“අප්‍රියෙල් 20–26. ‘අපි ස්වාමින්වහන්සේ කී සියල්ලම කරන්නෙමු’: නික්මයාම 19–20; 24; 31–34,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“අප්‍රියෙල් 20–26. ‘අපි ස්වාමින්වහන්සේ කී සියල්ලම කරන්නෙමු,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026
ජෙරී හාර්ස්ටන් විසින්, Moses and the Tablets [මෝසෙස් සහ පුවරු] (විස්තර)
අප්‍රියෙල් 20–26: “අපි ස්වාමින්වහන්සේ කී සියල්ලම කරන්නෙමු”
නික්මයාම 19–20; 24; 31–34
ඉශ්‍රායෙල් පුත්‍රයෝ අතීතයේදී මැසිවිලි නඟමින්, සැලෙමින් සිටියා වුවත්, මෝසෙස් සීනයි කන්ද පාමුලදී ව්‍යවස්ථාව කියවූ විට, “අපි ස්වාමින්වහන්සේ කී සියල්ලම කරන්නෙමු” කියා ඔවුන් ගිවිසුමක් ඇති කරගත්තා (නික්මයාම 24:7). ඉන්පසු මෝසෙස්ව කන්දට කැඳවා, “මා ඔවුන් අතරේ වාසයකරන පිණිස” මණ්ඩපයක් ගොඩනඟන්න කියා දෙවියන්වහන්සේ ඔහුට පැවසුවා (නික්මයාම 25:8).
නමුත් මෝසෙස් කඳු මුදුනේදී ඉශ්‍රායෙල්වරුන් අතරේ දෙවියන්වහන්සේගේ සහභාගිත්වය ගැන ඉගෙනගනිමින් සිටින අතරතුර, ඉශ්‍රායෙල්වරුන් ඒ වෙනුවට ඒ කන්ද පාමුල නමස්කාර කිරීම සඳහා රන් පිළිමයක් සාදමින් සිටියා. “අන් දෙවිවරුන් තට ඇතුව නොසිටුව” කියා පොරොන්දු වූ විගස ඔවුන් තම පොරොන්දුවෙන් “ඉක්මනින් අහක්ව” ගියා (නික්මයාම 20:3; 32:8; තවත් බලන්න නික්මයාම 24:3). එය විස්මිත හැරීමක් වූ නමුත් ඇදහිල්ල සහ කැපවීම සමහර විට නොඉවසිලිමත්කම, බිය හෝ සැකය මගින් වසාගත හැකි බව අපි අත්දැකීමෙන් දන්නවා. අපි අපේ ජීවිත තුළ ස්වාමින්වහන්සේගේ පැමිණීම සොයන විට, උන්වහන්සේ “අනුකම්පාවෙන් පූර්ණවූ දයාවන්තවූ උදහස්වීමට ප්‍රමාදවන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ” කෙනෙක් නිසා—ස්වාමින්වහන්සේ පුරාණ ඉශ්‍රායෙල්වරුන්ව අත් නොහැරිය බවත්, උන්වහන්සේ අපව සහ අප ආදරය කරන මිනිසුන්ව අත් නොහරින බවත් දැන ගැනීම දිරිගන්වන සුළුයි (නික්මයාම 34:6).
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
නික්මයාම 19:3-6
ස්වාමින්වහන්සේගේ ගිවිසුම් සෙනඟ උන්වහන්සේට වස්තුවකි.
සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වුවා: “පරණ ගිවිසුමේ, අසහාය යන වචනය පරිවර්තනය කර ඇත්තේ හෙබ්‍රෙව් භාෂාවේ සෙගුල්ලා යන වචනයෙන්, එහි තේරුම ‘වටිනා දේපළ’ හෝ ‘නිධානය’ යන්නයි. … ස්වාමින්වහන්සේගේ සේවකයන් විසින් අපව උන්වහන්සේගේ අසහාය සෙනඟ ලෙස හඳුනා ගැනීම උසස්ම තත්වයේ ප්‍රශංසාවකි” (“Children of the Covenant,” Ensign, May 1995, 34). සභාපති නෙල්සන්ගේ මෙම වචන ඔබ නික්මයාම 19:3–6 තේරුම් ගන්නා ආකාරය කෙරෙහි බලපාන්නේ කෙසේද? ස්වාමින්වහන්සේ ඔබව අගය කරන බව උන්වහන්සේ ඔබට පෙන්වා ඇත්තේ කෙසේද?
නික්මයාම 19:10–11, 17
පරිශුද්ධ අත්දැකීම් සඳහා සූදානම් වීම අවශ්‍ය වේ.
“දෙවියන්වහන්සේව හමුවීමට” (නික්මයාම 19:10–11, 17) සහ උන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කරගැනීමට (බලන්න නික්මයාම 19:5) පෙර ඉශ්‍රායෙල් දරුවන් සූදානම් විය යුතු බව ස්වාමින්වහන්සේ මෝසෙස්ට පැවසුවා. සක්‍රමේන්තුව සහ දේවමාළිගා නියෝග ඇතුළුව ආධ්‍යාත්මික අත්දැකීම් සඳහා ඔබ සූදානම් වන්නේ කෙසේද? සූදානම් වීමට ඔබට අන් අයට උපකාර කළ හැක්කේ කෙසේද? ලූක් 6:12–13; ඊනොස් 1:2–6; ඇල්මා 17:2–3 තුළින් සූදානම් වීම ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද?
ඊජිප්තුවේ මෙම කන්ද සාම්ප්‍රදායිකව සීනයි කන්ද ලෙස විශ්වාස කෙරෙනවා.
නික්මයාම 20:1–17
දෙවියන්වහන්සේගේ ආඥාවලට කීකරු වීමෙන් ආශිර්වාද ලැබේ.
ඉශ්‍රායෙල්වරුන් සීනයි කන්ද පාමුල රැස්ව සිටිද්දී, දෙවියන්වහන්සේගේ හඬ දසපනත දෙන ආකාරය ඔවුන්ට ඇසුණා (බලන්න ද්විතීය කථාව 4:12–13). ඇත්ත වශයෙන්ම, මේවා දෙවියන්වහන්සේගේ දී ඇති සියලුම ආඥා නොවේ—ශුද්ධලියවිලිවල තවත් බොහෝ ආඥා තිබෙනවා. එබැවින් ඔබ නික්මයාම 20:1–17 කියවන විට, දෙවියන්වහන්සේ මෙම දහය විශේෂයෙන් අවධාරණය කළේ මන්දැයි ඔබෙන්ම අසාගන්න. ඔබේ ජීවිතය තුළ මෙම දස පනතේ වැදගත්කම ගැන මෙනෙහි කරන විට ඔබට භාවිතා කළ හැකි නියැදි වගුවක් මෙන්න:
|
ආඥාව |
වෙනත් වචන වලින් කිවහොත්, ස්වාමින්වහන්සේ මගෙන් ඉල්ලා සිටින්නේ … |
මෙම ආඥාව අනුව ජීවත් වීමෙන් ලැබෙන ආශිර්වාද |
|---|---|---|
-
මතෙව් 22:34–40 තුළ යේසුස්වහන්සේ දුන් ශ්‍රේෂ්ඨ ආඥා දෙක තබා ගැනීමට, මෙම ආඥා දහය පැවැත්වීම ඔබට උදව් වන්නේ කෙසේද?
-
දෙවියන්වහන්සේට වඩා තැනක් දීමට ඔබ පෙලඹිය හැකි දේවල් මොනවාද? දෙවියන්වහන්සේට මුල් තැන දීමෙන් ඔබ ලබා ඇති ආශිර්වාද මොනවාද?
-
දස පනත බොහෝ කලකට පෙර දුන් බවත්, ඒවා අදට අදාළ නොවන බවත් පවසන කෙනෙකුට ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද? ඔබේ ප්‍රතිචාරයේ කොටසක් ලෙස ඔබ බෙදාගන්නේ ඔබේ ජීවිතයෙන් කුමන උදාහරණද?
-
ස්වාමින්වහන්සේ නික්මයාම 20: 6 තුළ ඇති පොරොන්දුව ඔබගේ ජීවිතයේ ඉටුකර ඇත්තේ කෙසේද?
නික්මයාම 24:1–11
ගිවිසුම් ඇති කරගැනීම දෙවියන්වහන්සේගේ නීතියට කීකරු වීමට මගේ කැමැත්ත පෙන්නුම් කරයි.
ඔබ නික්මයාම 24:3–8 කියවන විට, ඔබ දෙවියන්වහන්සේ සමඟ ඇති කරගත් ගිවිසුම් ගැන සලකා බලන්න. අද දින දෙවියන්වහන්සේට අවශ්‍ය කරන චාරිත්‍රවලට වඩා ඉශ්‍රායෙල්වරුන්ගේ ගිවිසුම තුළ වෙනස් චාරිත්‍ර ඇතුළත් වුවද, එහි ඇති සමහර සමානකම්ද ඔබට පෙනෙයි. උදාහරණයක් වශයෙන්, 4, 5, සහ 8 පදවල පූජාසනයක්, සත්ව පූජා සහ ලේ ගැන සඳහන් වෙනවා. මෙම දේවල් වලින් නියෝජනය කළ හැක්කේ මොනවාද සහ ඒවා ඔබේ ගිවිසුම්වලට සම්බන්ධ වන්නේ කෙසේද?
නික්මයාම 32–34
පාපය යනු දෙවියන්වහන්සේගෙන් ඈත් වීමයි; පසුතැවිලි වීම යනු උන්වහන්සේ දෙසට හැරී නපුරෙන් ඈත් වීමයි.
ඉශ්‍රායෙල්වරුන්ගේ ස්ථානයට ඔබව පත්කිරීමට උත්සාහ කරන්න—ඔබ සිටින්නේ පාළුකරයේ, මෝසෙස් ගොස් දින 40ක් ගත වී තිබෙනබා, ඒවගේම පොරොන්දු වූ දේශය සම්බන්ධයෙන් කානානිවරුන් සමඟ ගැටුමක් ඔබේ අනාගතයේදී සිදු වෙනවා (බලන්න නික්මයාම 32:1–8). ඔබ සිතන ආකාරයට, ඉශ්‍රායෙල්වරුන්ට රන් පිළිමයක් අවශ්‍ය වූයේ ඇයි? නික්මයාම 33:11–17 තුළ මෝසෙස් ස්වාමින්වහන්සේට කරන ආයාචනයෙන්, ඔබට පෙළඹවීමක් ලබා දෙන්නේ මොනවාද?
ඉශ්‍රායෙල්වරුන්ගේ පාපය බරපතළ වූවත්, මෙම කතාවට දෙවියන්වහන්සේගේ දයාවේ සහ සමාව දීමේ පණිවිඩයක්ද ඇතුළත් වෙනවා. නික්මයාම 34:1–10 ගැලවුම්කරුවාණන් ගැන ඔබට උගන්වන්නේ කුමක්ද? (බලන්න නික්මයාම 32:30–32; මොසායා 14:4–8; 15:9; දහම සහ ගිවිසුම් 45:3–5).
නික්මයාම 31:13–16
සබත ලකුණකි.
සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැහැදිලි කළා: “මගේ තරුණ අවධියේදී, සබත් දවසේදී කළ යුතු දේ සහ නොකළ යුතු දේවල් ලැයිස්තුවක් සකස් කරගත් අනෙක් අයගේ වැඩ මම අධ්‍යයනය කළා. මගේ හැසිරීම සහ සබත් දවස පිළිබඳ මගේ ආකල්පය, මා සහ මගේ ස්වර්ගීය පියාණන්වහන්සේ අතර ලකුණක් බව මම ශුද්ධලියවිලි වලින් දැනගත්තේ ඊට පසුවයි [බලන්න නික්මයාම 31:13; එසකියෙල් 20:12, 20]. එම අවබෝධයත් සමඟ, මට තවදුරටත් කළ යුතු හා නොකළ යුතු දේ ලැයිස්තුවක් අවශ්‍ය වුණේ නෑ. යම් ක්‍රියාකාරකමක් සබත් දවසට සුදුසුද නැද්ද යන්න පිළිබඳව මට තීරණයක් ගැනීමට සිදුවූ විට, මම සරලවම මගෙන්ම මෙසේ ඇසුවා, ‘මට දෙවියන්වහන්සේට දිය යුතු ලකුණ කුමක්ද?’ ඒ ප්‍රශ්නය සබත් දවස ගැන මගේ තේරීම් පැහැදිලි කළා” (“The Sabbath Is a Delight,” Liahona, May 2015, 130). ඔබ සබත පැවැත්වීමත් සමඟ දෙවියන්වහන්සේට දිය යුතු ලකුණ කුමක්දැයි මෙනෙහි කරන්න.
නික්මයාම 34:1–4
මෝසෙස් සෑදූ ගල් පවුරු දෙක අතර ඇති වෙනස කුමක්ද?
මෝසෙස් ඒ කන්දෙන් බැස එන විට, ගල් පුවරු මත ලියා තිබූ නීතිය ඔහු රැගෙන ආවා. ඉශ්‍රායෙල්වරුන් ඔවුන්ගේ ගිවිසුම කඩ කළ බව දැනගත් පසු මෝසෙස් ඒ පුවරු කඩා දැමුවා (බලන්න නික්මයාම 31:18; 32:19). පසුව, තවත් ගල් පුවරු කට්ටලයක් සාදා, ඒවා නැවත කන්දට ගෙන එන ලෙස දෙවියන්වහන්සේ මෝසෙස්ට අඥා කළා (බලන්න නික්මයාම 34:1–4). නික්මයාම 34 තුළ ජෝසෆ් ස්මිත් පරිවර්තනය පැහැදිලි කරන්නේ පළමු ගල් පුවරු කට්ටලයට දෙවියන්වහන්සේගේ “ශුද්ධ වූ නියෝගය” හෙවත් මෙල්කිසදෙක් පූජකවරයේ ආඥාවන් ඇතුළත් වූ බවයි. දෙවන කට්ටලයට “ලෞකික ආඥාවන්ගේ නීතිය” ඇතුළත් වුණා. මෙය “සුළු පූජකවරය” විසින් පාලනය කරන ලද සුළු නීතියකි (බලන්න දහම සහ ගිවිසුම් 84:17–27), එය ඉශ්‍රායෙල්වරුන්ට දෙවියන්වහන්සේගේ අභිමුඛයට ඇතුළු විය හැකි වන පිණිස, ඔවුන්ව උසස් නීතිය සහ උසස් පූජකවරය සඳහා සූදානම් කිරීම සඳහා දෙනු ලැබ තිබුණා.
තවත් විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
නික්මයාම 20:3–17
දෙවියන්වහන්සේ මට ආඥා ලබා දෙන්නේ මා සතුටින් සිටීමට අවශ්‍ය නිසාය.
-
ඔබ ඔබේ දරුවන්ට දස පනත ගැන ඉගෙනීම විනෝදජනක දෙයක් කරන්නේ කෙසේද? ඔබ එකට එක්ව නික්මයාම 20:3–17 කියවන විට, ඒ එක් එක් දස පනත නියෝජනය කිරීමට පින්තූරයක් සෙවීමට හෝ චිත්‍රයක් ඇඳීමට ඔබට උපකාර කිරීමට ඔබේ දරුවන්ට ඉඩ දෙන්න. ඉන්පසු ඔබේ දරුවන්ට ඒ එක් පින්තූරයක් තෝරාගෙන එම ආඥාවට අනුව ජීවත් විය හැකි ආකාරය ගැන කතා කරන්න පුළුවන්. එම ආඥාව අනුව ජීවත් වීම ඔබට සතුට ගෙන දෙන ආකාරය එකිනෙකා සමඟ බෙදාගන්න.
දරුවන් අධ්‍යාත්මික අත්දැකීම් බෙදාගන්නා විට ඔවුන්ගේ සාක්ෂිය වර්ධනය වෙනවා. ඔබ අසන ප්‍රශ්න මගින් ගැලවුම්කරුවාණන් ගැන ඔවුන්ට හැඟෙන ආකාරය සහ ශුභාරංචිය ඔවුන්ට ආශිර්වාද කර ඇති ආකාරය බෙදාගැනීමට ඔබේ දරුවන්ට දිරිගැන්වීමක් වෙන්න පුළුවන් (බලන්න ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම, 32). ඔවුන් මෙය කරන විට, ඔවුන් සාක්ෂි දරනවා. දස පනත අනුව ජීවත් වීමෙන් ලැබෙන ආශිර්වාද ගැන සාකච්ඡා කරන විට ඔබට මෙය කළ හැකි ආකාරය ගැන සලකා බලන්න.
නික්මයාම 20:12
මම මගේ දෙමාපියන්ට ගෞරව කිරීම ස්වාමින්වහන්සේට අවශ්‍යයි.
-
“තාගේ පියාටත් තාගේ මවුටත් ගෞරවකරව” යන වාක්‍ය ඛණ්ඩය ඉගෙනගැනීමට ඔබේ දරුවන්ට උදව් කරන්න (නික්මයාම 20:12). යමෙකුට “ගෞරව කිරීම” යනු ඔවුන්ට ගරුත්වය පෙන්වීම හෝ ඔවුන්ට සතුට ගෙන දීම බව ඔබට පැහැදිලි කිරීමට අවශ්‍ය වෙන්න පුළුවන්. යේසුස්වහන්සේ තම ලෞකික මවට සහ උන්වහන්සේගේ ස්වර්ගීය පියාණන්වහන්සේට ගෞරව කිරීමට කළේ මොනවාද? (බලන්න ලූක් 2:48–51; යොහන් 19:26–27). සමහර විට ඔබේ දරුවන්ට තම දෙමාපියන්ට ගෞරව කිරීම සඳහා කළ හැකි දේවල් මාරුවෙන් මාරුවට රඟ දැකිවිය හැකි අතර, අනෙක් දරුවන් ඔවුන් කරන්නේ කුමක්දැයි අනුමාන කරන්න පුළුවන්.
නික්මයාම 31:13, 16–17
සබතට ගෞරව කිරීම ස්වාමින්වහන්සේ කෙරෙහි මගේ ප්‍රේමයේ ලකුණකි.
-
ඔබේ දරුවන්ට මාර්ග සංඥා හෝ ගොඩනැඟිල්ලක ඇති සංඥා වැනි—ලකුණු වල උදාහරණ දෙස බැලීමෙන් සතුටක් ලබන්න පුළුවන්. ලකුණුවල අරමුණු මොනවාද? ඉන්පසු ඔබේ දරුවන්ට නික්මයාම 31:13, 16–17 තුළ “ලකුණ” යන වචනය සොයාගන්න පුළුවන්. අප සහ ස්වාමින්වහන්සේ අතර ලකුණක් යැයි උන්වහන්සේ කීවේ කුමක් ගැනද? ඔබ සහ ඔබේ පවුලේ අය සබත් දවසේදී ස්වාමින්වහන්සේ කෙරෙහි ඔබේ ප්‍රේමය පෙන්වීමට උත්සාහ කරන ක්‍රම කිහිපයක් එකිනෙකා සමඟ බෙදාගන්න.
සෑම් ලෝලර් විසින් දස පනත ඔසවාගෙන සිටින මෝසෙස්ගේ නිදර්ශනය (විස්තර)
නික්මයාම 32:1–8, 19–24; 34:6–7
මම දෙවියන්වහන්සේගේ මාර්ගවලින් “අහක්ව නොයමි.”
-
ඉශ්‍රායෙල්වරුන් දෙවියන්වහන්සේට වෙනුවට පිළිමයකට නමස්කාර කිරීම වැරදි දෙයක් වූයේ ඇයි?
2:55Moses on Mount Sinai
-
නික්මයාම 32:8 තුළ ඇති මෙම වචන නිදර්ශනය කිරීම සඳහා බිම මත මාර්ගයක් නිර්මාණය කිරීම (හෝ ඔබේ නිවස අසල එවැනි එකක් සොයා ගැනීම) විනෝදජනක වෙන්න පුළුවන්: “ඔවුන් මා අණකළ මාර්ගයෙන් ඉක්මනින් අහක්ව ගියෝය.” එම මාර්ගයේ ගමන් කරන අතරතුර, අපව දෙවියන්වහන්සේගෙන් ඈත් කරවන, අප මුහුණදෙන පරීක්ෂාවන් ගැන ඔබේ දරුවන්ට කතා කරන්න පුළුවන්. දෙවියන්වහන්සේගේ මාර්ගයේ රැඳී සිටීමටත්—අප අහක්ව ගියහොත් නැවත ඒ වෙතට යාමටත් අපට උපකාර කරන්නේ මොනවාද? (බලන්න නික්මයාම 34:6–7).
තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.