“අප්‍රියෙල් 5–18. පාස්කුව: ‘එම්බා මරණය, තාගේ ජය කොයිද?’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)
“අප්‍රියෙල් 5–18. පාස්කුව,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021
අප්‍රියෙල් 5–18
පාස්කුව
“එම්බා මරණය, තාගේ ජය කොයිද?”
ඔබ මෙම ආකෘතියේ ගැළවුම්කරුවාණන්ගේ මරණයෙන් නැවත නැගිටීම පිළිබඳ සාක්ශි කියවන විට, ශුද්ධාත්මයාණන්වහන්සේ වෙතින් ඔබට පැමිණෙන හැඟීම් සහ සංකල්පනා සටහන් කරගන්න.
ඔබේ හැඟීම් සටහන් කරන්න
ගැළවුම්කරුවාණන්ගේ ජීවිතයේ අවසාන සතිය තුළ, උන්වහන්සේ වටා සිටි බොහෝ යුදෙව්වන් පාස්කු සම්ප්‍රදායන් වලට සහභාගී වෙමින් සිටියහ. ඔවුන් ආහාර පාන සූදානම් කළහ, ගීත ගායනා කළහ, එමෙන්ම ඊශ්‍රායෙල් වංශය ඊජිප්තුවරුන්ගෙන් වහල්බවින් මුදවාගැනීම සැමරීමට එකතු වූහ. බැටළු පැටවුන්ගේ ලේ වලින් දොරවල් ලකුණු කළ තම මුතුන්මිත්තන්ගේ නිවස් පසුකර යන විනාශයේ දූතයන්ගේ කතාවලට පවුල් සවන්දුන්හ. ගැලවීමේ සංකේතවාදයෙන් පොහොසත් වූ මෙම උත්සව මධ්‍යයේ, දෙවියන්වහන්සෙගේ බැටළු පැටවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ—උන්වහන්සේගේ වන්දිගෙවීමෙන්, උන්වහන්සේගේ මරණයෙන්, සහ උන්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීමෙන් ඔවුන්ව පාපයේ සහ මරණයේ වහල්කමින් ගලවාගැනීමට සූදානමින් සිටින බව සාපේක්ශව දැනගෙන සිටියේ කිහිපදෙනෙක් පමණි. එසේවුවත්, ඔවුන්ගේ පොරොන්දු වූ මෙසායා ලෙස, ඔවුන්ගේ සදාකාලික ගැළවුම්කරුවාණන් ලෙස යේසුස්වහන්සේව හඳුනාගත් අය සිටියහ. එම දවසේ පටන්, “අපේ පවු නිසා ක්‍රිස්තුස්වහන්සේ මැරුණු බවත් … ; උන්වහන්සේ තැන්පත්කරණු ලැබූ බවත්, තුන්වනදා උන්වහන්සේ නැගිටුවනු ලැබූ බවත්” (1 කොරින්ති 15:3–4) යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් මුළු ලෝකයටම සාක්ශි දරා ඇත.
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
මතෙව් 21–28
පවු වලින්, මරණයෙන්, පරික්ශාවන් වලින්, සහ දුර්වලකම් වලින් මා මුදවාගැනීමට උපකාර කිරීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේට බලය ඇත.
මෙම සතියේ ගැළවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ ආශිර්වාද වෙත අවධානය යොමුකිරීමට හැකි ක්‍රමයක් වන්නේ යේසුස්වහන්සේගේ ජීවිතයේ අවසාන සතිය පිලිබඳව සෑම දවසකම කියවීමට කාලය යොමුකිරීමයි (කියවිය හැකි කාලසටහනක් පහත දැක්වේ). ගැළවුම්කරුවාණන්ගේ ආදරය හැඟීමට ඔබට උපකාර කළහැකි මෙම පරිච්ඡේද වලින් ඔබට සොයාගත හැකි දේවල් මොනවාද? පාපයෙන් සහ මරණයෙන් ඔබව ගලවාගැනීමට උන්වහන්සේගේ බලය පිළිබඳව ඔබ ඉගෙනගත්තේ මොනවාද? පරික්ශාවන් වලට අවසානය දක්වා විඳදරාගැනීම සහ දුර්වලකම් වලින් ජයගැනීම පිලිබඳව ඔබ ඉගෙනගත්තේ මොනවාද? උන්වහන්සේගේ ගලවාගැනීමේ බලය මත ඔබේ ඇදහිල්ල ඔබ ක්‍රියාවට නංවන්නේ කෙසේද?
-
ඉරිදා: යෙරුසලමට උත්සවාකාර පිවිසුම (මතෙව් 21:6–11)
-
සඳුදා: දේවමාළිගාව පවිත්‍ර කිරීම (මතෙව් 21:12–16)
-
අඟහරුවාදා: යෙරුසලමේ ඉගැන්වීම (මතෙව් 21–23)
-
බදාදා: ඉගැන්වීම තවදුරටත් කරගෙන යෑම (මතෙව් 24–25)
-
බ්‍රහස්පතින්දා: පාස්කුව සහ ගෙත්සෙමනි උයනේ ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම (මතෙව් 26)
-
සිකුරාදා: පරික්ශාව, කුරුසියේ ඇණ ගැසීම සහ භූමදානය (මතෙව් 27:1–61)
-
සෙනසුරාදා: ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය සොයොන්ගෙය තුල වැතිරසිටින අතරතුර (මතෙව් 27:62–66) උන්වහන්සේගේ ආත්මය ආත්මික ලෝකයේ දේවසේවයේ කිරීම (දහම සහ ගිවිසුම 138)
-
ඉරිදා: මරණයෙන් නැවත නැගිටිනු ලැබූ ක්‍රිස්තුස්ගේවහන්සේගේ සම්ප්‍රාප්තිය (මතෙව් 28:1–10)
කාර්ල් හෙන්රිච් බ්ලොච් විසින්, අවසාන රාත්‍රී භෝජනය
මතෙව් 28:1–10; ලූක් 24:13–35; යොහාන් 20:19–29; 1 කොරින්ති 15:1–8
බොහෝ සාක්ශිකරුවන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම පිළිබඳව සාක්ශි දරයි.
යේසුස්වහන්සේව සමච්චලයට ලක්කිරීම, හිරිහැරකිරීම, සහ කුරුසියේ ඇණගසනු දැකීම ගෝලයන්ට දැණුනේ කෙසේදැයි සිතාබලන්න. ඔවුන් උන්වහන්සේගේ බලයේ සාක්ශිකරුවන් වූහ, උන්වහන්සේගේ ඉගැන්වීම් වල සත්‍යතාව දැනසිටියහ, එමෙන්ම උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් යයි විශ්වාස කළහ. උන්වහන්සේගේ මරණය දැකීම ඔවුන්ගෙන් සමහරකට ඇදහිල්ලේ පරීක්ශාවක් වන්නට ඇත, නමුත් වැඩිකල් නොගොස් ඔවුන් උන්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීමේ මහත් හාස්කමේ සාක්ශිකරුවන් වූහ.
නැවත නැගිටුණු ලැබූ ගැළවුම්කරුවාණන් දුටු අයගේ වාර්තා වලින් ඔබට කුමක් ඉගෙනගත හැකිද? මතෙව් 28:1–10; ලූක් 24:13–35; යොහාන් 20:19–29; සහ 1 කොරින්ති 15:1–8, 55 හි එක් එක්කෙනාගේ අත්දැකීම් ලකුණු කරන්න නැතිනම් සටහන් කරන්න. (ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීමේ අනෙකුත් සාක්ශිකාරයන් 3 නෙපි 11; මොර්මන් 1:15; ඊතර් 12:38–39; දහම සහ ගිවිසුම 76:19–24; 110:1–10 සහ Joseph Smith—History 1:15–17 හි සොයාගත හැකි බව දැනගන්න.) මෙම විස්තර වලින්, ස්වාමින්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීම පිළිබඳව ඔබගේ ඇදහිල්ල ශක්තිමත් කරන්නේ මොනවාද? ගැළවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමෙන් පසු, තවත් අය මරණයෙන් නැවත නැගිට බොහෝ දෙනෙකුට දර්ශනය වී ඇත (මතෙව් 27:52–53; 3 නෙපි 23:9 බලන්න). මෙය බයිබලයේ සහ මෝර්මොන්ගේ පොතේ යන දෙකෙහිම වාර්ථා කරතිබීම වැදගත් යැයි ඔබට හැඟෙන්නේ ඇයි?
තවත් බලන්න “Jesus Is Resurrected,” “The Risen Lord Appears to the Apostles,” “Blessed Are They That Have Not Seen, and Yet Have Believed” (videos, ChurchofJesusChrist.org).
1 පේත්‍රැස් 1:3–11
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට බලාපොරොත්තුව සහ ප්‍රීතිය දෙනසේක.
පේත්‍රැස් විසින් විස්තර කර ඇති “ජීවන බලාපොරොත්තුවට” මාරාන්තික පිළිකාවකින් පීඩාවිඳි සැත්කම් බොහෝමයක් විඳදරාගත් වැඩිහිටි පෝල් වී. ජොන්සන්ගේ දියණිය වන ඇලීසා නිදසුනකි 1 පේත්‍රැස් 1:3–11. පාස්කු කාලයේදී වැඩිහිටි ජොන්සන් ඇලීසා මියයාමට ටික කලෙකට පෙර ලියූ ලිපියක් බෙදාගත්තේය: “පාස්කුව මා වෙනුවෙන් මම බලාපොරොත්තු වන සියලුදේකම මතක්කිරීමකි. ඒ කවදා හෝ මම සුවය ලබන අතර කවදා හෝ මම සම්පූර්ණ වෙමි. කවදා හෝ මාගේ සිරුර තුල කිසිඳු ලෝහයක් හෝ ප්ලාස්ටික් දෙයක් නොතිබෙනු ඇත. කවදා හෝ මාගේ හදවත බියෙන් තොරවනු ඇති අතර මාගේ මනස කරදර වලින් තොරවනු ඇත. … මරණින් මතු සුන්දර ජීවිතයක් ගැන මම සැබවින්ම විශ්වාස කිරීම ගැන මම සතුටු වෙමි” (“And There Shall Be No More Death,” Ensign or Liahona, May 2016, 121).
1 පේත්‍රැස් 1:3–11 හි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා ඔබට බලාපොරොත්තුවක් ලබාදෙන වචන සහ වාක්‍ය ඛණ්ඩ මොනවාද? එම බලාපොරොත්තුව ඔබට ලැබුනේ කවදාද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුලින් ඔබට ඇති බලාපොරොත්තුව ඔබ ආදරය කරන අය සමග බෙදාගන්නේ කෙසේද?
තවත් බලන්න ඇල්මා 27:28;36:1–24; 3 නෙපි 9:11–17; මොරෝනි 7:40–41.
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:
ComeUntoChrist.org
ComeUntoChrist.org/easter හි “Holy Week” කොටසේ ගැළවුම්කරුවාණන්ගේ ජීවිතයේ අවසාන සතියේ සෑමදිනකම සිදුවූ දේ පිළිබඳව කාලසීමාවක් සහ විස්තරයක් අඩංගු වේ. සතියේ සෑමදිනකම එම දවසේදී ගැළවුම්කරුවාණන් කළේ කුමක්ද කියා දැනගැනීමට ඔබේ පවුලට මෙම විස්තර නැවත පරික්ශා කල හැකිය නැතිනම් පවුලක් ලෙස ශුද්ධලියවිලි වල උන්වහන්සේගේ අවසාන සතිය පිළිබඳව ඔබට කියවිය හැකිය (“පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්” කොටසෙහි යෝජිත ලැයිස්තුව බලන්න).
Hymns සහ Children’s Songbook
ඔබට එතරම් හුරු නැති සමහරක් ගීතද ඇතුලුව, ගැළවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම සහ මරණයෙන් නැවත නැගිටීම පිළිබඳව ගීත මෙම සතිය තුල එකට ගායනා කිරීමට සලකා බලන්න (“Atonement,” “Easter,” හෝ “Resurrection” යන මාතෘකා යටතේ Hymns හෝ Children’s Songbook, හි මාතෘකා දර්ශකය බලන්න). ගීතය ඉගෙනගැනීමට ඔබේ පවුලේ සාමාජිකයන්ට උපකාර කිරීම සඳහා, ඔබට ගීතය වචන සමග ගැළපෙන පින්තූර පෙන්විය හැක.
“ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ: ප්‍රේරිතවරුන්ගේ සාක්ෂිය”
පවුලක් ලෙස, “ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ: ප්‍රේරිතවරුන්ගේ සාක්ෂිය” (එන්සයින් හෝ ලියහෝනා, 2000 අප්‍රි, 2–3 කියවන්න; තවත් බලන්න ChurchofJesusChrist.org), සහ අනෙක් අය සමග බෙදාගැනීමට මෙම සාක්ශියෙන් පාස්කු පණිවිඩයක් උපුටාගැනීමට පවුලේ එක් එක් සාමාජිකයාට ආරාධනා කරන්න. උදාහරණයක් ලෙස, ඔබේ ජනේලයේ, ඔබේ ඉදිරිපස දොරටුවේ, හෝ සමාජ මාධ්‍යය වල ප්‍රදර්ශණය කිරීම සඳහා ඔබට පෝස්ටර් නිර්මාණය කල හැකිය.
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.
පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම
කළමනාකරණය කළ හැකි ඉලක්ක තබාගන්න. ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමට දිනකට විනාඩි කිහිපයක් ගතකිරීම පවා ඔබේ ජීවිතය ආශිර්වාද කරයි. සෑමදිනකම අධ්‍යයනය කිරීමට කැපවන්න, ඔබේ කැපවීම මතක්කර දීමට ක්‍රමයක් සොයාගන්න, එමෙන්ම එය අනුගමනය කිරීමට ඔබේ උපරිමය කරන්න.