එන්න, මා අනුගමනය කරන්න
මාර්තු 9–15. යාකොබ් 1-4: “ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් දෙවියන්වහන්සේ තුලට නැවත එක්වන්න”


“මාර්තු 9–15. යාකොබ් 1-4: ‘ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් දෙවියන්වහන්සේ තුලට නැවත එක්වන්න’” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)

“මාර්තු 9–15. යාකොබ් 1–4,” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020

කාන්තාවක් යේසුස්වහන්සේගේ පාමුල දණගසා සිටීම

ග්‍රෙග් ඔල්සන් විසින්, සමවා දෙනු ලැබ

මාර්තු 9–15

යාකොබ් 1-4

ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් දෙවියන්වහන්සේ තුලට නැවත එක්වන්න

ඔබ අධ්‍යාත්මික හැඟීම් සටහන් කරන විට, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට ඉගැන්වීමට අවශ්‍ය බව ඔබ පෙන්වයි. ඔබ යාකොබ් 1-4 කියවන විට, ඔබේ අදහස් ලිවීම ගැන සලකා බලන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

නෙපිවරු තම “මහා ආරක්ෂකයා” ලෙස නෙපිව සැලකූහ (යාකොබ් 1:10). ඔවුන්ගේ සතුරන්ගේ ප්‍රහාරවලින් ඔහු ඔවුන්ව ආරක්ෂා කර ඇති අතර, අධ්‍යාත්මික අන්තරායන් ගැන ඔහු ඔවුන්ට අනතුරු අඟවා තිබුණි. දැන් ඔහු නැතිවී ගොස් ඇති අතර, නෙපිවරුන්ව අධ්‍යාත්මිකව මෙහෙයවීමේ කාර්යය නෙපි පූජකයෙකු හා ගුරුවරයෙකු ලෙස කැප කළ, යාකොබ්ට පැවරී ඇත (බලන්න යාකොබ් 1:18). පෙළඹවීමෙන් යුතුව, මක්නිසාද ඔව්හු “පාපයේ වෙහෙස මහන්සිවී වැඩ කිරීමට පටන්ගත්” නිසා, තම සෙනඟට “බොහෝ නිර්භීතව” ඉගැන්විය යුතු බව යාකොබ් තේරුම්ගත්තේය (යාකොබ් 2:7, 5). මෙම පාප අද මිනිසුන් පොරබදින: ධනයට ආදරය කිරීම සහ ලිංගික දුරාචාරය වැනි දේට සමානය. තමා මෙම දුෂ්ටකම හෙළාදැකිය යුතු යැයි යාකොබ්ට හැඟුණත්, “ගැඹුරු තුවාල වලින් විදි” හදවත් ඇති ඒ ගොදුරු වූවන් වෙනුවෙන් ඔහුගේ හදවතට වේදනාවක් ඇති කළේය (යාකොබ් 2:35). පව්කරුවන් සහ ආත්මිකව තුවාල ලැබූ කණ්ඩායම් දෙකටම සුවය ලැබෙන්නේ - ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් බව යාකොබ් සාක්ෂි දැරුවේය. යාකොබ්ගේ පණිවිඩය, ඔහුට පෙර සිටි නෙපිගේ පණිවිඩය මෙන්, “ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් [දෙවියන්වහන්සේ] තුලට නැවත එක්වීම” සඳහා කළ කැඳවීමකි (යාකොබ් 4:11).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

යාකොබ් 1:6–8, 15–19; 2:1–11

මම මගේ කැඳවීම නිසි ආකාරයෙන් කිරිම ස්වාමින්වහන්සේට අවශ්‍යයි.

යාකොබ්ට දෙවියන්වහන්සේගේ වචනය ඉගැන්වීම ඔහුගේ සහෝදරයාගෙන් ලද පැවරුමට වඩා වැඩි දෙයක් විය - එය “ස්වාමීන්වහන්සේගෙන් ලද කටයුත්තක්” නිසා ඔහු “[තම] තනතුර මහිමයට පත්කිරීමට” වෙහෙස මහන්සි විය (යාකොබ් 1:17, 19). සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි ඉගැන්වූ ලෙස “අප උනන්දුවෙන් සේවය කරන විට, ඇදහිල්ලෙන් හා සාක්ෂියක් සහිතව උගන්වන විට, අප ස්පර්ශ කරන අයගේ ජීවිත තුළ ධර්මිෂ්ටකම පිළිබඳ විශ්වාසයන් ඔසවා ශක්තිමත් කරන විට” අපි අපේ කැඳවීම් සම්පූර්ණ කරන්නෙමු (“Magnify Your Calling,” Ensign, May 1989, 47). යාකොබ් 1:6–8, 15–19 සහ 2:1–11 කියවන විට, ඔබේම “ස්වාමින්වහන්සේගෙන් ලද කටයුතු” ගැන සිතන්න. යාකොබ් මෙතරම් විශ්වාසවන්තව සේවය කළේ ඇයි? සභාවේ ඔබගේ කැඳවීම් සහ නිවසේදී ඔබගේ වගකීම් සම්පූර්ණ කිරීමට ඔහුගේ ආදර්ශය ඔබව කරන්නට පොලඹවන්නේ කුමක්ද?

තවත් බලන්න “Rise to Your Call” (video, ChurchofJesusChrist.org).

යාකොබ් 2:23–3:12

ස්වාමින්වහන්සේ පිරිසිඳුකම ගැන සතුටු වන සේක.

පුද්ගලයන්ට හා සමාජයන්ට පාපයෙන් ප්‍රතිවිපාක ඇත. ලිංගික පාපය ගැන කතා කිරීමේදී, ප්‍රතිවිපාක දෙකම සම්බන්ධව යාකොබ් අනතුරු ඇඟවීය. ඔබ යාකොබ් 2: 31-35 සහ 3:10 කියවන විට, දුරාචාරය ජනතාවක් වශයෙන් සහ පුද්ගලයන් වශයෙන් නෙපිවරුන්ට බලපාන ක්‍රම සොයන්න. වර්තමාන ලෝකයේ ඔබ දකින දුරාචාරයේ ප්‍රතිවිපාක වලට මෙම ක්‍රම සමාන වන්නේ කෙසේද? පිරිසිඳුකමේ වැදගත්කම ගැන ආදරණීය කෙනෙකුට ඉගැන්වීමට ඔබට උපකාර කළ හැකි යාකොබ්ගේ වචන වලින් ඔබ සොයාගන්නා දේ මොනවාද? පිරිසිඳු වීමට ඔබ දැරූ උත්සාහයෙන් ඔබ ආශිර්වාද ලබා ඇත්තේ කෙසේද?

එක් භාර්යාවකට වඩා සිටීමේ පුරුද්ද පිළිබඳ යාකොබ් ආමන්ත්‍රණය කළ බවත් සලකන්න. සීමිත අවස්ථාවන්හිදී, ස්වාමින්වහන්සේ තම සෙනඟට බහු විවාහයක් කිරීමට අණ කර ඇත්තේ මන්දැයි තේරුම්ගැනීමට යාකොබ් 2: 23-30 දක්වා කියවීමෙන් ඔබට සොයාගත හැක්කේ කුමක්ද? උන්වහන්සේගේ අවසරයකින් තොරව එසේ කරන අය ගැන උන්වහන්සේට හැඟෙන්නේ කෙසේද?

යාකොබ් 4

ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් දෙවියන්වහන්සේ තුලට නැවත එක්වන්නට මට පුළුවන්.

“ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් දෙවියන්වහන්සේ තුල එකතු වන ලෙස” යාකොබ් ඔහුගේ ජනතාවගෙන් ආයාචනා කර සිටියේය (යාකොබ් 4:11). එහි තේරුම කුමක් යැයි ඔබ සිතනවාද? ශබ්දකෝෂයක නැවත එක්වන්න යන වචනය සොයාබැලීම උපකාරී වේද? සමහරවිට ඔබට දෙවියන්වහන්සේ සමග සමගිවීමට හැකි වන පරිදි ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණිය හැකි ආකාරය ඔබට යෝජනා කරන වචන හෝ වාක්‍ය ඛණ්ඩ මෙම පරිච්ඡේදයෙන් සොයාගත හැකිය. නිදසුනක් වශයෙන්, මිනිසුන්ව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට යොමුකිරීම සඳහා මෝසෙස්ගේ ව්‍යවස්ථාව ලබාදී ඇති බව යාකොබ් ඉගැන්වීය (බලන්න යාකොබ් 4:5). ඔබව ක්‍රිස්තුස්වහන්සේ වෙතට යොමුකිරීමට දෙවියන්වහන්සේ සපයා ඇත්තේ මොනවාද? දෙවියන්වහන්සේට ළංවීමට ඔබ මේවා භාවිතා කරන්නේ කෙසේද?

බලන්න 2 නෙපි 10:24.

යාකොබ් 4:8-18

ගැලවුම්කරුවාණන් කෙරෙහි අවධානය යොමුකිරීමෙන් මට අධ්‍යාත්මික අන්ධභාවයෙන් වැළකී සිටිය හැකිය.

යාකොබ් තම සෙනඟව සම්පූර්ණයෙන්ම ස්වාමින්වහන්සේ වෙතට හැරවීමට උත්සාහ කළ විට, ඔහු ඔවුන්ට අවවාද කළේ ආත්මිකව අන්ධ නොවීමට සහ සුභාරංචියේ “සරල වචන” හෙළා නොදකින ලෙසයි (බලන්න යාකොබ් 4:13–14). වැඩිහිටි ක්වින්ටින් එල්. කුක් අපේ කාලයේ එවැනිම ගැටළු ගැන අනතුරු ඇඟවීය: “අපගෙන් සමහරෙකු අතර සුභාරංචි මූලික කරුණු පිළිබඳ සාක්ෂියක් පවත්වාගැනීමට වඩා ‘සීමාවෙන් ඔබ්බට’ බැලීමේ ප්‍රවණතාවක් පවතී. අප මෙය කරන්නේ සුභාරංචි සත්‍යයන් සඳහා මිනිසුන්ගේ දර්ශන ආදේශ කරන විට, සුභාරංචි අන්තවාදයේ යෙදෙන විට, … හෝ දහමට වඩා නීති ඉහළ නංවන විටය. මෙම හැසිරීම් වලින් වැළකීසිටීමෙන්, යාකොබ් විස්තර කළ දේවධර්මීය අන්ධභාවය හා පැකිලීම වළක්වාගැනීමට අපට උපකාරී වේ” (“Looking beyond the Mark,” Ensign, Mar. 2003, 42).

යාකොබ් 4: 8-18 ට අනුව, ගැළවුම්කරුවාණන් කෙරෙහි අවධානය යොමුකිරීමට හා අධ්‍යාත්මික අන්ධභාවයෙන් වැළකීසිටීමට අපට කුමක් කළ හැකිද?

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.

යාකොබ් 1:6–8, 15–19; 2:1–11; 4:18

යාකොබ් තමාට නායකත්වය දුන් අය කෙරෙහි දැක්වූ ප්‍රේමය ගැන කියවෙන මෙම පදවල සඳහන් වචන හා වාක්‍ය ඛණ්ඩ මොනවාද? “[අපගේ] ආත්මයන්ගේ සුභසාධනය සඳහා ඔවුන්ගේ ආශාව සහ බිය” අපට දැනීමට උදව් වීම සඳහා අපගේ සභා නායකයින් කර ඇත්තේ කුමක්ද? (යාකොබ් 2:3). සමහරවිට පවුලේ සාමාජිකයන්ට අපගේ සභා නායකයන්ව ස්ථීර කළ හැකි ක්‍රම බෙදාගත හැකියි. ප්‍රාදේශීය සභා නායකයින්ට ඔවුන්ගේ සේවය වෙනුවෙන් ස්තූති කිරීම සඳහා සටහන් ලිවීම හෝ ඔබගේ යාච්ඤා වලදී ඔවුන් සහ ඔවුන්ගේ පවුල් සිහිකිරීම වැනි දෙයක් පවුලක් ලෙස කිරීමට ඔබට සැලසුම් කළ හැකිය.

යාකොබ් 2:8

දෙවියන්වහන්සේගේ වචනය “තුවාල වූ ආත්මය” සුව කරන්නේ කෙසේද?

යාකොබ් 2:12–21

ද්‍රව්‍යමය ධනය ගැන අප සැලකිය යුතු ආකාරය ගැන මෙම පදවලින් උගන්වන්නේ කුමක්ද? අපගේ උපකාර අවශ්‍ය අනෙක් අය වෙත ළඟාවීමට අප කරන්නේ කුමක්ද?

යාකොබ් 3:1-2

“පිරිසිඳු හදවතින්” සිටීම සහ “ස්ථිර මනසින් දෙවියන්වහන්සේ දෙස බැලීම” යන්නෙහි අර්ථය කුමක්ද?

යාකොබ් 4:4–11

ඔබගේ ඇදහිල්ලෙහි “නොසැලෙන” යන්නෙහි තේරුම තේරුම්ගැනීමට ඔබේ පවුලට උපකාර කළ හැකි එක් ක්‍රමයක් නම් අසල විශාල ගසක් සොයාගෙන පවුලේ සාමාජිකයන්ගෙන් තනි අතු සොලවන්නැයි ඉල්ලා සිටීමයි. ඉන්පසු ඔවුන්ට කඳ සොලවන්නට ඉඩදෙන්න. කඳ සොලවන්නට අමාරු ඇයි? “නොසැලෙන” ඇදහිල්ල වර්ධනය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව යාකොබ්ගේ ඉගැන්වීම් වලින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

උද්‍යානයක ඇති විශාල ගසක්

ගසක කඳ මෙන්, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල “නොසැලෙන” දෙයක් විය හැකිය.

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.

පුද්ගලික අධ්‍යයනය වර්ධනය කරගැනීම

ආත්මයාණන්ට සවන්දෙන්න. ඔබ කියවන දෙයට ඒවා සම්බන්ධ නැති බවක් පෙනෙන්නට තිබුණත්, ඔබ අධ්‍යයනය කරන විට, ඔබේ සිතුවිලි සහ හැඟීම් කෙරෙහි අවධානය යොමුකරන්න (D&C 8: 2-3 බලන්න). දෙවියන්වහන්සේ ඔබ දැනගන්නවාට සහ කරනවාට කැමති දේ එම හැඟීම් විය හැකිය.

යාකොබ් රන් තහඩු මත ලිවීම

එල්ස්පෙත් කේට්ලින් යන්ග් විසින්, මම ඔවුන්ගේ වචන ඉදිරියට යවමි (ගුරුවරයා වන යාකොබ්)