එන්න, මා අනුගමනය කරන්න
දෙසැම්බර් 29–ජනවාරි 4. යේසුස් ක්‍රිස්තුවහන්සේගේ පළමු ගිවිසුම: පරණ ගිවිසුම සඳහා හැඳින්වීම


“දෙසැම්බර් 29–ජනවාරි 4. යේසුස් ක්‍රිස්තුවහන්සේගේ පළමු ගිවිසුම: පරණ ගිවිසුම සඳහා හැඳින්වීම,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)

“පරණ ගිවිසුම සඳහා හැඳින්වීම,” එන්න, මා අනුගමනය කරන්න: 2026

යේසුස්වහන්සේ කන්දක් මත සිටගෙන සිටියි

දෙසැම්බර් 29–ජනවාරි 4: යේසුස් ක්‍රිස්තුවහන්සේගේ පළමු ගිවිසුම

පරණ ගිවිසුම සඳහා හැඳින්වීම

ඔබ මේ වසරේ පරණ ගිවිසුම අධ්‍යයනය කිරීම ගැන සලකා බලන විට, ඔබට හැඟෙන්නේ කෙසේද? ආශාවක් ද? අවිනිශ්චිත බවක්ද? බයක් ද? මෙම සියලු හැඟීම් තේරුම් ගන්න පුළුවන්. පරණ ගිවිසුම කියන්නේ ලෝකයේ පැරණිතම ලේඛන එකතුවක් වන අතර, මෙය උද්වේගකර මෙන්ම බිය උපදවන සුළු වෙන්න පුළුවන්. මෙම ලේඛන පැමිණෙන්නේ පැරණි සංස්කෘතියකින් වන අතර, එය විදේශීය හා සමහර විට අමුතු හෝ පහසු නොවන එකක් ලෙස පෙනෙන්නට පුළුවන්. එහෙත් මෙම ලියවිලිවල, අපට හුරුපුරුදු යැයි පෙනෙන අත්දැකීම් ඇති පුද්ගලයින්ව අපි දකිනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දිව්‍යමය බව සහ උන්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ සාක්ෂි දරන ශුභාරංචි තේමාවන් අපි හඳුනා ගන්නවා. ඔව්, ආබ්‍රහම්, සාරා, හැනා සහ දානියෙල් වැනි අය, සමහර ආකාර වලින්, අපගේ ජීවිත වලින් බෙහෙවින් වෙනස් වූ ආකාරයේ ජීවිත ගත කළා. නමුත් ඔවුන් ද පවුලේ ප්‍රීතිය සහ පවුලේ අසමගිය, ඇදහිල්ලේ අවස්ථා සහ අවිනිශ්චිත අවස්ථාවන් සහ සාර්ථකත්වයන් සහ අසාර්ථකත්වයන් අත්විඳ තිබෙනවා. වඩාත් වැදගත් දෙය නම්, ඔවුන් ඇදහිල්ල ක්‍රියාත්මක කළා, පසුතැවිලි වුණා, ගිවිසුම් ඇති කරගත්තා, ආත්මික අත්දැකීම් ලබාගත්තා, ඒවගේම ගැලවුම්කරුවාණන්ගේ පොරොන්දුව කිසිවිටෙක අත්හැරියේ නැහැ. දෙවියන්වහන්සේ ඔවුන්ගේ ජීවිත තුළ ගමන් කළ ආකාරය අප ඉගෙනගන්නා විට, අපේ ජීවිත තුළත අපි උන්වහන්සේව දකිමින්, අපි ගීතිකාකරු සමඟ මෙසේ කියනවා: “ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක් ය. … එබැවින් ඔබගේ මෙහෙකරුවා ඊට ප්‍රේමකරයි” ගීතාවලිය 119:105, 140.

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

සෙමනේරි නිරූපකය
පරණ ගිවිසුම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරයි.

පරණ ගිවිසුමේ පොහොසත් අධ්‍යාත්මික පෝෂණය සොයා ගැනීමට එක් ක්‍රමයක් වන්නේ ජීවනදායක කෑම වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සෙවීමයි (බලන්න යොහන් 6:48). උදාහරණයක් ලෙස, ඔබ පහත දැක්වෙන ඒවා තුළින් ගැලවුම්කරුවාණන්ව දකින්නේ කොහොමද?

  • මන්නා (නික්මයාම 16:4, 11–15; යොහන් 6:35)

  • පූජා කරන බැටළු පැටවා (නික්මයාම 12:3–5; යොහන් 1:29)

  • පිත්තල සර්පයා (ගණන් කථාව 21:4–10; යොහන් 3:14)

  • යෝනා (යෝනා 1:4–17; මතෙව් 12:38–41)

මෙම උදාහරණ උන්වහන්සේ ගැන උගන්වන්නේ මොනවාද? පරණ ගිවිසුමේ ඔබට දැනටමත් හුරුපුරුදු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඇති වෙනත් යොමුකිරීම් මොනවාද?

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිධානයයි” යන වැඩිහිටි ඩේල් ජී. රෙන්ලන්ඩ්ගේ පණිවිඩයේ ඔහු අපව මෙසේ දිරිමත් කළා “යේසුස් ක්‍රිස්තුස්වහන්සේව මතක තබාගෙන සැමවිටම උන්වහන්සේ වෙත අවධානය යොමු කරන්න” (ලියහෝනා, නොවැ. 2023, 98). පරණ ගිවිසුමේ පමණක් නොවේ නමුත් ඔබේ ජීවිතය තුළද යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සොයා ගැනීමට ඔබට කළ හැකි දේවල් සොයමින්, ඔහුගේ පණිවිඩය කියවීම ගැන සලකා බලන්න.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරන සංකේත සොයන්න. ස්වාමින්වහන්සේ ආදම්ට මෙසේ ඉගැන්වුවා, “සියලුම දේවල එහි සමානත්වයන් ඇත, තවද සියලුම දේවල් මවා සහ සාදා තිබෙන්නේ මා ගැන සාක්ෂි දැරීම සඳහාය” (මෝසෙස් 6:63). ඔබ අධ්‍යයනය කරමින් සිටියත් උගන්වමින් සිටියත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කිරීම, ඔබට ශුද්ධලියවිලිවල අර්ථය සොයා ගැනීමටත්, උන්වහන්සේ කෙරෙහි ඇති ඔබේ ප්‍රේමය සහ ඇදහිල්ල වැඩි කිරීමටත් උදව් වෙනවා. (බලන්න ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම7.)

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පරණ ගිවිසුමේ යෙහෝවාවහන්සේයි.

සභාපති ඩැලන් එච්. ඕක්ස් මෙසේ ඉගැන්වුවා: “පියාණන්වහන්සේ තම ඒකජාතක පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අපගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් ලෙස හඳුන්වා දී ‘උන්වහන්සේට ඇහුම්කන් දෙන්න’ යන ආඥාව අපට ලබා දුන්නා. මේ හේතුවෙන් ‘දෙවියන්වහන්සේ’ හෝ ‘ස්වාමින්වහන්සේ’ විසින් කථා කරන ලද වචනවල ශුද්ධලියවිලිමය වාර්තා සෑම විටම පාහේ යෙහෝවාවහන්සේගේ, එනම් උත්ථාන වූ අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වචන බව අපි නිගමනය කරනවා” (“යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම්,” ලියහෝනා, මැයි 2023, 102).

14:6

යේසුස් ක්රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම්

යුදෙව්වන්ගේ නායකයන් යේසුස්වහන්සේගේ අනන්‍යතාව ගැන උන්වහන්සේට අභියෝග කළ විට, “ආබ්‍රහම් උපදින්නට පළමුව මම සිටිමියි” ලෙස උන්වහන්සේ ප්‍රකාශ කළා. මෙම වදන් යේසුස්වහන්සේට ඇහුම්කන් දුන් ජනයාව කම්පනයට පත් කළ අතර, ඔවුන් උන්වහන්සේට ගල් ගැසීමට සූදානම් වුණා (බලන්න යොහන් 8:58–59). සමහර යුදෙව්වන් යේසුස්වහන්සේ කියූ දේට මෙච්චර කලබල වුණේ ඇයි කියා බැලීමට, නික්මයාම 3:13–15; 6:3–5 කියවීම සලකා බලන්න.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යනු යෙහෝවාවහන්සේ බව දැනගැනීම ඔබට වැදගත් වන්නේ ඇයි?

ස්වාමින්වහන්සේ ජෝසෆ් ස්මිත් හරහා බොහෝ “සරල සහ ශ්‍රේෂ්ඨ දේවල්” නැවත පිහිටෙව්වා.

ස්වාමින්වහන්සේ නෙපීට බයිබලයේ පැමිණීම දර්ශනයකින් පෙන්වමින්, “බොහෝ සරල හා ශ්‍රේෂ්ඨ දේවල්” එයින් ලබාගන්නා බව පැහැදිලි කළා. ස්වාමින්වහන්සේ “සරල සහ ශ්‍රේෂ්ඨ දේවල් ප්‍රකාශ කිරීමට” සැලසුම් කළේ කෙසේදැයි සොයමින්, 1 නෙපී 13:21–29, 38–42 කියවීම සලකා බලන්න. 2 නෙපී 3:12 ට අනුව, බයිබලය සහ මොර්මොන්ගේ පොත එකට ක්‍රියා කරන්නේ කෙසේද?

ඔබ මේ වසරේ පරණ ගිවිසුම අධ්‍යයනය කරන විට, ඔබ නෙපී කලින් දුටු “වෙනත් පොත්” කිහිපයක්ද අධ්‍යයනය කරයි. මේවාට ඇතුළත් වන්නේ:

  • ජෝසෆ් ස්මිත්ගේ බයිබල් පරිවර්තනයේ කොටසක් වන මෝසෙස්ගේ පොත. එය උත්පත්ති 1–6 හි වත්මන් පාඨයේ නොමැති සත්‍යයන් සහ වාර්තා නැවත ලබාදෙනවා.

  • පුරාණ ඊජිප්තු පැපිරස් පරීක්ෂා කිරීමේදී ජෝසෆ් ස්මිත්ට එළිදරව් වූ ආබ්‍රහම්ගේ පොත.

  • ජෝසෆ් ස්මිත් පරිවර්තනයේ විවිධ ඡේද වලින් සමහරක් Guide to the Scriptures තුළ දක්නට ලැබෙනවා.

ජෝසෆ් ස්මිත් හරහා නැවත පිහිටුවන ලද පරණ ගිවිසුමේ වාර්තා සඳහා උදාහරණ කිහිපයක් මෙහි දැක්වෙනවා: ඊනොක්ගේ සයොන නගරය (මෝසෙස් 7:18–19), ස්වර්ගයේ මන්ත්‍රණ සභාව පිළිබඳ ආබ්‍රහම්ගේ දර්ශනය (ආබ්‍රහම් 3:22–28) සහ මෙල්කිසදෙක්ගේ දේවසේවය (Joseph Smith Translation, Genesis 14:25–40). මෙම වාර්තා ඔබට “සරල සහ ශ්‍රේෂ්ඨ” වන්නේ ඇයි?

ආදම් සහ ඒවට දේවදූතයෙකු පෙනී සිටිමින්

කීත් ලාර්සන් විසින්, Adam and Eve Offering Sacrifices [ආදම් සහ ඒව පූජා ඔප්පු කිරීම]

දෙවියන්වහන්සේ සමඟ මගේ ගිවිසුම් සම්බන්ධතාවය තේරුම් ගැනීමට පරණ ගිවිසුම මට උපකාර කරයි.

පරණ ගිවිසුම යනු දෙවියන්වහන්සේ ගිවිසුම මගින් අපව උන්වහන්සේගේ “අසහාය වස්තුවක්” බවට පත්කිරීමට උත්සාහ කරන කතාවයි (නික්මයාම 19:5). එම හේතුව නිසා, පරණ ගිවිසුම කියවීමට සූදානම් වීමට හොඳ ක්‍රමයක් තමයි—විශේෂයෙන් දෙවියන්වහන්සේ ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් වැනි පරණ අනාගතවක්තෘවරුන්ට සහ ඔවුන්ගේ පසු පරම්පරාවට පිරිනැමූ සදාකාලික ගිවිසුම වැනි—ගිවිසුම් ගැන ඉගෙන ගැනීම. ගිවිසුම් ගැන ඉගෙනගැනීමට හොඳ ක්‍රමයක් තමයි සභාපති රසල් එම්. නෙල්සන්ගේ “සදාකාලික ගිවිසුම” (ලියහෝනා, ඔක්තෝම්බර් 2022, 4–11) පණිවිඩය අධ්‍යයනය කිරීම.

ඔබ කියවන විට, ඔබෙන්ම මෙසේ අසන්න: මට ගිවිසුම් වැදගත් වන්නේ ඇයි? මම දෙවියන්වහන්සේ සමඟ මගේ ගිවිසුම් රකින විට උන්වහන්සේගෙන් මට ලැබෙන “විශේෂ ආකාරයේ ප්‍රේමය සහ දයාව” කුමක්ද? ඔබ මේ වසරේ පරණ ගිවිසුම කියවන විට, දෙවියන්වහන්සේ සමඟ ඔබේ ගිවිසුම් සම්බන්ධය ගැන ඔබට ඉගැන්වීමට උන්වහන්සේට අවශ්‍ය වන දේවල් ගැන විමසිල්ලෙන් සිටින්න.

තවත් බලන්න යෙරමියා 31:31–34.

තවත් විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 01

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

මට පරණ ගිවිසුමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙනගන්න පුළුවන්.

  • පරණ ගිවිසුමේ වචන සහ සංස්කෘතිය දරුවන්ට තේරුම් ගැනීමට අපහසු විය හැකි නමුත්, සංකේත සහ කථාන්දර වලින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැකීමට ඔබට ඔවුන්ට උදව් වෙන්න පුළුවන්. සමහර විට ඔබට සහ ඔබේ දරුවන්ට පහත රූපය දෙස බලන්න පුළුවන්, The Prophet Isaiah Foretells Christ’s Birth [අනාගතවක්තෘ යෙසායා ක්‍රිස්තුස්වහන්සේගේ උපත ගැන පුරෝකථනය කරයි.] ඔබේ දරුවන්ට ඔවුන් දකින විස්තර පෙන්වා දෙන්නට ඉඩ දෙන්න. විශේෂයෙන්ම ළදරු යේසුස්වහන්සේ වෙත ඔවුන්ගේ අවධානය යොමු කරන්න. ඉන්පසු ඔබට යෙසායා 7:14; 9:6 හි ගැලවුම්කරුවාණන්ගේ උපත ගැන යෙසායා ලියා ඇති දේ ඔවුන් සමඟ කියවන්න පුළුවන්. මෙම වසරේ පරණ ගිවිසුම තුළ ගැලවුම්කරුවාණන්ව සෙවීම ගැන ඔබට හැඟෙන ආකාරය ඔබේ දරුවන් සමඟ බෙදාගන්න.

    යෙසායා ක්‍රිස්තුස්වහන්සේගේ උපත ගැන ලියවිල්ලක ලියමින්

    හැරී ඇන්ඩර්සන් විසින්, Isaiah Writes of Christ’s Birth (The Prophet Isaiah Foretells Christ’s Birth) [යෙසායා ක්‍රිස්තුස්වහන්සේගේ උපත ගැන ලියයි (යෙසායා අනාගතවක්තෘවරයා ක්‍රිස්තුස්වහන්සේගේ උපත ගැන පුරෝකථනය කරයි)]

  • ඔබට සහ ඔබේ දරුවන්ට ගීතාවලිය 23 හෝ යෙසායා 53:3–9 කියවා, ඔබට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව මතක් කර දෙන වචන සොයාගන්න පුළුවන්. උන්වහන්සේගේ ජීවිතය සහ වන්දිගෙවීම ගැන මෙම වචන අපට උගන්වන්නේ මොනවාද?

ස්වර්ගීය පියාණන්වහන්සේට මා සමඟ ගිවිසුම් ඇති කර ගැනීමට අවශ්‍යයි.

  • ගිවිසුම් කියන්නෙ පරණ ගිවිසුමේ ප්‍රධාන තේමාවක්. මෙම තේමාව ඔබේ දරුවන්ට හඳුන්වා දීම සඳහා, ඔවුන් පවුලේ අය හෝ මිතුරන් සමඟ තබාගන්නා සහ ඉටුකරන පොරොන්දු ගැන සහ මෙම පොරොන්දු ඉටු කිරීම වැදගත් වන්නේ ඇයි කියා, ඔවුන් සමඟ ඔබට කතා කරන්න පුළුවන්. ඉන්පසු ඔබට බව්තීස්මය පිළිබඳ පින්තූරයක් දෙස බලා, අපි බව්තීස්ම වූ විට දෙවියන්වහන්සේ සමඟ ඇතිකරගන්නා පොරොන්දුව හෝ ගිවිසුම ගැන කතා කරන්න පුළුවන් (බලන්න මොසායා 18:10, 13). ඔබට දේවමාළිගාවේ පින්තූරයක් පෙන්වා, අප එහි ඇතිකරගන්නා ගිවිසුම් ගැන ඔබේ හැඟීම් බෙදාගන්නටත් පුළුවන්.

  • මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව මගින්, ඔබේ දරුවන්ට ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකර ගැනීමට සහ තබාගැනීමට උද්යෝගිමත් වීමට උපකාර කරයි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පරණ ගිවිසුමේ යෙහෝවාවහන්සේයි.

  • විවිධ සැකසුම් තුළ විවිධ නම්වලින් හැඳින්වෙන කාව හෝ ඔබේ දරුවන් දන්නවාද? සමහරවිට දෙමාපියෙකුට හෝ ගුරුවරයෙකුට රැකියාවේදී, නිවසේදී සහ සභාවේදී වෙනස් වෙනස් ලෙස ආමන්ත්‍රණය කරන්න පුළුවන්. එම නම් ගැන කතා කරන්න; ඉන්පසු එකට එක්ව නික්මයාම 6:3 කියවා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉපදීමට පෙර උන්වහන්සේව හැඳින්වූ නම් සොයා ගැනීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න (නික්මයාම 6:3 හි ජෝසෆ් ස්මිත් පරිවර්තනය පැහැදිලි කරන්නේ අනාගතවක්තෘවරුන් වන ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් මෙම නාමයෙන් ස්වාමින්වහන්සේව දැන සිටි බවයි).

තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

මිනිසුන් ක්‍රිස්තුස්වහන්සේගේ පාමුල දණ ගසමින්

මයිකල් මැල්ම් විසින්, Come unto Jesus [යේසුස්වහන්සේ වෙතට එන්න]

ප්‍රාථමික ක්‍රියාකාරකම් පිටුව: ස්වර්ගීය පියාණන්වහන්සේට මා සමඟ ගිවිසුම් ඇතිකර ගැනීමට අවශ්‍යයි