“මතකයේ තබාගත යුතු සිතුවිලි: අනාගතවක්තෘවරුන් සහ අනාවැකි,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“අනාගතවක්තෘවරුන් සහ අනාවැකි,” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026
මතකයේ තබාගත යුතු සිතුවිලි
අනාගතවක්තෘවරුන් සහ අනාවැකි
පරණ ගිවිසුමේ සම්ප්‍රදායික ක්‍රිස්තියානි බෙදීමේදී, අවසාන කොටස (යෙසායා සිට මලාකි දක්වා) අනාගතවක්තෘවරුන් ලෙස හඳුන්වා තිබෙනවා. පරණ ගිවිසුමෙන් හතරෙන් එකක් පමණ වන මෙම කොටසෙහි, ස්වාමින්වහන්සේ සමග කථා කර, පසුව උන්වහන්සේ වෙනුවෙන් කථා කළ, ක්‍රි.පූ. 900 සහ 500 අතර මිනිසුන් සමඟ උන්වහන්සේගේ පණිවිඩය බෙදා ගත් දෙවියන්වහන්සේගේ අධිකාරී බලය ලැබූ සේවකයන්ගේ වචන අඩංගු වෙනවා.
අනාගතවක්තෘවරු දෙවියන්වහන්සේගේ කැමැත්ත ප්‍රකාශ කරති
පරණ ගිවිසුම පුරා අනාගතවක්තෘවරුන් සහ අනාවැකි ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් දර්ශන දැක, පසුව ස්වර්ගයේ පණිවිඩකරුවන් සමඟ කතා කළා. මෝසෙස් දෙවියන්වහන්සේට මුහුණට මුහුණ කතා කළ අතර උන්වහන්සේගේ කැමැත්ත ඉශ්‍රායෙල් දරුවන්ට දැනුම් දුන්නා. පළමු සහ දෙවන රාජාවලිය අනාගතවක්තෘවරුන් වන එලියා සහ එලිෂාගේ අමතක නොවන ක්‍රියා සහ පණිවිඩ විස්තර කරනවා. පරණ ගිවිසුමේ මිරියාම් සහ දෙබොරා, වැනි අනාගතවක්තෘවරියන් සහ රෙබෙකා සහ හන්නා වැනි අනාවැකියේ ආත්මයෙන් ආශිර්වාද ලත් අනෙකුත් කාන්තාවන් ගැනද කථා කරනවා. එමෙන්ම ගීතාවලිය විධිමත් අනාගතවක්තෘවරුන් විසින් ලියා තිබුණේ නැති වුණත්, විශේෂයෙන්ම ඒවා මෙසියස්වහන්සේගේ පැමිණීම දෙසට අවධානය යොමු කරමින්, අනාවැකියේ ආත්මයෙන් පිරී තිබෙනවා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන්ට මේ කිසිවක් පුදුමයක් විදියට පැමිණෙන්නෙ නෑ. ඇත්ත වශයෙන්ම, අනාගතවක්තෘවරුන් යනු සිත්ගන්නාසුලු ඓතිහාසික පුද්ගලයන් පමණක් නොව දෙවියන්වහන්සේගේ සැලැස්මේ අත්‍යවශ්‍ය අංගයක් බව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය අපට උගන්වනවා. සමහරුන් අනාගතවක්තෘවරුන්ව පරණ ගිවිසුමේ කාලයට ආවේණික අය පමණක් ලෙස දැක්කත්, අපි ඔවුන්ව දකින්නේ අපිට හා පරණ ගිවිසුමේ කාලයට පොදු දෙයක් ලෙසයි.
නමුත් යෙසායාගේ හෝ එසකියෙල්ගේ පරිච්ඡේදයක් කියවීම සභාවේ වත්මන් සභාපතිවරයාගේ ප්‍රධාන සම්මන්ත්‍රණ පණිවිඩයක් කියවීමට වඩා වෙනස් යැයි හැඟෙනවා. සමහර වෙලාවට පුරාණ අනාගතවක්තෘවරුන්ට අපට කීමට යමක් ඇති බව දැකීම අපහසුයි. ඒ මොකද, අද අප ජීවත් වන ලෝකය ඔවුන් දේශනා කළ හා අනාවැකි පැවසූ ලෝකයට වඩා හාත්පසින්ම වෙනස්. අපට ජීවමාන අනාගතවක්තෘවරයෙකු සිටීම ප්‍රශ්නයක් මතු කළ හැකියි: පුරාණ අනාගතවක්තෘවරුන්ගේ වචන කියවීමට—උත්සාහ කිරීම වටින්නේ—සහ උත්සාහයක් අවශ්‍ය වන්නේ ඇයි?
ග්‍රෙග් ඔල්සෙන් විසින්, Fulness of Times [කාලය සම්පූර්ණ වීම]
පුරාණ අනාගතවක්තෘවරුන්ට අපට කීමට යමක් ඇත
බොහෝ දුරට, අද මිනිසුන් පරණ ගිවිසුමේ අනාගතවක්තෘවරුන්ගේ මූලික ප්‍රේක්ෂකයින් වෙන්නේ නෑ. අපගේ පසුදවස්වල අනාගතවක්තෘවරුන් අද අපගේ ක්ෂණික අවශ්‍යතා ආමන්ත්‍රණය කරන ආකාරයටම—එම අනාගතවක්තෘවරුන්ටත් ඔවුන්ගේ කාලය හා ස්ථානය ගැන ඔවුන් ආමන්ත්‍රණය කරන ක්ෂණික අවශ්‍යතා තිබුණා.
ඒ අතරම, අනාගතවක්තෘවරුන්ට ක්ෂණික අවශ්‍යතාවලින් ඔබ්බට ද දකින්න පුළුවන්. ඔවුන් ඕනෑම වේලාවකට සහ ස්ථානයකට අදාළ සදාකාලික සත්‍යයන් උගන්වනවා. එළිදරව්වෙන් ආශිර්වාද ලත් ඔවුන් දෙවියන්වහන්සේගේ කාර්යයේ පුළුල් දෘෂ්ටිකෝණය දකිනවා. උදාහරණයක් වශයෙන්, යෙසායා තම කාලයේ සිටි මිනිසුන්ට ඔවුන්ගේ පව් ගැන අනතුරු ඇඟෙව්වා. අනාගතයේදී අවුරුදු 200ක් ජීවත් වන ඉශ්‍රායෙල් සෙනඟගේ ගැලවීම ගැනද ඔහු ලියුවා. ඒ අතරම, දෙවියන්වහන්සේගේ සියලු ජනතාව සොයන ගැලවීම ගැන ඔහු ඉගැන්නුවා. ඒවගේම, ඔහු ලියූ අනාවැකි, එනම් “ස්වාමින්වහන්සේ ගැන දැනගැන්මෙන්” (යෙසායා 11:9) පූර්ණවී ඇති “අලුත් පොළොවක්” (යෙසායා 65:17), ඉශ්‍රායෙල්හි නැතිවූ ගෝත්‍ර රැස් කරනු ලබන අතර “ජාතීන්” “තවත් යුද්ධ ඉගෙන” (යෙසායා 2:4) නොගන්නවා වැනි පොරොන්දු—අදටත් ඉටුවෙන තුරු බලා සිටිනවා. යෙසායා වැනි පරණ ගිවිසුමේ අනාගතවක්තෘවරුන්ගේ වචන කියවීමෙන් ලැබෙන ප්‍රීතිය හා ආශ්වාදයෙන් කොටසක් වන්නේ ඔවුන් සිතූ මහිමාන්විත දවසේ අප කාර්යභාරයක් ඉටු කරන බව වටහා ගැනීමයි.
ඒ නිසා ඔබ පුරාණ අනාවැකි කියවන විට, ඒවා ලියා ඇති සන්දර්භය ගැන ඉගෙන ගැනීම උපකාරී වෙන්න පුළුවන්—නමුත් ඔබ ඒවා තුළ ඔබවම දැකිය යුතුයි, නැතහොත් “නුඹලාම ඒවා අදාළ කරගත යුතුයි” (බලන්න 1 නෙපී 19:24; තවත් බලන්න 23 වෙනි පදය.) සමහර විට එයින් අදහස් වන්නේ බැබිලෝනිය පුරාණ නගරයක් ලෙස පමණක් නොව පාපය සහ උඩඟුකමේ සංකේතයක් ලෙස හඳුනා ගැනීමයි. ඕනෑම වේලාවක සහ ස්ථානයක ඉශ්‍රායෙලය දෙවියන්වහන්සේගේ සෙනඟ ලෙස තේරුම් ගැනීම එයින් අදහස් වෙන්න පුළුවන්. එසේත් නැතිනම් එය යෙරුසලම සඳහා තවත් වචනයක් ලෙස දකිනවා වෙනුවට, දෙවියන්වහන්සේගේ සෙනඟ වැලඳගන්නා පසුදවස්වල හේතුව ලෙස සයොනය දැකීම අදහස් වෙන්න පුළුවන්.
අනාවැකියක් විවිධ ආකාරවලින් ඉටු විය හැකි බව අපට වැටහෙන නිසා අපට ශුද්ධලියවිලි අපගේ ජීවිතය සමග සංසන්දනය කරන්න පුළුවන්. හොඳ උදාහරණයක් තමයි යෙසායා 40:3 තුළ ඇති අනාවැකිය: “කාන්තාරයෙහි මොරගසන තැනැත්තාගේ හඬ, අපේ දෙවියන්වහන්සේට වනයෙහි මාවතක් සමතලා කරපල්ලා.” බැබිලෝනියේ වහල්භාවයේ සිටි යුදෙව්වන්ට, මෙම ප්‍රකාශය වහල්භාවයෙන් මිදී නැවත යෙරුසලමට යාමට මාර්ගයක් සපයන ස්වාමින්වහන්සේ ගැන සඳහනක් වන්නට ඇති. මතෙව්, මාර්ක් සහ ලූක් වෙත, මෙම අනාවැකිය ගැලවුම්කරුවාණන්ගේ ලෞකික දේවසේවය සඳහා මාර්ගය සකස් කළ යොහන් බව්තීස්ත වෙත යොමුවක් වුණා. ක්‍රිස්තුස්වහන්සේගේ සහස්‍රයේ දේවසේවය සඳහා සූදානම් වෙමින් මෙම අනාවැකිය අදටත් ඉටු වෙමින් පවතින බව ජෝසෆ් ස්මිත්ට එළිදරව් වුණා. අපි තවමත් තේරුම් ගනිමින් සිටින ආකාරයෙන්, පුරාණ අනාගතවක්තෘවරුන් අපට කතා කළා. එමෙන්ම පුරාණ ඉශ්‍රායෙලයට මෙන්ම අපටද අදාළ වන බොහෝ වටිනා, සදාකාලික සත්‍යයන් ඔවුන් ඉගැන්වූවා.
පුරාණ අනාගතවක්තෘවරු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දුන්නා.
සමහර විට පරණ ගිවිසුමේ අනාවැකිවල ඔබ ඔබවම දකිනවාට වඩා වැදගත් වන්නේ, ඒවා තුළ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැකීමයි. ඔබ උන්වහන්සේව සොයන්නේ නම්, උන්වහන්සේව නමින් නම් නොකළත්, ඔබට උන්වහන්සේව හමුවෙයි. පරණ ගිවිසුමේ දෙවියන්වහන්සේ, ස්වාමින් වන යෙහෝවාවහන්සේ ,යේසුස් ක්‍රිස්තුස්වහන්සේ බව මතක තබාගැනීම උපකාරී වෙන්න පුළුවන්. ස්වාමින්වහන්සේ සිදු කළේ කුමක්ද හෝ උන්වහන්සේ සිදු කරන්නට යන්නේ කුමක්ද කියා අනාගතවක්තෘවරුන් විස්තර කරන ඕනෑම අවස්ථාවක, ඔවුන් කතා කරන්නේ ගැලවුම්කරුවාණන් ගැනයි.
කීත් ලාර්සන් විසින්, The Lord Appearing unto Abraham [ස්වාමින්වහන්සේ ආබ්‍රහම්ට පෙනී සිටීම]
දාවිත්ගේ පෙළපතෙන් අභිෂේක ලත් තැනැත්තෙකු, මිදුම්කරුවෙකු සහ අනාගත රජෙකු පිළිබඳ යොමු ද ඔබට හමුවෙයි. මේ සියල්ල යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අනාවැකි. වඩාත් පොදුවේ, ඔබ ගැලවීම, සමාව දීම, මිදීම සහ නැවත පිහිටුවීම ගැන කියවයි. ඔබගේ මනසෙහි සහ හදවතෙහි ගැලවුම්කරුවාණන් සමඟ, මෙම අනාවැකි ස්වභාවිකවම ඔබව දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වෙත යොමු කරයි. ඇත්ත වශයෙන්ම, අනාවැකිය තේරුම් ගැනීමට ඇති හොඳම මාර්ගය තමයි “අනාගතවාක්‍යයේ ආත්මය” තිබීම, එය යොහන් අපට පවසන්නේ “යේසුස්වහන්සේගේ සාක්ෂිය” (එළිදරව් 19:10) විදියටයි.