එන්න, මා අනුගමනය කරන්න
ජුනි 29–ජූලි 5. ඇල්මා 23–29: ඔවුන් “කිසිදිනක ඇදහිල්ලෙන් නොවැටුණෝය”


“ජුනි 29–ජූලි 5. ඇල්මා 23–29: ඔවුන් ‘කිසිදිනක ඇදහිල්ලෙන් නොවැටුණෝය,”’ එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)

“ජුනි 29–ජූලි 5. ඇල්මා 23–29,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020

විරුද්ධ-නෙපි-ලෙහිවරුන් ඔවුන්ගේ ආයුධ වළලමින්

ජෝඩි ලිවින්ග්ස්ටන් විසින්, විරුද්ධ-නෙපි-ලෙහිවරුන් ඔවුන්ගේ යුධ ආයුධ වළලමින්

ජුනි 29–ජූලි 5

ඇල්මා 23–29

ඔවුන් “කිසිදිනක ඇදහිල්ලෙන් නොවැටුණෝය”

ඔබ ඇල්මා 23-29 අධ්‍යනය කිරීමේදී, ඔබ සහ ඔබේ පවුලේ අය සඳහා සොයාගන්නා පණිවිඩ මොනවාද? ඔබේ සභාවේ පන්ති වලදී ඔබට බෙදාගතහැක්කේ මොනවාද?

ඔබේ හැඟීම් සටහන් කරන්න

මිනිසුන්ට ඇත්තටම වෙනස්විය හැකිදැයි ඔබ සමහර විට ඔබ කල්පනා කරනවාද? සමහරවිට ඔබ කළ දුර්වල තේරීම් හෝ ඔබ විසින් වර්ධනය කර ඇති නරක පුරුදු මගහරවා ගතහැකිද යන්න ගැන ඔබ කනස්සල්ලට පත්විය හැකිය, නැතහොත් ආදරණීයයන් ගැන ඔබට ඒ හා සමාන ගැටලු ඇතිවිය හැකිය. එසේ නම්, විරුද්ධ-නෙපි-ලෙහිවරුන්ගේ කතාව ඔබට උදව් විය හැකිය. මෙම ජනයා නෙපිවරුන්ගේ දිවුරුම් දුන් සතුරෝ වූහ. අම්මෝන් සහ ඔහුගේ සහෝදරයන් ඔවුන්ට සුභාරංචිය දේශනා කිරීමට තීරණය කළ විට, නෙපිවරු “ඔවුන්ට නින්දා කිරීමට හඬනගා සිනාසුණහ.” ලාමන්වරුන් ඝාතනය කිරීම ඔවුන් හැරවීමට වඩා පිළිගත හැකි විසඳුමක් සේ පෙනුනි. (ඇල්මා 26:23–25 බලන්න.)

නමුත් ස්වාමින්වහන්සේගේ හැරවීමේ බලය තුලින්—ලාමන්වරු වෙන්ස්වූහ. වරෙක ඔවුන් “දැඩි සහ නපුරු ජනතාවක්” ලෙස හඳුන්වනු ලැබීය (ඇල්මා 17:14), “ඔවුන්ට දෙවියන්වහන්සේ කෙරෙහි ඇති අඛණ්ඩ කැපවූ ප්‍රයත්නය නිසා කැපීපෙනෙන්නන්” බවට පත්විය (ඇල්මා 27:27). ඇත්තවශයෙන්ම, ඔවුන් “කිසිදිනක ඇදහිල්ලෙන් නොවැටුණෝය” (ඇල්මා 23:6).

අතහැර දැමීමට බොරු සම්ප්‍රදායන් හෝ පසෙක තබන්නට “කැරැල්ලේ … ආයුධ” ඔබට තිබිය හැකිය (ඇල්මා 23:7). එසේත් නැතිනම් ඔබේ සාක්ෂියේ ඔබ තව ටිකක් උනන්දුවිය යුතු අතර ඉවතට වැටීමට ඇති ඉඩකඩ ටිකක් අඩු කරගත යුතුය. ඔබට අවශ්‍ය වෙනස්කම් කුමක් වුවත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ බලය තුළින් දීර්ඝකාලීන වෙනසක් සිදුවිය හැකි බවට ඇල්මා 23-29 හි ඔබට බලාපොරොත්තුවක් ලබාදිය හැකිය.

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

ඇල්මා 23:1-5

දෙවියන්වහන්සේගේ දරුවන් සුභාරංචිය පිළිගන්නා විට, මහත් ආශිර්වාද ලැබේ.

තම සෙනග අතර දෙවියන්වහන්සේගේ වචනයට “බාධාවක් නොවිය යුතු” බව ලාමන්වරුන්ගේ රජ ප්‍රකාශ කළ විට (ඇල්මා 23:1–5 බලන්න), ඔහු ඔවුන්ට මහත් ආශිර්වාද සඳහා දොර විවර කළේය. ඔබ ඇල්මා 23-29 කියවන විට, මෙම ආශිර්වාද සොයන්න. ඔබේ ජීවිතයේ හෝ ඔබේ පවුල තුල දෙවියන්වහන්සේගේ වචනයට “බාධාවක්” නොමැති බව සහතික කරන්නේ කෙසේද?

ඇල්මා 23–25; 27

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ සුභාරංචිය වෙත මාගේ හැරීම මගේ ජීවිතය වෙනස් කරයි.

අම්මෝන් සහ ඔහුගේ සහෝදරයන් විසින් බැලීමට පැමිණි ලාමන්වරුන් හැරීම සඳහා අපේක්ෂකයින් නොවන බව පෙනෙන්නට තිබුණි—ඔවුන්ගේ පියවරුන්ගේ සම්ප්‍රදායන් සහ ඔවුන්ගේම දුෂ්ටකම් නිසා ඔවුන් කොටුවී සිටියහ. එහෙත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සුභාරංචිය පිළිගෙන ඔවුන්ගේ ජීවිතයේ මූලික වෙනස්කම් සිදුකර ගත්හ. තමන්ගේම පරිවර්තනයේ සංකේතයක් ලෙස මෙම ලාමන්වරු තමන්ව හැඳින්වූයේ විරුද්ධ-නෙපි-ලෙහිවරුන් ලෙසය. (මෙම කාරණ්යෑදී “විරුද්ධ” යන්නෙහි අර්ථය “විරුද්ධ-ක්‍රිස්තුස්” තුළ “විරුද්ධ” යන්නට සමාන නොවේ.)

මෙම ලාමන්වරුන්ගේ හැරීම ගැන මෙනෙහි කිරීමෙන් “ස්වාමින්වහන්සේ වෙතට” ඔබේ හැරීම ගැන මෙනෙහි කිරීමට ඔබව පොළඹවනු ඇත (ඇල්මා 23:6). මෙම පරිච්ඡේද අධ්‍යයනය කළ හැකි එක් ක්‍රමයක් නම්, විරුද්ධ-නෙපි-ලෙහිවරුන්ගේ හැරීම ඔවුන්ගේ ජීවිත වෙනස් කළ ආකාරය හඳුනාගැනීමයි. පහත දැක්වෙන පද වලින් ඔබට ආරම්භ කිරීමට හැකිය.

විරුද්ධ-නෙපි-ලෙහිවරුන්ගේ වෙනස්කම් ගැන ඔබ මෙනෙහි කරන විට, ක්‍රිස්තුස්වහන්සේ වෙතට ඔබේම හැරීම ඔබව වෙනස් කරන්නේ කෙසේදැයි සලකා බලන්න. සුභාරංචියට ඔබේ ජීවිතයේ වැඩි බලයක් ලබාගත හැකිවන පරිදි ඔබ තවමත් වෙනස් කළ යුතු යැයි ඔබට හැඟෙන්නේ මොනවාද?

ඇල්මා 23:6-7

ඇල්මා 23:17–18

ඇල්මා 24:11–19

ඇල්මා 25:13–16

ඇල්මා 27:26–30

ඇල්මා 24:7–19; 26:17–22

දෙවියන්වහන්සේ දයානුකම්පිතය.

අම්මෝන්ට සහ විරුද්ධ-නෙපි-ලෙහිවරුන්ට ජයගැනීමට සිදු වූ පාප ඔබගේ ජීවිතයේ දේවල් වලට වඩා බෙහෙවින් වෙනස් වුවත්, අපි සියල්ලෝම දෙවියන්වහන්සේගේ දයාව මත රඳා සිටින්නෙමු. ඇල්මා 24:7–19 සහ 26:17–22 හි උන්වහන්සේගේ දයාව තේරුම්ගැනීමට ඔබට උපකාරවත් වන කුමන දේ ඔබ සොයාගන්නේද? ඔබ කියවන විට, ඔබට මේ දේවල් ගැන සිතිය හැකිය: ඔබට පසුතැවිලි වීමට ආරාධනා කර ඇති ආකාරය, පසුතැවිල්ල පිළිබඳ ඔබේ අත්දැකීම්, ඔබ නැවත පව් කිරීමෙන් වැළකී සිටීමට උත්සාහ කළ ආකාරය, සහ පසුතැවීම තුළින් ඔබට ලැබී ඇති ආශිර්වාද. ඔබ මේ ආකාරයෙන් පද කියවන විට, ඔබේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ දයාව ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද?

ඇල්මා 2629

ස්වාමින්වහන්සේට සේවය කිරීමෙන් ප්‍රීතිය ලැබේ.

ඔවුන්ගේ විවිධ අත්දැකීම් තිබියදීත්, අම්මෝන් සහ ඇල්මා ඔවුන්ගේ ධර්මදූත ශ්‍රමය පිළිබඳව සමාන හැඟීම් ප්‍රකාශ කළහ. ඇල්මා 26 සහ 29 කියවා ඒවා සන්සන්දනය කිරීම සලකා බලන්න. ඔබ දකින සමානකම් මොනවාද? පුනරාවර්තනය වන වචන සහ වාක්‍ය ඛණ්ඩ මොනවාද? ඔබේ අභියෝග මධ්‍යයේ වුවද සැබෑ ප්‍රීතිය සොයාගන්නේ කෙසේද යන්න ගැන අම්මෝන් සහ ඇල්මාගෙන් ඔබට ඉගෙනගත හැක්කේ මොනවාද? (ඇල්මා මුහුණ දුන් අභියෝග සමාලෝචනය කිරීම සඳහා, ඇල්මා 5-16 පරිච්ඡේද වල ශීර්ෂ බලන්න. අම්මෝන්ගේ සහ ඔහුගේ සහෝදරයන්ගේ අභියෝග සමාලෝචනය කිරීම සඳහා, ඇල්මා 17-28 දක්වා පරිච්ඡේද වල ශීර්ෂ බලන්න.)

ඇල්මා 26:5-7

ගොයම් මිටි සහ ධාන්‍යාගාර යනු මොනවාද?

අස්වැන්න නෙළන වේලාවේදී ධාන්‍ය බොහෝ විට ගොයම් මිටි ලෙස හැඳින්වෙන මිටි වලට එකතු කර සමහර අවස්ථා වල ධාන්‍යාගාර ලෙස හැඳින්වෙන, ගබඩා වල තැන්පත් කරනු ලැබේ. වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් ඇල්මා 26: 5 හි සංකේතවාදය පිළිබඳ අර්ථකථනයක් බෙදාගත්තේය: “මෙම ප්‍රතිසමයේ ඇති ගොයම් මිටි නියෝජනය කරන්නේ සභාවේ අලුතින් බෞතීස්ම වූ සාමාජිකයන්ය. ධාන්‍යාගාර යනු ශුද්ධවූ දේවමාළිගාය” (“Honorably Hold a Name and Standing,” Ensign or Liahona, May 2009, 97). දේවමාළිගා ගිවිසුම් වල වැදගත්කම ගැන ඇල්මා 26: 5–7 හි ඇති ප්‍රතිසමයෙන් ඔබට උගන්වන දේ සලකා බලන්න.

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.

ඇල්මා 24:6–19

විරුද්ධ-නෙපි-ලෙහිවරුන් ඔවුන්ගේ ආයුධ “පොළොවේ ගැඹුරේ” වළලා දැමුවේ ඇයි? (ඇල්මා 24:16). පවුලේ සාමාජිකයන් තමන් ජයගැනීමට හෝ අතහැර දැමීමට කැමති දේවල් කඩදාසි කැබලි මත ලිවීමට සමහරවිට කැමති වනු ඇත. එවිට ඔවුන්ට වළක් හාරා කඩදාසි එහි වැළලිය හැකිය.

ඇල්මා 24:7–12

මෙම පද අධ්‍යයනය කිරීමෙන් පසුතැවිලි වීමේ පුදුමාකාර ත්‍යාගය තේරුම්ගැනීමට ඔබේ පවුලට හැකිවේ. ඔවුන්ගේ පාප ගැන පසුතැවිලි වීමට විරුද්ධ-නෙපි-ලෙහිවරු කළේ මොනවාද? පසුතැවිලි වීමට ස්වාමින්වහන්සේ ඔවුන්ට උපකාර කළේ කෙසේද? මෙම උදාහරණයෙන් අපට ඉගෙනගත හැක්කේ මොනවාද?

ඇල්මා 24:20–27

“මෙසේ ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ ජනතාව ගළවාගැනීමට බොහෝ මාර්ග වලින් ක්‍රියාකරන බව අපි දකින්නෙමු” යන මෝර්මොන්ගේ ප්‍රකාශය සාක්ෂිදරන සත්‍යතාව කුමක්ද? (ඇල්මා 24:27).

ඇල්මා 26:2

ඇල්මා 26: 2 හි අම්මෝන්ගේ ප්‍රශ්න වලට ඔබේ පවුලේ අය පිළිතුරු දෙන්නේ කෙසේද? සමහරවිට ඔබට ඔවුන්ගේ පිළිතුරු විශාල කඩදාසි කැබැල්ලක සාදා එය සෑම කෙනෙකුටම දැකිය හැකි ස්ථානයක එල්ලා තැබිය හැකිය. දෙවියන්වහන්සේ “අපට දී ඇති” වෙනත් ආශිර්වාද ගැන සිතන විට ඒවා එයට එකතු කිරීමට පවුලේ සාමාජිකයන්ව දිරිමත් කරන්න.

ඇල්මා 29:9

අම්මෝන් සහ ඇල්මා දෙවියන්වහන්සේගේ දෑතේ මෙවලම් වූයේ කෙසේද? ඔබගේ නිවසේ ඇති මෙවලම් හෝ උපකරණ දෙස බලා සහ ඒවා ඔබේ පවුලට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීම ගැන සලකා බලන්න. අප සෑම කෙනෙකුම “දෙවියනවහන්සේගේ දෑතේ මෙවලමක්” වන්නේ කෙසේද යන්න තේරුම්ගැනීමට මෙය අපට උපකාර කරන්නේ කෙසේද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

විවිධත්වය භාවිතා කරන්න. පවුලේ ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා ඔබේ ප්‍රවේශයන් වෙනස් කිරීමෙන් පවුලේ සාමාජිකයින්ට උනන්දුවක් හා සම්බන්ධයක් පවත්වාගැනීමට උපකාරී වියහැකිය. නිදසුනක් වශයෙන්, පවුලේ සාමාජිකයෙකු පදයක් කියවීමෙන් පසු, ඔහුට හෝ ඇයට කියවූ දෙය ඔවුන්ගේම වචන වලින් නැවත කියවන ලෙස වෙනත් පවුලේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිය හැකිය.

විරුද්ධ-නෙපි-ලෙහිවරුන් ඔවුන්ගේ ආයුධ වළලමින්

ඩෑන් බර් විසින් විරුද්ධ-නෙපි-ලෙහි ඔවුන්ගේ ආයුධ වළලා දැමූ ආකාරය පිළිබඳ නිදර්ශනය