“අප්‍රියෙල් 6–12. ‘නුඹලා මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් පිටතට ආවාවූ මේ දින සිහිකරපල්ලා’: නික්මයාම 7–13,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“අප්‍රියෙල් 6–12. ‘නුඹලා මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් පිටතට ආවාවූ මේ දින සිහිකරපල්ලා,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026
රොබට් ටී. බැරට් විසින්, පාරාවෝගේ මළුවෙහි මෝසෙස් සහ ආරොන්ගේ නිදර්ශනය
අප්‍රියෙල් 6–12: “නුඹලා මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් පිටතට ආවාවූ මේ දින සිහිකරපල්ලා”
නික්මයාම 7–13
වසංගතයක් නිම වෙද්දී තවත් වසංගතයක් පැමිණීමෙන් එය ඊජිප්තුවට පීඩා කළ නමුත් පාරාවෝ ඉශ්‍රායෙල්වරුන්ව නිදහස් කිරීම ප්‍රතික්ෂේප කළා. එහෙත් දෙවියන්වහන්සේ දිගටම උන්වහන්සේගේ බලය ප්‍රදර්ශනය කළ අතර “මම ස්වාමින්වහන්සේ වෙමි” සහ “මුළු පොළොවෙහි මා සමාන කෙනෙක් නැත” යන දේවල් පිළිගැනීමට පාරාවෝට අවස්ථාව ලබා දුන්නා (නික්මයාම 7:5; 9:14). මේ අතර, මෝසෙස් සහ ඉශ්‍රායෙල්වරුන් ඔවුන් වෙනුවෙන් දෙවියන්වහන්සේගේ බලයේ මෙම ප්‍රකාශන දෙස පුදුම වී බලා සිටින්නට ඇති. නිසැකවම මෙම අඛණ්ඩ සංඥා දෙවියන්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල තහවුරු කළ අතර දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයාව අනුගමනය කිරීමට ඔවුන්ගේ කැමැත්ත ශක්තිමත් කළා. ඉන්පසුව, දරුණු වසංගත නවයක් ඉශ්‍රායෙල්වරුන්ව නිදහස් කර ගැනීමට අපොහොසත් වූ පසු, අවසානයේ—පාරාවෝගේ කුලුඳුලා ඇතුළු කුලුඳුලාගේ මරණය මගින්—ඒ වහල්භාවය අවසන් වුණා. අධ්‍යාත්මික වහල්භාවයේ සෑම අවස්ථාවකදීම ගැලවීමට ඇත්තේ එක් මාර්ගයක් පමණක් බව මෙයින් මැනවින් පෙන්නුම් කරනවා. අපව ගලවාගන්නේ—කුලුඳුලාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිත්‍යාගය—එනම් කැළලක් නැති බැටළු පැටවාණන්ගේ රුධිරය පමණයි.
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
නික්මයාම 7–11
මගේ හදවත මෘදු කිරීමට මට තෝරා ගත හැකිය.
ඔබේ කැමැත්ත පාරාවෝගේ මෙන් දෙවියන්වහන්සේගේ කැමැත්තට විරුද්ධ වන එකක් නෑ. එසේ වුවත්, අපගේ හදවත් එය විය යුතු තරම් මෘදු නොවන අවස්ථා අප සැමට තිබෙනවා. නික්මයාම 7:14–25; 8:5–32; 9:1–26; 10:12–29; 12:29–33 තුළ ඇති වසංගත සඳහා පාරාවෝගේ ප්‍රතිචාර ගැන ඔබට කැපී පෙනෙන දේවල් මොනවාද??
පාරාවෝගේ හදවත “දැඩි” හදවතක් ලෙස විස්තර කිරීම ගැලපෙන්නේ ඇයි? මෘදු හදවතක් තිබීම ගැන මෙම පදවලින් ඔබ ඉගෙන ගන්නා දේ ගැන සලකා බලන්න: 1 නෙපී 2:16; මොසායා 3:19; ඇල්මා 24:7–8; 62:41; ඊතර් 12:27. පාරාවෝගේ දැඩි හදවතේ ප්‍රතිවිපාක ගැන ඔබ කියවන විට, ඔබේ හදවතේ තත්වය ගැන මෙනෙහි කරන්න. ඔබ කිරීමට පෙලඹෙන වෙනස්කම් මොනවාද?
නික්මයාම 12:1–42
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම නිසා උන්වහන්සේට මා ගලවාගන්න පුළුවන්.
නික්මයාම 11:4–5 තුළ විස්තර කර ඇති දසවන වසංගතයෙන් ඉශ්‍රායෙල්වරුන්ට ගැලවීමට ඇති එකම ක්‍රමය තමයි, පාස්කුව ලෙස හැඳින්වෙන චාරිත්‍රයක් වන නික්මයාම 12 තුළ ස්වාමින්වහන්සේ මෝසෙස්ට දුන් උපදෙස් හරියටම පිළිපැදීම. ස්වාමින්වහන්සේ ඊජිප්තුවේ වහල්භාවයෙන් ඉශ්‍රායෙල්වරුන් ගලවා ගත්තා සේම, පාපයේ වහල්භාවයෙන් උන්වහන්සේට අපව ගලවා ගත හැකි බව පාස්කුව අපට සංකේත හරහා උගන්වනවා. නික්මයාම 12:1–42 තුළ මෙම සංකේතවාදය ගවේෂණය කිරීමට, ඔබට මෙවැනි ප්‍රස්ථාරයක් භාවිතා කරන්න පුළුවන්:
|
සංකේතය |
විය හැකි අර්ථයන් |
මට දෙවියන්වහන්සේගෙන් ලැබෙන පණිවිඩය |
|---|---|---|
සංකේතය මාසවල පටන්ගැන්ම (2 වෙනි පදය; ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට ආඥා කළේ මෙම සිදුවීම ඔවුන්ගේ දින දර්ශනයේ ආරම්භය සනිටුහන් කිරීමට භාවිතා කරන ලෙසයි). | විය හැකි අර්ථයන් මෙය ඉශ්‍රායෙල්වරුන්ට නව ආරම්භයක් වීමට නියමිත වුණා. ඔවුන් “නැවත ඉපදීම” විය යුතු වුණා. | |
සංකේතය බැටළු පැටවා (3–5 පද). | විය හැකි අර්ථයන් බලන්න යොහන් 1:29; 6:54; 1 පේත්‍රැස් 1:19. | |
සංකේතය උළුවහු කණුවල බැටළු පැටවාගේ ලේ (7, 13, 23 පද). | විය හැකි අර්ථයන් බලන්න මොසායා 4:2; එළිදරව් 12:11. | |
සංකේතය මුහුන් නුමුසු රොටි (8, 15, 19–20 පද). | විය හැකි අර්ථයන් මුහුන් නොහොත් යීස්ට් පහසුවෙන් නරක් වන නිසා එය දූෂණයේ සංකේතයක් වෙන්න පුළුවන්. බලන්න මතෙව් 16:6–12; යොහන් 6:35. | |
සංකේතය තික්ත පලා (8 වෙනි පදය). | විය හැකි අර්ථයන් පාපයේ සහ වහල්භාවයේ තිත්තකම සිහිපත් කිරීම. බලන්න නික්මයාම 1:14; මෝසෙස් 6:55. | |
සංකේතය ඉඟටි බැඳ වහන් පය ලා සැරයටි අතින් ගෙන ඉක්මනින් කෑ යුතුය (11 වෙනි පදය). | විය හැකි අර්ථයන් පාපයේ වහල්භාවයෙන් හදිසියේ පිටවීම සඳහා සංකේතයකි. බලන්න උත්පත්ති 39:12; 2 තිමෝති 2:22. | |
සංකේතය විනාශකයා (13, 23 පද). | විය හැකි අර්ථයන් බලන්න දහම සහ ගිවිසුම් 89:18–21. | |
සංකේතය ඉශ්‍රායෙල්වරුන්ට යන්ට ඇරීම (29–32 පද). | විය හැකි අර්ථයන් | |
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම ගැන ඔබට මතක් කර දෙන පාස්කු මංගල්‍යයේ උපදෙස් සහ සංකේත තුළ ඔබ සොයාගන්නා තවත් දේවල් මොනවාද? උන්වහන්සේගේ වන්දිගෙවීමේ ආශිර්වාදය ලබාගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම සංකේත ඔබට යෝජනා කරන්නේ මොනවාද?
උන්වහන්සේ ගැන සාක්ෂි දෙන සංකේත හඳුනා ගැනීමෙන් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණෙන්න. ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කළා, “සියලු දේ මවා, තවද මා ගැන සාක්ෂි දැරීමට සලස්වා ඇත” (මෝසෙස් 6:63; තවත් බලන්න 2 නෙපී 11:4). නික්මයාම 12 හි, බැටළු පැටවෙකු, ලේ, මුහුන් නොදැමූ රොටි, ප්‍රාතිහාර්යයන් සහ ගැලවීම වැනි සංකේත සියල්ල ක්‍රිස්තුස්වහන්සේ වෙත යොමුවෙනවා. “මෙම වස්තූන් ගැලවුම්කරුවාණන්ට සම්බන්ධ වන්නේ කෙසේදැයි අප තේරුම් ගත් පසු, ඒවා උන්වහන්සේගේ බලය සහ ගුණාංග ගැන අපට ඉගැන්විය හැකිය” (ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම, 7).
වෝල්ටර් රේන් විසින්, In Remembrance of Me [මා සිහිකිරීම පිණිස]
නික්මයාම 12:14–17, 24–27; 13:1–16
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් මගේ ගැලවීම ගැන මතක තබාගැනීමට සක්‍රමේන්තුව මට උපකාර කරයි.
ඔවුන්ගේ වහල්භාවය දුරස්ථ මතකයක් බවට පත් වූ පසුව පවා, උන්වහන්සේ ඔවුන්ව ගලවාගත් බව මතක තබාගැනීමට ඔවුන්ට උපකාර කිරීම සඳහා, සෑම වසරකම පාස්කුව පවත්වන ලෙස ගැලවුම්කරුවාණන් ඉශ්‍රායෙල්වරුන්ට ආඥා කළා. ඔබ නික්මයාම 12:14–17, 24–27; 13:1–16, තුළ උන්වහන්සේගේ උපදෙස් කියවන විට දෙවියන්වහන්සේගේ ආශිර්වාද මතක තබාගැනීමට ඔබ කරන දේවල් ගැන සිතන්න. එම මතකය “ඔබේ පරම්පරාව පුරා” ඔබට රැකගත හැක්කේ කෙසේද? (බලන්න නික්මයාම12:14, 26–27).
පාස්කු මංගල්‍යය සහ සක්‍රමේන්තුව අතර ඔබ දකින සමානකම් මොනවාද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේව “සෑම විටම මතක තබාගැනීමට” ඔබට කළ හැකි දේවල් මොනවාද? (මොරෝනි 4:3; 5:2).
ඔබ මතක තබාගන්නවාට ස්වාමින්වහන්සේට අවශ්‍ය වෙනත් දේවල් ද ඔබට මෙනෙහි කරන්න පුළුවන්; උදාහරණයක් ලෙස බලන්න, හිලමන් 5:6–12; මොරෝනි 10:3; දහම සහ ගිවිසුම් 3:3–5, 10; 18:10; 52:40.
තවත් බලන්න කෙවින් ඩබ්. පියර්සන්, “ඔබ තවමත් කැමැත්තෙන් සිටිනවාද?,” ලියහෝනා, නොවැ. 2022, 67–69.
Always Remember Him
තවත් විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
නික්මයාම 7–11
ස්වාමින්වහන්සේට සියල්ල කෙරෙහි බලය ඇත.
-
නික්මයාම 7–11 හි විස්තර කර ඇති වසංගත ඊජිප්තුවරුන්ට සහ ඉශ්‍රායෙල්වරුන්ට පෙන්නුම් කළේ ස්වාමින්වහන්සේට විශාල බලයක් ඇති බවයි. ඔබේ දරුවන් ස්වාමින්වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තබන විට, ඔවුන්ගේ ජීවිත කාලය පුරාම උන්වහන්සේ ඔවුන්ට උපකාර කරනු ඇත. මෙම කතාවෙන් ඉගෙන ගැනීමට ඔවුන්ට උපකාර කිරීම සඳහා, ඔබට සෑම දරුවෙකුටම කොටස් 10 කට බෙදා ඇති කඩදාසි ලබා දිය හැකි අතර, මෙම පදවල විස්තර කර ඇති වසංගත ගැන චිත්‍ර ඇඳීමට ඔවුන්ට ආරාධනා කරන්න: නික්මයාම 7:17–18; 8:1–4; 8:16–17; 8:20–22; 9:1–6; 9:8–9; 9:22–23; 10:4–5; 10:21–22; 11:4–7. ස්වාමින්වහන්සේ වසංගත එව්වේ මන්දැයි පැහැදිලි කිරීමට නික්මයාම 7:5 සහ 9:14 එකට එක්ව කියවන්න.
2:3The Plagues of Egypt
-
“මුළු පොළොවෙහිම [උන්වහන්සේට] සමාන කිසිවෙක් නොමැති බව” ස්වාමින්වහන්සේ ඔබට පෙන්වා ඇති ආකාරය ඔබේ දරුවන් සමඟ බෙදාගන්න (නික්මයාම 9:14). ස්වාමින්වහන්සේ බලවත් බව ඔවුන් දන්නා ආකාරය බෙදාගැනීමට ඔවුන්ට ඉඩදෙන්න.
නික්මයාම 8:28–32; 9:7
මෘදු හදවතක් ඇති කර ගැනීමට ස්වාමින්වහන්සේට මට උපකාර කරන්න පුළුවන්.
-
මෘදු හදවතක් තිබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඔබේ දරුවන්ට සිතීමට උපකාර කිරීම සඳහා, ගලක් වැනි තද වස්තුවක් සහ ස්පොන්ජියක් වැනි මෘදු හා අවශෝෂණය කරන තවත් වස්තුවක් ඔවුන්ට පෙන්වීම විනෝදයක් වෙන්න පුළුවන්. මෘදු හදවතක් ස්වාමින්වහන්සේගේ වචනය කෙතරම් පහසුවෙන් ලබා ගන්නේද යන්න නිරූපණය කිරීමට ඔබට මෙම වස්තූන් මත ජලය වත් කරන්න පුළුවන්. ස්වාමින්වහන්සේ විසින් එවන ලද වසංගතවලට පාරාවෝ ප්‍රතිචාර දැක්වූ ආකාරය විස්තර කරන පද කිහිපයක් ඔබට එකට එක්ව කියවිය හැකිය (බලන්න නික්මයාම 8:28–32; 9:7). පාරාවෝගේ හදවත හෝ ආකල්පය වඩාත් හොඳින් නියෝජනය කරන්නේ කුමන වස්තුවද? මෘදු හදවතක් තිබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (බලන්න මොසායා 3:19).
-
ඔබට සහ ඔබේ දරුවන්ට අපට දැඩි හදවතක් ඇති ආකාරයට (උදාහරණයක් ලෙස, අකාරුණික වචන භාවිතා කිරීම හෝ යමක් බෙදාගැනීමට අකමැති වීම) පෙන්විය හැකි සමහර ක්‍රියා ලැයිස්තුවක් සාදන්න පුළුවන්. අපට මෘදු හදවත් අවශ්‍ය බව අපට ස්වාමින්වහන්සේට පෙන්විය හැක්කේ කෙසේද?
නික්මයාම 12:1–13
මට යේසුස්වහන්සේව මතක තබාගැනීමට සක්‍රමේන්තුව උපකාර කරයි.
-
පාස්කු උත්සවය ඉශ්‍රායෙල්වරුන්ට ඉගැන්වූයේ ගැලවුම්කරුවාණන් දෙස සහ අප වෙනුවෙන් උන්වහන්සේගේ පරිත්‍යාගය දෙස බලා සිටින ලෙසයි. ඔබ එකට එකතු වී නික්මයාම 12:1–13 ගවේෂණය කරන විට, පාස්කුව සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ විස්තර අතර සම්බන්ධකම් දැකීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න. උදාහරණයක් වශයෙන්, යේසුස්වහන්සේ 5 වෙනි පදයේ විස්තර කර ඇති බැටළු පැටවා මෙන් වන්නේ කොහොමද?
2:54The Passover
-
අද අපි සක්‍රමේන්තුව ගන්නේ යේසුස්වහන්සේගේ ජීවිත පරිත්‍යාගය සිහි කිරීමටයි. ඔබට ඔබේ දරුවන්ට සක්‍රමේන්තුවේ පින්තූරයක් පෙන්විය හැකි අතර මෙම ආඥාව යේසුස් ක්‍රිස්තුස්වහන්සේව මතක තබාගැනීමට අපට උපකාර කරන ආකාරය ගැන කතා කරන්න පුළුවන්. සක්‍රමේන්තු යාච්ඤාවල “සිහිකරන්න” යන වචනය සොයා ගැනීමට ඔබට ඔබේ දරුවන්ට උදව් කරන්න පුළුවන් (බලන්න මොරෝනි 4–5). එසේත් නැතිනම් සක්‍රමේන්තුව පිළිබඳ ප්‍රියතම ගීතිකාවක් එකට එක්ව ගායනා කරන්න, එමෙන්ම ඔබේ දරුවන් ගැලවුම්කරුවාණන් ගැන සිතන විට ඔවුන් තුළ ඇතිවන සාමකාමී හැඟීම තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කරන්න. සක්‍රමේන්තුව ගනිද්දි අපි කොහොමද ඒ හැඟීම සොයන්නෙ?
තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.