“ජුනි 1–7. ඇල්මා 5–7: ‘නුඹලාගේ හදවත් වල නුඹලා මෙම බලවත් වෙනස අත්දැක ඇත්ද?’එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)
“ජුනි 1–7. ඇල්මා 5–7,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020
ජොන් මැක්නෝටන් විසින්, නුඹලාව අමතක වී නොමැත
ජුනි 1–7
ඇල්මා 5–7
“නුඹලාගේ හදවත් වල නුඹලා මෙම බලවත් වෙනස අත්දැක ඇත්ද?”
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත ඔබේ සිදුවෙමින් පවතින පරිවර්තනය ගැන මෙනෙහි කිරීමට ඇල්මා 5–7 ඔබට උපකාර කළ හැකිය. ඔබ කියවන විට, ආත්මයාණන් ඔබට උගන්වන දේ සටහන් කරන්න.
ඔබේ හැඟීම් සටහන් කරන්න
හානියට පත් හෝ රෝගී හදවතක් සෞඛ්‍ය සම්පන්න එකක් වෙනුවට ආදේශ කරන වර්තමාන ජීවිතාරක්ෂක හෘද බද්ධ කිරීමේ සැත්කම් ගැන ඇල්මා දැන සිටියේ නැත. නමුත් වඩාත් ආශ්චර්යමත් “හදවතේ වෙනසක්” ගැන ඔහු දැනසිටියේය (ඇල්මා 5:26)—එනම්, ගැලවුම්කරුවාණන් අපට “නැවත ඉපදීම” වැනි, අධ්‍යාත්මික ජීවිතයේ නව්‍යබාවයක් ලබාදෙයි (ඇල්මා 5:14, 49 බලන්න). මෙම හදවතේ වෙනස නෙපිවරුන් බොහෝදෙනෙක්ට හරියටම අවශ්‍ය වූ දේ බව ඇල්මාට දැකගත හැකිවිය. සමහරු ධනවත් වූ අතර තවත් සමහරු දුප්පත් වූහ, සමහරු ආඩම්බර වූ අතර තවත් අය නිහතමානී වූහ, සමහරු පීඩා කරන්නන් සහ තවත් අය පීඩා වලින් පීඩාවිඳින්නන් වූහ (ඇල්මා 4: 6-15 බලන්න). නමුත් සුවපත් වීමට ඔවුන් සියල්ලන්ටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණිය යුතු විය - අපටද එලෙසමය. අපි ආඩම්බරයෙන් මිදීමට හෝ දුක් පීඩා දරාගැනීමට උත්සාහ කරන විට වුවද, ඇල්මාගේ පණිවිඩය එක හා සමානය: “පැමිණ තවද බිය නොවන්න” (ඇල්මා 7:15). දැඩි, පව්කාර හෝ තුවාල වූ හදවතක් නිහතමානී, නිර්මල හා අලුත් එකක් බවට පත්කිරීමට ගැලවුම්කරුවාණන්ට ඉඩදෙන්න.
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
මගේ හදවතේ විශාල වෙනසක්—අත්විඳිය යුතුමය—සහ එය දිගටම දැනිය යුතුය.
ඇල්මා 5:14–33 දක්වා සොයාගත හැකි, සරහෙම්ලා වැසියන්ගෙන් ඇල්මා ඇසූ ස්වයං-විචාර ප්‍රශ්න, ඔබේ ප්‍රාණය සෙවීමට සහ ඔබේ ජීවිත කාලය පුරාම “බලවත් වෙනසක්” අත්විඳීමේ තේරුම තේරුම්ගැනීමට ඔබට උපකාරී වේ. සභාපති එම්. රසල් බැලර්ඩ් මෙම ප්‍රශ්න වල වටිනාකම පැහැදිලි කළේ මෙසේයි: “මම කොහොමද කරන්නේ?’ කියා මාගෙන්ම අසාගැනීමට මම නිතිපතා කාලය ගත යුතුය, එය ඔබ ඔබ සමගම පෞද්ගලික, ස්වකීය සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීම වැනිය. … මෙම පෞද්ගලික, ස්වකීය සමාලෝචනයේදී මට මගපෙන්වීමක් වශයෙන්, ඇල්මාගේ පස්වන පරිච්ඡේදයේ ඇති ස්වයං-ව්‍යවහාර වචන කියවා මෙනෙහි කිරීමට මම කැමතියි” (“Return and Receive,” Ensign or Liahona, May 2017, 64).
ඔබ ඔබ සමග සම්මුඛ සාකච්ඡා කර ඔබේ හදවත පරීක්ෂා කර බලන විට ඇල්මාගේ ප්‍රශ්න කියවීම සලකා බලන්න. එම ප්‍රශ්න වලට ඔබේ ප්‍රතිචාර සටහන් කිරීමට ඔබට අවශ්‍ය විය හැකිය. ඔබගේ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස කුමක් කිරීමට ඔබ පෙලඹී ඇත්ද?
Dale G. Renlund, “Preserving the Heart’s Mighty Change,” Ensign or Liahona, Nov. 2009, 97–99 ද බලන්න.
ක්‍රිස්තුස්වහන්සේගේ සෑම අනුගාමිකයෙකුම “හදවතේ වෙනසක්” අත්විඳිය යුතුය.
ගැලවුම්කරුවාණන් ගැන සහ උන්වහන්සේගේ සුභාරංචිය පිළිබඳ මගේම සාක්ෂිය ශුද්ධාත්මයාණන් තුලින් ලබාගැනීමට මට හැකිය.
ඇල්මා ගැළවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ ප්‍රබල සාක්ෂියක් ඉදිරිපත් කළ අතර, ඔහු එම සාක්ෂිය ලබාගත් ආකාරයද පැහැදිලි කළේය. ඔහු සාක්ෂි දුන් පරිදි, දේවදූතයෙකුව දැකීම හා ඇසීම පිළිබඳ ඔහුගේ අත්දැකීම් සඳහන් නොකළේය (මොසායා 27:10–17 බලන්න), නමුත් තමන්ම සත්‍යය දැනගැනීම සඳහා ඔහු ගෙවූ මිල විස්තර කළේය. ඇල්මා සත්‍යය දැනගත් ආකාරය ගැන ඇල්මා 5:44–51 දක්වා ඔබ ඉගෙනගන්නේ මොනවාද? ඔබේ සාක්ෂිය ලබාගැනීමට හෝ ශක්තිමත් කිරීමට ඔබ ගන්නා උත්සාහයේදී ඔබ ඔහුගේ ආදර්ශය අනුගමනය කරන්නේ කෙසේද? ඇල්මා 5:33-35, 48-50 සහ 57-60 හි ඇල්මාගේ ඉගැන්වීම් වලින් ගැළවුම්කරුවාණන් ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද?
උත්සහවන්ත කීකරුකම “දෙවියන්වහන්සේගේ රාජ්‍යයට යන මාවතේ” සිටීමට මට උපකාර කරයි.
ගිඩියොන්හි වැසියන් සරහෙම්ලාහි වෙසෙන ජනයා මෙන් ප්‍රශ්ණ සමග පොරබදමින් සිටියේ නැත, එබැවින් ආත්මයාණන් ඔවුන්ගේ අවශ්‍යතා තේරුම්ගැනීමට හා ඔවුන්ට වෙනස් ලෙස ඉගැන්වීමට ඇල්මාට උදව් කළේය (ඇල්මා 7:17, 26 බලන්න). සරහෙම්ලාහි (ඇල්මා 5 බලන්න) සහ ගිඩියොන්හි (ඇල්මා 7 බලන්න) ඇල්මාගේ පණිවිඩ අතර යම් වෙනසක් ඔබට පෙනෙනු ඇත. නිදසුනක් වශයෙන්, ගිඩියොන් වැසියන් “දෙවියන්වහන්සේගේ රාජ්‍යයට යන මාවතේ සිටින බව” ඇල්මා තේරුම්ගත්හ (ඇල්මා 7:19). ඔවුන්ට කළ දේශනය පුරාම, එම මාර්ගයේ රැඳී සිටින්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ දේ ඇල්මා ඔවුන්ට ඉගැන්වීය (ඇල්මා 7 බලන්න). ඔහු ඔවුන්ට දුන් උපදෙස් මොනවාද? ඔබට දැන් ඔබේ ජීවිතයට අදාළ කරගත හැක්කේ මොනවාද?
ගැළවුම්කරුවාණන් මාගේ පව්, වේදනා සහ දුක් පීඩා උන්වහන්සේ මතට භාරගත් සේක.
ඔබේ අරගල හෝ අභියෝග කිසිවෙකු තේරුම් නොගන්නා බව ඔබට කවදා හෝ හැඟී තිබේද? එසේනම්, ඇල්මා 7:7-16 හි ඉගැන්වූ සත්‍යයන් උපකාරී වේ. වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් සාක්ෂි දෙමින් මෙසේ කීවේය: “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් සර්වසම්පූර්ණව හොඳින් දනී සහ තේරුම් ගනී, මක්නිසාද උන්වහන්සේට අපගේ තනි බර දැනී සහ උසුලා ඇත. උන්වහන්සේගේ අසීමිත හා සදාකාලික පරිත්‍යාගය නිසා (ඇල්මා 34:14 බලන්න), උන්වහන්සේට සංවේදනයක් ඇති අතර උන්වහන්සේගේ දයාවේ හස්තය අප වෙතට දිගු කළ හැකිය” (“Bear Up Their Burdens with Ease,” Ensign or Liahona, May 2014, 90).
ඔබ ඇල්මා 7:7-16 කියවන විට, ගැළවුම්කරුවාණන්ගේ පරිත්‍යාගයේ අරමුණු ගැන කුමක් තේරුම්ගැනීමට මෙම පද අපට උපකාර කරන්නේ දැයි සිතා බලන්න. අපගේ ජීවිත තුළ උන්වහන්සේගේ බලයට අප ප්‍රවේශ වන්නේ කෙසේද? ඔබේ සිතුවිලි සටහන් කිරීම සලකා බලන්න.
යෙසායා 53:3–5 ද බලන්න.
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.
ඇල්මා 5:6–13
ඔවුන්ගේ මුතුන්මිත්තන්ට ස්වාමින්වහන්සේ දැක්වූ දයාව ඔහුගේ ජනයා මතක තබාගැනීම ඇල්මාට අවශ්‍ය වූයේ ඇයි? උන්වහන්සේගේ දයාව ගැන ඔබට උගන්වන ඔබේ පවුල් ඉතිහාසයේ කතන්දර මොනවාද? සමහරවිට ඔබට මෙම කතන්දර පටිගත කිරීම සඳහා familysearch.org/myfamily වෙත පිවිසිය හැකිය.
ඇල්මා 5:14–33
කඳවුරු බැඳීමේ චාරිකාවක්, පාසැලේ පරීක්ෂණයක් හෝ රැකියා සම්මුඛ පරීක්ෂණයක් සඳහා—සූදානම් වීමට හෝ—සූදානම් නොවීම කෙසේ වේදැයි ඔබේ පවුලේ සාමාජිකයන් දැන සිටිය හැකිය. සූදානම් වීමේ වැදගත්කම විදහා දැක්වීමට ඔවුන්ට බෙදාගත හැකි මෑත කාලීන අත්දැකීම් මොනවාද? ඇල්මා 5:14–33 සමාලෝචනය කර දෙවියන්වහන්සේ හමුවීමට තම ජනතාව සූදානම් කිරීමට ඇල්මා ඇසූ ප්‍රශ්න සොයාගැනීමට ඔබට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කළ හැකිය. සමහරවිට පවුලේ සෑම සාමාජිකයෙකුටම ප්‍රශ්නයක් තෝරාගෙන එය දෙවියන්වහන්සේව මුණගැසීමට සූදානම් වීමට උදව් වන ආකාරය බෙදාගන්නට පුළුවන්. පවුලේ සාමාජිකයින්ට මෙනෙහි කිරීම සඳහා ඔබේ පවුලට ඇල්මාගේ ප්‍රශ්න කිහිපයක් ඔබගේ නිවස වටා ප්‍රදර්ශනය කිරීමටද පුළුවන්.
ඇල්මා 6:4–6
සාන්තුවරයන් ලෙස අප රැස්වන හේතු සමහරක් මොනවාද? සභාවේ ගතකරන කාලය අපට සහ අන් අයට අපි වඩාත් ප්‍රයෝජනවත් කරන්නේ කෙසේද?
ඇල්මා 7:9–16
පසුතැවිලි වී වෙනස් වීමට අවශ්‍ය වූ විට අපට “බිය නොවන්න” (ඇල්මා 7:15) උපකාර වන මෙම පද වලින් අප ඉගෙනගන්නේ මොනවාද? අපට උපකාර අවශ්‍ය වූ විට ගැලවුම්කරුවාණන් වෙත හැරීම ගැන මෙම පද අපට උගන්වන්නේ මොනවාද? උන්වහන්සේගේ උපකාරය ලබාගැනීම සඳහා අප කර ඇති වෙනත් දේවල් මොනවාද? උන්වහන්සේ අපට උපකාර කර ඇත්තේ කෙසේද?
ඇල්මා 7:23
මෙම පදයෙහි ලැයිස්තුගත කර ඇති ගුණාංග එකක් හෝ වැඩි ගණනකට හොඳ උදාහරණයක් කවුදැයි අපි දන්නේ කවුද? මෙම ගුණාංග වර්ධනය කිරීම වැදගත් වන්නේ ඇයි?
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.
අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම
ක්‍රියාකිරීමට පවුලේ සාමාජිකයින්ට ආරාධනා කරන ප්‍රශ්න අසන්න. ඔබගේ පවුලේ සාමාජිකයින්ට ශුභාරංචියට අනුව වඩාත් හොඳින් ජීවත්විය හැකි ආකාරය ගැන මෙනෙහි කිරීමට පොළඹවන ප්‍රශ්න සලකා බලන්න. “මේවා සාමාන්‍යයෙන් සාකච්ඡා ප්‍රශ්න නොවේ; ඒවා පෞද්ගලික ප්‍රයෝජනය සඳහාය” (Teaching in the Savior’s Way, 31).
ජේ බ්‍රයන්ට් වෝර්ඩ් විසින්, අපගේ මැදිහත්කරුවාණන්