“ජනවාරි 13–19. 1 නෙපි 8–10: ‘පැමිණ, මේ ඵලය අත්විඳින්න,’” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)
“ජනවාරි 13–19. 1 නෙපි 8–10,” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020
ස්ටීවන් ලොයිඩ් නීල් විසින්, ලෙහිගේ සිහිනය
ජනවාරි 13–19
1 නෙපි 8–10
“පැමිණ, මේ ඵලය අත්විඳින්න”
ඔබ 1 නෙපි 8-10 කියවන විට, ලෙහිගේ දර්ශනයෙන් ඔබට අදාළ වන පණිවිඩ මොනවාදැයි සලකා බලන්න. ඔබේ ශුද්ධලියවිලි වල, සටහන් පොතක හෝ මෙම සම්පත තුළ ඔබට ලැබෙන අධ්‍යාත්මික හැඟීම් සටහන් කරන්න.
ඔබේ හැඟීම් සටහන් කරන්න
එම යකඩ අත්වැල, අන්ධකාරයේ මීදුම, ඉඩකඩ සහිත ගොඩනැගිල්ල සහ “වඩාත්ම මිහිරි” පලතුරු සහිත ගස සහිත ලෙහිගේ සිහිනය - ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමයේ සහ වන්දිගෙවීමේ පරිත්‍යාගයේ ආශිර්වාද සඳහා ආරාධනා කිරීමකි. කෙසේවෙතත්, ලෙහිට මෙම දර්ශනය ඔහුගේ පවුලේ අය ගැනද විය: “මක්නිසාද මා දුටු දේවල් නිසා, නෙපි සහ සෑම් නිසා මට ස්වාමින්වහන්සේ තුල ප්‍රීතිවීමට කාරණයක් ඇත. … නමුත් බලන්න, ලාමන් සහ ලෙමුවෙල්, මක්නිසාද නුඹලා ගැන මම බෙහෙවින් බියවෙමි” (1 නෙපි 8:3–4). ලෙහි තම දැක්ම විස්තර කිරීම අවසන් කළ විට, “එනම් ඔවුන් ඔහුගේ වචන වලට ඇහුම්කන්දීමට, එනම් ස්වාමින්වහන්සේ ඔවුන්ට කරුණාවන්ත වන පිණිස” ඔහු ලාමන් සහ ලෙමුවෙල්ගෙන් අයැද සිටියේය (1 නෙපි 8:37). ඔබ ලෙහිගේ දර්ශනය බොහෝ වාර ගණනක් අධ්‍යයනය කර ඇතත්, මේ වතාවේ ලෙහි කළ ආකාරයටම සිතන්න - ඔබ ආදරය කරන කෙනෙකු ගැන සිතන්න. ඔබ එසේ කරන විට, යකඩ අත්වැලෙහි ආරක්ෂාව, ඉඩකඩ සහිත ගොඩනැගිල්ලේ අන්තරායන් සහ පලතුරේ මිහිරි බව නව අරුතක් ගනී. මෙම විශිෂ්ට දර්ශනය ලැබූ “මුදු මොළොක් දෙමව්පියෙකුගේ සියලු හැඟීම්” ඔබ වඩාත් ගැඹුරින් තේරුම්ගනු ඇත.
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
දෙවියන්වහන්සේගේ වචනය මා ගැළවුම්කරුවාණන් වෙතට ගෙන යන අතර උන්වහන්සේගේ ප්‍රේමය දැනීමට මට උපකාර කරයි.
ගැලවුම්කරුවාණන්ව දැනගැනීමට සහ උන්වහන්සේගේ ප්‍රේමය දැනීමට ඔබගේ පුද්ගලික ගමනේදී - ඔබ සිටින ස්ථානය සහ ඔබ යන්නේ කොතැනද - යන්න ගැන මෙනෙහි කිරීමට ලෙහිගේ දර්ශනය ආරාධනයක් සපයයි. සභාපති බොයිඩ් කේ. පැකර් මෙසේ ඉගැන්වීය: “ලෙහිගේ සිහිනය හෝ දැක්මෙහි ඔබ සඳහා විශේෂ අර්ථයක් නැතැයි ඔබ සිතනු ඇත, නමුත් එය එසේ වේ. ඔබ එහි සිටී; අපි සැවොම එහි සිටිමු (බලන්න 1 නෙපි 19:23). ලෙහිගේ සිහිනය හෝ යකඩ අත්වැල පිළිබඳ දර්ශනයෙහි … පසුකාලීන සාන්තුවරයෙකු ජීවිතයේ පරීක්ෂණය තේරුම්ගත යුතු සෑම දෙයක්ම එහි ඇත” (“Lehi’s Dream and You,” New Era, Jan. 2015, 2).
1 නෙපි 8 හැදෑරීමට එක් ක්‍රමයක් නම් මෙහි පෙන්වා ඇති ආකාරයට වගුවක් පුරවා ගැනීමයි. සංකේතවල තේරුම වටහාගැනීම සඳහා, තම පියාගේ දැක්ම තේරුම්ගැනීමට යාච්ඤා කරන විට නෙපි දුටු දර්ශනයට යොමුවීම ප්‍රයෝජනවත් වේ - විශේෂයෙන් බලන්න 1 නෙපි 11:4–25, 32–36; 12:16–18; සහ 15:21–33, 36. ඔබ ලෙහිගේ දර්ශනය අධ්‍යයනය කරන විට, ඔබ ඉගෙනගන්නවාට ස්වාමින්වහන්සේ කැමති දේ සලකා බලන්න.
|
ලෙහිගේ දර්ශනයේ සංකේත |
තේරුම් |
මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න |
|---|---|---|
ලෙහිගේ දර්ශනයේ සංකේත ගස සහ එහි ඵලය (1 නෙපි 8:10–12) | තේරුම් | මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න දෙවියන්වහන්සේගේ ප්‍රේමයට හවුල්වීමට අන් අයට ආරාධනා කිරීමට මා කරන්නේ කුමක්ද? |
ලෙහිගේ දර්ශනයේ සංකේත ගංගාව (1 නෙපි 08.13) | තේරුම් | මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න |
ලෙහිගේ දර්ශනයේ සංකේත යකඩ අත්වැල (1 නෙපි 8:19–20, 30) | තේරුම් | මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න |
ලෙහිගේ දර්ශනයේ සංකේත අන්ධකාරයේ මීදුම (1 නෙපි 8:23) | තේරුම් | මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න |
ලෙහිගේ දර්ශනයේ සංකේත බලවත් සහ විශාල ගොඩනැගිල්ල (1 නෙපි 8:26–27, 33) | තේරුම් | මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න |
ලෙහිගේ දර්ශනයේ සංකේත | තේරුම් | මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න |
තවත් බලන්න David A. Bednar, “Lehi’s Dream: Holding Fast to the Rod,” Ensign or Liahona, Oct. 2011, 33–37.
ලෙහි ජීවන වෘක්ෂයේ ඵල අනුභව කරමින්. මාර්කස් ඇලන් වින්සන්ට් විසින්, ජීවනයේ වෘක්ෂය
නෙපි තහඩු කට්ටල දෙකක් සෑදුවේ ඇයි?
නෙපි විසින් වාර්තා දෙකක් නිර්මාණය කිරීමේ ස්වාමින්වහන්සේගේ “ඥාණාන්විත අරමුණ” සියවස් ගණනාවකට පසුව පැහැදිලි විය. ජෝසෆ් ස්මිත් මෝර්මොන්ගේ පොතේ මුල් පිටපත් 116 පරිවර්තනය කිරීමෙන් පසු ඔහු එම පිටු මාටින් හැරිස්ට ලබාදුන්නේය, ඔහුට ඒවා නැතිවිය (බලන්න D&C 10:1–23). නමුත් නෙපිගේ දෙවන තහඩු කට්ටලය එම කාල පරිච්ඡේදයම ආවරණය කළ අතර, නැතිවූ දේ නැවත පරිවර්තනය කිරීමට වඩා මෙම තහඩු පරිවර්තනය කරන ලෙස ස්වාමින්වහන්සේ ජෝසෆ් ස්මිත්ට අණ කළේය (බලන්න D&C 10:38–45).
1 නෙපි 9 හි සඳහන්ව ඇති තහඩු පිළිබඳ වැඩි තොරතුරු සඳහා, “මොර්මොන්ගේ පොත ගැන කෙටි විස්තරයක්”; 1 නෙපි 19:1–5; 2 නෙපි 5:29–32; සහ මෝර්මොන්ගේ වචන 1:3–9 බලන්න.
පුරාණ අනාගතවක්තෘවරු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මෙහෙවර ගැන දැන සිටි අතර උන්වහන්සේ ගැන සාක්ෂි දැරීය.
ලෙහිගේ දර්ශනය පිළිබඳ විස්තරය නිසැකවම ඔහුගේ පවුල කෙරෙහි පැහැදීමක් ඇති කළ නමුත්, ගැලවුම්කරුවාණන්ගේ මෙහෙවර ගැන ඔවුන්ට ඉගැන්වීමට ඔහුට තවත් සදාකාලික සත්‍යයන් තිබිණි. ඔබ 1 නෙපි 10: 2-16 කියවන විට, ලෙහිගේ පවුලේ අයට - සහ අප සියල්ලන්ම මෙම සත්‍යයන් දැනගන්නවාට ස්වාමින්වහන්සේ කැමතිවන්නේ මන්දැයි සිතා බලන්න. ඔබගේ ආදරණීයයන්ට ගැලවුම්කරුවාණන් වෙතට හැරීමට ආරාධනා කරන්නට ඔබට කිව හැකි දේ සලකා බලන්න. ලෙහිගේ දැක්ම සහ ඉගැන්වීම් අධ්‍යයනය කිරීමෙන් පසු, නෙපි මෙන් “ශුද්ධාත්මයාණන්ගේ බලයෙන්” ඔබ ඉගෙනීමට පෙලඹී ඇත්තේ මොනවාද?? (1 නෙපි 10:17).
මම කඩිසරව සත්‍යය සොයන්නේ නම් දෙවියන්වහන්සේ මට සත්‍යය හෙළිකරනු ඇත.
ඔබට නොතේරෙන සුභාරංචි මූලධර්මයක් හමුවූ විට ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? ලෙහිගේ දර්ශනයට නෙපි ප්‍රතිචාර දැක්වූ ආකාරය (බලන්න 1 නෙපි 10:17–19; 11:1) එමෙන්ම ලාමන් සහ ලෙමුවෙල් ප්‍රතිචාර දැක්වූ ආකාරය (බලන්න 1 නෙපි 15:1–10) අතර ඇති වෙනස්කම් සැලකිල්ලට ගන්න. ඔවුන් මේ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වූයේ ඇයි සහ ඔවුන්ගේ ප්‍රතිචාරවල ප්‍රතිඵල මොනවාද?
සුභාරංචි ඉගැන්වීමක් සත්‍ය දැයි දැනගැනීමට ඔබට අවශ්‍ය වූ මොහොතක් ගැන ලිවීම සලකා බලන්න. නෙපි කළ දේ හා සැසඳීමේදී ඔබ අනුගමනය කළ ක්‍රියාවලිය කෙසේද?
තවත් බලන්න 1 නෙපි 2:11–19; දහම සහ ගිවිසුම 8:1–3.
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.
1 නෙපි 8
ඔබගේ පවුලේ සාමාජිකයින්ට ලෙහිගේ දර්ශනය නැවත ප්‍රතිනිර්මාණය කිරීමෙන් හෝ පින්තූර ඇඳීමෙන් සහ ඒ ගැන කීමට ඔවුන්ගේ චිත්‍ර භාවිතා කිරීමෙන් ඔවුන් ඒ ගැන සතුටු විය හැකිය. නැතහොත් ඔබට මෙම පාඩම සමග චිත්‍ර ශිල්පියා ඇඳ ඇති ලෙහිගේ දර්ශනය පෙන්විය හැකි අතර විස්තර පෙන්වාදීමට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කර මේ දේවල් නියෝජනය කරන දේ විස්තර කරන ශුද්ධලියවිලි පද සොයන්නට පුළුවන්. “The Iron Rod” (Hymns, no. 274) ගීතිකාව මෙම පරිච්ජේදයට හොඳින් ගැලපේ. ලෙහිගේ දර්ශනය නිරූපණය කරන වීඩියෝවක්ද ඔබට නැරඹිය හැකිය (ChurchofJesusChrist.org හෝ සුභාරංචි පුස්තකාල යෙදුමෙහි ඇති මෝර්මොන්ගේ පොත සඳහා වූ වීඩියෝ එකතුව බලන්න).
1 නෙපි 8:10–16
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට ළංවී උන්වහන්සේගේ ප්‍රේමයේ මිහිරි බව විඳින ලෙස අපට ආරාධනා කළ හැක්කේ කාටද? “ඔවුන්ට [ඉඟිකිරීමට]” අපට කුමක් කළ හැකිද?
1 නෙපි 9:5–6
අණ පණතක් සඳහා හේතු සම්පූර්ණයෙන් තේරුම්නොගෙන අප එය අනුගමනය කළේ කෙදිනද? අපිට ආශිර්වාද ලැබුණේ කෙසේද?
1 නෙපි 10:20–22
ශාරීරිකව අපවිත්‍ර වීම ආත්මිකව අපවිත්‍ර වීමට සමාන වන්නේ කෙසේද? අප ආත්මිකව පිරිසිඳුව සිටින බවට සහතික කරගැනීමට අපට කුමක් කළ හැකිද?
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි this week’s outline බලන්න
අපගේ ඉගැන්වීම් වර්ධනය කරගැනීම
ශුද්ධලියවිලි අපගේ ජීවිත වලට අදාළවන්නේ කෙසේද? ශුද්ධලියවිලි ඡේදයක් කියවීමෙන් පසු, එම ඡේදය ඔවුන්ට අදාළ වන ආකාරය බෙදාගැනීමට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කරන්න. නිදසුනක් වශයෙන්, ඔබේ පවුලේ සාමාජිකයන් 1 නෙපි 8:33 කියවන විට, “නින්දා කිරීමේ ඇඟිල්ල දිගු කරන” අයට අවධානය යොමුනොකරන්නේ කෙසේද යන්න ගැන ඔවුන්ට කතා කළ හැකිය.