුර මත ක්‍රියාකිරීමට සෑමවිටම අපගේ ධර්මිෂ්ටකමට වඩා උන්වහන්සේ කෙරෙහි විශ්වාසකිරීම (ලූක් 18:9–14බලන්න) සහ “දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළදරුවෙකු මෙන් පිළිගැනීම” (ලූක් 18:17; නෙපි 9:22 ද බලන්න) අවශ්‍ය වේ.

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මතෙව් 19:1–9; මාර්ක් 10:1–12

මිනිසෙකු සහ ගැහැණියකගේ අතර විවාහය, දෙවියන්වහන්සේ විසින් නියම කරන ලදි.

ගැළවුම්කරුවාණන් සහ පරිසිවරුන් අතර මෙම හුවමාරුව ගැළවුම්කරුවාණන් විවාහය ගැන විශේෂයෙන් ඉගැන්වූ වාර්තාගත අවස්ථා කිහිපයෙන් එකකි. මතෙව් 19:1–9 සහ මාර්ක් 10:1–12 කියවූ පසු, විවාහය පිළිබඳව ස්වාමින්වහන්සේගේ අදහස් සාරාංශගතකර ඇතැයි ඔබට සිතෙන ප්‍රකාශ කිහිපයක ලැයිස්තුවක් සාදන්න. පසුව “Marriage” in Gospel Topics, topics.ChurchofJesusChrist.org අධ්‍යයනය කර, ඔබ සොයාගන්නාවිට ඔබේ ලැයිස්තුවට තවත් ප්‍රකාශ එකතුකර ගන්න. පියාණන්වහන්සේගේ ගැලවීමේ සැලැස්ම පිළිබඳ ඔබේ දැනුම මිනිසෙකු සහ ගැහැණියක අතර විවාහය, දෙවියන්වහන්සේ විසින් නියම කරන ලද්දේ ඇයි දැයි තේරුම්ගැනීමට කෙසේ උපකාර වේද?

දේවමාළිගාව ඉදිරිපිට වැඩිහිටි යුවලක්

සදාකාලික විවාහය දෙවියන්වහන්සේගේ සැලැස්මේ කොටසකි.

විවාහය පිළිබඳව ස්වාමින්වහන්සේගේ ප්‍රතිපත්ති වලට එකඟ නොවන හෝ විරුද්ධ වන මිනිසුන් ඔබ දන්නවා විය හැකියි. ඔවුන් සමග ගෞරවනීය සංවාදයක් කරන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රයෝජනවත් විස්තර කිරීමක් සඳහා, “Everyday Example: When Beliefs Are Questioned” (ChurchofJesusChrist.org) යන වීඩියෝව බලන්න.

මතෙව් 19:3–9; මාර්ක් 10:2–12

දික්කසාදය කිසිවිටෙකත් පිළිගත නොහැකි බව හෝ දික්කසාද වූ අය නැවත විවාහ නොවිය යුතු බව යේසුස්වහන්සේ ඉගැන්නුවේද?

දික්කසාදය පිළිබඳ කතාවකදී, සභාපති ඩාලින් එච්. ඕක්ස් ඉගැන්වූයේ විවාහ සම්බන්ධතාවය සදාකාලික වීමට ස්වර්ගික පියාණන් අදහස් කරන බවයි. කෙසේවෙතත්, අපගෙ හදවත් වල දැඩිබව නිසා (මතෙව් 19:8), එක් සහකරුවෙකුගේ හෝ සහකරුවන් දෙදෙනාගේම වැරදි තීරණ සහ ආත්මාර්ථීකම ඇතුලුව, ඇතැම්විට දික්කසාදය අවශ්‍යය බව දෙවියන්වහන්සේද තේරුම්ගනී.

සභාපති ඕක්ස් පැහැදිළි කලේ “උතුම් නීතියේ දක්වා ඇති දුරාචාරයේ පැල්ලමක් නොමැතිව දික්කසාද වූ අයට නැවත විවාහ වීමට ස්වාමින්වහන්සේ අවසර දී ඇති බවයි. දික්කසාද වූ සාමාජිකයෙක් බරපතල වැරදි සිදුකර ඇත්නම් හැර, ඔහුට හෝ ඇයට අනෙකුත් සාමාජිකයන්ට අදාල වන හා සමාන සුදුසුකමේ ප්‍රමිතීන් යටතේ දේවමාළිගා නිර්දේශයක් සඳහා සුදුසුකම් ලැබිය හැකිය (“Divorce,” Ensign or Liahona, May 2007, 70).

“Divorce,” Gospel Topics, topics.ChurchofJesusChrist.org ද බලන්න.

මතෙව් 19:16–22; මාර්ක් 10:17–22; ලූක් 18:18–23

සදාකාලික ජීවිතය උරුම කරගැනීමට කුමක් කළයුතුද කියා මම ස්වාමින්වහන්සේගෙන් ඇසුවොත්, උන්වහන්සේ මට උගන්වනු ඇත.

පොහොසත් තරුණයාගේ වාර්තාව ජීවිතකාලය පුරාම, විශ්වාසවන්ත ගෝලයාට පවා විරාමයක් ලබාදිය හැක. ඔබ මාර්ක් 10:17–22 කියවනවිට, තරුණයාගේ විශ්වාසවන්තභාවය සහ අවංකභාවය පිළිබඳව ඔබට සොයාගත හැකි සාක්ෂි මොනවාද?

පොහොසත් තරුණයා මෙන්, අප සෑමකෙනෙකුම අසම්පූර්ණ මෙන්ම අපරිපූර්ණයි, එනිසා අනුගාමිකයන් ලෙස අප “තව මට අඩු කුමක්ද?” ලෙස ඇසිය යුතුය—එමෙන්ම අපි එය අපගේ මුළු ජීවිතකාලය පුරාම ඇසිය යුතුය. පිළිතුර ලැබෙන්නේ අප සැබවින්ම කවුරුන්ද යන්න අප දෙස බලන තැනැත්තාගෙන් ප්‍රේමයෙන් යුතුව බව සැලකිල්ලට ගන්න (මාර්ක් 10:21 බලන්න). ඔබට අඩු කුමක්ද කියා ස්වාමින්වහන්සේගෙන් අසා දැනගැනීමට— සහ උන්වහන්සේගේ පිළිතුර පිලිගැනීමට ඔබට කුමක් කල හැකිද?

තවත් බලන්න Larry R. Lawrence, “What Lack I Yet?” Ensign or Liahona, Nov. 2015, 33–35; S. Mark Palmer, “Then Jesus Beholding Him Loved Him,” Ensign or Liahona, May 2017, 114–16.

මතෙව් 20:1–16

කවදා සුභාරංචිය පිළිගත්තද, සෑමකෙනෙකුටම සදාකාලික ජීවිතයේ ආශිර්වාදය ලබාගත හැකිය.

මිදිවත්තේ සිටින ඕනෑම වැඩකාරයෙකුගේ අත්දැකීම් සමග ඔබට සම්බන්ධ විය හැකිද? මෙම ඡේදයේ ඔබට ඉගෙනගතහැකි පාඩම් මොනවාද? වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ්ගේ “The Laborers in the Vineyard” (Ensign or Liahona, May 2012, 31–33) යන පණිවිඩය මෙම උපමාව අදාළ කරගතහැකි නව ක්‍රම දැකීමට ඔබට උපකාර වනු ඇත. ආත්මයාණන් ඔබට ලබාදුන් අමතර පෙලඹවීම් මොනවාද?

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමඟ ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

මතෙව් 19:1–9; මාර්ක් 10:1–12

විවාහය සහ පවුල පිළිබඳව දෙවියන්වහන්සේගේ ඉගැන්වීම් තුලින් ඔබේ පවුලට ප්‍රථිලාභ ලැබේවිද? එසේනම්, ඔබට ”පවුල: ලෝකෙට ප්‍රකාශනයකි” (එන්සයින් හෝ ලියහෝනා, 2010 නොවැ. 129) කියවිය හැකිය. විවාහය සහ පවුල් සම්බන්ධයෙන් ලෝකයේ පණිවිඩ තුල ඇති ව්‍යාකූලතා සහ අසත්‍යතාවන් පැහැදිලි කරගැනීමට ප්‍රකාශනයේ ඇති ඉගැන්වීම් උපකාරවන්නේ කෙසේද?

මාර්ක් 10:23–27

ධනය තිබීම සහ ධනය කෙරෙහි විශ්වාසය තැබීම අතර වෙනස කුමක්ද? (මාර්ක් 10:23–24බලන්න). ඔබ 27 වන පදය කියවන අතරතුර, ඔබට ජෝසෆ් ස්මිත් පරිවර්තනය පෙන්වාදීමට අවශ්‍ය විය හැකිය: “ධනය තුල විශ්වාසය තබන පුද්ගලයන් සමග, එය කළ නොහැකිය; නමුත් දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා මා වෙනුවෙන් සියල්ල අත්හරින මිනිසුන්ට කළ නොහැකි නොවේ, මක්නිසාද යත් එවැනි සියල්ලන් සමග මෙවැනි සියලුම දේ කළ හැකිය” (මාර්ක් 10:27, පාදසටහන a).

මතෙව් 20:1–16

මතෙව් 20:1–16 තුළ ඇති මූලධර්ම නිදර්ශනය කිරීම සඳහා, කෙටි දුර දිවීමක් වැනි, සරල තරඟයක් තබා, ජයග්‍රාහකයාට ත්‍යාගයක් දීමට පොරොන්දුවන්න. සෑමකෙනෙකුම තරඟය අවසන් කිරීමෙන් පසු, අවසානයටම තරඟය අවසන් කල පුද්ගලයාගෙන් ආරම්භ වී ප්‍රථමයෙන් තරඟය අවසන් කළ පුද්ගලයාගෙන් අවසන් වන පරිදි, සෑමකෙනාටම එකම ත්‍යාගය ප්‍රධානය කරන්න, ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්ම තුල සදාකාලික ජීවිතයේ ආශිර්වාද ලැබෙන්නේ කාටද යන්න පිලිබඳව මෙය අපට උගන්වන්නේ කුමක්ද?

මතෙව් 20:25–27; මාර්ක් 10:42–45

“නුඹලා අතරේ යමෙක් ප්‍රධානියා වෙන්ට කැමතිනම් ඔහු නුඹලාගේ දාසයා වන්නේය” යන වැකියේ තේරුම කුමක්ද? මතෙව් 16:24. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙම මූලධර්මය නිදර්ශනය කලේ කෙසේද? අපගේ පවුලේ, අපගේ කොට්ඨාශයේ හෝ ශාඛාවේ, සහ අපගේ වටපිටාවේ උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරන්නේ කෙසේද?

ලූක් 18:1–14

මෙම වගන්ති වල උපමා දෙකෙන් යාච්ඤාව පිළිබඳව අපි ඉගෙනගන්නේ කුමක්ද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me–For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

පුද්ගලික අධ්‍යයනය වර්ධනය කරගැනීම

ඔබට පහසු වේලාවක් තෝරාගන්න. ඔබට බාධාවකින් තොරව ශුද්ධලියවිලි අධ්‍යයනය කළහැකි විට එය ඉගෙනගැනීම වඩාත් පහසු කරවයි. ඔබට සුදුසු වේලාවක් සොයාගෙන, සෑමදිනකම එම වේලාව තුල නොකඩවාම අධ්‍යයනයේ යෙදීමට ඔබගේ උපරිමය කරන්න.

ක්‍රිස්තුස්වහන්සේ සහ පොහොසත් තරුණයා

හෙයින්රිච් හොෆ්මන් විසින්, ක්‍රිස්තුස්වහන්සේ සහ පොහොසත් තරුණ පාලකයා