එන්න, මා අනුගමනය කරන්න
ජූලි 6–12. “ඉශ්‍රායෙල්හි අනාගතවක්තෘ කෙනෙකු සිටියි”: 2 රාජාවලිය 2–7


“ජූලි 6–12. ‘ඉශ්‍රායෙල්හි අනාගතවක්තෘ කෙනෙකු සිටියි’: 2 රාජාවලිය 2–7,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)

“ජූලි 6–12. ‘ඉශ්‍රායෙල්හි අනාගතවක්තෘ කෙනෙකු සිටියි,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026

නාමන් යොර්දාන් ගඟ අසල

ඇනී හෙන්රි නාඩර් විසින්, At River’s Edge [ගංගා කෙළවරේ]

ජූලි 6–12:“ඉශ්‍රායෙල්හි අනාගතවක්තෘ කෙනෙකු සිටියි”

2 රාජාවලිය 2–7

අනාගතවක්තෘවරයෙකුගේ ප්‍රධාන මෙහෙවර වන්නේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගැන්වීම සහ සාක්ෂි දීමයි. කෙසේවෙතත්, අනාගතවක්තෘ එලිෂා පිළිබඳ අපගේ වාර්තාවට ඔහුගේ ඉගැන්වීම් හෝ සාක්ෂි දීම් බොහොමයක් ඇතුළත් වන්නේ නෑ. මේ වාර්තාවට ඇතුළත් වන්නේ, දරුවෙකුව මළවුන්ගෙන් නැගිටුවීම (බලන්න 2 රාජාවලිය 4:18–37), ආහාර ස්වල්පයක් සමඟ විශාල පිරිසක් පෝෂණය කිරීම (බලන්න 2 රාජාවලිය 4:42–44) සහ ලාදුරු රෝගියෙක් සුව කිරීම (බලන්න 2 රාජාවලිය 5:1–14) ඇතුළුව එලිෂා කළ ප්‍රාතිහාර්යයන් ගැනයි. එබැවින් ක්‍රිස්තුස්වහන්සේ ගැන එලිෂාගේ වචන අප සතුව නොමැති අතර, ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරන එලිෂාගේ දේවසේවය සහ ප්‍රාතිහාර්යයන් අප සතුව තිබෙනවා. ඒවා ස්වාමින්වහන්සේගේ ජීවනදායක, පෝෂණයේ සහ සුව කිරීමේ බලයේ බලවත් ප්‍රකාශනයන් වෙනවා. අප සමහර විට සිතනවාට වඩා බොහෝ විට මෙම ප්‍රාතිහාර්යයන් අපගේ ජීවිතවල සිදුවෙනවා. ඒවා දැකීමට, එලිෂා එම බියෙන් සිටි ඔහුගේ තරුණ සේවකයා වෙනුවෙන් යාච්ඤා කළ විට ඔහුට තිබූ ඇදහිල්ල අප සෙවිය යුතුයි: “ස්වාමීන්වහන්ස, දකින පිණිස මොහුගේ ඇස් පැහැදුව මැනව” (2 රාජාවලිය 6:17).

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

2 රාජාවලිය 2–6

දෙවියන්වහන්සේට මගේ ජීවිතයේ ප්‍රාතිහාර්යයන් කළ හැකිය.

ප්‍රාතිහාර්යයන් අපට දෙවියන්වහන්සේගේ බලය පෙන්වනවා. පිරිසිඳු ජලය අවශ්‍ය මුඩු බිමක් වැනි (බලන්න 2 රාජාවලිය 2:19–22) හෝ නැවත පිළිසකර කළ යුතු පොරෝතලයක් වැනි (බලන්න 2 රාජාවලිය 6:4–7) ලෞකික දුෂ්කරතා ජය ගැනීමට ඒවාට අපට උදව් කරන්න පුළුවන්. නමුත් වඩාත්ම වැදගත් දෙය තමයි, ප්‍රාතිහාර්යයන්ට අපව ස්වාමින්වහන්සේ වෙතට හරවන්න පුළුවන්. ඔබ 2 රාජාවලිය 2–6 කියවන විට, ඔබ සොයා ගන්නා ප්‍රාතිහාර්යයන් ලැයිස්තුගත කිරීම ගැන සලකා බලන්න, ඒවගේම ඔබ එක් එක් අයගෙන් ඉගෙන ගන්නා අධ්‍යාත්මික පාඩම් ගැන මෙනෙහි කරන්න.

එලිෂා කළ ප්‍රාතිහාර්යයන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කළ ප්‍රාතිහාර්යයන් සමඟ සසඳන්නටත් ඔබට පුළුවන් (බලන්න 2 රාජාවලිය 4:8–37 සහ ලූක් 7:11–16; 2 රාජාවලිය 4:42–44 සහ යොහන් 6:1–13; 2 රාජාවලිය 5:1–15 සහ ලූක් 17:11–19). ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් ගැන මෙම ප්‍රාතිහාර්යයන් ඔබට උගන්වන්නේ මොනවාද?

තවත් බලන්න 2 නෙපී 26:12–13; 27:23; මොරෝනි 7:35–37; රසල් එම්. නෙල්සන්, “අධ්‍යාත්මික ගම්‍යතාවයේ බලය,” ලියහෝනා, මැයි 2022, 99–100 කතාවේ “හාස්කම් සොයන්න සහ බලාපොරොත්තු වෙන්න” කොටස.

එලිෂා මළවුන්ගෙන් දරුවෙකුව නැගිටුවයි

ෆෙඩ්රික් ලයිටන් විසින්, Elisha Raising the Son of the Shunamite [එලිෂා ෂුනෙම්මියගේ පුත්‍රයාව නැගිටුවීම]

2 රාජාවලිය 4:8–17; 7:1–16

ස්වාමින්වහන්සේ තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් දුන් උන්වහන්සේගේ වචන ඉටු කරන සේක.

සාමාන්‍යයෙන්, සිදුවිය නොහැකි යැයි පෙනෙන—අනාගතයේ දේවල් ගැන අනාවැකි කීමට ස්වාමින්වහන්සේ එලිෂාට දේවානුභාවය ලබාදුන්නා. ඔබ 2 රාජාවලිය 4:8–17; 7:1–16, කියවන විට, ඔබ අද ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරුන් හරහා උන්වහන්සේගේ වචනයට ප්‍රතිචාර දක්වන ආකාරය ගැන සිතන්න. ජීවමාන අනාගතවක්තෘවරුන්ගෙන් ඔබ අසා ඇති ඉගැන්වීම්, අනාවැකි හෝ පොරොන්දු මොනවාද? ඔවුන්ගේ වචන කෙරෙහි ඇදහිල්ල තබා ක්‍රියා කිරීමට ඔබ කරන්නේ මොනවාද?

තවත් බලන්න 3 නෙපී 29:6; දහම සහ ගිවිසුම් 1:37–38.

2 රාජාවලිය 5

මා නිහතමානීව හා කීකරු වූ විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේට මා සුව කළ හැකිය.

ඔබ 2 රාජාවලිය 5 කියවන විට, ඔබ මුහුණ දෙන අධ්‍යාත්මික අභියෝගයක් සමඟ නාමන්ගේ ලාදුරු රෝගය සන්සන්දනය කිරීම ගැන සලකා බලන්න.

ඔබේ අභියෝග සම්බන්ධයෙන් ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ගෙන් මගපෙන්වීමක් ලබාගැනීමට ඔබව දිරිමත් කරන “කුඩා කෙල්ලක්” වැනි කෙනෙක් ඔබේ ජීවිතයේ ඉන්නවාද? (බලන්න 2–3, 13 පද).

ස්වාමින්වහන්සේ ඔබට ආරාධනා කරන්නේ “නාලා පවිත්‍රවන්න” වැනි ඉතා සරල යැයි පෙනෙන කුමන දේවල් කිරීමටද? (13 වෙනි පදය). උන්වහන්සේගේ සරල ආරාධනා පිළිගැනීමෙන් ඔබව වළක්වන්නේ මොනවා විය හැකිද?

නාමන් කළාක් මෙන් ඔබටත් නිහතමානිකම පෙන්විය හැක්කේ කෙසේද?

නාමන්ගේ අත්දැකීම ඉශ්‍රායෙල් හි දෙවියන්වහන්සේ කෙරෙහි ඔහුගේ ඇදහිල්ලට බලපෑ ආකාරය සැලකිල්ලට ගන්න (බලන්න 15 වෙනි පදය). මෙයින් ඔබට ඉගෙනගත හැක්කේ කුමක්ද?

තවත් බලන්න ලූක් 4:27; 1 පේත්‍රැස් 5:5–7; ඇල්මා 37:3–7; ඊතර් 12:27.

14:30

Naaman and Elisha

ශුද්ධලියවිලි ඔබේ ජීවිතය සමඟ සසඳන්න. සමහර විට ඔබ කතාවක භෞතික දේවල් ඔබේ ජීවිතයේ අධ්‍යාත්මික දේවල් සමඟ සංසන්දනය කරන විට, එම ශුද්ධලියවිල්ලේ පුද්ගලික අර්ථය සොයා ගැනීම පහසුයි. උදාහරණයක් වශයෙන්, ඔබ 2 රාජාවලිය 2–7 අධ්‍යයනය කරන අතරතුර, ඔබට ඔබේ ජීවිතයේ තත්වයන් ලාදුරු රෝගය, ණයට ගත් පොරව, යොර්දාන් ගඟ හෝ විශාල ආක්‍රමණික හමුදාවක් වැනි දේවල් සමඟ සසඳන්න පුළුවන්. මෙම වාර්තා වල ස්වාමින්වහන්සේ ඔබ වෙනුවෙන් දී තිබිය හැකි පාඩම් මොනවාද?

2 රාජාවලිය 6:8–23

සෙමනේරි නිරූපකය
“ඔවුන් සමග සිටින්නන්ට වඩා අප සමග සිටින්නෝ බොහෝය.”

ඔබ ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට උත්සාහ කරන විට, ඔබට කවදා හෝ එලිෂාගේ තරුණ සේවකයාට මෙන්—සුළු බවක් සහ බියක් හැඟී තිබෙනවාද? ඔබ 2 රාජාවලිය 6:8–23 කියවන විට ඔබ ඔහුගේ ස්ථානයේ සිටියා යැයි සිතන්න. ඔබේ අභියෝග, ඔබේ වගකීම් හෝ ශුභාරංචිය අනුව ජීවත් වීමට ඔබ දරන උත්සාහයන් ගැන ඔබ සිතන සහ ඒවා ඔබට දැනෙන ආකාරය, මෙම කතාව මගින් වෙනස් කරන්නේ කෙසේද?

ඔබ මෙනෙහි කරන විට, සභාපති හෙන්රි බී. අයිරින්ගේ මෙම වචන සලකා බලන්න: “එලිෂාගේ සේවකයා මෙන්, ඔබට විරුද්ධ වන අයට වඩා ඔබ සමඟ බොහෝ දෙනෙක් සිටිනවා. ඔබ සමඟ සිටින සමහර අයව ඔබේ ලෞකික ඇස්වලට නොපෙනෙන අයයි. ස්වාමින්වහන්සේ ඔබව උසුලන අතර, සමහර විට ඔබ සමඟ නැගී සිටින ලෙස අන් අයට ආරාධනා කිරීමෙන් එසේ කරනවා” (“O Ye That Embark,” Liahona, Nov. 2008, 58).

“[ඔබ] සමඟ සිටින අයගේ” (16 වෙනි පදය)—ඔබට සහය වීමට දෙවියන්වහන්සේ ඔබේ ජීවිතය තුළ තබා ඇති පුද්ගලයින්ගේ ලැයිස්තුවක් සෑදීම ගැන සලකා බලන්න. ඔබේ අධ්‍යාත්මික ඇස් විවෘත කිරීමෙන් ඔවුන්ව හඳුනා ගැනීමට ඔබට උපකාර කරන ලෙස ඔබට උන්වහන්සේගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. අනෙක් අයට උපකාර කිරීම සඳහා උන්වහන්සේ ඔබව ඔවුන්ගේ ජීවිත තුළ තබා තිබෙනවා වෙන්නත් පුළුවන්. ඔබට එකිනෙකාගෙන් ශක්තිය සහ සහයෝගය ලබාගටත හැක්කේ කෙසේද?

දහම සහ ගිවිසුම් 84:88 හි ස්වාමින්වහන්සේ විස්තර කරන සහයෝගය ඔබට දැනී ඇත්තේ කුමන අවස්ථා වලද?

මිශෙල් ඩී. ක්‍රේග් සහෝදරියගේ “බැලීමට දෑස්” (ලියහෝනා, 2020 නොවැ. 15–17) යන පණිවිඩය ද ඔබට අධ්‍යනය කරන්න පුළුවන්. ඔබෙන්ම මෙසේ අසන්න: “දෙවියන්වහන්සේ කැමති මා කුමක් දකිනවාටද?”

2 රාජාවලිය 6:8–23 තුළ ඇති කතාව ගැන සඳහන් කරමින්, වැඩිහිටි රොනල්ඩ් ඒ. රස්බැන්ඩ් මෙසේ පැවසුවා: “අපගේ බිය දුරු කිරීමට සහ අපගේ රාක්ෂයන් පරාජය කිරීමට අපට ගිනි රථ තිබෙන්න හෝ නොතිබෙන්න පුළුවන්, නමුත් පාඩම පැහැදිලියි. ස්වාමින්වහන්සේ අප සමඟ සිටින අතර, අප ගැන සිහියෙන් සිටින අතර උන්වහන්සේට පමණක් කළ හැකි ආකාරවලින් අපට ආශිර්වාද කරනවා. අපගේ සිතුවිලි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පූජාව කෙරෙහි කේන්ද්‍රගත කිරීමට අවශ්‍ය ශක්තිය සහ එළිදරව්ව යාච්ඤාව මගින් ඉහළ සිට පහළට ලබාගන්න පුළුවන්. සමහර අවස්ථාවලදී අපට බියක් දැනෙන බව ස්වාමින්වහන්සේ දැන සිටියා. මමත්, ඒවගේම ඔබත් ඒ අවස්ථාවේ හිඳ තිබෙනවා. … ලෝකය විසින් බලපෑම ගණනය කරන ආකාරයට මෙම සභාවේ අප සංඛ්‍යාවෙන් ස්වල්ප වෙන්න පුළුවන්, නමුත් අපි අපගේ අධ්‍යාත්මික ඇස් විවෘත කරන විට, ‘ඔවුන් සමග සිටින්නන්ට වඩා අප සමග සිටින්නෝ බොහෝය’ [2 රාජාවලිය 6:16]” (“කලබල නොවන්න,” ලියහෝනා, නොවැ. 2018, 18, 19). කනස්සල්ලෙන් හෝ බියෙන් සිටින කෙනෙකුට උපකාර කිරීමට ඔබ මෙම වචන භාවිතා කරන්නේ කෙසේද?

තවත් විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

2 රාජාවලිය 4

දෙවියන්වහන්සේට මගේ ජීවිතයේ ප්‍රාතිහාර්යයන් කළ හැකිය.

  • ප්‍රාතිහාර්යයක් යනු කුමක්දැයි ඔබේ දරුවන්ට තේරුම් ගැනීමට උපකාර කිරීමෙන් පසු, ඔවුන්ට හැකි තරම් ප්‍රාතිහාර්යයන් පිළිබඳ උදාහරණ ලැයිස්තුගත කිරීමට ඔවුන්ට ආරාධනා කරන්න. එන්න, මා අනුගමනය කරන්න තුළ ඇති පින්තූර ඒ සඳහා උපකාරී වෙන්න පුළුවන්. ඉන්පසු ඔවුන්ට 2 රාජාවලිය 4:1–7, 14–17, 32–35, 38–44 තුළින් ප්‍රාතිහාර්යයන් ගැන සොයන්න පුළුවන්. මෙම ප්‍රාතිහාර්යයන් ස්වර්ගික පියාණන්වහන්සේ ගැන උගන්වන්නේ මොනවාද?

  • දෙවියන්වහන්සේ ප්‍රාතිහාර්යයන් තුළින් උන්වහන්සේගේ ප්‍රේමය පෙන්වා ඇති ආකාරය ගැන ඔබට සහ ඔබේ දරුවන්ට කතා කරන්න පුළුවන්.

තරුණ ඉශ්‍රායෙල් සේවකයෙක් නාමන්ගේ බිරිඳට සාක්ෂි දෙයි

ක්වානි පොවී වින්ඩර් විසින්, Stand as a Witness [සාක්ෂිකරුවෙකු ලෙස නැගී සිටීම]

2 රාජාවලිය 5:1–15

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ අනාගතවක්තෘවරයා හරහා අඥා කරන දේ කිරීමට මට තෝරා ගත හැකිය.

  • 2 රාජාවලිය 5:1–3, 9–14 තුළ ඇති කතාව ඉගෙන ගැනීමට ඔබේ දරුවන්ට උදවු කරන්න. මෙම සතියේ දළ සටහනේ ඇති නාමන්ගේ පින්තූරය භාවිතා කිරීම ගැන සලකා බලන්න. එලිෂා ඔහුගේ රෝගය සුව කරන බව පැවසුවද, නාමන්ට යොර්දාන් ගඟේ නෑමට අවශ්‍ය නොවූයේ ඇයි? නාමන් එලිෂාගේ උපදෙස් පිළිපැදීමෙන් ආශිර්වාද ලැබුවේ කෙසේද? ඔබට එය කිරීමට අවශ්‍ය දැයි ඔබට විශ්වාස නැති විට පවා, ඔබ ස්වාමින්වහන්සේට කීකරු වූ අවස්ථා ගැන ඔබ එකිනෙකාගේ අත්දැකීම් ඔබට බෙදාගන්න පුළුවන්.

    1:52

    Elisha Heals Naaman

  • නාමන්ගේ සේවකයන් අනාගතවක්තෘ එලිෂාට කීකරු වීම සඳහා තීරණය ගැනීමට නාමන්ට උපකාර කළ ආකාරය ගැන කියවෙන 2 රාජාවලිය 5:13 ඔබට අවධාරණය කරන්න පුළුවන්. ඉන්පසු ඔබේ දරුවන්ට අනාගතවක්තෘවරයාට සවන් දීමට සහ කීකරු වීමට උපකාර කළ හැකි ක්‍රම ගැන ඔවුන්ගේ මිතුරන්ට හෝ පවුලේ සාමාජිකයන්ට කියාදෙන්න පුළුවන්.

2 රාජාවලිය 6:8–17

මම තනි වී නැහැ.

  • ඔබටත් ඔබේ දරුවන්ටත්, ඔබව කඩු, අශ්වයන් සහ රථ සහිත හමුදාවක් විසින් වට කරගෙන ඇති බව සිතාගන්න පුළුවන්. ඔබට කෙසේ හැඟේවිද? ඔබ කුමක් කරයිද? ඔබ 2 රාජාවලිය 6:16–17 කියවන අතරතුර ඔබේ දරුවන්ට ඔවුන්ගේ ඇස් වසාගන්න පුළුවන්. (තවත් බලන්න, මෙම සතියේ දළ සටහනේ ඇති නාමන්ගේ පින්තූරය.) ඔබ “ඇස් පැහැදූ සේක” (17 වෙනි පදය) යන වචන කියවන විට, ඔවුන්ගේ ඇස් විවෘත කරන ලෙස දරුවන්ට කියන්න. සේවකයා දුටු දේ ගැන කතා කරන්න. ඔබ තනිව සිටින බව පෙනුනත්, ඔබගේ අභියෝග වලදී ස්වාමින්වහන්සේ ඔබ සමඟ සිටි බව ඔබට හැඟුණු ආකාරය ඔබේ දරුවන් සමඟ බෙදාගන්න.

    1:9

    Elisha and the Lord’s Army

තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

එලිෂා සහ තරුණයෙක් ගිනි රථ නිරීක්ෂණය කරමින්

ස්ටේසි මින්ච් විසින්, “භය නොවන්න: මක්නිසාද ඔවුන් සමග සිටින්නන්ට වඩා අප සමග සිටින්නෝ බොහෝය”

ප්‍රාථමික ක්‍රියාකාරකම් පිටුව: දෙවියන්වහන්සේ උන්වහන්සේගේ අනාගතවක්තෘවරයා හරහා ආඥා කරන දේ කිරීමට මට තෝරා ගත හැකිය