“එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා, භාවිතය” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: මෝර්මොන්ගේ පොත 2020 (2020)
“එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා, භාවිතය” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: මෝර්මොන්ගේ පොත 2020
එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා භාවිතය
මෙම සම්පත කා සඳහාද?
මෙම සම්පත සභාවේ සෑම පුද්ගලයෙක්ම සහ පවුලක් සඳහා වේ. එය සැලසුම් කර ඇත්තේ ඔබ විසින්ම හෝ ඔබගේ පවුලේ අය සමග වුවද - සුභාරංචිය ඉගෙනගැනීමට ඔබට උපකාර කිරීම සඳහාය. ඔබ අතීතයේදී සුභාරංචිය නිතිපතා අධ්‍යයනය කර නොමැති නම්, ආරම්භ කිරීමට මෙම සම්පත ඔබට උපකාරී වේ. ඔබට දැනටමත් සුභාරංචි අධ්‍යයනය කිරීමේ හොඳ පුරුද්දක් තිබේ නම්, මෙම සම්පත ඔබට වඩාත් අර්ථවත් අත්දැකීම් ලබාගැනීමට උපකාරී වේ.
මම මෙම සම්පත භාවිතා කළ යුත්තේ කෙසේද?
ඔබට ප්‍රයෝජනවත් වන ඕනෑම ආකාරයකින් මෙම සම්පත භාවිතා කරන්න. පුද්ගලික සහ පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා මගපෙන්වීමක් හෝ ආධාරයක් ලෙස ඔබට එය ප්‍රයෝජනවත් විය හැකිය. ඔබට එය පවුල් නිවාස සන්ධ්‍යාව සඳහාද භාවිතා කළ හැකිය. මෙම ආකෘති මෝර්මොන්ගේ පොතෙහි ඇති වැදගත් මූලධර්ම ඉස්මතු කර, පුද්ගලයන් සහ පවුල් සඳහා අධ්‍යයන අදහස් සහ ක්‍රියාකාරකම් යෝජනා කරයි, සහ ඔබේ හැඟීම් සටහන් කිරීමට ස්ථාන සපයයි.
ඔබ සහ ඔබේ පවුලේ අය දැනටමත් සුභාරංචිය නිතිපතා අධ්‍යයන කරමින් සිටිනවා විය හැකිය. නිදසුනක් වශයෙන්, ඔබ සෙමනේරි හෝ ආයතනික පන්තියක් සඳහා මෝර්මන්ගේ පොත හැර වෙනත් ශුද්ධලියවිලි කියවමින් සිටිනවා විය හැකිය. එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා මගින් ඔබ කරන යහපත් දේ සමග ප්‍රතිස්ථාපනය කිරීමට හෝ තරඟ කිරීමට අදහස් නොකෙරෙයි. මෝර්මන්ගේ පොතෙන් නිතිපතා ඉගෙනගැනීමට සහ එවිටම ඔබේ වෙනත් ශුද්ධලියවිලි අධ්‍යයන අරමුණු සාක්ෂාත් කරගැනීමට ක්‍රම තිබිය හැකිය. නිදසුනක් වශයෙන්, ඔබේ පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා ඔබට එක් ශුද්ධලියවිලි පොතක් කියවා ඔබේ පවුලේ අය සමග මෝර්මන්ගේ පොත කියවිය හැකිය (හෝ අනෙක් අතට කළ හැකිය.) දෙවියන්වහන්සේගේ වචනය පිළිබඳ ඔබේම අධ්‍යයනයට ප්‍රවේශවන්නේ කෙසේද යන්න තීරණය කිරීමට ආත්මයාණන්ගේ මගපෙන්වීම අනුගමනය කරන්න.
සභාවේ සිදුවන දෙයට මෙම සම්පත සම්බන්ධවන්නේ කෙසේද?
මෙම සම්පතේ ආකෘති සතිපතා කියවීමේ කාලසටහනකට අනුව සංවිධානය කර ඇත. එන්න, මා අනුගමනය කරන්න - ප්‍රාථමිකය සඳහා සහ එන්න, මා අනුගමනය කරන්න - ඉරුදින පාසල සඳහා එකම කාලසටහන අනුගමනය කරයි. නිවසේදී සුභාරංචිය ඉගෙනගැනීමට හා ජීවත්වීමට ඔබ දරන උත්සාහයට සහය දැක්වීම සඳහා, සභාවේ සිටින ඔබේ ගුරුවරුන් ඔබ නිවසේදී ඉගෙනගෙන ඇති ශුද්ධලියවිලි පිළිබඳ ඔබේ අත්දැකීම්, සිතුවිලි සහ ප්‍රශ්න බෙදාගැනීමට අවස්ථාව ලබාදෙනු ඇත.
ඉරුදින පාසල උගන්වනු ලබන්නේ මසකට දෙවරක් පමණක් බැවින්, ඉරුදින පාසල් ගුරුවරුන්ට සතිපතා කාලසටහනට අනුකූලව ආකෘති මගහැරීමට හෝ ඒකාබද්ධ කිරීමට තෝරාගත හැකිය. ස්ටේක සම්මන්ත්‍රණ හෝ වෙනත් හේතූන් මත නිතිපතා සභාවේ රැස්වීම් නොපැවැත්වෙන සතිවලදීද මෙය අවශ්‍ය විය හැකිය. මෙම සතිවලදී ඔබට නිවසේදී මෝර්මන්ගේ පොත දිගටම අධ්‍යයනය කිරීමට ආරාධනා කරනු ලැබේ.
මම එම කාලසටහන අනුගමනය කළ යුතුද?
වසර අවසාන වන විට මෝර්මන්ගේ පොත කියවීම අවසන් කිරීමට එම කාලසටහන ඔබට උපකාරී වනු ඇත. ඊට අමතරව, ඔබේ කොටාශයේ සිටින අනෙක් අය මෙන් එකම කාලසටහනක් අනුගමනය කිරීමෙන් සභාවේදී අර්ථවත් අත්දැකීම් ලබාගැනීමට යොමුවිය හැකිය. නමුත් කාලසටහනට බැඳී ඇති බවක් නොසිතන්න; එය සරලව ඔබට ගමන් කිරීමට උපකාරී වන මාර්ගෝපදේශයකි. වැදගත්ම දෙය නම් ඔබ තනි තනිව සහ පවුලක් ලෙස සුභාරංචිය ඉගෙනගැනීමයි.