එන්න, මා අනුගමනය කරන්න
සැප්තැම්බර් 14–20. “දෙවියන්වහන්සේ මාගේ ගැළවීමය”: යෙසායා 1–12


“සැප්තැම්බර් 14–20. ‘දෙවියන්වහන්සේ මාගේ ගැළවීමය’: යෙසායා 1–12” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)

“සැප්තැම්බර් 14–20. ‘දෙවියන්වහන්සේ මාගේ ගැළවීමය,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026

යෙසායා ලියවිල්ලක ලියමින්

හැරී ඇන්ඩර්සන් විසින්,The Prophet Isaiah Foretells Christ’s Birth [අනාගතවක්තෘ යෙසායා ක්‍රිස්තුස්වහන්සේගේ උපත ගැන පුරෝකථනය කරයි]

සැප්තැම්බර් 14–20: “දෙවියන්වහන්සේ මාගේ ගැළවීමය”

යෙසායා 1–12

ඔබ යෙසායාගේ පොත කියවන පළමු අවස්ථාව මෙය වුවද, ඔබට හුරුපුරුදු ඡේද හමුවෙයි. එයට හේතුව, ගැලවුම්කරුවාණන්ද ඇතුළුව පරණ ගිවිසුමේ අනාගතවක්තෘවරුන්, අනෙකුත් ශුද්ධලියවිලි පොත්වල බොහෝ විට උපුටා දක්වා ඇත්තේ යෙසායාව වීමයි. යෙසායාගේ වචන බොහෝ විට ගීතිකා සහ වෙනත් පූජනීය සංගීතයේ ද දක්නට ලැබෙනවා.

යෙසායාව නිතර නිතර උපුටා දක්වා ඇත්තේ ඇයි? නිසැකවම එක් හේතුවක් තමයි, පැහැදිලි, අමතක නොවන භාෂාවකින් දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශ කිරීමට යෙසායාට දීමනාවක් තිබුණා. නමුත් ඒ හේතුව එය ඊට වඩා වැඩි දෙයක්. යෙසායා විසින් අනාගතවක්තෘවරුන්ව පරම්පරා ගණනාවක් තිස්සේ පෙළඹවා තිබුණේ ඔහු ඉගැන්වූ සත්‍යයන් ඔහුගේම පරම්පරාව ඉක්මවා ගිය නිසායි (ක්‍රි.පූ. 740 සහ 701 අතර). එක් ජාතියකට හෝ එක් කාල පරිච්ඡේදයකට වඩා විශාල වන දෙවියන්වහන්සේගේ මිදීමේ ශ්‍රේෂ්ඨ ක්‍රියාව ගැන ඔහු ලිව්වා. ඔහු සහ ඔහුගේ සෙනඟ සෙසු ඉශ්‍රායෙල් සෙනඟගෙන් වෙන්ව සිටියත්, තවමත් දෙවියන්වහන්සේගේ ගිවිසුම්ගත සෙනඟගේ කොටසක් බව නෙපී දැනගත්තේ යෙසායාගෙන්. යෙසායා තුළ, අලුත් ගිවිසුමේ ලේඛකයන් ඔවුන්ගේ ඇස් ඉදිරිපිටම ඉටු වූ මෙසියස්වහන්සේ පිළිබඳ අනාවැකි සොයා ගත්තා. එමෙන්ම යෙසායා තුළ, ජෝසෆ් ස්මිත් ඉශ්‍රායෙල් සෙනඟ එක්රැස් කිරීමේ සහ සයොනය ගොඩනැගීමේ පසුදවස්වල කාර්යය සඳහා පෙළඹවීමක් ලබා ගත්තා. ඔබ යෙසායා කියවන විට ඔබට සොයාගත හැකි දේවල් මොනවාද?

යෙසායා ජීවත් වූ කාලය පිළිබඳ තොරතුරු සඳහා, 2 රාජාවලිය 15-20 සහ 2 ලේකම් 26-32 බලන්න.

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

යෙසායා 1–12

යෙසායාගේ වචන සියල්ල සම්පූර්ණ වනු ඇත.

ගැලවුම්කරුවාණන් මෙසේ ඉගැන්වූවා “[යෙසායා] කථා කළ සියලු දෙවල් සිදුවූ අතර එසේම ඔහු කථා කළ දේවල් එම ආකාරයටම සිදුවන්නේය” (3 නෙපී 23:3). ඔබ යෙසායාගේ පොත අධ්‍යයනය කරන විට, යෙසායාගේ දවස, ගැලවුම්කරුවාණන්ගේ ලෞකික දේවසේවය සහ අවසාන දවස් වැනි මාතෘකා සහිත අනාවැකි සටහනක් සෑදීම ගැන සලකා බලන්න. යෙසායාගේ අනාවැකි බොහොමයක් එක් ආකාරයකට වඩා වැඩි ආකාරයකින් ඉටු වන බව සලකන්න

සභාපති ඩැලන් එච්. ඕක්ස් මෙසේ ඉගැන්වූවා: “යෙසායාගේ පොතේ බහුවිධ ඉටුවීම් ඇති බවක් පෙනෙන බොහෝ අනාවැකි අඩංගු වෙනවා. එකක් යෙසායාගේ කාලයේ සිටි මිනිසුන් හෝ ඊළඟ පරම්පරාවේ තත්වයන් සම්බන්ධ බව පෙනෙන්නට තිබෙනවා. තවත් අර්ථයක්, බොහෝ විට සංකේතාත්මක, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් කුරුසියේ ඇණ ගැසීමෙන් පසු යෙරුසලම විනාශ වූ අතර එහි ජනයා විසිරී ගිය විට, උච්චතම කාලයේ සිදුවීම් වෙත යොමු වන බව පෙනෙනවා. එම අනාවැකියේම තවත් අර්ථයක් හෝ ඉටුවීමක් ගැලවුම්කරුවාණන්ගේ දෙවන පැමිණීමට සහභාගී වන සිදුවීම් හා සම්බන්ධ බව පෙනෙනවා. මෙම අනාවැකි බොහෝමයකට බහුවිධ අර්ථයන් තිබිය හැකි බව, ඒවා අර්ථ නිරූපණය කිරීමට අපට උපකාර කිරීම සඳහා ශුද්ධාත්මයාණන්ගෙන් අප හෙළිදරව් කිරීම සෙවීමේ වැදගත්කම අවධාරනය කරනවා” (“Scripture Reading and Revelation,” Ensign, Jan. 1995, 8).

යෙසායාව තේරුම් ගැනීම. ගැලවුම්කාරුවාණන් මෙසේ පැවසුවා, “මෙම දේවල් උද්‍යෝගයෙන් සොයන්න; මක්නිසාද යෙසායාගේ වචන ශ්‍රේෂ්ඨ වන්නේය” (3 නෙපී 23:1; තවත් බලන්න 2–3 පද). නමුත් බොහෝ දෙනෙකුට යෙසායාව තේරුම්ගැනීමට අපහසු වෙන්න පුළුවන් පහත අදහස් උදව් වෙන්න පුළුවන්:

  • යෙසායා භාවිත කළ සංකේත සහ රූපක ගැන මෙනෙහි කරන්න.

  • “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන මම ඉගෙනගන්නේ මොනවාද?” කියා ඔබෙන්ම අසාගන්න (බලන්න 1 නෙපී 19:23).

  • අපේ කාලයට අදාළ යැයි හැඟෙන මාතෘකා සොයන්න.

  • ශබ්දකෝෂයක්, පාදසටහන්, පරිච්ඡේද ශීර්ෂයන් සහ Guide to the Scriptures වැනි පාඩම් උපකාර භාවිතා කරන්න.

යෙසායා 1; 3–5

සෙමනේරි නිරූපකය
අනාගතවක්තෘවරු පාපය ගැන අනතුරු අඟවන අතර පසුතැවිලි වීම තුළින් බලාපොරොත්තුවක් පොරොන්දු වෙනවා.

සෑම කාලයකම අනාගතවක්තෘවරුන් මෙන්, යෙසායා ඔවුන්ගේ අධ්‍යාත්මික තත්වය ගැන මිනිසුන්ට නොකඩවා අනතුරු ඇඟෙව්වා. ඔබ යෙසායා 1; 35 කියවන විට, මිනිසුන් අධ්‍යාත්මිකව කටයුතු කරන ආකාරය විස්තර කරන වාක්‍ය ඛණ්ඩ සොයන්න (බලන්න, උදාහරණයක් ලෙස, යෙසායා 1:2–4, 21–23; 3:9, 16–17; 5:11–12, 20–23). අපේ කාලයේ ඔබ දකින ඒ හා සමාන ගැටළු මොනවාද? ඉශ්‍රායෙල් සෙනඟගේ අධ්‍යාත්මික තත්වයේ ප්‍රතිවිපාක ගැන අනතුරු අඟවන පදද ඔබට සොයන්න පුළුවන් (යෙසායා 1:7; 3:17–26; 5:5–7, 13–15 වැනි).

අනතුරු ඇඟවීම් වලට අමතරව, යෙසායා ගැලවුම්කරුවාණන් තුළින් මිදීම සඳහා බලාපොරොත්තුවේ පණිවිඩ ලබා දුන්නා (බලන්න, උදාහරණයක් ලෙස, යෙසායා 1:16–19, 25–27; 3:104). මෙම පණිවිඩවලින් ඔබ ස්වාමින්වහන්සේ ගැන ඉගෙනගන්නේ මොනවාද? මෙම පදවල ඇති ස්වාමින්වහන්සේගේ පණිවිඩය අප විශ්වාස කරනවාට සාතන්ට අවශ්‍ය දේට වඩා වෙනස් වන්නේ කෙසේද?

යෙසායා මෙන්, අද දින අනාගතවක්තෘවරුන් පාපය සහ එහි ප්‍රතිවිපාක ගැන අපට අනතුරු අඟවන අතර ඔවුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් බලාපොරොත්තුවේ පණිවිඩ සපයනවා. ඔබට සිතිය හැකි උදාහරණ මොනවාද? එවැනි අනතුරු ඇඟවීම් සහ පොරොන්දු සොයමින් ඔබට පසුගිය ප්‍රධාන සම්මන්ත්‍රණයකින් පණිවිඩයක් සමාලෝචනය කිරීමට අවශ්‍ය වෙන්න පුළුවන්.

යෙසායා 2; 4; 11–12

අවසාන දවස්වලදී දෙවියන්වහන්සේ විශාල කාර්යයක් කරනු ඇත.

යෙසායාගේ බොහෝ අනාවැකි තුළ අපගේ දවස සඳහා නිශ්චිත අර්ථයක් තිබෙනවා. ඒවා සොයා ගැනීමට, අනාගත කාල ක්‍රියාපද සොයන්න (“විය යුතුය” හෝ “යනු ඇත” වැනි). උදාහරණයක් ලෙස, ඔබ යෙසායා 2; 4; 11–12 කියවන විට මෙම ක්‍රියා පද සොයන්න. ඔබට ඒවා වර්තමාන-කාල ක්‍රියාපද සමඟ ප්‍රතිස්ථාපනය කිරීමට උත්සාහ කරන්න පුළුවන් (වේ හෝ වීමට යයි වැනි). ඔබව විශේෂයෙන් පොළඹවන්නේ කුමන අනාවැකිද? සයොනය, දේවමාළිගා ගොඩනැඟීම සහ ඉශ්‍රායෙල් සෙනඟ එක්රැස් කිරීම පිළිබඳ මෙම අනාවැකිවලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද?

යෙසායා 2:2–3 පසුදවස්වල ශුද්ධවන්තයන්ට විශේෂයෙන් අදාළ වෙනවා. මෙම අනාවැකි ඉටු වෙන්නේ කොහොමද? ස්වාමින්වහන්සේගේ ගෘහයේ “මාර්ග” සහ “මාවත්” ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද? (3 වෙනි පදය).

තවත් බලන්න යෙසායා 5:26.

යෙසායා 6

අනාගතවක්තෘවරුන්ව දෙවියන්වහන්සේ විසින් කැඳවා ඇත.

යෙසායා 6 හි, යෙසායා අනාගතවක්තෘවරයෙකු වීමට වූ ඔහුගේ කැඳවීම ගැන විස්තර කරනවා. ඔබ මෙම පරිච්ඡේදය කියවන විට, යෙසායාගේ අත්දැකීම ගැන ඔබේ සිත් ගත්තේ කුමක්ද? ස්වාමින්වහන්සේ ගැන, උන්වහන්සේගේ අනාගතවක්තෘවරුන් ගැන සහ ඔවුන්ව කිරීමට කැඳවා ඇති කාර්යය ගැන ඔබ සිතන ආකාරය කෙරෙහි මෙම පරිච්ඡේදය බලපාන්නේ කෙසේද?

මරියා යේසු බිලිඳා අල්ලාගෙන සිටියි

“මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙන ලද්දේය” (යෙසායා 9:6).

යෙසායා 7–9

යේසුස් ක්‍රිස්තුස්වහන්සේව මගේ ගැලවුම්කරුවාණන් ලෙස එවීමට දෙවියන්වහන්සේ පොරොන්දු වුණා.

යෙසායාගේ දේවසේවයේදී, ඉශ්‍රායලය සිරියාවට එරෙහිව ආරක්ෂා වීමට ඔවුන් සිරියාව සමඟ මිත්‍රසම්මුතියක් ඇති කරගත්තා. ඉශ්‍රායෙලයට සහ සිරියාවට අවශ්‍ය වූයේ යූදා හි රජු වූ ආහාස්ට ඔවුන් හා එක්වන ලෙස බල කිරීමටයි. නමුත් යෙසායා විසින් මෙම මිත්‍රසම්මුතිය අසාර්ථක වන බව අනාවැකි පළ කළ අතර ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන ලෙස ආහාස්ට උපදෙස් දුන්නා (යෙසායා 7:7–9; 8:12–13).

යෙසායා ආහාස්ට උපදෙස් දෙන අතරතුර, ඔහු යෙසායා 7:14; 8:13–14; 9:2, 6–7 හි සඳහන් අනාවැකි වැනි සුප්‍රසිද්ධ අනාවැකි කිහිපයක්ම කිව්වා. මෙම අනාවැකි ආහාස්ට කුමක් අදහස් කළත්, ඒවා පැහැදිලිවම යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අදාළ වෙනවා. (තවත් බලන්න මතෙව් 1:21–23; 4:16; 21:44; ලූක් 1:31–33). “එම්මානුවෙල්” යන නම ගැලවුම්කරුවාණන්ට හොඳ පටබැඳිනාමයක් වෙන්නේ ඇයි? (බලන්න මතෙව් 1:23). උන්වහන්සේව ඔබට “උපදේශකයෙකු” හෝ “සාමයේ කුමාරයා” වෙන්නේ කොහොමද? (යෙසායා 9:7). මෙම පදවලින් ගැලවුම්කරුවාණන් ගැන ඔබ තවත් ඉගෙන ගන්නේ මොනවාද?

වැඩි විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

යෙසායා 1:2–4, 16–19

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා මට පසුතැවිලි වී පිරිසිඳු වෙන්න පුළුවන්.

  • යෙසායා 1:2–4 තුළ, ඔබට සහ ඔබේ දරුවන්ට ස්වාමින්වහන්සේ ජනතාව සමඟ සතුටු නොවූ බවට හේතු සොයාගන්න පුළුවන්. 3 වෙනි පදයේ සතුන් සමඟ සැසඳීම සැලකිල්ලට ගන්න—අපගේ “ස්වාමියා” කවුද? අපි උන්වහන්සේව හඳුනන බව පෙන්වන්නේ කෙසේද?

  • යෙසායා 1:16–18 සිතින් මවා ගැනීමට, ඔබට සහ ඔබේ දරුවන්ට දීප්තිමත් රතු දෙයක් සහ පිරිසිඳු සුදු දෙයක් දෙස බලන්න පුළුවන්. එසේත් නැතිනම් ඔබට යමක් සේදීමට එකට එක්ව වැඩ කරන්න පුළුවන්. අපි ආධ්‍යාත්මිකව අපවිත්‍ර වෙන්නේ කොහොමද? පවිත්‍ර වීමට යේසුස්වහන්සේ අපට උපකාර කරන්නේ කොහොමද? මෙම පදවලින් ගැලවුම්කරුවාණන් ගැන අප ඉගෙනගන්නේ කුමක්ද? උන්වහන්සේ ගැන ඔබට හැඟෙන ආකාරය සහ උන්වහන්සේ ඔබ වෙනුවෙන් කර ඇති දේ ඔබේ දරුවන් සමඟ බෙදා ගන්න.

යෙසායා 2:2–4

දේවමාළිගාවේදී මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙන ගන්නවා.

  • “ස්වාමින්වහන්සේගේ ගෘහයේ කන්ද” “සියලු ජාතීන්” වල මිනිසුන් ආකර්ෂණය කරන කාලයක් ගැන යෙසායා පුරෝකථනය කළා (යෙසායා 2:2). ස්වාමින්වහන්සේගේ ගෘහයට යෑම ගැන ඔබේ දරුවන්ට උද්යෝගිමත් වීමට ඔබට උපකාර කරන්න පුළුවන් කොහොමද? ඔවුන්ගේ නිවසේ පින්තූරයක් ඇඳීමට ඔබට ඔවුන්ට ආරාධනා කරන්න පුළුවන්. ඉන්පසු එකට එක්ව යෙසායා 2:2 කියවා, දේවමාළිගාවක් වන “ස්වාමින්වහන්සේගේ ගෘහයේ” පින්තූරයක් අඳින්න කියා ඔවුන්ට ආරාධනා කරන්න. එකට එක්ව යෙසායා 2:3 කියවන්න. ඔවුන්ගේ පවුලේ අය ඇතුළුව දේවමාළිගාවට බොහෝ පිරිසක් එන ආකාරය ඔවුන්ගේ පින්තූරවලට එකතු කිරීමට ඔවුන්ට ආරාධනා කරන්න.

  • ඔබට එකට එක්ව යෙසායා 2:2–3 කියවා, ඔබටත් ඔබේ දරුවන්ටත් දේවමාළිගාවට යාමට පොළඹවන දෙයක් හඳුනාගන්න. ඉන්පසු එකට එක්ව, යෙසායා 2:4 කියවීමෙන් පසු, දේවමාළිගාව ඔවුන්ට සාමය ගෙන දෙන ආකාරය ගැන සාකච්ඡා කරන්න ඔබට පුළුවන්. දේවමාළිගාව ගැන කියවෙන ගීතයක් ගායනා කිරීම සලකා බලන්න. දේවමාළිගාව යනු කුමක්ද සහ එහි අප කරන්නේ කුමක්දැයි අපට, කියාදෙන එම ගීතයේ වචන සොයා ගැනීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න.

සන්ධ්‍යාවේදී සෝල්ට් ලේක් දේවමාළිගාව

සෝල්ට් ලේක් දේවමාළිගාව

යෙසායා 7:14; 9:6–7

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාගේ ගැලවුම්කරුවාණන් වීමට පොළොවට පැමිණියා.

  • ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ යෙසායාගේ අනාවැකි හඳුන්වා දීමට, ඔබට සහ ඔබේ දරුවන්ට සභාපතිවරයා, සභා නායකවරයා හෝ ගුරුවරයා වැනි පුද්ගලයින්ගේ පදවි නාම ගැන කතා කරන්න පුළුවන්. මෙම පදවි නාම මෙම පුද්ගලයින් ගැන අපට පවසන්නේ මොනවාද? යෙසායා 7:14 සහ 9:6–7 තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පටබැඳි නාම සොයා ගැනීමට ඔබේ දරුවන්ට උදවු කරන්න (මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුවද බලන්න). මේ සෑම පටබැඳි නාමයකින්ම උන්වහන්සේ ගැන උගන්වන්නේ කුමක්ද? මෙම පදවලින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අප තවත් ඉගෙන ගන්නේ මොනවාද?

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉපදීමට වසර ගණනාවකට පෙර යෙසායා උන්වහන්සේව ගැන දැන සිටියේ මොනවාදැයි කියා විමසීමට වරින් වර නවත්තන්න. පසුව ඔබට යෙසායා 7:14; 9:6–7 තුළ යෙසායාගේ අනාවැකි සම්පූර්ණ වුනේ කොහොමද යන්න කතා කිරීමට මතෙව් 1:21–23; ලූක් 1:31–33 භාවිතා කරන්න පුළුවන්.

    1:18

    Isaiah the Prophet

වැඩි විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

දේවමාළිගාවකට ඉහළින් අහසේ අකුණු සැරයක්

දේවමාළිගාව “රක්ෂස්ථානයක්” සහ “කුණාටුවෙන් හා වර්ෂාවෙන් සැඟවෙන ස්ථානයක්” වනු ඇති බව යෙසායා ඉගැන්වූවා (යෙසායා 4:6). අයිඩාහෝ ෆෝල්ස් අයිඩාහෝ දේවමාළිගාව

ප්‍රාථමික ක්‍රියාකාරකම් පිටුව: යෙසායා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අනාවැකි පැවසුවා.