“අමතර සම්පත්,” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත, 2020 (2020)
“අමතර සම්පත්,” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත, 2020
අමතර සම්පත්
ChurchofJesusChrist.org හි සහ සුභාරංචි පුස්තකාල යෙදුම තුලින් මෙම සම්පත් සියල්ලම සොයාගත හැකිය.
Hymns සහ Children’s Songbook
ශුද්ධවූ සංගීතය ආත්මයාණන්ට ආරාධනා කරන අතර අමතක නොවන අයුරින් දහම උගන්වයි. Hymns සහ Children’s Songbook වල මුද්‍රිත පිටපත් වලට අමතරව, music.ChurchofJesusChrist.org සහ ශුද්ධවූ සංගීතය යෙදුම තුලින් බොහෝ ගීතිකා සහ ළමයින්ගේ ගීතිකා හඬ පට සහ වීඩියෝ ලෙස ඔබට සොයාගත හැකිය.
සභා සඟරා
The Friend, New Era, Ensign, සහ ලියහෝනා යන සඟරා ඔබ එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා තුලින් උගන්වන මූලධර්ම වලට සහය දෙන කථාන්දර සහ ක්‍රියාකාරකම් සපයයි.
මොර්මොන්ගේ පොතේ කතාන්දර
Book of Mormon Stories මෝර්මොන්ගේ පොතෙහි ඇති දහම හා කථා ඉගෙනගැනීමට දරුවන්ට උපකාර කළ හැකිය. medialibrary.ChurchofJesusChrist.org සහ සුභාරංචි පුස්තකාල යෙදුම තුලින් ඔබට මෙම කථා වල වීඩියෝද සොයාගත හැකිය.
සෙමනේරි සහ ආයතනික අත්පොත්
සෙමනේරි සහ ආයතනික අත්පොත් මගින් ශුද්ධලියවිලි වල ඇති මූලධර්ම හා කතාවන් සඳහා ඓතිහාසික පසුබිමක් සහ මූලධර්ම විවරණයක් සපයයි.
මාධ්‍ය පුස්තකාලය
මෝර්මොන්ගේ පොතේ ඇති මූලධර්ම හා කථා දෘශ්‍යමාන කිරීමට කලා කෘති, වීඩියෝ සහ වෙනත් මාධ්‍ය ඔබට සහ ඔබේ පවුලේ අයට උපකාර කළ හැකිය. මෝර්මොන්ගේ පොතේ සිදුවීම් නිරූපණය කරන මෝර්මොන්ගේ පොතේ වීඩියෝ එකතුව ඇතුළු සභාවේ මාධ්‍ය සම්පත් එකතුව පිරික්සීම සඳහා medialibrary.ChurchofJesusChrist.org කෙරෙහි පිවිසෙන්න. මාධ්‍ය පුස්තකාලය ජංගම දුරකථන යෙදුමක් ලෙසද ලබාගත හැකිය.
Gospel Topics
topics.ChurchofJesusChrist.org තුලින් අදාළ ප්‍රධාන සම්මන්ත්‍රණ කතා, ලිපි, ශුද්ධලියවිලි සහ වීඩියෝ වැනි ප්‍රයෝජනවත් සම්පත් සඳහා සබැඳි සමග විවිධ සුභාරංචි මාතෘකා පිළිබඳ මූලික තොරතුරු ඔබට සොයාගත හැකිය. සුභාරංචි ප්‍රශ්න වලට ගැඹුරු පිළිතුරු Gospel Topics Essays තුලින් ඔබට සොයාගත හැකිය.
True to the Faith
මූලික සුභාරංචි මූලධර්ම තේරුම්ගැනීමට ඔබට අමතර උපකාර අවශ්‍ය නම් True to the Faith හි පිරික්සීම පිළිබඳ සලකාබලන්න. මෙම සම්පත සරල වචන වලින් විස්තර කර ඇති සුභාරංචි මාතෘකා අකාරාදී ලැයිස්තුවකින් සමන්විත වේ.