පුස්තකාලය
අප්‍රියෙල් 26–මැයි 2. යොහාන් 7–10: ‘මම යහපත් බැටළු එඬේරාය’


“අප්‍රියෙල් 26–මැයි 2. යොහාන් 7–10: ‘මම යහපත් බැටළු එඬේරාය’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“අප්‍රියෙල් 26–මැයි 2. යොහාන් 7–10,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021

ක්‍රිස්තුස්වහන්සේ සහ කාමමිථ්‍යාචාරය කළ ස්ත්‍රීය

අප්‍රියෙල් 26–මැයි 2

යොහාන් 7–10

“මම යහපත් බැටළු එඬේරාය”

ඔබ යොහාන් 7–10 කියවන විට, මෙම පරිච්ඡේද තුළ ඇති දහමේ මූලධර්ම පිළිබඳව හැඟීම් ඔබට ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් ලැබෙනු ඇත. ඔබගේ හැඟීම් සටහන් කරගැනීම ඒවා මත ක්‍රියාකිරීමට ඔබට සැලැස්මක් සදාගැනීමට උපකාර වනු ඇත.

ඔබේ හැඟීම් සටහන් කරන්න

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැමිණියේ “මිනිසුන් අතරෙහි සමාදානය සහ හොඳහිත” (ලූක් 2:14) ගෙනඒමට වුවත්, “උන්වහන්සේ නිසා සමූහයා අතරෙහි භේදයක් හටගත්තේය” (යොහාන් 7:43). එම එකම සිදුවීම දුටු මිනුසුන් යේසුස්වහන්සේ කවුරුන්ද යන්න පිළිබඳව විවිධ නිගමන වලට එලඹුනහ. සමහරුන්, “ඔහු සත්පුරුශයෙක්” යයි නිගමනය කළ අතර, තවත් සමහරුන් “ඔහු සමූහයා මුළාකරන්නේය” යයි කීවෝය (යොහාන් 7:12). උන්වහන්සේ සබත් දවසෙහි අන්ධ මනුශ්‍යයෙකු සුවකළ විට, සමහරුන් “ඒ මනුෂ්‍යයා සබත් දවස නොපවත්වන බැවින් ඔහු දෙවියන්වහන්සේ වෙතින් ආ කෙනෙක් නොවේ” යයි තරයේ කියාසිටි අතර, තවත් සමහරෙක් “පව්කාර මනුෂ්‍යයෙකුට මෙබඳු හාස්කම් කරන්නට පුළුවන් කොහොමද?” යැයි ඇසුවෝය.” (යොහාන් 9:16). සියලුම ව්‍යාකූලතා අතරෙදීත්, සත්‍ය සෙවූ අය උන්වහන්සේගේ වචනවල බලය හඳුනාගත්හ, “කිසිකලක මනුෂ්‍යයෙක් මෙසේ කතා කළේ නැත” (යොහාන් 7:46). යුදෙව්වරු උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේදැයි “පැහැදිලිව අපට කිව මැනවයි” යේසුස්වහන්සේගෙන් ඇසූවිට, සත්‍ය දෝෂයෙන් වෙන්කර හඳුනාගැනීමට අපය උපකාර වියහැකි මූලධර්මයක් උන්වහන්සේ අනාවරණය කළේය: “මගේ බැටළුවෝ මගේ හඬ අසති,” උන්වහන්සේ පැවසීය, “මමද ඔවුන් අඳුනමි, ඔවුහු මා පස්සේ එති” (යොහාන් 10:27).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

යොහාන් 7:14–17

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉගැන්වූ සත්‍යයන් අනූව මම ජීවත් වන විට, ඒවා සත්‍යය බව මම දැනගන්නෙමි.

අවමවශයෙන්, ඔවුන් හුරුපුරුදු ආකාර වලින්වත්—යේසුස්වහන්සේ ඉගෙනනොගත් බැවින් උන්වහන්සේ බොහෝදේ දැනසිටීම ගැන යුදෙව්වන් බොහෝ මවිතයට පත්විය (15 බලන්න). යේසුස්වහන්සේගේ ප්‍රතිචාර වලදී, අධ්‍යාපනය හෝ පසුබිම නොසලකා, සෑමකෙනෙකුටම ලබාහත හැකි සත්‍යය දැනගැනීමේ වෙනස්ම ආකාරයක් උන්වහන්සේ ඉගැන්වීය. යොහාන් 7:14–17 අනුව, යේසුස්වහන්සේ ඉගැන්වූ දහම සත්‍යය බව ඔබට දැනගත හැකිවන්නේ කෙසේද? සුභාරංචිය තුළ ඔබගේ සාක්ශිය වැඩිදියුණු කරගැනීමට මෙම ක්‍රියාවලිය ඔබට උපකාරවී ඇත්තේ කෙසේද?

යොහාන් 8:2–11

ගැළවුම්කරුවාණන්ගේ කරුණාව සෑමකෙනෙකුටම ලබාගත හැකිය.

කාමමිථ්‍යාචාරය කල ස්ත්‍රීය සමග ගැළවුම්කරුවාණන්ගේ අන්තර්ක්‍රියාව පිළිබඳව කතාකරන විට, වැඩිහිටි ඩේල් ජී. රෙන්ලන්ඩ් මෙසේ පැවසුවේය: “සැබවින්ම, ගැලවුම්කරුවාණන්වහන්සේ කාමමිථ්‍යාචාරය අනුමත කළේ නැත. නමුත් උන්වහන්සේ ස්ත්‍රීයව හෙළාදුටුවේද නැත. උන්වහන්සේ ඇයගේ ජීවිතය නැවත හැඬගස්වාගැනීමට ඇයව දිරිමත් කළේය. උන්වහන්සේගේ දයානුකම්පාව සහ කරුණාව නිසා වෙනස්වීමට ඇය පෙළඹුනි. ජෝසෆ් ස්මිත්ගේ බයිබල් පරිවර්තනය ඇයගේ ගෝලකම එහි ප්‍රතිඵලයක් නිසා ඇතිවූ බව සහතිකවෙයි: ‘එවිට ස්ත්‍රීය එම මොහොතේ පටන් දෙවියන්වහන්සේව මහිමයට පත්කල අතර උන්වහන්සේගේ නාමය විශ්වාස කළාය’ [බලන්න යොහාන් 8:11, පාදසටහන් c]“ (“අපගේ යහපත් එඬේරාණන්,” එන්සයින් හෝ ලියහෝනා, 2017 මැයි, 30).

ගැළවුම්කරුවාණන්ගේ හෙළාදකීම වෙනුවට දයාව ලැබුණු ස්ත්‍රීය මෙන් ඔබට හැඟුනේ කවදාද? ඔබ පව් නොමැතිව සිටින විටදීත් ලියන්නන් සහ පරිසිවරු ලෙස, අන් අයට චෝදනා කරමින් සහ විනිශ්චය කරමින් සිටියේ කවදාද? (යොහාන් 8:7 බලන්න). ලියන්නන්, පරිසිවරුන් සහ කාමමිථ්‍යාචාරය කල ස්ත්‍රීය, සමග ගැළවුම්කරුවාණන්ගේ අන්තර්ක්‍රියා තුලින් ඔබට තව ඉගෙනගතහැක්කේ මොනවාද? මෙම පද කියවන විට ගැළවුම්කරුවාණන්ගේ සමාවදීම පිළිබඳව ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

යොහාන් 8:58–59

“ආබ්‍රහම් උපදින්නට පළමුව මම සිටිමියි” කියා යේසුස්වහන්සේ පැවසූවිට යුදෙව්වන් අමනාප වූයේ ඇයි?

සඳහන්ව ඇති පරිදි, යෙහෝවා මෝසෙස්ට තමන්වම හඳුන්වාදීමේදී භාවිතාකර ඇත්තේ “මම වෙමි” යන පදයයි නික්මයාම 3:14. එබැවින් යේසුස්වහන්සේ “මම” ලෙස පැවසූවිට, පරණ ගිවිසුමේ දෙවියන් වන යෙහෝවා, ලෙස තමන්ව හැඳින්වූවේය. යුදෙව්වන් මෙය අපහාසයක් ලෙස සැලකූ අතර, මෝසෙස්ගේ නීතිය අනූව, දඬුවම වූයේ ගල්ගසා මරණයට පත්කිරීමයි.

යොහාන් 9

අපගේ අභියෝග තුලින්, දෙවියන්වහන්සේට අපගේ ජීවිතය තුල පෙනීසිටිය හැකිය.

බොහෝ විට සෘණාත්මක ප්‍රතිවිපාක පාපය අනුගමනය කරන හෙයින්, අපගේ සමහර අවාසනාවන් වැරදි ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස අපි දකිමු. කෙසේවෙතත්, මනුෂ්‍යයෙකු අන්ධව ඉපදෙන්නේ ඔහු හෝ ඔහුගේ දෙමාපියන් පව්කල බැවින් බව ගැලවුම්කරුවාණන්ගේ ගෝලයන් උපකල්පනය කල විට, යේසුස්වහන්සේ ඔවුන්ව නිවැරදි කළේය. යොහාන් 9:3 හි ගැළවුම්කරුවාණන්ගේ වචන ඔබගේ අභියෝග සහ අන් අයගේ අභියෝග පිළිබඳව ඔබගේ දෘශ්ඨිකෝණය වෙනස්කලේ කෙසේද? ඔබ යොහාන් 9 කියවන විට, “දෙවියන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ [වූයේ]“ කෙසේද කියා මෙනෙහි කරන්න (යොහාන් 9:3). ඔබ අභියෝග වලට මුහුණදෙන විට ඒවා ප්‍රකාශවී අත්තේ කෙසේද?

ඇදහිල්ලෙන් වැටීම අතරතුරදී ක්‍රිස්තියානීත්වයට නැතිවූ, නමුත් දිවැසිවර ජෝසෆ් ස්මිත් මගින් නැවත පිහිටවූ දහමක් වන මනුෂ්‍ය ජීවිතයට පෙර පැවැත්ම ගැන ඔවුන් විශ්වාස කළ බව ගෝලයන්ගේ ප්‍රශ්ණය යොහාන් 9:2 තුලින් එළිදරව්වීම සටහන්කර ගැනීමට තරම් සිත්ගන්න සුළු කරුණකි (බලන්න දහම සහ ගිවිසුම 93:29; මෝසෙස් 4:1–4; ආබ්‍රහම් 3:22–26).

යොහාන් 10:16

යොහාන් 10:16 හි ගැළවුම්කරුවාණන් සඳහන් කර ඇති “වෙනත් බැටළුවන්” කවුරුන්ද?

ගැළවුම්කරුවාණන් නැවත නැගිටීමෙන් පසු ඇමරිකාවට ගියවිට උන්වහන්සේගේ අනෙක් බැටළුවන් කවුරුන්දැයි උන්වහන්සේ පැහැදිලි කළේය (බලන්න නෙපි 15:21–16:5).

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

යොහාන් 7:24

යොහාන් 7:24 හි යේසුස්වහන්සේගේ ඉගැන්වීම් තේරුම්ගැනීමට ඔබේ පවුලට උපකාර කිරීමට ඔබට හැක්කේ කෙසේද්? එක් ක්‍රමයක් වන්නේ පිටතට ගොස් එක් පවුලේ සාමාජිකයෙකුවම අපිරිසිඳු කිරීමයි. ඔහුගේ හෝ ඇයගේ භාහිර පෙනුම දැකීමෙන් ආගන්තුකයන් මෙම පවුලේ සාමාජිකයා ගැන කුමක් සිතාවිද? ඔහු හෝ ඇය දෙස බැලීමෙන් පමණක් දැකගත නොහැකි මෙම පවුලේ සාමාජිකයාට ඇති යහපත් ගුණාංග ලයිස්තුවක් සාදන්න (සාමුවෙල් 16:7 ද බලන්න).

යොහාන් 8:31–36

අපි සමහර වේලාවට පාපයේ දාසයෙක් වන්නේ කෙසේද? යේසුස්වහන්සේ විසින් ඉගැන්වූ කවර සත්‍යයන්ට අපව නිදහස් කළ හැකිද?

ක්‍රිස්තුස්වහන්සේ අන්ධ මනුෂ්‍යයෙකු සුවපත් කරමින්

කාර්ල් හෙයින්රිච් බ්ලොච් විසින්, යේසුස්වහන්සේ අන්ධයෙකු සුවපත් කරමින්

යොහාන් 9

යොහාන් 9 හි ඇති යේසුස්වහන්සේ අන්ධ මනුෂ්‍යයාව සුවපත් කිරීමේ කතාව දෘශ්‍යමාන කිරීමට ඔබේ පවුලට උපකාර කළ හැක්කේ කෙසේද? ඔබට එකට කතාව රඟදැක්විය හැකිය නැතිනම් වීඩියෝව පෙන්විය හැකිය (ChurchofJesusChrist.org). පවුලේ සාමාජිකයන්ට අනුරූප පද කියවිය හැකිවන පරිදි ඉඳහිට කතාව නවත්වන්න යොහාන් 9. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචියට හැරීඒම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද වැනි, වාර්තාවෙන් ඔවුන් ඉගෙනගත් ඕනෑම පාඩමක් සටහන් කිරීමට ඔවුන්ට ආරාධනා කරන්න.

යොහාන් 10:1–18, 27–29

යහපත් එඬේරාගේ උපමාවෙන් ඉගෙනගගැනීමට පවුලේ සාමාජිකයන්ව හවුල්කරගැනීමට, පහත සඳහන් දේ වලින් එක් දෙයක් චිත්‍රයට නගන්න ඔවුන් එක් එක්කෙනාගෙන් ඉල්ලාසිටින්න: හොරෙක්, දොරක්, එඬේරෙක්, කුලීකරුවෙක් (කුලියට ගත් සේවකයෙක්), වෘකයෙක්, සහ බැටළුවෙක්. යොහාන් 10:1–18, 27–29 කියවීමට ඔවුන්ට ආරාධනා කරන්න, පසුව ඔවුන් චිත්‍රයට නැගූ දේවල් පිළිබඳව ගැළවුම්කරුවාණන් ඉගැන්වූයේ කුමක්ද කියා පවුලක් ලෙස සාකච්ඡා කරන්න.

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

පෙළඹවීම් ඇතිකල හැකි වචන සහ පාඨ සොයන්න. ඔබ කියවන විට, ඔබේ සිත තුලට කාවද්දන සහ පොළඹවන හෝ ඔබ වෙනුවෙන්ම ලියා ඇති බවක් පෙනෙන යම් යම් වචන සහ වාක්‍ය ඛණ්ඩ ආත්මයාණන් විසින් ඔබේ අවධානයට ගෙනඑනු ඇත. ඔබේ සිතට කාවැදෙන ඕනෑම වචන හෝ වාක්‍ය ඛණ්ඩ සටහන් කිරීම සලකා බලන්න යොහාන් 7–10.