පුස්තකාලය
අප්‍රියෙල් 19–25. මතෙව් 18; ලූක් 10: ‘සදාකාල ජීවනය උරුම කරගැනීමට මා කුමක් කළ යුතුද?’


“අප්‍රියෙල් 19–25. මතෙව් 18; ලූක් 10: ‘සදාකාල ජීවනය උරුම කරගැනීමට මා කුමක් කළ යුතුද?’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“අප්‍රියෙල් 19–25. මතෙව් 18; ලූක් 10,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021

යහපත් සමරිතානුවරයා

ඩෑන් බර් විසින්, යහපත් සමරිතානුවරයා

අප්‍රියෙල් 19–25

මතෙව් 18; ලූක් 10

“සදාකාල ජීවනය උරුම කරගැනීමට මා කුමක් කළ යුතුද?”

ඔබ යාච්ඤාපූර්වකව මතෙව් 18 සහ ලූක් 10 කියවා මෙනෙහි කරන විට, ශුද්ධාත්මයාණන්ගේ නිහඬ පෙළඹවීම් කෙරෙහි අවධානය යොමුකරන්න. මෙම ඉගැන්වීම් සහ කථා ඔබට අදාළවන්නේ කෙසේදැයි උන්වහන්සේ ඔබට කියනු ඇත. ඔබට ලැබෙන හැඟීම් සටහන් කරන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

ඔබ ස්වාමින්වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසූ විට, ඔබ බලාපොරොත්තු නොවූ පිළිතුරක් ඔබට ලැබෙන්නට හැකිය. මගේ අසල්වැසියා කවුද? ඔබේ උදව් සහ ආදරය අවශ්‍ය ඕනෑම අයෙකු. ස්වර්ග රාජ්‍යයේ ශ්‍රේෂ්ටතම තැනැත්තා කවුද? දරුවෙකු. වැරදිකරුවෙකුට හත්වරක් සමාවදීම ප්‍රමාණවත්ද? නැත, ඔබ හැත්තෑවර හැත්තෑවක් සමාවදිය යුතුය. (බලන්න ලූක් 10:29–37; මතෙව් 18:4, 21–22.) ඔබ ස්වාමින්වහන්සේගේ කැමැත්ත සොයන්නේ නම්, “[ඔබව] සාධාරණීකරණය කිරීමට” නොවේ (ලූක් 10:29), නමුත් ඔබ සැබවින්ම උන්වහන්සේගෙන් ඉගෙනගැනීමට කැමති නිසා, උන්වහන්සේ සමග සදාකාල ජීවනයට මගපෙන්වන ආකාරයෙන් ජීවත්වන ආකාරය ස්වාමින්වහන්සේ ඔබට උගන්වනු ඇත.

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මතෙව් 18:21–35

ස්වාමින්වහන්සේගෙන් සමාව ලැබීමට නම් මම අන් අයට සමාව දියයුතුය.

යමෙකුට හත්වතාවක් සමාව දියහැකි බවට පේත්‍රැස් කළ යෝජනාව ඉතා ත්‍යාගශීලී බවක් පෙනෙන්නට තිබුණත් යේසුස්වහන්සේ උසස් නීතියක් ඉගැන්වීය. “සත්වරක් නොව සැත්තෑවර සත්වරක්යයි කියමි” යන උන්වහන්සේගේ ප්‍රතිචාරය ඉගැන්වූයේ, සංඛ්‍වයා ගැන නොව ක්‍රිස්තුස්වහන්සේගේ සමාවදීමේ ආකල්පයක් ගැනය. අනුකම්පා විරහිත සේවකයාගේ උපමාව කියවන විට, දෙවියන්වහන්සේගේ දයාව සහ අනුකම්පාව ඔබට දැනුණු අවස්ථා ගැන මෙනෙහි කරන්න. ඔබෙන් දයාව සහ අනුකම්පාව දැනිය යුතු කෙනෙකු සිටීද?

හැත්තෑවරුන්ගේ වැඩිහිටි ඩේවිඩ් ඊ. සෝරෙන්සන් මෙසේ ඉගැන්වීය: “පව් වලට සමාවදීම නපුර ඉවසාසිටීම සමග පටලවා නොගතයුතු බව මම පැහැදිලිව ප්‍රකාශ කරමි. … අපට තුවාල කරන අසල්වැසියෙකුට අප සමාවදිය යුතු වුවද, එම තුවාලය නැවත ඇතිවීම වැළැක්වීම සඳහා අපි තවමත් ඵලදායී ලෙස ක්‍රියා කළ යුතුයි” (“Forgiveness Will Change Bitterness to Love,” Ensign or Liahona, May 2003, 12).

තවත් බලන්න “Forgiveness,” Gospel Topics, topics.ChurchofJesusChrist.org.

ලූක් 10:1–20

හැත්තෑවරුන් යනු කවුද?

පරණ ගිවිසුමේ කාලවලදී ස්ථාපිත කර ඇති රටාවක් අනුගමනය කරමින් (නික්මයාම 24:1; ගණන් කථාව 11:16 බලන්න), යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම ප්‍රේරිතයන් දොළොස්දෙනාට අමතරව, උන්වහන්සේ ගැන සාක්ෂි දැරීමට, ශුභාරංචිය දේශනා කිරීමට සහ උන්වහන්සේගේ කාර්යයට උන්වහන්සේට උපකාර කිරීමට “තවත් හැත්තෑදෙනෙකු” පත් කළේය. මෙම රටාව නැවත පිහිටවූ සභාවේ දිගටම පවතී. මුළු ලෝකයටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ විශේෂ සාක්ෂිකරුවන් ලෙස දොළොස්දෙනාගේ මෙහෙවරට සහායවීමට හැත්තෑවරුන් කැඳවනු ලැබේ. හැත්තෑවරුන් ඝණපූර්ණයන්ට සංවිධානය වී ඇත. පළමු ඝණපූර්ණයන් දෙකෙහි සාමාජිකයින් ප්‍රධාන අධිකාරියේ හැත්තෑවරුන් ලෙසත්, අනෙක් ඝණපූර්ණයන්හි සාමාජිකයින් ප්‍රාදේශීය හැත්තෑවරුන් ලෙසත් වෙන්කර ඇත. (දහම සහ ගිවිසුම 107:25–26, 33–34, 97 ද බලන්න.)

ලූක් 10:25–37

සදාකාල ජීවනය ලබාගැනීමට නම්, මම දෙවියන්වහන්සේට ප්‍රේම කළයුතු අතර මා මෙන් මගේ අසල්වැසියාටද ප්‍රේම කළ යුතුය.

යහපත් සමරිතානුවරයාගේ උපමාව ප්‍රශ්නයකට පිළිතුරු දීමට යේසුස්වහන්සේගේ ක්‍රමය බව මතක තබාගැනීම ප්‍රයෝජනවත්ය: “මගේ අසල්වැසියා කවුද?” ඔබ මෙම උපමාව කියවන විට, එම ප්‍රශ්නය මතකයේ තබාගන්න. ඔබ සොයාගන්නා පිළිතුරු මොනවාද?

යේසුස්වහන්සේගේ දවස වනවිට යුදෙව්වන් හා සමරිතානුවන් අතර සතුරුකම සියවස් ගණනාවක් පැවතුනි. සමරිතානුවන් යනු සමාරියේ වෙසෙන යුදෙව්වන්ගෙන් පැවතඑන්නන් වන අතර ඔවුන් අන්‍යජාතිකයන් සමග විවාහවී සිටියහ. සමරිතානුවන් අන්‍යජාතිකයන් සමග ඇසුරු කිරීමෙන් දූෂිතවී ඇදහිල්ල අත්හැර දමා ඇතිබව යුදෙව්වන්ට හැඟුණි. සමාරිය පසුකරයාම වළක්වාගැනීම සඳහා යුදෙව්වන් සැතපුම් ගණනක් ඈතින් ගමන් කළෝය. (තවත් බලන්න ලූක් 9:52–54; 17:11–18; යොහාන් 4:9; 8:48.)

ගැලවුම්කරුවාණන් යුදෙව්වන් විසින් වෛර කරතිබූ සමරිතානු ජාතිකයෙකුව, අනුකම්පාව සහ අසල්වැසියාට ප්‍රේම කිරීම සඳහා උදාහරණයක් ලෙස තෝරාගත්තේ ඇයි? අන් අයට වැඩි වැඩියෙන් දයාව දැක්වීමට මෙම උපමාව ඔබව පොලඹවන්නේ කුමක් කිරීමටද?

තවත් බලන්න මොසායා 2:17; “Parable of the Good Samaritan” (video, ChurchofJesusChrist.org); “Lord, I Would Follow Thee,” Hymns, no. 220.

ලූක් 10:38–42

සදාකාල ජීවනයට මගපෙන්වන තේරීම් කිරීමෙන් අපි “ඒ හොඳ කොටස” තෝරාගන්නෙමු.

හිටපු සහන සමිතියේ ප්‍රධාන සභාපතිනිය වන බොනී ඩී. පාකින් සහෝදරිය මෙසේ ඉගැන්වූවාය: “මේරි සහ මාර්තා ඔබ සහ මමයි. … මේ දෙදෙනා ස්වාමින්වහන්සේට ප්‍රේම කළ අතර එම ප්‍රේමය පෙන්වීමට ඔවුන්ට අවශ්‍ය වූහ. මේ අවස්ථාවේදී, මරියා උන්වහන්සේගේ වචනය ඇසීමෙන් තම ප්‍රේමය ප්‍රකාශ කළ අතර මාර්තා උන්වහන්සේට සේවය කිරීමෙන් එය ප්‍රකාශ කළ බව පෙනේ. … යේසුස්වහන්සේ මාර්තාගේ සැලකිල්ල ප්‍රතික්ෂේප කළේ නැත, නමුත් ඒ වෙනුවට ‘ඒ හොඳ කොටස’ තෝරන්නැයි පවසමින් ඇගේ අවධානය යොමුකළේය. එසේනම් ඒ කුමක්ද? … අත්‍යවශ්‍ය එම එක් දෙය නම් සදාකාල ජීවනය තෝරාගැනීමයි [බලන්න 2 නෙපි 2:28]. අපි දිනපතා තෝරාගන්නෙමු” (“Choosing Charity: That Good Part,” Ensign or Liahona, Nov. 2003, 104). මාර්තාට ලැබුණු ස්වාමින්වහන්සේගේ උපදෙස් ඔබ ඔබේම වචන වලින් සාරාංශ කරන්නේ කෙසේද? ඔබගේ කාලසටහන පරීක්ෂා කරන්න—ඔබේ අවධානයට වැඩියමක් අවශ්‍ය “අවශ්‍ය” යමක් තිබේද?

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

මතෙව් 18; ලූක් 10

මෙම පරිච්ඡේදවල උගන්වන සත්‍යතාවන්ට අදාළව ඔබගේ පවුලේ අයට ගායනා කළහැකි ගීතිකා මොනවාද? මෙන්න ඒ සඳහා උදාහරණ දෙකක් “Lord, I Would Follow Thee” සහ “Have I Done Any Good?” Hymns, nos. 220, 223, නමුත් එහි තවත් බොහෝ ඒවා ඇත. ගැලවුම්කරුවාණන්ගේ ඉගැන්වීම් වඩා හොඳින් තේරුම්ගැනීමට මෙම ගීතිකා වල වචන ඔබගේ පවුලට උපකාරී වන්නේ කෙසේද?

මතෙව් 18:1–11

අපි පොඩි දරුවෙක් මෙන් වෙනවාට යේසුස්වහන්සේ කැමති ඇයි? ඒවා අපගේ ජීවිත තුළට සමාන කළහොත් අපව ක්‍රිස්තුස්වහන්සේට සමාන කරන දරුවන්ගේ ඇති සමහර ලක්ෂණ මොනවාද? (මොසායා 3:19 බලන්න).

යේසුස්වහන්සේගේ උකුලේ දරුවන් සමග

යේසුස්වහන්සේට අවශ්‍ය වන්නේ තම අනුගාමිකයින් කුඩා දරුවන් මෙන් වීමයි.

ලූක් 10:25–37

යහපත් සමරිතානුවරයාගේ උපමාව ඔබේ පවුලට ජීවමාන වන්නේ කුමක් නිසාද? ඔවුන් ඇඳුම් ඇඳගෙන එය රඟපෑමෙන් සතුටු වේවිද? හොඳ සමරිතානුවරයෙකු මෙන් වියහැක්කේ කෙසේදැයි දැකීමට පවුලේ සාමාජිකයින්ට උදව් කිරීමට වගබලාගන්න. පාසලේ හෝ සභාවේ අවශ්‍යතා ඇති නමුත් අපි නොසැලකිලිමත් වන කෙනෙකු සිටීද? මෙම පුද්ගලයා වෙනුවෙන් අපට කුමක් කළ හැකිද?

ලූක් 10:40–42

ඔබගේ පවුලේ කාලසටහනට අධ්‍යාත්මික දේවල් ඇතුළත් කිරීම කවදා හෝ දුෂ්කරවී ඇත්ද? මරියා සහ මාර්තාගේ කතන්දරය මෙය කරන්නේ කෙසේද යන්න පිළිබඳව පවුල් රැස්වීමකට හෝ පවුලේ නිවාස සන්ධ්‍යාවකට අනුබල දෙයි. පවුලක් වශයෙන්, ඔබට “එම හොඳ කොටස” තෝරාගත හැකි ක්‍රම ලැයිස්තුවක් සෑදිය හැකිය (ලූක් 10:42 බලන්න).

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

ආදරණීය වාතාවරණයක් පෝෂණය කරන්න. පවුලේ සාමාජිකයන් එකිනෙකාට සලකන ආකාරය සහ හැඟෙන ආකාරය ඔබේ නිවසේ ආත්මයාණන්ට රැඳීමට බෙහෙවින් බලපායි. ආදරණීය, ගෞරවනීය නිවසක් ස්ථාපිත කිරීමට සියළුම පවුලේ සාමාජිකයින්ට උදව් කරන්න, එවිට සෑමකෙනෙකුටම අත්දැකීම්, ප්‍රශ්න සහ සාක්ෂි බෙදාගැනීමට ආරක්ෂිත බවක් හැඟිය හැකිය. (බලන්න Teaching in the Savior’s Way, 15.)

ක්‍රිස්තුස්වහන්සේ මාර්තා සහ මරියා සමග

වෝල්ටර් රනේ විසින්, ක්‍රිස්තුස්වහන්සේ මරියා සහ මාර්තාගේ නිවස තුළ