එන්න, මා අනුගමනය කරන්න
මාර්තු 16–22. යාකොබ් 5–7: “ස්වාමින්වහන්සේ අප සමග වෙහෙස වූ සේක”


“මාර්තු 16–22. යාකොබ් 5–7: “ස්වාමින්වහන්සේ අප සමග වෙහෙස වූ සේක,” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)

“මාර්තු 16–22. යාකොබ් 5–7,” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020

ඔලිව් ගස් වත්තක වැඩ කරන මිනිසුන්

බ්‍රැඩ් ටියර් විසින්, ඔලිව් ගසෙහි උපමාව

මාර්තු 16–22

යාකොබ් 5–7

ස්වාමින්වහන්සේ අප සමග වෙහෙස වූ සේක

ශුද්ධලියවිලි කියවීම එළිදරව් වලට ආරාධනා කරයි. ඔබ යාකොබ් 5-7 කියවන විට, ඔබටත් ඔබේ පවුලේ අයටත් උපකාර කිරීමට ආත්මයාණන්ගේ මගපෙන්වීම සොයන්න. ස්වාමින්වහන්සේ ලඟ ඔබ සඳහා ඇති පණිවිඩ මොනවාද?

ඔබේ හැඟීම් සටහන් කරන්න

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය මෙතෙක් අසා නැති බොහෝ දෙනෙක් සිටිති. ස්වාමින්වහන්සේගේ සභාවට එක්රැස් කිරීමේ කර්තව්‍යයේ දැවැන්තකම ගැන ඔබට කවදා හෝ දැනී ඇත්නම්, යාකොබ් 5 හි ඇති ඔලිව් ගස්වල උපමාවෙහි සැනසිලිදායක මතක් කිරීමක් ඇත: මිදිවත්ත අයිති ස්වාමින්වහන්සේටය. උන්වහන්සේගේ කාර්යයට සහය වීම සඳහා උන්වහන්සේ අප සෑම කෙනෙකුටම කුඩා ප්‍රදේශයක් ලබාදී ඇත - අපගේ පවුල, අපගේ මිතුරන්ගේ කවය, අපගේ බලපෑම් කලාපය. සමහර විට අපි රැස්කිරීමට උදව් කරන පළමු පුද්ගලයා අපම වේ. මිදි වත්තේ ස්වාමින්වහන්සේ සිය සේවකයන් සමග වෙහෙස මහන්සිවී වැඩ කරන බැවින් අපි කිසිවිටෙකත් මේ කාර්යයේ තනි නොවෙමු (බලන්න යාකොබ් 5:72). දෙවියන්වහන්සේ තම දරුවන් දන්නා අතර ඔවුන්ට ප්‍රේම කරන අතර, අතීතයේදී උන්වහන්සේව ප්‍රතික්ෂේප කළ අයට පවා, සෑම කෙනෙකුටම තම සුභාරංචිය ඇසීමට මාර්ගයක් සූදානම් කරන සේක (බලන්න යාකොබ් 4:15–18). එවිට, වැඩ නිමවූ විට, “[උන්වහන්සේ] සමග වෙහෙස මහන්සිවී වැඩ කළ සියල්ලන්ම [උන්වහන්සේගේ] මිදිවත්තේ ඵලය නිසා [උන්වහන්සේ] සමග ප්‍රීති වනු ඇත (යාකොබ් 5:75).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

යාකොබ් 5–6

උපමාවක් යනු කුමක්ද?

උපමා යනු සංකේත තුළින් අධ්‍යාත්මික සත්‍යයන් උගන්වන කථාය. නිදසුනක් වශයෙන්, ඔලිව් ගස්වල උපමාව තුළ මිදි වත්ත ලෝකය නියෝජනය කරයි, හීලෑ ඔලිව් ගස ඊශ්‍රායලය නියෝජනය කරයි (දෙවියන්වහන්සේ සමග ගිවිසුම් ඇති කරගත් අය), සහ වල් ඔලිව් ගස් අන්‍යජාතික ජාතීන් නියෝජනය කරයි (දෙවියන්වහන්සේ සමග ගිවිසුම් ඇති කර නොගත් අය).

ඔබ යාකොබ් 5 හි උපමාව අධ්‍යයනය කරන විට, අමතර සංකේත සොයාබලා ඒවායින් අදහස් කරන්නේ කුමක්දැයි මෙනෙහි කරන්න. උදාහරණයක් ලෙස, හොඳ පළතුරෙන් නියෝජනය වන්නේ කුමක්ද? නරක පළතුරෙන් සංකේතවත් කළ හැක්කේ කුමක්ද?

යාකොබ් 5; 6:3–5

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මිදිවත්තේ ස්වාමීන්ය.

යාකොබ් 5 හි ඔලිව් ගස් පිළිබඳ උපමාව පිළිබඳ ඔබේ අධ්‍යයනය ආරම්භ කිරීමට පෙර, මෙම උපමාව තම ජනතාව සමග බෙදාගැනීමට යාකොබ්ට පෙලඹීමක් ඇති වූයේ මන්දැයි දැනගැනීමට යාකොබ් 4: 10–18 සමාලෝචනය කිරීම ප්‍රයෝජනවත් විය හැකිය. යාකොබ් 6: 3-5 හි, යාකොබ්ට අවධාරණය කිරීමට අවශ්‍ය වූ අමතර පණිවිඩ කිහිපයක් ඔබට සොයාගත හැකිය; උපමා කතාවේ මෙම පණිවිඩ සොයන්න. යාකොබ් 5 හි ඔබ ඔබ සඳහා සොයාගන්නා පණිවිඩ මොනවාද?

යාකොබ් 5 දිගු පරිච්ඡේදයක් වන අතර එය මෝර්මොන්ගේ පොතේ දීර්ඝතම පරිච්ඡේදයයි. සමහරවිට එය ලෝක ඉතිහාසයේ කාල පරිච්ඡේදයන් විස්තර කරන, පහත සඳහන් කොටස් වලට බෙදීම උපකාරී වනු ඇත:

3–14 දක්වා පද.ක්‍රිස්තුස්වහන්සේගේ කාලයට පෙර ඊශ්‍රායෙලය විසුරුවා හැරීම

15-28 දක්වා පද.ක්‍රිස්තුස්වහන්සේගේ හා අපෝස්තුලුවරුන්ගේ සේවය

29-49 දක්වා පද.මහා වැටීම

50-76 දක්වා පද.අවසාන කාලයේදී ඊශ්‍රායලය එක්රැස් කිරීම

76-77 දක්වා පද.සහස්‍රය සහ ලෝකයේ අවසානය

උපමාව පිළිබඳ අමතර අවබෝධයක් සඳහා, මෙම ආකෘතිය සමග ඇති රූප සටහන බලන්න.

ජ්‍යෙෂ්ට යුවළක් අනෙක් අය සමග පරිගණකයක

දෙවියන්වහන්සේට තම දරුවන් එක්රැස් කිරීමට උපකාර කිරීමෙන් අප සැමට උන්වහන්සේට සේවය කළ හැකිය.

යාකොබ් 5:61–75

තම දරුවන් එක්රැස් කිරීමට උන්වහන්සේට උදව් කරන ලෙස දෙවියන්වහන්සේ මට ආරාධනා කරන සේක.

ඔබ වැනි අය ඇතුළු සභාවේ සාමාජිකයන් වන - ස්වාමින්වහන්සේගේ මිදිවත්තට කැඳවනු ලැබූ “වෙනත් සේවකයන්” (යාකොබ් 5:70) - දෙවියන්වහන්සේට තම දරුවන් එක්රැස් කිරීමට උපකාර කිරීමට සැවොම වගකිව යුතුය. ස්වාමින්වහන්සේගේ මිදිවත්තේ වැඩකිරීම ගැන යාකොබ් 5 හි, විශේෂයෙන් 61-62 සහ 70-75 පදවල ඔබ සොයාගත් මූලධර්ම මොනවාද? උන්වහන්සේගේ මිදිවත්තේ සේවය කරන්නට උන්වහන්සේ ඔබට ආරාධනා කළේ කෙසේ යැයි ඔබට හැඟුනේද? උන්වහන්සේගේ කාර්යයට සහභාගි වන විට ඔබ ලබාගත් අත්දැකීම් මොනවාද?

තවත් බලන්න “Missionary Work,” Gospel Topics, topics.ChurchofJesusChrist.org; “Old Testament Olive Vineyard,” “Help the Church Grow” (videos, ChurchofJesusChrist.org).

යාකොබ් 7:1–23

අන් අය මගේ ඇදහිල්ලට අභියෝග කරන විට මට ශක්තිමත්ව සිටිය හැකිය.

ෂෙරෙම් සමග නෙපිවරුන්ගේ අත්දැකීම් අද බොහෝ විට පුනරාවර්තනය වේ: ඔබේ ඇදහිල්ල විනාශ කිරීමට උත්සාහ කරන උගත්, හොඳින් කතා කරන අය සිටිය හැකිය. නමුත් යාකොබ්ව “සෙලවීමට නොහැකි විය” (යාකොබ් 7:5). තම ඇදහිල්ලට පහරදුන් විට යාකොබ් ප්‍රතිචාර දැක්වූයේ කෙසේද? ඔහුගේ ප්‍රතිචාර වලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද? ඔබේ ඇදහිල්ල අභියෝගයට ලක්වන අවස්ථාවන්ට සූදානම් වීමට ඔබට දැන් කුමක් කළ හැකිද?

තවත් බලන්න “Answering Gospel Questions,” Gospel Topics, topics.ChurchofJesusChrist.org; Jeffrey R. Holland, “The Cost—and Blessings—of Discipleship,” Ensign or Liahona, May 2014, 6–9.

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.

යාකොබ් 5

සමහර පවුල් ඔලිව් ගස් පිළිබඳ උපමාව කියවන විට එහි ඇති සංකේත ඇඳීම ප්‍රයෝජනවත් බව සොයාගෙන ඇත. ඔබේ පවුලේ අය එම ප්‍රවේශය භුක්තිවිඳිය හැකිය, නැතහොත් උපමා කතාවේ සංකේත දෘශ්‍යමාන කිරීමට පවුලේ සාමාජිකයන්ට උදව් කළ හැකි වෙනත් ක්‍රමයක් වුවත් තිබිය හැකිය. මිදි වත්ත (හෝ ලෝකය) නියෝජනය කිරීම සඳහා ඔබට මේසයක් හෝ ගෙදර තට්ටුවක් සලකුණු කර, හීලෑ ඔලිව් ගස (හෝ ඊශ්‍රායෙලයේ ගෘහය) ප්‍රහේලිකාවක් වැනි වස්තුවක් සමග කැබලිවලට බෙදිය හැකිය (ඊශ්‍රායෙලය විසුරුවා හැරීම නියෝජනය කිරීමට) ඉන්පසු නැවත එය එකට එකතු කරන්න (ඊශ්‍රායෙලය එක්රැස් කිරීම නියෝජනය කිරීම සඳහා). ස්වාමින්වහන්සේ ගැන මෙම උපමාව අපට උගන්වන්නේ කුමක්ද? උන්වහන්සේගේ සේවකයන් ගැනද?

යාකොබ් 5:70-77

ස්වාමින්වහන්සේ සිය මිදිවත්තේ වෙහෙස මහන්සිවී වැඩ කරන “අන්තිම අවස්ථාව” ගැන ඔබ කියවන විට, “ඔබේ බලයෙන්” ස්වාමින්වහන්සේට සේවය කිරීමට ඔබත් ඔබේ පවුලේ අයවත් පොළඹවන්නේ කුමක්ද? (යාකොබ් 5:71). මෙම පදයට ඔවුන්ගේ නම් එකතු කිරීමෙන් 75 වන පදය පුද්ගලීකරණය කිරීමට ඔබට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කළ හැකිය - නිදසුනක් වශයෙන්, “ඔබ [නම] භාග්‍යවන්තයෙකි.” මිදිවත්තේ ස්වාමීන්වහන්සේට සේවය කරන විට නිදසුනක් වශයෙන් සුභාරංචිය බෙදාගැනීම, දේවමාළිගාවේ සේවය කිරීම හෝ සභාවේ සාමාජිකයන් ශක්තිමත් කිරීම වැනි ඔවුන් ප්‍රීතිය අත්විඳි අත්දැකීම් බෙදාහදා ගත හැකිය. (See also M. Russell Ballard, “Put Your Trust in the Lord,” Ensign or Liahona, Nov. 2013, 43–45.)

යාකොබ් 6:4-7

ස්වාමින්වහන්සේ සිය දයාවේ හස්තය අප කෙරෙහි දිගු කළේ කෙසේද? මෙම පදවල “බැඳීසිටීම” යන වචනයේ තේරුම කුමක්ද? ස්වාමින්වහන්සේ අපට බැඳීසිටින්නේ කෙසේද? අපිට උන්වහන්සේට බැඳීසිටිය හැක්කේ කෙසේද?

යාකොබ් 7:1–12

මිනිසුන් අන් අයව නොමඟ යැවීමට උත්සාහ කරන ආකාරය ගැන මෙම පද වලින් අප ඉගෙනගන්නේ මොනවාද? අපට යාකොබ්ගේ ආදර්ශය අනුගමනය කර ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිටින්නේ කෙසේද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

ශුද්ධලියවිලි පදයක් කටපාඩම් කරන්න. ඔබේ පවුලට විශේෂයෙන් අර්ථවත් වන ශුද්ධලියවිලි පදයක් තෝරාගෙන එය එකට කටපාඩම් කරන්න. වැඩිහිටි රිචඩ් ජී. ස්කොට් මෙසේ ඉගැන්වූයේය, “කටපාඩම් කළ ශුද්ධලියවිලි පදයක් කල් පවතින මිතුරෙකු බවට පත්වන අතර එය කාලයත් සමග දුර්වල නොවේ” (“The Power of Scripture,” Ensign or Liahona, Nov. 2011, 6).