එන්න, මා අනුගමනය කරන්න
කුඩා දරුවන්ට ඉගැන්වීම


“කුඩා දරුවන්ට ඉගැන්වීම,” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)

“කුඩා දරුවන්ට ඉගැන්වීම,” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020

කුඩා දරුවන්ට ඉගැන්වීම

ඔබේ පවුල තුළ ඔබට කුඩා දරුවන් සිටී නම්, ඔවුන්ට ඉගෙනගැනීමට උපකාර කළ හැකි ක්‍රියාකාරකම් කිහිපයක් මෙන්න:

  • ගායනා කරන්න. Hymns සහ Children’s Songbook හි ඇති ගීත දහම බලවත්ව උගන්වයි. ඔබ උගන්වන සුභාරංචි මූලධර්ම හා සම්බන්ධ ගීත සොයාගැනීමට Children’s Songbook හි පිටුපස ඇති topics index භාවිතා කරන්න. එම ගීතවල පණිවිඩ ඔවුන්ගේ ජීවිත සමග සම්බන්ධ කිරීමට ඔබේ දරුවන්ට උදව් කරන්න. උදාහරණයක් ලෙස, ඔබට පද වල වචන හෝ වාක්‍ය ඛණ්ඩ ගැන ප්‍රශ්න ඇසිය හැකිය. ගායනයට අමතරව, ඔබේ දරුවන්ට එම ගීත සමග සම්බන්ධ ඉරියව් ඉදිරිපත් කළ හැකිය නැතිනම් ඔවුන් වෙනත් ක්‍රියාකාරකම් වල යෙදෙන අතරතුර පසුබිම් සංගීතය ලෙස එම ගීතවලට සවන්දීමට හැකිය.

  • කතාවකට සවන්දෙන්න හෝ රඟ දක්වන්න. ශුද්ධලියවිලි වලින්, ඔබේ ජීවිතයෙන්, සභාවේ ඉතිහාසයෙන් හෝ සභා සඟරා වල ඇති - කතන්දර වලට කුඩා දරුවන් ආදරෙයි. කතන්දර කීමේදී ඔවුන් සම්බන්ධ කරගත හැකි ක්‍රම සොයන්න. ඔවුන්ට පින්තූර හෝ වස්තූන් ඔසවා තබාගත හැකියි, ඔවුන් අසන දේවල පින්තූර ඇඳිය හැකියි, කතාව රඟදැක්වීමට, හෝ කතාව පැවසීමට උදව් කළ හැකියි. ඔබ බෙදාගන්නා කථා වල ඇති සුභාරංචි සත්‍ය හඳුනාගැනීමට ඔබේ දරුවන්ට උදව් කරන්න.

  • ශුද්ධලියවිල්ලක් කියවන්න. කුඩා දරුවන්ට එතරම් කියවීමට නොහැකි විය හැකි නමුත්, ඔබට තවමත් ඔවුන්ව ශුද්ධලියවිලි වලින් ඉගෙනගැනීමට සම්බන්ධ කරගත හැකිය. ඔබට තනි පදයක්, ප්‍රධාන වාක්‍ය ඛණ්ඩයක් හෝ වචනයක් කෙරෙහි අවධානය යොමුකිරීමට අවශ්‍ය විය හැකිය. කිහිප වතාවක් නැවත නැවත කියවීම තුලින් ශුද්ධලියවිලි වල කෙටි වාක්‍ය ඔවුන්ට කටපාඩම් කිරීමට පවා හැකිවිය හැකිය. ඔවුන්ට දෙවියන්වහන්සේගේ වචනය ඇසෙන විට, ඔවුන්ට ආත්මයාණන් දැනෙනු ඇත.

  • පින්තූරයක් දෙස බලන්න හෝ වීඩියෝවක් නරඹන්න. සුභාරංචි මූලධර්මයකට හෝ ශුද්ධලියවිලි කතාවකට අදාළ පින්තූරයක් හෝ වීඩියෝවක් ඔබ ඔබේ දරුවන්ට පෙන්වන විට, ඔවුන් දකින දෙයින් ඉගෙනගැනීමට ඔවුන්ට උපකාර වන ප්‍රශ්න ඔවුන්ගෙන් අසන්න. උදාහරණයක් ලෙස, ඔබට මෙසේ ඇසිය හැකිය, “මෙම පින්තූරයේ හෝ වීඩියෝවේ සිදුවන්නේ කුමක්ද? එය ඔබට දැනෙන්නේ කෙසේද?” සුභාරංචි පුස්තකාල යෙදුමේ, medialibrary.ChurchofJesusChrist.org, සහ children.ChurchofJesusChrist.org යන ඒවා පින්තූර සහ වීඩියෝ සෙවීමට හොඳ ස්ථාන වේ.

  • නිර්මාණය කරන්න. දරුවන්ට ඔවුන් ඉගෙනගන්නා කතාවට හෝ මූලධර්මයට සම්බන්ධ යමක් තැනීමට, ඇඳීමට හෝ වර්ණ ගැන්වීම කල හැකිය.

  • වස්තූන් සහිත පාඩම් වලට සහභාගීවන්න. තේරුම්ගැනීමට අපහසු සුභාරංචි මූලධර්මයක් තේරුම්ගැනීමට සරල වස්තූන් සහිත පාඩමක් ඔබේ දරුවන්ට උපකාර කරයි. වස්තූන් සහිත පාඩම් භාවිතා කරන විට, ඔබේ දරුවන්ට සහභාගී වීමට ඉඩ සලසන ක්‍රම සොයන්න. නිරූපණයක් නැරඹීමට වඩා අන්තර්ක්‍රියාකාරී අත්දැකීමකින් ඔවුන් බොහෝ දේ ඉගෙනගනු ඇත.

  • භූමිකා රංගණය. දරුවන්ට සැබෑ ජීවිතයේදී මුහුණදීමට සිදුවිය හැකි තත්වයක් රඟපාන විට, සුභාරංචි මූලධර්මයක් ඔවුන්ගේ ජීවිතවලට අදාළවන්නේ කෙසේද යන්න තේරුම්ගැනීමට ඔවුන්ට හැකි වේ.

  • ක්‍රියාකාරකම් නැවත සිදුකරන්න. කුඩා දරුවන්ට ඒවා තේරුම්ගැනීමට එම සංකල්ප කිහිපවතාවක්ම ඇසීමට අවශ්‍ය විය හැකිය. බොහෝ විට කතන්දර හෝ ක්‍රියාකාරකම් නැවත නැවත කිරීමට බිය නොවන්න. නිදසුනක් වශයෙන්, ශුද්ධලියවිලි වලින් කියවීම, ඔබේම වචන වලින් සාරාංශ කිරීම, වීඩියෝවක් පෙන්වීම, කතාව පැවසීමට ඔබේ දරුවන්ගේ උදවු ලබාගැනීම, කතාව රඟපෑමට ඔවුන්ට ආරාධනා කිරීම යනාදිය මගින් - ඔබට ශුද්ධලියවිලි කතන්දර කිහිපවතාවක් විවිධ ආකාරවලින් බෙදාගත හැකිය.

    පවුල් අධ්‍යනය