“දිවැසිවර පොරොන්දු,” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: මෝර්මොන්ගේ පොත 2020 (2020)
“දිවැසිවර පොරොන්දු,” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: මෝර්මොන්ගේ පොත 2020
දිවැසිවර පොරොන්දු
මෝර්මොන්ගේ පොත අධ්‍යනය කිරීම ඔබව වෙනස් කරනු ඇත. එය ඔබගේ පවුල වෙනස් කරනු ඇත. යේසුස් වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව නැවත පිහිටවූ දා සිට පසුදවස්වල අනාගතවක්තෘවරුන් මෝර්මොන්ගේ පොතෙහි බලය පිළිබඳව පොරොන්දු දී ඇත. පහත සඳහන් ප්‍රකාශයන් මෙනෙහි කර, ඒවා නිතිපතා සමාලෝචනය කරන්න. මෙම ආශිර්වාද වලින් ඔබ ලැබීමට කැමති කුමන ඒවාද? ඔබ මෝර්මොන්ගේ පොත කියවන විට, ඔබේ ජීවිතයේ මෙම පොරොන්දු ඉටුවන ආකාරය වාර්තා කර අන් අය සමග බෙදාගැනීම සලකා බලන්න.
ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයා: මෝර්මොන්ගේ පොත පොළව මත පොත් වලින් ඉතාමත් නිවැරදි පොත කියාද, තවද අප ආගමේ මුල්ගල එය බවද, වෙන කිසිම පොත මූලධර්මයන්ට වඩා මේ පොත අනුව ජීවත් වෙමින් මිනිසෙකුට දෙවියන්වහන්සේ වෙතට වඩා ලංවීමට හැකි බව මම සහෝදරයන්ට කීවෙමි” (Teachings of Presidents of the Church: Joseph Smith [2007], 64).
සභාපති එස්‍රා ටෆ්ට් බෙන්සන්: “එය ඇත්තවශයෙන්ම එසේ වුවත්, මෝර්මන්ගේ පොත අපට සත්‍යය උගන්වනවා පමණක් නොවේ. එයත් ඇත්තවශයෙන්ම එසේ වුවත්, මෝර්මන්ගේ පොත ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව සාක්ෂි දරනවා පමණක් නොවේ. නමුත් එහි ඊට වඩා දෙයක් තිබේ. ඔබ මෙම පොත ගැන බැරෑරුම් අධ්‍යයනයක් ආරම්භ කරන මොහොතේ සිටම ඔබේ ජීවිතයට ගලා ඒමට පටන් ගන්නා බලයක් මෙම පොතේ තිබේ. පරීක්ෂාවට එරෙහි වීමට ඔබට වැඩි බලයක් ලැබෙනු ඇත. රැවටීමෙන් වැළකී සිටීමට ඔබට බලය ලැබෙනු ඇත. කෙලින් සහ පටු මාවතේ රැඳී සිටීමට ඔබට බලය ලැබෙනු ඇත. ශුද්ධලියවිලි ‘ජීවනයේ වචන’ ලෙස හැඳින්වේ (ද&C 84:85), මෝර්මන්ගේ පොතට වඩා එය වඩා සත්‍යය වීමක් වෙනත් තැනක නැත. එම වචන වලට ඔබ කුසගින්නෙන් හා පිපාසයෙන් පෙළෙන්නට පටන් ගන්නා විට, ඔබ ජීවිතය වැඩි වැඩියෙන් සමෘධිමත් බවින් සොයා ගනු ඇත” (Teachings of Presidents of the Church: Ezra Taft Benson [2014], 141).
සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි: “සහෝදර සහෝදරියනි, ඔබ මෝර්මන්ගේ පොත යාච්ඥා පූර්වකව කියවනවා නම්, ඔබ මීට පෙර කී වතාවක් එය කියවා තිබුණත්, ස්වාමින්වහන්සේගේ ආත්මයේ අමතර මිනුමක් ඔබේ හදවතට පැමිණෙනු ඇති බව වෙන්කිරීමකින් තොරව මම ඔබට පොරොන්දු වෙමි. උන්වහන්සේගේ අණපණත් වලට කීකරුව ඇවිදීමට ශක්තිමත් දිරියක් එහි තිබෙනු ඇත, එමෙන්ම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ජීවමාන යතාර්ථය පිළිබඳ ශක්තිමත් සාක්ශියක් පැමිණෙනු ඇත” (Teachings of Presidents of the Church: Gordon B. Hinckley [2016], 233).
සභාපති රසල් එම්. නෙල්සන්: “මාගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබ සෑම දිනකම මෝර්මන්ගේ පොත යාච්ඤාශීලීව අධ්‍යයනය කරන විට, ඔබ සෑම දිනකම වඩා හොඳ තීරණ ගනු ඇතැයි මම පොරොන්දු වෙමි. ඔබ ඉගෙනගන්නා දේ ගැන මෙනෙහි කරන විට, ස්වර්ගයේ කවුළු විවෘත වී, ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු සහ ඔබේ ජීවිතය සඳහා මගපෙන්වීම ඔබට ලැබෙනු ඇතැයි මම පොරොන්දු වෙමි. ඔබ දිනපතා මෝර්මන්ගේ පොතෙහි ගිලී සිටින විට, දවසේ නපුරට, කාමුක දර්ශන සහ වෙනත් මනස අවුල් කරන ඇබ්බැහි වීම් වැනි දේ වලට පවා එරෙහිව ඔබට ප්‍රතිශක්තිකරණය ලබාදිය හැකි බවට මම පොරොන්දු වෙමි” (“The Book of Mormon: What Would Your Life Be Like without It?” Ensign or Liahona, Nov. 2017, 62–63).