“ජූලි 13–19. ඇල්මා 32-35: ‘මෙම වචනය ඔබේ හදවත් තුළ රෝපණය කරන්න,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)
“ජූලි 13–19. ඇල්මා 32-35,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020
ජූලි 13–19
ඇල්මා 32–35
“මෙම වචනය ඔබේ හදවත් තුළ රෝපණය කරන්න”
ඔබ ඇල්මා 32-35 හැදෑරීමේදී ඔබට ලැබෙන අධ්‍යාත්මික හැඟීම් සටහන් කරන්න. ඔබ ඉගෙනගන්නා දේ නිසා ඔබට කුමක් කිරීමට පෙලඹීමක් දැනෙනවාද?
ඔබේ හැඟීම් සටහන් කරන්න
සෝරාම්වරුන් සඳහා, යාච්ඤාව යනු ආත්මාර්ථකාමී, පුරුද්දක් ලෙස සිදුවූ දෙයක් අතර එය සිදු වූයේ සතියකට එක් වරක් පමණි. සියල්ලන්ටම පෙනෙන තැන සිටගෙන නිෂ්ඵල, ස්වයං තෘප්තිමත් වචන නැවත නැවත කීමෙන් එය සමන්විත වුණි. සමහරවිට වඩාත් නරක වූයේ, සෝරාම්වරුන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාසයක් නොතිබීමයි—උන්වහන්සේගේ පැවැත්ම පවා ප්‍රතික්ෂේප කර—එමෙන්ම දුප්පතුන්ට හිංසා කළෝය (ඇල්මා 31:9-25 බලන්න). ඊට වෙනස්ව, ඇල්මා සහ අමුලෙක් නිර්භීතව ඉගැන්වූයේ පොදු වේදිකාවට වඩා අපගේ හදවතේ සිදුවන දේ සමග යාච්ඤාවට වැඩි සම්බන්ධයක් ඇති බවය. එය අවශ්‍යතා ඇති අය කෙරෙහි අනුකම්පාවක් ඇති නොකරන්නේ නම්, එය “නිෂ්ඵලය … තවද තවද කිසි ප්‍රයෝජනයක් නොවන්නේය” (ඇල්මා 34:28). වැදගත්ම දෙය නම්, එය උන්වහන්සේගේ “අසීමිත හා සදාකාලික පරිත්‍යාගය” තුළින් මිදීම ලබාදෙන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලේ ප්‍රකාශනයකි (ඇල්මා 34:10). එවැනි ඇදහිල්ල නිහතමානිකමකින් සහ “විශ්වාස කිරීමට ඇති ආශාවෙන්” උපත ලබා ඇති බව ඇල්මා විස්තර කළේය (ඇල්මා 32:27). එය ගසක් මෙන්, ක්‍රමයෙන් වර්ධනය වන අතර, නිරන්තර පෝෂණය අවශ්‍ය වේ. ඔබ ඇල්මා 32-35 කියවන විට, ඔබේම ඇදහිල්ල සහ යාච්ඤා සලකා බැලිය හැකිය; ඔබට කවදා හෝ සෝරාම්වරුන්ගේ වැනි ආකල්පයක් රිංගා ඇති බවක් දැනී ඇත්ද? එය “සදාකාලික ජීවනය පැනනගින්නා වූ ගසක්” වනු පිණිස, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති ඔබේ ඇදහිල්ල ඔබ පෝෂණය කරන්නේ කෙසේද? (ඇල්මා 32:41).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
මට නිහතමානී වීමට තෝරාගත හැකිය.
දුප්පත් සෝරාම්වරුන් නිහතමානී බවත් “වචනය ඇසීමට සූදානම්ව සිටින බවත්” ඇල්මා තේරුම්ගත්තේය (ඇල්මා 32:6). ඔබ ඇල්මා 32:1-16 කියවන විට, ඔබ දෙවියන්වහන්සේගේ වචනය ඇසීමට සූදානම් වන්නේ කෙසේදැයි සිතා බලන්න.
ඔබව නිහතමානී කළ අත්දැකීම් මොනවාද? වඩාත් නිහතමානී වීමට ඔබ කර ඇත්තේ මොනවාද? නිහතමානී වීමට බල කරනවාට වඩා නිහතමානීකම තෝරාගන්නේ කෙසේද යන්න මෙම පද වලින් ඔබට කියා දිය හැකිය. නිදසුනක් වශයෙන්, “ලෝකයේ දේවල් සම්බන්ධයෙන් දුප්පත් වීම” සහ “හදවතේ දුප්පත්කම” අතර වෙනස කුමක්ද? (3 වන පදය). “වචනය නිසා [ඔබවම] යටහත් කරගන්න” යන්නෙහි තේරුම කුමක්ද? (14 වන පදය).
තවත් බලන්න “Humility,” Gospel Topics, topics.ChurchofJesusChrist.org.
මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කරන්නේ උන්වහන්සේගේ වචනය මගේ හදවතේ රෝපණය කර පෝෂණය කිරීමෙනි.
නමස්කාරය පිළිබඳ සෝරාම්වරුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් බීජයක් සිටුවීම ගැන ඇල්මා කතා කළේ ඇයි? ඇල්මා කතා කළ බීජය කුමක්ද? (ඇල්මා 32:28; 33:22–23 බලන්න). ඔබ ඇල්මා 32:17–43 කියවන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ වචනය කෙරෙහි විශ්වාසය තැබිය යුතු ආකාරය තේරුම්ගැනීමට උපකාර වන වචන සහ වාක්‍ය සටහන් කරන්න. ඇදහිල්ල යනු කුමක්ද සහ ඇදහිල්ල නොවන්නේ කුමක්ද ලෙස ඔබ ඉගෙනගන්නේ මොනවාද? ඉන්පසු, ඔබ 33-34 පරිච්ඡේද කියවන විට, “[අපි] බීජ රෝපණය කරන්නේ කෙසේද?” යන සෝරාම්වරුන්ගේ ප්‍රශ්නයට පිළිතුරු සොයන්න (ඇල්මා 33:1).
ඇල්මා 32–34 අධ්‍යයනය කිරීමට තවත් ක්‍රමයක් මෙන්න: බීජයක වර්ධනයේ විවිධ අවධීන් නියෝජනය කරන පින්තූර අඳින්න. ඉන්පසු එමගින් ඔබේ හදවතේ වචනය රෝපණය කර පෝෂණය කරන්නේ කෙසේද යන්න තේරුම්ගැනීමට උපකාරී වන ලෙස, සෑම පින්තූරයක්ම ඇල්මා 32:28–43 දක්වා වචන වලින් ලේබල් කරන්න.
තවත් බලන්න මතෙව් 13:3–8, 18–23; හේබ්‍රව් 11; Neil L. Andersen, “Faith Is Not by Chance, but by Choice,” Ensign or Liahona, Nov. 2015, 65–68; “Faith in Jesus Christ,” Gospel Topics, topics.ChurchofJesusChrist.org.
ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක යාච්ඤාවෙන් මට දෙවියන්වහන්සේට නමස්කාර කළ හැකිය.
නමස්කාරය සහ යාච්ඤාව පිළිබඳ ඇල්මා සහ අමුලෙක්ගේ උපදෙස් සෝරාම්වරුන්ගේ නිශ්චිත වැරදි වැටහීම් නිවැරදි කිරීම සඳහා අදහස් කරන ලදි (ඇල්මා 31:13-23 බලන්න). නමුත් ඔවුන් ඉගැන්වූ සත්‍යයන් ඕනෑම කෙනෙකුට යාච්ඤාව තේරුම්ගැනීමටත් වඩා හොඳින් නමස්කාර කිරීමටත් උපකාරී වේ. සමහරවිට ඔබට ඇල්මා 33:2–11 සහ 34:17-29 හි සොයාගත හැකි යාච්ඤාව පිළිබඳ සත්‍යයන්ගේ ලැයිස්තුවක් සෑදිය හැකිය. එම ලැයිස්තුවට යාබදව, මෙම සත්‍යයන් නිවැරදි කරන යාච්ඤාව පිළිබඳ වැරදි වැටහීම් ලැයිස්තුවක් සාදන්න (ඇල්මා 31:12–23 බලන්න). මෙම පද වලින් ඔබ ඉගෙනගන්නා දේවල් ඔබ යාච්ඤා කරන හා නමස්කාර කරන ආකාරයට බලපාන්නේ කෙසේද?
සිනොස් සහ සෙනොක් යනු කවුරුන්ද?
සිනොස් සහ සෙනොක් යනු පරණ ගිවිසුමේ කාල වලදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව සාක්ෂි දුන් අනාගතවක්තෘවරුන් වන නමුත් ඔවුන්ගේ ඉගැන්වීම් පැරණි ගිවිසුමේ නොමැත. නෙපිවරුන්ට මෙම අනාගතවක්තෘවරුන්ගේ ඉගැන්වීම් වලට ප්‍රවේශය තිබුනේ බොහෝවිට ඒවා නෙපි ලාබන්ගෙන් ලබාගත් පිත්තල තහඩු වලට ඇතුළත් කර තිබූ ඇති බැවිනි. ඒවා 1 නෙපි 19: -12; යාකොබ් 5:1; සහ හිලමන් 8:19-20 හි ද සඳහන් කර ඇත.
“මේ ජීවිතය දෙවියන්වහන්සේ හමුවීමට … සූදානම් වීමට කාලයයි.”
ඔබ ඇල්මා 34:30–41 කියවන විට, “මේ ජීවිතයේ සිටියදී [ඔබේ] කාලය වැඩිදියුණු කරන්නේ කෙසේද” යන්න සලකා බලන්න (33 වන පදය). පසුතැවිලිවීම සහ ඉවසීම දෙවියන්වහන්සේව මුණගැසීමට සූදානම්වීමට උදව් වන්නේ කෙසේද? ඔබ කල්දමා ඇති නමුත් ඔබ කළ යුතු වෙනස්කම් තිබේද? ඔබට ලැබෙන ඕනෑම අධ්‍යාත්මික හැඟීම් මත ක්‍රියාකිරීමට වගබලාගන්න.
තවත් බලන්න ඇල්මා 12:24; Larry R. Lawrence, “What Lack I Yet?” Ensign or Liahona, Nov. 2015, 33–35.
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.
ඇල්මා 32:9–11; 33:2–11; 34:38–39
ඉරිදා දිනවල පමණක් අපට නමස්කාර කිරීමට හා යාච්ඤා කිරීමට අවසර ලැබුණහොත් එය කෙබඳු වේද? ඔබ මෙම පද එකට එක්ව කියවන විට, පවුලේ සාමාජිකයින්ට දිනපතා නමස්කාර කළ හැකි ආකාරය සහ ඔවුන්ට එසේ කළ හැකිවීම ගැන ස්තුතිවන්ත වීමට හේතු සාකච්ඡා කළ හැකිය.
ඇල්මා 32:28-43
මෙම ආකෘතිය සමග ගසක පින්තූරයක් ඇත; මෙම පදවල ඇල්මාගේ වචන නිදර්ශනය කිරීමට ඔබට එය භාවිතා කළ හැකිය. එසේත් නැතිනම් ඔබේ පවුලට වර්ධනයේ විවිධ අවස්ථා වල පැල සොයාගැනීමට ඇවිද යා හැකි අතර වර්ධනය වන ශාකයක් අපගේ ඇදහිල්ලට සංසන්දනය කරන ඇල්මා 32 හි පද කියවිය හැකිය. සමහරවිට පවුලේ සෑම සාමාජිකයෙකුටම බීජයක් රෝපණය කර එය වර්ධනය වීමට අප කළ යුතු දේ සාකච්ඡා කළ හැකිය. ඉදිරි සති කිහිපය තුළ ඔබේ බීජ පරීක්ෂා කර අපගේ සාක්ෂි අඛණ්ඩව පෝෂණය කිරීමේ අවශ්‍යතාවය එකිනෙකාට මතක්කර දිය හැකිය.
ඇල්මා 33:2–11; 34:17–29
අපගේ පුද්ගලික හා පවුලේ යාච්ඤා වැඩිදියුණු කළ හැකි ආකාරය ගැන මෙම පද වලින් යෝජනා කරන්නේ මොනවාද?
ඇල්මා 34:31
අප පසුතැවිලි වන විට, මිදීමේ සැලැස්මේ ආශිර්වාද අත්විඳීමට “වහාම” පටන්ගන්නා බව අපට පෙන්වා ඇති අත්දැකීම් මොනවාද?
ඇල්මා 34:33–35
කල්දැමීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඔබේ පවුලේ අය දන්නවාද? කල්දැමීම සහ එහි සෘණාත්මක ප්‍රතිවිපාක පිළිබඳ උදාහරණ යමෙකුට බෙදාගත හැකිය. “[අපගේ] පසුතැවිලිවීමේ දිනය කල්දැමීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.
අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම
පින්තූර අඳින්න. පවුලේ සාමාජිකයන්ට ශුද්ධලියවිලි වලින් ඉගෙනගන්නා ආකාරයට ඇඳීමට ඔබට ඉඩදිය හැකිය. නිදසුනක් වශයෙන්, ඔවුන් ඇල්මා 32 අධ්‍යයනය කරන විට ගසක් දක්වා වැඩෙන බීජයක් ඇඳීමට ඔවුන් කැමති විය හැකිය.
“තවද නුඹගේ උද්‍යෝගයද, නුඹගේ ඇදහිල්ලද, නුඹගේ ඉවසිල්ල සමග වචනය පෝෂණය කළ නිසා, … බලන්න, මද කලකින් නුඹ එහිවූ ඵල නෙලාගන්නෙහිය, ඒවා ඉතා අගනේය” (ඇල්මා 32:42).