“මාර්තු 2–8. 2 නෙපි 31–33: ‘මාර්ගය මෙය වේ,” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)
“මාර්තු 2–8. 2 නෙපි 31–33: ‘මාර්ගය මෙය වේ,” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020
ජස්ටින් කුන්ස් විසින්, යේසුස්වහන්සේ තම ගෝලයන්ට උගන්වමින්
මාර්තු 2–8
2 නෙපි 31–33
“මාර්ගය මෙය වේ”
2 නෙපි 31-33 දක්වා ඇති ඔබට අර්ථවත් යැයි සිතිය හැකි මූලධර්ම මෙම ආකෘතිය මගින් යෝජනා කරයි. නමුත් ඔබේ අධ්‍යයනයේදී ඔබ ඉගෙනගන්නා වැදගත්ම දේ පැමිණෙන්නේ ආත්මයාණන්ගේ මිමිණුමෙනි. මෙම මගපෙන්වීම ලබාගෙන, එන පෙළඹවීම් සටහන් කරගන්න.
ඔබේ හැඟීම් සටහන් කරන්න
නෙපිගේ අවසන් වරට වාර්තා කරන ලද වචන අතර, මෙම ප්‍රකාශය අපි දකින්නෙමු: “ස්වාමින්වහන්සේ මට අණකර ඇත්තේ මෙසේය, තවද මා කීකරු විය යුතුය” (2 නෙපි 33:15). මෙය නෙපිගේ ජීවිතයට ගැලපෙන සාරාංශයක් සේ පෙනේ. ඔහු ස්වාමින්වහන්සේගේ කැමැත්ත සෙවූ අතර එයට කීකරු වීමට ධෛර්යවන්ත විය - එය ලාබන්ගෙන් පිත්තල තහඩු ලබාගැනීමට ඔහුගේ ජීවිතය අනතුරේ දමාගැනීම, බෝට්ටුවක් තනා මුහුද තරණය කිරීම හෝ ක්‍රිස්තුස්වහන්සේගේ දහම සරලව හා බලයෙන් යුතුව ඉගැන්වීම යන ආදියට වුවත් එසේය. “සදාකාලික ජීවිතයට මගපෙන්වන පටු සහ අවහිර මාර්ගය” අනුගමනය කිරීමේ “ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්ථිරව ඉදිරියට යාමේ” අවශ්‍යතාවය ගැන නෙපිට ඒත්තුගන්වන සුළු ලෙස කථා කළ හැකිය (2 නෙපි 31:20, 18), මක්නිසාද ඔහු අනුගමනය කළ මාර්ගය එයයි. ඇතැම්විට ඉල්ලීම් කළද මෙම මාර්ගය ප්‍රීතිමත් බවත්, “තවද අහසෙන් යට දෙවියන්වහන්සේගේ රාජ්‍යයයේ මනුශ්‍යයාට ගැලවීම ලබාගැනීමට දී ඇති වෙන මාර්ගයක් හෝ නාමයක් නොමැති” බවත් ඔහු අත්දැකීමෙන් දැනසිටියේය (2 නෙපි 31:21).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
සදාකාලික ජීවිතයට ඇති එකම මාර්ගය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ දහමයි.
සදාකාලික ජීවිතයට යන මාවත වචන කිහිපයකින් සාරාංශ කිරීමට ඔබට සිදුවුවහොත්, ඔබ කියන්නේ කුමක්ද? නෙපි, ඔහුගේ ලාක්ෂණික සරල බව හා චාම් බවින් යුතුව, එය කළේ මේ ආකාරයටයි: ක්‍රිස්තුස්වහන්සේ තුල ඇදහිල්ල, පසුතැවීම, බෞතීස්මය, ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ලැබීම සහ අවසානය දක්වා විඳදරාගැනීම. ඔබ නෙපිගේ ඉගැන්වීම් 2 නෙපි 31-32 දක්වා අධ්‍යයනය කිරීමෙන් පසුව, ඔබේ වචන වලින් යමෙකුට ඒවා පැහැදිලි කරන්නේ කෙසේදැයි සලකා බලන්න. මෙම ඉගැන්වීම් තුල ජීවත්වීම ඔබට ආශීර්වාද කර ඇති ආකාරය ගැන සිතාබලන්න. ඔබට 2 නෙපි 31: 18-20 දක්වා නෙපිගේ ඉගැන්වීම් සලකා බැලිය හැකි අතර සුභාරංචි මාවතේ “ඉදිරියටම යාමට” ඔබ ගන්නා උත්සාහයන් ඇගයීමට ලක් කළ හැකිය.
තවත් බලන්න 3 නෙපි 11:32–39; 27:13–22; D. Todd Christofferson, “The Doctrine of Christ,” Ensign or Liahona, May 2012, 86–90; Brian K. Ashton, “The Doctrine of Christ,” Ensign or Liahona, Nov. 2016, 106–9.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීමෙන් අපව සදාකාලික ජීවිතයට යොමුකරයි.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බෞතීස්ම වී කීකරුකමට කදිම ආදර්ශයක් තැබූ සේක.
ඔබේ බෞතීස්මය ඊයේ හෝ අවුරුදු 80 කට පෙර සිදු වූවක් වුවද, එය ඉතා වැදගත් අවස්ථාවකි - ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීම සඳහා ජීවිත කාලය පුරාම ගිවිසුමක් සඳහා ඇතුලත් විය. 2 නෙපි 31: 4-13 දක්වා ගැලවුම්කරුවාණන්ගේ බෞතීස්මය ගැන ඔබ කියවන විට ඔබේ බෞතීස්මය ගැන සිතන්න. ගැලවුම්කරුවාණන් බෞතීස්ම වූයේ ඇයි? උන්වහන්සේ බෞතීස්ම වූ හේතු ඔබ බෞතීස්ම වූ හේතු වලට සමාන වන්නේ කෙසේද? ගැලවුම්කරුවාණන්ගේ කීකරුකම පිළිබඳ ආදර්ශය අනුගමනය කිරීම දිගටම කරගෙන යාමට ඔබ අද කරන්නේ කුමක්ද?
සක්‍රමේන්තු වත්පිළිවෙත ඔබට සතිපතා යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට නැවත කැපවීම සඳහා අවස්ථාවකි. ඊළඟ වතාවේ ඔබ සක්‍රමේන්තුවට සහභාගි වන විට, 2 නෙපි 31:13 කියවා “පුත්‍රයාණන්ව, සම්පූර්ණ හදවතින්ම අනුගමනය කිරීමට” ඔබගේ අධිෂ්ඨානය ගැනත් “ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ඔබ වෙතට ගැනීමට” ඇති කැමැත්ත ගැනත් මෙනෙහි කරන්න.
මා කළ යුතු දේ ශුද්ධාත්මයාණන්වහන්සේ මට පෙන්වන සේක.
බෞතීස්මය සහ තහවුරු කිරීම පටු සහ අවහිර මාර්ගයට “[අපි] පිවිසෙන දොරටුව” නම්, (2 නෙපි 31:17), අප එම මාවතේ සිටින විට අප කුමක් කළ යුතුද? නෙපිගේ ජනතාව පුදුම වූයේ ඒ ගැනයි (බලන්න 2 නෙපි 32:1). 2 නෙපි 31: 19-20 සහ 32 වන පරිච්ඡේදයේ නෙපි දුන් පිළිතුරු මොනවාද? ඔබ ඔබ විසින්ම සොයාගත් පිළිතුරු මොනවාද?
තවත් බලන්න David A. Bednar, “Receive the Holy Ghost,” Ensign or Liahona, Nov. 2010, 94–97; “Holy Ghost,” Gospel Topics, topics.ChurchofJesusChrist.org.
මොර්මොන්ගේ පොත ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට සියලුදෙනා පොළඹවයි.
2 නෙපි 33 හි, නෙපි සිය ලේඛන අවසන් කරන විට, ඔහු මුලින්ම ලිවීමට පටන්ගැනීමට හේතු පැහැදිලි කළේය. මෙම පරිච්ඡේදයේ ඔබට සොයාගත හැකි හේතු මොනවාද? 1 නෙපි සහ 2 නෙපි වලින් ඔබ මෙතෙක් කියවා ඇති දේ සහ ඔබ තබා ඇති සටහන් ගැන මෙනෙහි කරන්න. එම කතන්දර සහ ඉගැන්වීම් ඔබ වෙනුවෙන් නෙපිගේ අරමුණු ඉටුකර ඇත්තේ කෙසේද? නිදසුනක් වශයෙන්, “[ක්‍රිස්තුස්වහන්සේව] විශ්වාස කර අවසානය දක්වා විඳදරාගැනීමට” ඒවා ඔබව පොළඹවා ඇත්තේ කෙසේද? (4 වන පදය). මෙම අත්දැකීම් සටහන් කිරීම හෝ පවුලේ සාමාජිකයෙකු හෝ මිතුරෙකු සමග බෙදාගැනීම සලකා බලන්න.
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමඟ ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.
2 නෙපි 31:5–13
පවුලේ සාමාජිකයන් කිසිවෙක් බෞතීස්ම වීමට සූදානම් වනවාද, නැතහොත් මෑතකදී බෞතීස්ම වී තිබේද? යම්විට බෞතීස්ම වීමට තීරණය කළේ ඇයි කියා ඔවුන්ට බෙදාගත හැකියි. නෙපිගේ ඉගැන්වීම් වලට අනුව, අප බෞතීස්ම විය යුතු හේතු සමහරක් මොනවාද? බෞතීස්ම වන විට අපට ලැබෙන ආශිර්වාද සමහරක් මොනවාද?
2 නෙපි 31:17-21
“පටු සහ අවහිර මාර්ගය” පිළිබඳ නෙපිගේ සැසඳීම තේරුම්ගැනීමට ඔබ ඔබේ පවුලට උදව් කරන්නේ කෙසේද? (2 නෙපි 31:18). නිදසුනක් වශයෙන්, 2 නෙපි 31: 17–21 හි විස්තර කර ඇති මාවතේ පින්තූරයක් ඇඳීමට ඔබට එකට වැඩ කළ හැකි අතර, එම මාර්ගයට ඇතුළුවී ඉදිරියට යාමට අප විසින් කළ යුතු දේ සමග එය ලේබල් කළ හැකිය. ගැලවුම්කරුවාණන් අපට එම මාවත දිගේ ඉදිරියට යාමට උපකාර කරන්නේ කෙසේද?
2 නෙපි 31:20
අපි අවසානය දක්වා විඳදරාගන්නා ආකාරය වඩා හොඳින් තේරුම්ගැනීමට ඔබේ පවුලට උදව් කිරීමට ඔබට අවශ්‍ය නම්, Preach My Gospel හි 6 වෙනි පිටුවේ ප්‍රයෝජනවත් අර්ථ දැක්වීමක් ඇත; වැඩිහිටි ඩාලේ ජී. රෙන්ලන්ඩ්ගේ පණිවිඩයද එසේමය “Latter-day Saints Keep on Trying” (Ensign or Liahona, May 2015, 56–58).
2 නෙපි 32:8-9
අපට “සැමවිටම යාච්ඤා කළ හැකි” බව පවුලේ සාමාජිකයින්ට තේරුම්ගැනීමට උපකාර කිරීම සඳහා, අපට යාච්ඤා කළ හැකි අවස්ථා ලැයිස්තුවක් ඔබට සාදාගත හැකිය (නැතහොත් ඒවා නියෝජනය කිරීම සඳහා පින්තූර ඇඳිය හැකිය). ඉන්පසු “Did You Think to Pray?” වැනි, යාච්ඤාව ගැන උගන්වන ගීතයක් ඔබේ පවුලේ අයට ගායනා කළ හැකිය (Hymns, no. 140), එම ගීතයේ සමහර වචන එම ලැයිස්තුවේ ඇති වචන සමඟ ආදේශ කරන්නටද හැකිය. අප නිතරම යාච්ඤා කරන විට ස්වාමින්වහන්සේ අපට ආශිර්වාද කරන්නේ කෙසේද?
2 නෙපි 33:1-2
“ශුද්ධාත්මයාණන්වහන්සේට විරුද්ධව ඔවුන්ගේ හදවත් දැඩි කිරීමට” මිනිසුන්ව පොලඹවන්නේ කුමක්ද? ශුද්ධාත්මයාණන්ට “[අප] තුළ” ස්ථානයක් ඇති බවට අපට සහතික විය හැක්කේ කෙසේද?
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.
අපගේ ඉගැන්වීම් වර්ධනය කරගැනීම
ගැලවුම්කරුවාණන්ව අනුකරණය කරන්න. ගැළවුම්කරුවාණන් ඉගැන්වූ ආකාරය, එනම් උන්වහන්සේ භාවිතා කළ ක්‍රම සහ උන්වහන්සේ පැවසූ දේ අධ්‍යයනය කිරීම ප්‍රයෝජනවත් වේ. නමුත් අන් අයට ඉගැන්වීමට හා ඔසවා තැබීමට යේසුස්වහන්සේට බලය ලැබුණේ අවසානයේදී උන්වහන්සේ වූ කෙනා සහ උන්වහන්සේ ජීවත් වූ ආකාරයෙනි. ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් ජීවත්වීමට හා උන්වහන්සේගේ වන්දිගෙවීමේ බලය මත රඳා සිටීමට වෑයම් කරන තරමට, ඔබ ස්වභාවයෙන්ම උන්වහන්සේගේ මාර්ගයෙහි උගන්වනු ඇත.