එන්න, මා අනුගමනය කරන්න
ජනවාරි 12–18. “පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක”: උත්පත්ති 1–2; මෝසෙස් 2–3; ආබ්‍රහම් 4–5


“ජනවාරි 12–18. ‘පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක’: උත්පත්ති 1–2; මෝසෙස් 2–3; ආබ්‍රහම් 4–5,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)

“ජනවාරි 12–18. ‘පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක’,” එන්න, මා අනුගමනය කරන්න: 2026

පොළොව සහ සඳ

ජනවාරි 12–18:“පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක”

උත්පත්ති 1–2; මෝසෙස් 2–3; ආබ්‍රහම් 4–5

අප අවට ලෝකය ඉතා සුන්දර හා තේජාන්විත වන නිසා, පොළොව “පාළුව හිස්ව තිබූ” බව සහ “හිස් සහ පාළු” ලෙස තිබූ බව සිතීම දුෂ්කරයි (උත්පත්ති 1:2; ආබ්‍රහම් 4:2). දෙවියන්වහන්සේට කාලයත් සමඟ, අසංවිධානාත්මක දෙයකින් අතිවිශිෂ්ට දෙයක් නිර්මාණය කළ හැකි බව, මැවීමේ කතාව අපට උගන්වන එක් දෙයක් වෙනවා. ජීවිතය අවුල් සහගත බව පෙනෙන විට එය මතක තබාගැනීම ප්‍රයෝජනවත්. ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මැවුම්කරුවාණන් වන අතර, අප සමඟ උන්වහන්සේලාගේ නිර්මාණාත්මක කාර්යය නිම වී නැහැ. අපගේ ජීවිතයේ අඳුරු අවස්ථාවන්හිදී, ආලෝකය බැබළවීමට උන්වහන්සේලාට පුළුවන්. අපේ හිස්කම ජීවිනයෙන් පුරවන්න උන්වහන්සේලාට පුළුවන්. අප විය හැකි, දිව්‍යමය ජීවීන් බවට අපව පරිවර්තනය කරන්න උන්වහන්සේලාට පුළුවන්. දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන්, උන්වහන්සේගේ සමානත්වයෙන් මැවීම යන්නෙන් අදහස් කරන්නේ එයයි (බලන්න උත්පත්ති 1:26). අපට උන්වහන්සේ හා සමාන වීමට හැකියාව තිබෙනවා: එනම් උත්කර්ෂවත් වීමට, මහිමයට පත්වීමට, ස්වර්ගීය වීමට හැකියාව තිබෙනවා.

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

උත්පත්ති 1:1–25; මෝසෙස් 2:1–25; ආබ්‍රහම් 4:1–25

“මාගේ ඒකජාතකයාණන් මගින් මම මේ දේවල් මවා ඇත්තෙමි.”

ලෝකය මැවූ ආකාරය ගැන සියලු දේ අපි නොදන්නා නමුත්, මැවීම ගැන හෙළි කිරීමට දෙවියන්වහන්සේ තෝරාගෙන ඇති දේ කෙරෙහි අවධානය දීම සිත්ගන්නා දෙයක්. උත්පත්ති 1:1–25; මෝසෙස් 2:1–25; සහ ආබ්‍රහම් 4:1–25 තුළ දෙවියන්වහන්සේ ඒ ගැන ඔබට උගන්වන්නේ මොනවාද? ඔබ මේ දේවල් දැනගන්නවාට උන්වහන්සේට අවශ්‍ය වන්නේ ඇයි? ඔබ මෙම වාර්තා ගැන මෙනෙහි කරන විට, ඒවා ස්වර්ගීය පියාණන්වහන්සේ ගැන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන, ලෝකය ගැන සහ ඔබ ගැන ඔබට උගන්වන දේ ගැනද සලකා බලන්න පුළුවන්.

මැවුම්කරුවාණන් කෙරෙහි ගෞරවයක් දැනීමට උපකාර වන උන්වහන්සේගේ මැවීම්වල පින්තූර ඔබට සොයාගන්න පුළුවන්. ඔබේ සාක්ෂිය සමඟ මෙම පින්තූර අන් අය සමඟ බෙදා ගැනීම ගැන සලකා බලන්න.

තවත් බලන්න දහම සහ ගිවිසුම් 101:32-34.

ඒදන් උයනේ සිතුවමක්

ග්‍රාන්ට් රොම්නි ක්ලවුසන් විසින්, The Garden of Eden [ඒදන් උයන]

උත්පත්ති 1:26–27; මෝසෙස් 2:26–27; ආබ්‍රහම් 4:26–27

සෙමනේරි නිරූපකය
මාව මවා ඇත්තේ දෙවියන්වහන්සේගේ ස්වරූපයෙනි.

ඔබ උත්පත්ති 1:26–27; මෝසෙස් 2:26–27; සහ ආබ්‍රහම් 4:26–27 කියවන විට; පිරිමින්ව සහ කාන්තාවන්ව දෙවියන්වහන්සේගේ “ස්වරූපයෙන්” හෝ “සමානත්වයෙන්” මැවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි මෙනෙහි කරන්න. මෙම පදවල සත්‍යයන් දැනගැනීම ඔබට වැදගත් වන්නේ ඇයි? නිදසුනක් වශයෙන්, ඔබ ඔබව, අන් අයව සහ දෙවියන්වහන්සේව දකින ආකාරයට මෙම සත්‍යයන් බලපාන්නේ කෙසේද? ඔබට ඔබ ගැන සෘණාත්මක හැඟීම් ඇති විට ඒවා ඔබට උපකාර කරන්නේ කෙසේද?

මෙම ප්‍රශ්න ගැන සිතීමට ඔබට උපකාර කිරීම සඳහා, යෞවනයේ ශක්තිය සඳහා: තේරීම් කිරීම සඳහා මාර්ගෝපදේශයක් තුළ “ඔබේ ශරීරය පරිශුද්ධයි” සමාලෝචනය කිරීමෙන් (පිටු 22-29), මෙවැනි වාක්‍යයක් සම්පූර්ණ කිරීමට උත්සාහ කරන්න: “මාව දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇති බව මම දන්නා නිසා, මම තෝරා ගන්නේ …” ඔබේ ශරීරය පරිශුද්ධ බව ඔබ දන්නා බව දෙවියන්වහන්සේට පෙන්වීමට, ඔබ කරන දෙයක් තෝරාගැනීම ගැන සලකා බලන්න.

ස්වර්ගීය පියාණන්වහන්සේට අවශ්‍ය වන්නේ මට මගේ ශරීරය ගැන කොයි ආකාරයෙන් හැඟෙනවාටද? ඔබට අන් අයගෙන් ඇසෙන පණිවිඩවලට වඩා මෙය වෙනස් වන්නේ කෙසේද?

2:51

God's Greatest Creation

දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මවා තිබීමෙන් අදහස් කරන්නේ අපගේ සිතුවිලි, හැඟීම් සහ ආශාවන් උන්වහන්සේ විසින් අනුමත කර ඇති බවත්, අපට වැඩිදියුණු වීමට අවශ්‍ය නොවන (හෝ නොහැකි) බවත් සමහර අය කියන්න පුළුවන්. ඒකට ඔබ මොකද කියන්නේ? මොසායා 3:19 සහ ඊතර් 12:27 තුළින් ඔබ ලබා ගන්නා අවබෝධය කුමක්ද?

උත්පත්ති 1:27–28; 2:18–25; මෝසෙස් 3:18, 21–24; ආබ්‍රහම් 5:14–18

මිනිසෙකු සහ ගැහැණියක අතර විවාහය දෙවියන්වහන්සේ විසින් නියම කරන ලද්දකි.

“ආදම් සහ ඒවව සදාකාලික පූජකත්වයේ බලයෙන් මේ කාලය සහ සදාකාලයටම විවාහය මගින් සම්බන්ධ කර තිබෙනවා” (Russell M. Nelson, “Lessons from Eve,” Ensign, Nov. 1987, 87). ඔබ උත්පත්ති 1:27–28; 2:18–25; මෝසෙස් 3:18, 21–25; සහ ආබ්‍රහම් 5:14–19 කියවන විට මේ ගැන මෙනෙහි කරන්න. දෙවියන්වහන්සේ විවාහයට දී ඇති පරිශුද්ධත්වය සමඟ ඔබ විවාහයට සලකන්නේ කෙසේද?

තවත් බලන්න 1 කොරින්ති 11:11; “පවුල: ලෝකයට ප්‍රකාශයකි,” ශුභාරංචි පුස්තකාලය.

උත්පත්ති 1:28; මෝසෙස් 2:28; ආබ්‍රහම් 4:28

දෙවියන්වහන්සේගේ මැවීම් ගැන සැලකිලිමත් වීමේ වගකීම මම දරන්නෙමි.

උත්පත්ති 1:28; මෝසෙස් 2:28; සහ ආබ්‍රහම් 4:28 දෙවියන්වහන්සේගේ මැවීම් සම්බන්ධයෙන් අපට ඇති වගකීම ගැන යෝජනා කරන්නේ මොනවාද? දහම සහ ගිවිසුම් 59:16–21 සහ 104:13–18 ඔබේ අවබෝධයට තවත් එකතු කරන්නේ මොනවාද?

තවත් බලන්න ජෙරල්ඩ් කොසේ, “අපගේ ලෞකික භාරකාරත්වය,” ලියහෝනා, නොවැ. 2022, 57–59.

උත්පත්ති 2:2–3; මෝසෙස් 3:2–3; ආබ්‍රහම් 5:2–3

දෙවියන්වහන්සේ සබත් දවසට ආශිර්වාද කර එය පරිශුද්ධ කළ සේක.

දෙවියන්වහන්සේ සබත් දවස ශුද්ධ කළ අතර, එය ශුද්ධව තබාගන්නා ලෙස උන්වහන්සේ අපෙන් ඉල්ලා සිටිනවා. ඔබ උත්පත්ති 2:2–3; මෝසෙස් 3:2–3; සහ ආබ්‍රහම් 5:2–3, කියවන විට, සබත ඔබට “ආශිර්වාදිත” වන්නේ මොනවා මගින්ද කියා සිතා බලන්න.

තවත් බලන්න දහම සහ ගිවිසුම් 59:9-13.

0:50

Highlight: The Sabbath Is a Delight

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 01

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

උත්පත්ති 1:1–25; මෝසෙස් 2:1–25; ආබ්‍රහම් 4:1–25

යේසුස්වහන්සේ පොළොව මැවූසේක.

  • ඔබ ඔබේ දරුවන්ට මැවීම පිළිබඳ ඉගෙනීම, විනෝදජනක කරන්නේ කෙසේද? මැවීමේ එක් එක් කාල පරිච්ඡේදය තුළ මවන ලද දේවල් සොයා බැලීම සඳහා ඔබට ඔවුන්ව පිටතට රැගෙන යන්න පුළුවන්. යේසුස්වහන්සේ මැවූ දේවල්වල පින්තූර බලන්නත් ඔබේ දරුවන්ට පුළුවන්. එවිට ඔබටත් ඔබේ දරුවන්ටත් මැවීම ගැන කියවීමෙන් පසු, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබට හැඟෙන ආකාරය ගැන කතා කරන්න පුළුවන්.

දරුවන්ට ඔවුන්ගේ නිර්මාණශීලිත්වය ප්‍රකාශ කිරීමට උදව් වෙන්න. “ඔබ ළමුන්ට ශුභාරංචි මූලධර්මයක් හා සම්බන්ධ යමක් ඇඳීමට, ගොඩනැගීමට, පාට කිරීමට, හෝ ලිවීමට ආරාධනා කරන විට, එම මූලධර්මය වඩා හොඳින් වටහාගැනීමට ඔබ ඔවුන්ට උදව් කරන අතර, ඔවුන් ඉගෙනගත් දේ පිළිබඳ පැහැදිලි මතක්කිරීමක් ඔබ ඔවුන්ට ලබාදේ” (ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම32).

උත්පත්ති 1:26–27; මෝසෙස් 2:26–27; ආබ්‍රහම් 4:26–27

මාව දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇත.

  • අප සියල්ලන්වම දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇති බව දැනගත් විට, ඔබේ දරුවන්ට ඔවුන්ගේ සහ අන් අයගේ ශරීර කෙරෙහි ප්‍රණාමයක් සහ ගෞරවයක් ඇති කරගන්න පුළුවන්. මෙයින් අදහස් කරන්නේ කුමක්ද යන්න ඔවුන්ට තේරුම් ගැනීමට උපකාර කිරීම සඳහා, ඔබ ඔවුන්ට මෝසෙස් 2:26–27 කියවන අතරතුර ඔබේ දරුවන්ට කැඩපතකින් හෝ පින්තූරයකින් ඔවුන්ගේ රුව දෙස බැලීමට ඔබට ඔවුන්ට ඉඩ දෙන්න පුළුවන්. කුඩා සත්ව පැටවුන් බොහෝ විට ඔවුන්ගේ දෙමාපියන්ගේ “සමානත්වය” තුළ සිටින ආකාරය ඔබට ඔවුන්ට පෙන්වන්න පුළුවන් (උදාහරණයක් ලෙස මෙම දළ සටහනේ පින්තූරය බලන්න). මෙය, ඔබගේ ස්වර්ගීය පියාණන්වහන්සේගේ ස්වරූපයෙන් ඔබව මවා ඇති බව දැනගැනීම ඔබට වැදගත් වන්නේ ඇයි යන සංවාදයකට තුඩු දිය හැකියි.

    වලසා සහ පැටවුන්
  • ඔබට සහ ඔබේ දරුවන්ට මිනිස් සිරුරක් ඇඳීමෙන් සහ එම චිත්‍රය කුඩා කොටස් වලට කපා ගැනීමෙන් සතුටු වෙන්න පුළුවන්. ඔබේ දරුවන් ඔවුන්ගේ චිත්‍රයේ එම කැපූ කොටස් එකට එකතු කරන විට, ඔවුන් ඔවුන්ගේ ශරීරයට ස්තූතිවන්ත වන බව ඔවුන්ට ස්වර්ගීය පියාණන්වහන්සේට පෙන්විය හැකි ක්‍රම ගැන කතා කරන්න පුළුවන්.

උත්පත්ති 2:2–3; මෝසෙස් 3:2–3; ආබ්‍රහම් 5:2–3

සබත් දවස ශුද්ධය.

  • ඔබ මෝසෙස් 3:2–3 කියවන විට, හත්වෙනි දවසේ දෙවියන්වහන්සේ කළ දේට සවන් දෙන ලෙස ඔබේ දරුවන්ට කියන්න. ඉරිදා දිනය ශුද්ධ දිනයක් බවට පත්කර ගැනීමට සහ අනෙකුත් දිනවලට වඩා එය වෙනස් දවසක් කරගැනීමට, ඔබේ දරුවන්ට කළ හැකි දේවල් සොයා ගැනීමට හෝ ඒවා ගැන චිත්‍ර ඇඳීමට ඔවුන්ට උදවු කරන්න. සබත් දවස ශුද්ධව තබාගැනීම ඔබට වැදගත් වන්නේ මන්දැයි එකිනෙකා සමඟ බෙදාගන්න.

  • ස්වර්ගීය පියාණන්වහන්සේට සහ යේසුස්වහන්සේට ගෞරව කරන දේවල් ඉරිදා දිනයේ කිරීමට ඔවුන් තෝරා ගන්නේ මන්දැයි මිතුරෙකුට පැහැදිලි කිරීම රඟ දැක්වීමට ඔබේ දරුවන්ට උදව් කරන්න. ඔවුන්ගේ පැහැදිලි කිරීම්වලදී උත්පත්ති 2:2–3 භාවිතා කිරීමට යෝජනා කරන්න. සබත් දවස ශුද්ධව තබාගැනීමෙන් ස්වර්ගික පියාණන්වහන්සේට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අපගේ ප්‍රේමය පෙන්නුම් කරන්නේ කෙසේද?

තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

යෙහෝවාවහන්සේ උන්වහන්සේ සංවිධානය කරමින් සිටින ලෝකයට ඉහළින් උන්වහන්සේගේ අත තබාගෙන වලාකුළුවල සිටගෙන සිටියි

ඇනී හෙන්‍රි නේඩර් විසින්, The Creation [මැවීම]

ප්‍රාථමික ක්‍රියාකාරකම් පිටුව: යේසුස්වහන්සේ පොළොව මැව්වා