Doctrine and Covenants 2025
අප්‍රියෙල් 21-27: “නුඹලා ඒකත්වයක් නොවන්නේ නම්, නුඹලා මාගෙන් නොවන්නෝය”: දහම සහ ගිවිසුම් 37-40


“අප්‍රියෙල් 21-27: ‘නුඹලා ඒකත්වයක් නොවන්නේ නම්, නුඹලා මාගෙන් නොවන්නෝය’: දහම සහ ගිවිසුම් 37-40,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“දහම සහ ගිවිසුම් 37–40,”එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

ශුද්ධවන්තයින් පිටත් වීමටවෙමින් සූදානම්

සෑම් ලෝලර් විසින්, Saints Move to Kirtland [ශුද්ධවන්තයින් කර්ට්ලන්ඩ් වෙත මාරුවීම]

අප්‍රියෙල් 21-27: “නුඹලා ඒකත්වයක් නොවන්නේ නම්, නුඹලා මාගෙන් නොවන්නෝය”

දහම සහ ගිවිසුම් 37–40

මුල් ශුද්ධවන්තයින්ට, සභාව ඉරිදා දේශනා ඇසීමට වඩා වැඩි තැනක් වුණා. එළිදරව් කිරීම් කාරණය, රාජ්‍යය, සයොනය, සහ, බොහෝ විට, කාර්යය වැනි වචන භාවිත කර තිබෙනවා. එය නැවත පිහිටුවන ලද සභාව වෙත ජනයා ආකර්ෂණය කළ දෙයෙහි කොටසක් වෙන්න පුළුවන්. ඔවුන් දහමට ආදරය කරන තරමටම, බොහෝ දෙනෙකුට තම ජීවිතය කැප කළ හැකි ශුද්ධ දෙයක් අවශ්‍ය වුණා. එසේ වුවද, 1830 ඔහායෝ හි රැස් වන ලෙස ස්වාමින්වහන්සේ දුන් ආඥාවට කීකරු වීම පහසු වුණේ නෑ. බොහෝ දෙනෙකුට, එයින් අදහස් කළේ නුහුරු නුපුරුදු දේශසීමාවක් සඳහා සුවපහසු නිවාස හැර යාමයි (බලන්න “නැවත පිහිටුවීමේ හඬවල්: ඔහායෝ වෙත රැස් වීම”). එම ශුද්ධවන්තයින්ට ඇදහිල්ලේ ඇසින් පමණක් දැකිය හැකි දේ අද අපිට පැහැදිලිව දකින්න පුළුවන්: ස්වාමින්වහන්සේ ඔහායෝ හිදී ඔවුන් වෙනුවෙන් විශාල ආශිර්වාද සූදානම් කර තිබුණා.

ඔහායෝ වෙත රැස් වීමේ අවශ්‍යතාවය බොහෝ කලකට පෙර ගෙවී ගොස් තිබෙනවා, නමුත් අද ශුද්ධවන්තයින් තවමත් ඒ එකම කාරණය වටා එක්සත් වෙනවා: ඒ තමයි “සයොනය පෙරට ගෙන ඒම” (දහම සහ ගිවිසුම් 39:13). එම මුල් ශුද්ධවන්තයින්ට මෙන්, “ලෝකයේ දේවල් කෙරෙහි ඇති සැලකිල්ල” අත්හැරීමටත් (දහම සහ ගිවිසුම් 40:2) ඒවගේම “නුඹ කිසිදා දැන නොගත් ඉතා මහත් ආශිර්වාදයන්ද ලබන්නෙහිය” (දහම සහ ගිවිසුම් 39:10) යන ස්වාමින්වහන්සේගේ පොරොන්දුව විශ්වාස කරන්නටත් අපට ආරාධනා කර තිබෙනවා.

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 37–38

දෙවියන්වහන්සේ අපව රැස් කරන්නේ අපට ආශිර්වාද කරන්නටයි.

1831 ශීත ඍතුවේ දී, නිව් යෝර්ක් ෆයෙට් හි සභාවේ සාමාජිකයන්ට ඔහායෝ (සැතපුම් 250 කට වඩා වැඩි දුරක්) වෙත යාමට දුෂ්කර කැපකිරීම් කිරීමට සිදු වුණා. ඔබ දහම සහ ගිවිසුම් 37:3-4 හි ස්වාමින්වහන්සේගේ ආඥාව ගැන කියවන විට, ස්වාමින්වහන්සේ ඔබෙන් ඉල්ලා ඇති පරිත්‍යාගයන් ගැන ඔබට සිතිය හැකිය. ඉන්පසුව, ඔබ දහම සහ ගිවිසුම් 38:1–33 අධ්‍යයනය කරන විට, ගැලවුම්කරුවාණන්ගේ උපදෙස් අනුගමනය කිරීමට ඔබට ඇදහිල්ල ලබා දෙන උන්වහන්සේ ගැන සත්‍යයන් සොයන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් ලෙස එක්රැස් වීමේ ආශිර්වාද ගැන 11–33 පද තුළින් ඔබ ඉගෙන ගන්නේ කුමක්ද?

දහම සහ ගිවිසුම් 38:22

“මාගේ හඬ අසා මා අනුගමනය කරන්න.”

ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ඔබේ “නිතීදායකයාණෝ” කර ගන්නේ කෙසේද? උන්වහන්සේගේ නීති පිළිපැදීම ඔබව “නිදහස් ජනතාවක්” බවට පත් කරන්නේ කෙසේද?

තවත් බලන්න 2 නෙපී 2:26–27.

දහම සහ ගිවිසුම් 38:30

මම සූදානම් නම්, මම බිය විය යුතු නැත.

දහම සහ ගිවිසුම් 38:30 හි ස්වාමින්වහන්සේ හෙළි කළ “නුඹලා සූදානම් වී ඇත්නම් නුඹලා බිය විය යුතු නොවන්නෝය” යන මූලධර්මය ඔබ අත්විඳ ඇත්තේ කවදාද? ඔබ 38 වෙනි කොටස අධ්‍යයනය කරන විට, ස්වාමින්වහන්සේ තම ශුද්ධවන්තයින්ට ධෛර්යයෙන් යුතුව අනාගතයට මුහුණ දීමට ඔවුන්ව සූදානම් කරන ආකාරය බලන්න. ඔබ බිය වීමට අවශ්‍ය නොවන පරිදි අභියෝග සඳහා ඔබ කෙසේ සූදානම් වනවාට උන්වහන්සේට අවශ්‍යද?

තවත් බලන්න ඩේවිඩ් ඒ. බෙඩ්නර්, “මේ ආකාරයෙන් අපි ඔවුන්ව පරීක්ෂා කර බලන්නෙමු ,” ලියහෝනා, නොවැම්බර් 2020, 8–11.

දහම සහ ගිවිසුම් 38:24–27

සෙමනේරි නිරූපකය
දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අප “ඒකත්වයක්” වීමටයි.

ඔහායෝහි රැස් වූ ශුද්ධවන්තයින් විවිධ තත්වයන්ගෙන් පැමිණියා. ඔබේ කොට්ඨාශයේ සිටින පුද්ගලයින් සම්බන්ධයෙන්ද එය එසේම විය හැකිය. නමුත් ස්වාමින්වහන්සේ තම සෙනඟට ආඥා කරන්නේ “ඒකත්වයක් වීමටයි” (27 වෙනි පදය). අපට මේ ආකාරයේ ඒකත්වයක් ලබාගත හැක්කේ කෙසේද? ඔබ දහම සහ ගිවිසුම් 38:24-27 කියවන විට ඔබේ මනසට පැමිණෙන අදහස් මොනවාද? දෙවියන්වහන්සේගේ සෙනඟ වීමට අප එක්සත්ව සිටිය යුත්තේ ඇයි?

මෙම පද කියවීමෙන් ඔබගේ සබඳතා ගැන සිතීමට ද ඔබව පෙළඹවීමක් ඇතිවිය හැකිය—උදාහරණයක් ලෙස, පවුලේ සාමාජිකයන්, කොට්ඨාශයේ සාමාජිකයන්, සහ ගණපූරණය හෝ පන්ති සාමාජිකයන් සමඟ ඔබට ඇති සබඳතා. ක්‍රිස්තුස්වහන්සේ තුළ එක්සත් වීමෙන් ඔබව වළක්වන්නේ කුමක් විය හැකිද? ගැලවුම්කරුවාණන් ඔබට “ඒකත්වයක් වීමට” උපකාර කරන්නේ කෙසේද? ඔබට වැඩිහිටි ඩේල් ජී. රෙන්ලන්ඩ්ගේ පණිවිඩයෙන් ද ඔබට අදහස් සොයාගත හැකිය; “ක්‍රිස්තුස්වහන්සේගේ සාමය සතුරුකම අහෝසි කරයි,”ලියහෝනා, 2021 නොවැම්බර්, 83-85.

4:1

A Friend to All

3:14

Love in Our Hearts

මෙම කණ්ඩායම් වලට තව තවත් එක්සත් වීමට ඔබට උපකාර කළ හැක්කේ කෙසේද? උදාහරණයක් ලෙස, ඔබේ ගණපූරණයේ, පන්තියේ හෝ පවුලේ සාමාජිකයින්ට කාරුණික සටහනක් යැවීම හෝ කෙටි පණිවිඩ යැවීම ගැන සලකා බලන්න. ඔබට පෙළඹවීමක් දැනුනේ කවුරුන් වෙත ලඟා වීමටද?

එපීස 2:14, 18-22 හි ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය ගැන ඔබව ප්‍රබෝධමත් කරන්නේ කුමක්ද; 2 නෙපී 26:24–28?

තවත් බලන්න ක්වෙන්ටින් එල්. කුක්, “ධර්මිෂ්ඨකම සහ එකමුතුකම තුළ බැඳී ඇති හදවත්,” ලියහෝනා, නොවැම්බර් 2020, 18–21.

අප්‍රිකාවේ තරුණ පිරිමි ළමුන්

දහම සහ ගිවිසුම් 38:3939–40

මට සදාකාලිකත්වයේ පොහොසත්කම ලබාදීමට ස්වර්ගික පියාණන්වහන්සේට අවශ්‍යයි.

ඔබේ මතය අනුව, “පොළොවේ පොහොසත්කම” සහ “සදාකාලික පොහොසත්කම” අතර වෙනස කුමක්ද? (දහම සහ ගිවිසුම් 38:39). සදාකාලික පොහොසත්කම අගය කිරීමට ඔබට උගන්වා ඇති අත්දැකීම් මොනවාද?

39–40 කොටස්වල (කොටස් ශීර්ෂවල ඇති ඓතිහාසික පසුබිම ඇතුළුව) ජේම්ස් කොවෙල් ගැන ඔබ කියවන විට මෙය මතක තබා ගන්න. ඔහුගේ අත්දැකීම ඔබට අදාළ විය හැකි ආකාරය ගැන සලකා බලන්න. නිදසුනක් වශයෙන්, ඔබේ “හදවත … [දෙවියන්වහන්සේ] ඉදිරියෙහි තිබුණ” අවස්ථා ගැන සිතන්න (දහම සහ ගිවිසුම් 40:1). ඔබේ ඇදහිලිවන්තකමට ඔබව ආශිර්වාද කළේ කෙසේද? ඔබ මුහුණ දෙන “ලෝකයේ දේවල් කෙරෙහි ඇති සැලකිල්ල” ගැනද සිතන්න. දෙවියන්වහන්සේගේ වචනය “ප්‍රීතියෙන්” යුතුව ලැබීමෙන්, ඒවා ඔබව වළක්වන්නේ කෙසේද? (දහම සහ ගිවිසුම් 39:9; 40:2). දෙවියන්වහන්සේට වඩාත් අඛණ්ඩව කීකරු වීමට ඔබව පොළඹවන මෙම කොටස්වලින් ඔබ සොයාගන්නා දේවල් මොනවාද?

තවත් බලන්න මතෙව් 13:3-23.

ශුද්ධලියවිලි ඔබේ ජීවිතයට අදාළ කර ගැනීම. “ඉගෙනගන්නන්ට ඔවුන් සොයාගන්නා සත්‍යයන් වල අදාළත්වය දැකීමට ඔබට උපකාර කළ හැකි එක් ක්‍රමයක් වන්නේ, ඔවුන්ගෙන් මෙවැනි ප්‍රශ්න ඇසීමයි; ‘ඔබ දැන් අත්විඳින දෙයකට මෙය ඔබට උපකාර කරන්නේ කෙසේද?’ ‘මේ දේවල් දැනගැනීම ඔබට වැදගත් වන්නේ ඇයි?’ ‘මෙයට ඔබගේ ජීවිතයේ ඇතිකළ හැකි වෙනස කුමක්ද?’” (ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම , 23). දහම සහ ගිවිසුම් 39–40 පිළිබඳ මෙම ක්‍රියාකාරකමෙහි ඇති ප්‍රශ්න, මෙම එළිදරව් කිරීම් අපගේ ජීවිතයට අදාළ කර ගැනීමට අපට උපකාර කළ හැකි ප්‍රශ්න සඳහා වෙනත් උදාහරණ වේ.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 02

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 3738:31–33

දෙවියන්වහන්සේ අපව රැස් කරන්නේ අපට ආශිර්වාද කරන්නටයි.

  • දහම සහ ගිවිසුම් 37:3 හි දෙවියන්වහන්සේ අණ කළ දේ තේරුම් ගැනීමට, මෙම දළ සටහනේ අවසානයේ ඇති සිතියම සහ ක්‍රියාකාරකම් පිටුව ඔබේ දරුවන්ට උපකාර කළ හැකිය. සමහරවිට ඔබට මෙම එළිදරව් කිරීම්වල සඳහන් ස්ථාන සොයා ගැනීමට ඔවුන්ට උපකාර කළ හැකිය. දෙවියන්වහන්සේට තම සෙනඟ එක් රැස් කිරීමට අවශ්‍ය වන්නේ මන්දැයි විස්තර කරන දහම සහ ගිවිසුම් 38:31–33 තුළ ඇති වාක්‍ය ඛණ්ඩයක් සොයා ගැනීමට ඔබට ඔවුන්ට උපකාර කළ හැකිය.

දහම සහ ගිවිසුම් 38:24–27

දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අප “ඒකත්වයක්” වීමයි.

  • ඔබ ඔබේ දරුවන් සමඟ දහම සහ ගිවිසුම් 38:24–25 කියවන විට, ඔබේ සහෝදරයා ගැන සහ හෝ සහෝදරිය ගැන, ඔබ ලෙස සැලකීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ගැන කතා කරන්න (තවත් බලන්න මතෙව් 7:12) . “ඔහුගේ සහෝදරයා” වෙනුවට එකිනෙකාගේ නම් සමඟ මෙම ශුද්ධලියවිල්ල නැවත කියවීමට ඔවුන්ට උපකාර කරන්න.

  • “ඒකත්වයක් වීම” (දහම සහ ගිවිසුම් 38:27) යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ඔබේ දරුවන්ට ඉගැන්වීමට , ඔබට ඔවුන්ට විශාල 1 ඉලක්කමක් ඇඳීමට සහ ඔබගේ පවුලේ හෝ පන්තියේ එක් එක් පුද්ගලයාගේ නම්වලින් හෝ චිත්‍රවලින් හෝ පින්තූරවලින් එය අලංකාර කිරීමට ඔබට ඔවුන්ට උදවු කළ හැකිය. 1ට යාබදව, ඔබට වඩාත් එකමුතු වීමට ඔබ කරන දේවල් ලිවිය හැකිය.

  • එක ඇඳ ඇතිරිල්ලක් සෑදීමට විවිධ රෙදි කැබලි යොදාගැනීම, හෝ එක් පාන් ගෙඩියක් සෑදීමට විවිධ අමුද්‍රව්‍ය යොදාගැනීම වැනි දේවල් ඒකාබද්ධ කර හෝ එකමුතු කර එකක් බවට පත් කරන්නේ කෙසේද යන්න නිදර්ශනය කරන භාණ්ඩ යොදාගන්නා පාඩමක් බෙදා ගැනීම සලකා බලන්න. දෙවියන්වහන්සේගේ ජනයා ලෙස එක් වීම ගැන මෙම උදාහරණවලින් අපට උගන්වන්නේ කුමක්ද?

දහම සහ ගිවිසුම් 38:30

මම සූදානම් නම්, මම බිය විය යුතු නැත.

  • ඔබ එකට එක්ව දහම සහ ගිවිසුම් 38:30 කියවන විට, ඔබට සහ ඔබේ දරුවන්ට සූදානම් වීමක් අවශ්‍ය වන මෑත කාලීන අත්දැකීම් ගැන කතා කළ හැකිය. ඉන්පසු, අප සූදානම් වනවාට ස්වර්ගික පියාණන්වහන්සේ කැමති දේවල් ගැන ඔබට ඔබේ දරුවන්ගෙන් ඇසිය හැකිය. සූදානම් වීම නිසා ඔබට බිය නොවී සිටීමට උපකාර වූ අත්දැකීමක් ඔබේ දරුවන් සමඟ බෙදා ගන්න.

3:24

Men's Hearts Shall Fail Them

දහම සහ ගිවිසුම් 39:6, 23

මම ස්ථිර වූ විට මට ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ලැබුණා.

  • ස්ථිර කරන ලද කෙනෙකුගේ පින්තූරයක් පෙන්වීම සලකා බලන්න. පින්තූරයේ සිදුවන දේ විස්තර කිරීමට ඔබේ දරුවන්ට කියන්න. දහම සහ ගිවිසුම් 39:6, 23 හි ශුද්ධාත්මයාණන්වහන්සේ යන වචනය ඇසෙන සෑම විටම පින්තූරය වෙත ඇඟිල්ලෙන් පෙන්වීමට ඔබට ඔවුන්ට ආරාධනා කළ හැකිය. ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ඔබට ආශිර්වාද කර ඇති ආකාරය එකිනෙකා සමඟ බෙදා ගන්න.

ස්ථිර වන තරුණ ගැහැණු ළමයෙක්

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.