“දෙසැම්බර් 30–ජනවාරි 5. මොර්මොන්ගේ පොතේ හඳුන්වාදීමේ පිටු: ‘යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමක්”’ එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)
“දෙසැම්බර් 30–ජනවාරි 5. මොර්මොන්ගේ පොතේ හඳුන්වාදීමේ පිටු,” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020
දෙසැම්බර් 30–ජනවාරි 5
මොර්මොන්ගේ පොතේ හඳුන්වාදීමේ පිටු
“යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමක්”
1 නෙපි පොතට පෙර ඇති පිටු කියවීමෙන් ඔබ ආරම්භ කළහොත් මෝර්මොන්ගේ පොත පිළිබඳ ඔබේ අධ්‍යයනය වඩාත් සාරවත් කළ හැකිය. ඔබේ සාක්ෂිය ශක්තිමත් කරන ඔබ සොයාගත් දේ මොනවාද?
ඔබේ හැඟීම් සටහන් කරන්න
ඔබ 1 නෙපි 1 වන පරිච්ඡේදයට යාමටත් පෙර, මෝර්මොන්ගේ පොත සාමාන්‍ය පොතක් නොවන බව පැහැදිලි වනු ඇත. දේවදූතයන්ගේ බැහැදැකීම්, පුරාණ වාර්තාවක් කඳුකරයේ වළලනු ලැබීම සහ දෙවියන්වහන්සේගේ බලයෙන් එම වාර්තාව පරිවර්තනය කරන අප්‍රකට ගොවියෙක් යන දේ ඇතුළත්ව - එහි හඳුන්වාදීමේ පිටු වෙනත් කිසිම තැනකට වඩා පසුබිමක් විස්තර කරයි. මෝර්මොන්ගේ පොත පුරාණ ඇමරිකානු ශිෂ්ටාචාර වල ඉතිහාසයක් පමණක් නොවේ. එහි “සදාකාලික සුභාරංචියේ පූර්ණත්වය” අඩංගුය (මෝර්මොන්ගේ පොත හඳුන්වාදීම ), එමෙන්ම එය ලියා ඇති ආකාරය, එය ආරක්ෂා කර ඇති ආකාරය සහ එය අපේ කාලයේදී ලබාගත හැකි ආකාරය - දෙවියන්වහන්සේ විසින්ම යොමුකරවනු ලැබ ඇත. මේ වසරේ, ඔබ මෝර්මොන්ගේ පොත කියවන විට, ඒ ගැන යාච්ඤා කර, එහි ඉගැන්වීම් ක්‍රියාවට නංවන විට, ඔබ එහි බලයට ඔබේ ජීවිතයට ආරාධනා කරනු ඇති අතර, සාක්ෂිකරුවන් තිදෙනා ඔවුන්ගේ සාක්ෂියේදී කළ පරිදි, “එය [මාගේ] දෑස් වල පුදුමාකාරය” යනුවෙන් කීමට සිතෙන්නට පුළුවන.
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
මෝර්මොන්ගේ පොතට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි මාගේ ඇදහිල්ල ශක්තිමත් කළ හැකිය.
මෝර්මොන්ගේ පොතේ මාතෘකා පිටුව මාතෘකාවකට වඩා වැඩි යමක් සපයයි. වෙනත් දේ අතර, එය මෙම ශුද්ධවූ වාර්තාවේ අරමුණු කිහිපයක් ලැයිස්තුගත කරයි. මෙම අරමුණු සඳහා අවධානය යොමුකරන්න, ඉන්පසු ඔබ මේ වසරේ මොර්මොන්ගේ පොත අධ්‍යයනය කරන විට, මෙම අරමුණු ඉටුකරනවා යැයි ඔබට දැනෙන ඡේද සටහන් කරන්න. නිදසුනක් වශයෙන්, “යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ බවත්, සදාකාලික දෙවියන්වහන්සේ බවත්” ඔබට ඒත්තුගැන්වීමට උපකාර වන ඡේද මොනවාද?
මෝර්මොන්ගේ පොත “ගැලවීමේ සැලැස්ම ගෙනහැර දක්වයි.”
ගැලවීමේ සැලැස්ම යනු උන්වහන්සේ මෙන් තම දරුවන් උසස් වීමටත්, උන්වහන්සේට දැනෙන ප්‍රීතිය අත්විඳීමටත් උපකාර කරන ස්වර්ගික පියාණන්ගේ සැලැස්මයි (බලන්න 2 නෙපි 2:25–26). යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම මෙම සැලැස්ම සාර්ථක කළ අතර, දෙවියන්වහන්සේ විසින් දී ඇති සෑම මූලධර්මයක්ම, වත්පිළිවෙතක්ම, ගිවිසුමක්ම සහ අණ පණතක්ම මෙම සැලැස්ම ඉටුකිරීමට උපකාරී වේ.
ඔබට ගැලවීමේ සැලැස්ම තේරුම්ගැනීමට අවශ්‍ය නම්, කියවීමට මොර්මොන්ගේ පොතට වඩා හොඳ පොතක් නැත. 20 වාරයකට වඩා වැඩි වාර ගණනක් - විවිධ නම් භාවිතා කරමින් - එය දෙවියන්වහන්සේගේ සැලැස්ම සඳහන් කරයි. මේ වසරේ ඔබගේ අධ්‍යයනය අතරතුර, දෙවියන්වහන්සේගේ සැලැස්ම සඳහන් කර ඇති විට හෝ ඒ වෙත යොමුකර ඇති විට සහ මෝර්මොන්ගේ පොත ඒ ගැන පවසන දේ ගැන සැලකිලිමත් වන්න.
ඔබට ආරම්භ කිරීම සඳහා ක්‍රියාකාරකමක් මෙන්න. පහත දැක්වෙන ඡේද කියවා දෙවියන්වහන්සේගේ සැලැස්මට ලබාදී ඇති විවිධ නම් ලැයිස්තුගත කරන්න: 2 නෙපි 9:13; 11:5; සහ ඇල්මා 12:32–34; 24:14; 41:2; 42:15–16. පියාණන්ගේ සැලැස්ම ගැන මේ සෑම නාමයක්ම ඔබට යෝජනා කරන්නේ කුමක්ද?
“සාක්ෂිකරුවන් තුන් දෙනාගේ සාක්ෂිය”; “සාක්ෂිකරුවන් අට දෙනාගේ සාක්ෂිය”
මට මෝර්මොන්ගේ පොත පිළිබඳ සාක්ෂිකරුවෙකු විය හැකිය.
සාක්ෂිකරුවන් තිදෙනා සහ සාක්ෂිකරුවන් අටදෙනා මෙන් රන් තහඩු ඔබ දැක නොමැති වුවද, මෝර්මොන්ගේ පොත සත්‍ය බව ශුද්ධාත්මයාණන්වහන්සේට ඔබට සාක්ෂි දිය හැකිය. ඔවුන්ගේ සාක්ෂි ඔබේ සාක්ෂි ශක්තිමත් කරන්නේ කෙසේද? මෝර්මොන්ගේ පොත ගැන ඔබ දන්නා දේ “ලෝකයට සාක්ෂි දැරීම සඳහා, [ඔබගේ නාමය ලෝකයට] ලබාදෙන්නේ” කෙසේද? (“සාක්ෂිකරුවන් අට දෙනාගේ සාක්ෂිය”).
“දිවැසිවර ජෝසෆ් ස්මිත්ගේ සාක්ෂිය”
මොර්මොන්ගේ පොත එළියට පැමිණීම ආශ්චර්යයකි.
මෝර්මොන්ගේ පොත පැමිණියේ කොහෙන්දැයි යමෙක් ඔබෙන් ඇසුවොත් ඔබ කියන්නේ කුමක්ද? මොර්මොන්ගේ පොත එළියට ගෙනඒමේදී ස්වාමින්වහන්සේගේ හස්තය ඔබ විස්තර කරන්නේ කෙසේද? මෝර්මොන්ගේ පොත එළියට පැමිණෙන බව ජෝසෆ් ස්මිත් විස්තර කළේ කෙසේද?
“දිවැසිවර ජෝසෆ් ස්මිත්ගේ සාක්ෂිය”
මෝර්මොන්ගේ පොත පරිවර්තනය කළේ කෙසේද?
මෝර්මොන්ගේ පොත පරිවර්තනය කර ඇත්තේ “දෙවියන්වහන්සේගේ දීමනාවෙන් හා බලයෙනි”. එම ආශ්චර්යමත් පරිවර්තන ක්‍රියාවලිය පිළිබඳ බොහෝ තොරතුරු අපි නොදනිමු, නමුත් ජෝසෆ් ස්මිත් යනු එළිදරව් දකින්නෙකු බවත්, යූරිම් සහ තුමීම් ලෙස හඳුන්වනු ලබන සහ එළිදරව් ගල ලෙස හඳුන්වන දෙවියන්වහන්සේ විසින් සකස්කරන ලද උපකරණවල ආධාරයෙන් එය කළ බවත් අපි දනිමු. ජෝසෆ් මෙම ගල්වල තහඩු මත ඇති අක්ෂර වල ඉංග්‍රීසි අර්ථ නිරූපණය වනවා දුටු අතර, ඔහු එය ශබ්දනගා කියවූ අතර ලියන්නෙකු එය වාර්තා කළේය. මෙම ශුද්ධවූ කාර්යය පරිවර්තනයේදී දෙවියන්වහන්සේගේ බලය ප්‍රකාශ වූ බව ජෝසෆ්ගේ සෑම ලියන්නෙක්ම සාක්ෂි දුන්හ.
බලන්න “Book of Mormon Translation,” Gospel Topics, topics.ChurchofJesusChrist.org.
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.
මෝර්මොන්ගේ පොතේ මාතෘකා පිටුව
සමහරවිට ඔබේ පවුලට මෝර්මොන්ගේ පොතෙන් “යේසුස්වහන්සේ ක්‍රිස්තුස් බව” ඔබේ ඇදහිල්ල ගොඩනගා ඇති පද ලැයිස්තුවක් ආරම්භ කර අවුරුද්ද පුරාම ඔබට එයට එකතු කළ හැකිය. මොර්මොන්ගේ පොත කියවීම සඳහා පවුල් සැලැස්මක් නිර්මාණය කිරීමට මෙය හොඳ අවස්ථාවක් විය හැකිය: ඔබ කියවීමට රැස්වන්නේ කවදාද සහ කොතැනදීද? සෑම පවුලේ සාමාජිකයෙක්ම සහභාගීවන්නේ කෙසේද? අමතර උපකාර සඳහා, මෙම ආකෘතිය ආරම්භයේ “ඔබේ පවුලේ ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කිරීමේ අදහස්” බලන්න.
මෝර්මොන්ගේ පොත ගැන කෙටි විස්තරයක්
මුල් ගලක් යනු ආරුක්කු මුදුනේ ඇති අනෙකුත් ගල් එකට සිරකරන කූඤ්ඤ හැඩැති ගලකි. මෝර්මොන්ගේ පොත “අපේ ආගමේ මුල් ගල” වන්නේ කෙසේද යන්න තේරුම්ගැනීමට ඔබේ පවුලට උපකාර කිරීම සඳහා, ඉහළින් මුල් ගලක් සහිත ආරුක්කු ඔබට තැනීමට හෝ ඇඳීමට හැකිය. එම මුල් ගල ඉවත් කළහොත් කුමක් සිදුවේද? අපට මොර්මොන්ගේ පොත නොතිබුනේ නම් කුමක් සිදුවේද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ලේ මුල් ගල මෝර්මොන්ගේ පොත බවට අප පත්කරන්නේ කෙසේද?
මොර්මොන්ගේ පොත අපේ ආගමේ ප්‍රධාන ගලයි.
“සාක්ෂිකරුවන් තුන් දෙනාගේ සාක්ෂිය”; “සාක්ෂිකරුවන් අට දෙනාගේ සාක්ෂිය”
ඔබේ පවුලේ සාමාජිකයින්ට මොර්මොන්ගේ පොත ගැන ඔවුන්ගේම සාක්ෂි ලිවීමට, ඔවුන්ගේ නම් ඒවා මත අත්සන් කිරීමට සහ ඔවුන්ගේ සාක්ෂි අන් අය සමග බෙදාගැනීමට ක්‍රම ගැන සිතීමට හැකිය.
“දිවැසිවර ජෝසෆ් ස්මිත්ගේ සාක්ෂිය”
ජෝසෆ් ස්මිත්ගේ වාර්තාවේ, මෝර්මොන්ගේ පොත එළියට ගෙන ඒමට දෙවියන්වහන්සේ සම්බන්ධ බවට අපට ඇති සාක්ෂි මොනවාද?
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.
අපගේ ඉගැන්වීම් වර්ධනය කරගැනීම
දිවැසිවර පොරොන්දුවක්. සභාපති රසල් එම්. නෙල්සන් පැවසුවේ, “ඔබ [මොර්මොන්ගේ පොතෙහි] අධ්‍යයනය කරන දේ ගැන මෙනෙහි කරන විට, ස්වර්ගයේ කවුළු විවෘත වනු ඇති අතර, ඔබේම ප්‍රශ්නවලට පිළිතුරු සහ ඔබේ ජීවිතය සඳහා මගපෙන්වීම ලැබෙනු ඇතැයි මම පොරොන්දු වෙමි” (“මොර්මොන්ගේ පොත: එය නොමැතිව ඔබේ ජීවිතය කුමක් වේවිද?” එන්සයින් හෝ ලියහෝනා, නොවැ. 2017, 62–63).