“දෙසැම්බර් 22–28: ‘දෙවියන්වහන්සේගේ දිව්‍යමය පුත්‍රයාණන්ගේ අසමසම ත්‍යාගය,’” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“නත්තල,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
ජේ. කර්ක් රිචර්ඩ්ස් විසින්, Nativity in Copper and Umber [යේසුස්වහන්සේගේ උපත තඹ සහ දුඹුරු පාටින්]
දෙසැම්බර් 22–28: දෙවියන්වහන්සේගේ දිව්‍යමය පුත්‍රයාණන්ගේ අසමසම ත්‍යාගය
නත්තල
අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් මෙසේ ප්‍රකාශ කළා, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන, එනම් උන්වහන්සේ මිය ගිය බව, තැන්පත් කළ බව, තුන්වන දවසේ නැවත නැගිටි බව, සහ ස්වර්ගයට ඉහළට ගිය බවට වූ ප්‍රේරිතවරුන්ගේ සහ අනාගතවක්තෘවරුන්ගේ සාක්ෂි අපේ ආගමේ මූලික ප්‍රතිපත්ති වෙනවා; අපගේ ආගමට අදාළ අනෙකුත් සියලුම දේවල් ඒවාට අනුබද්ධ දේවල් පමණයි” (Teachings of Presidents of the Church: Joseph Smith [2011], 49). වසර 160 කට පසු, ගැලවුම්කරුවාණන්ගේ උපතේ 2,000 වැනි සංවත්සරයට ගෞරවයක් වශයෙන් “ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ: ප්‍රේරිතවරුන්ගේ සාක්ෂිය” යන ප්‍රකාශය ප්‍රකාශයට පත්කිරීමට පළමු සභාපතිත්වයට සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයට පෙළඹවීමක් දැනුණා (බලන්න Russell M. Nelson, “Drawing the Power of Jesus Christ into Our Lives,” Liahona, May 2017, 40).
පසුදවස්වල ශුද්ධවන්තයින් ලෙස, මෑතකාලීන අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් හරහා අඛණ්ඩව එළිදරව් ලැබීමේ ආශිර්වාදය ගැන අපි ප්‍රීති වෙනවා. ඔවුන්ගේ ආනුභාව ලත් උපදෙස්, අනතුරු ඇඟවීම් සහ දිරිගැන්වීම් සඳහා අපි ස්තූතිවන්ත වෙනවා. නමුත් සියල්ලටම වඩා, නත්තල් සමයේදී සහ අවුරුද්ද පුරා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ඔවුන්ගේ බලවත් සාක්ෂිවලින් අපි ආශිර්වාද ලබනවා. මේවා හුදෙක් දක්ෂ ලේඛකයන්ගේ හෝ ප්‍රසිද්ධ කථිකයන්ගේ දේවානුභාවය ලත් වචන හෝ ශුද්ධලියවිලි ගැන ප්රවීණයන්ගේ අදහස් පමණක් නොවේ. ඒවා දෙවියන්වහන්සේ විසින් තෝරාගත්, කැඳවන ලද සහ අධිකාරිත්වය ඇති “මුළු ලෝකයටම ක්‍රිස්තුස්වහන්සේගේ නාමයේ විශේෂ සාක්ෂිකරුවන්ගේ” වචනයි (දහම සහ ගිවිසුම් 107:23).
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
“වෙනත් කිසිවකු එතරම් ගැඹුරු බලපෑමක් කර නැත.”
“පොළොවේ ජීවත් වූ සහ ජීවත් වීමට නියමිත කිසිවෙක් [යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තරම්] මෙතරම් ගැඹුරු බලපෑමක් කර නැත” යන ප්‍රකාශයට සහය දැක්වීමට ඔබට පැවසිය හැක්කේ කුමක්ද? “ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ” තුළ ගැලවුම්කරුවාණන්ගේ මෙම ගැඹුරු බලපෑම ගැන සාක්ෂි දරන ඡේද සොයන්න. උන්වහන්සේ ඔබව යහපත් ලෙස පොළඹවා ඇත්තේ කෙසේද?
ඔබ නත්තල සමරන්නේ ඇයි කියා ක්‍රිස්තියානි දහම ගැන නොදන්නා කෙනෙක් ඔබෙන් ඇසුවා යැයි සිතමු. ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? මෙම ප්රශ්නය මනසේ තබාගෙන “ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ” සමාලෝචනය කර, ඔබ වෙත එන ඕනෑම සිතුවිල්ලක් හෝ හැඟීමක් ලිවීම ගැන සලකා බලන්න.
Why We Need a Savior
“උන්වහන්සේ සොහොනින් නැගිට සිටි සේක.”
උත්ථාන වූ ස්වාමින්වහන්සේගේ දර්ශනය වීම් තුනක් ගැන සඳහන් කරමින්, “ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ” තුළ, ප්‍රේරිතවරුන් විසින් ගැලවුම්කරුවාණන්ගේ මරණයෙන් නැවත නැගිටීම ගැන සාක්ෂි දරනවා (බලන්න 5 වෙනි පරිච්ඡේදය). යොහාන් 20; 3 නෙපී 11; සහ ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:14–20 හි මෙම දර්ශනය වීම් පිළිබඳ සමහර වාර්තා කියවීම ගැන සලකා බලන්න. මෙම දර්ශනය වීම් වලදී ගැලවුම්කරුවාණන්ගේ වචනවලින් සහ ක්‍රියාවන්ගෙන් ඔබ උන්වහන්සේ ගැන ඉගෙනගන්නේ මොනවාද?
ගැලවුම්කරුවාණන් කෙරෙහි අවධානය යොමු කරන්න. “යාච්ඤාවෙන් යුතුව ‘ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ’ කියවීම, මතෙව්, මාර්ක්, ලූක්, යොහන් සහ මොර්මොන්ගේ පොතේ අනාගතවක්තෘවරුන්ගේ සාක්ෂි කියවීම හා සමානයි. එය ගැලවුම්කරුවාණන් කෙරෙහි ඔබේ ඇදහිල්ල වැඩි කර, උන්වහන්සේහ කෙරෙහි අවධානය යොමු කිරීමට ඔබට උපකාර කරනවා” (M. Russell Ballard, “Return and Receive,” Liahona, May 2017, 65).
“උන්වහන්සේගේ පූජකවරය සහ උන්වහන්සේගේ සභාව නැවත පිහිටුවා ඇත.”
මෙම වසරේ දහම සහ ගිවිසුම් පිළිබඳ ඔබගේ අධ්‍යයනය අතරතුර, ගැලවුම්කරුවාණන්ගේ “පූජකවරය සහ උන්වහන්සේගේ සභාව නැවත පිහිටුවා ඇති” ආකාරය ගැන වැඩිදුර ඉගෙන ගැනීමට ඔබට අවස්ථාව ලැබී තිබෙනවා. ඔබට විශේෂයෙන් අර්ථවත් වූ නැවත පිහිටවූ සත්‍යයන් හෝ ප්‍රතිපත්ති මොනවාද? නැවත පිහිටුවීම ගැන උගන්වන පහත සඳහන් ශුද්ධලියවිලි පද කිහිපයක් සමාලෝචනය කිරීම ගැන සලකා බලන්න: දහම සහ ගිවිසුම් 1:17–23; 13; 20:1–12; 65; 110; 112:30–32; 124:39–42; 128:19–21. නැවත පිහිටුවන ලද ශුභාරංචියේ සත්‍යයන්, ඔබට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැනගැනීමට සහ උන්වහන්සේට ප්‍රේම කිරීමට උපකාර කරන්නේ කෙසේදැයි මෙනෙහි කරන්න.
“උන්වහන්සේ කවදා හෝ නැවත පොළොවට පැමිණෙනු ඇත.”
නත්තල යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උපත ලැබූ දිනය දෙස ආපසු හැරී බලා, උන්වහන්සේ නැවත පැමිණෙන දිනය දෙස ඉදිරිය බලා සිටිය යුතු කාලයකි. “ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ” හි දෙවන පරිච්ඡේදයේ සිට අවසාන පරිච්ඡේදය දක්වා උන්වහන්සේගේ නැවත පැමිණීම ගැන ඔබ ඉගෙන ගන්නේ මොනවාද?
“ආලෝකය ද, ජීවනය ද, ලෝකයේ බලාපොරොත්තුව ද උන්වහන්සේ වේ.”
“ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ” හි අවසාන පරිච්ඡේදයේ ගැලවුම්කරුවාණන් සඳහා ලබා දී ඇති ගුණාංග සහ නම් ගැන අවධානය යොමුකරන්න. ඒවායින් සමහරක් ගැන ඉගෙන ගැනීමට කාලය ගත කිරීම ගැන සලකා බලන්න. උදාහරණයක් ලෙස:
ආලෝකය: යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට ආලෝකයක් මෙන් වන්නේ කෙසේද? උන්වහන්සේ ඔබට ලබා දෙන ආලෝකය නියෝජනය කරන පින්තූරයක් ඇඳීම හෝ ඡායාරූපයක් ගැනීම ගැන ඔබට සලකා බැලිය හැකිය. ඔබට පෙළඹවීමක් දැනෙන්නේ උන්වහන්සේගේ ආලෝකය බෙදාගැනීම සඳහා කුමක් කිරීමටද? (තවත් බලන්න යොහාන් 8:12; 3 නෙපී 18:24; දහම සහ ගිවිසුම් 50:24.)
ජීවනය: ඔබ සිතන ආකාරයට ජීවනය යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විස්තර කිරීමට හොඳ වචනයක් වන්නේ ඇයි? උන්වහන්සේ ඔබට ජීවනය ලබා දෙන්නේ කුමන අර්ථයෙන්ද? උන්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය නොමැතිව ඔබගේ ජීවිතය කුමන ආකාරයෙන් වෙනස් වේද? (තවත් බලන්න යොහාන් 10:10; 1 කොරින්ති 15:19–23; දහම සහ ගිවිසුම් 66:2.)
බලාපොරොත්තුව: යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය නිසා ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද? අනාගතය ගැන බලාපොරොත්තු සුන් වූ කෙනෙක් ගැන ඔබ දන්නවාද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබට හැඟෙන බලාපොරොත්තුව එම පුද්ගලයා සමඟ බෙදාගන්නේ කෙසේදැයි මෙනෙහි කරන්න. (තවත් බලන්න රෝම 8:24–25; ඊතර් 12:4; මොරෝනි 7:41.)
“[උන්වහන්සේගේ] අසමසම ත්‍යාගය සඳහා දෙවියන්වහන්සේට ස්තූති වේවා.”
“ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ” තුළ ප්‍රේරිතවරුන් විසින් ගැලවුම්කරුවාණන්ව, අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේගෙන් ලද “ත්‍යාගයක්” ලෙස හඳුන්වනවා. “ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ” තුළ ඔබ සොයා ගන්නා දේ මත පදනම්ව, ඔබ මෙම වාක්‍යය සම්පූර්ණ කරන්නේ කෙසේද: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ මට ලබාදෙන ත්‍යාග වන්නේ …” මෙම ත්‍යාග වඩාත් සම්පූර්ණයෙන් ලබා ගැනීමට ඔබට කළ හැකි දේ ගැන මෙනෙහි කරන්න .
“ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ” අධ්‍යයනය කිරීම ගැලවුම්කරුවාණන් කෙරෙහි ඔබගේ ඇදහිල්ලට සහ ප්‍රේමයට බලපා ඇත්තේ කෙසේද?
Excerpts from "The Living Christ: The Testimony of the Apostles"
තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
යේසුස්වහන්සේගේ උපත සැමරීම සඳහා මට “[මගේ] සාක්ෂිය ඉදිරිපත්” කළ හැකිය.
-
“ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ” යන ප්‍රකාශය ඔබේ දරුවන්ට හඳුන්වා දිය හැකි ආකාරය ගැන සලකා බලන්න. සමහර විට ඔබට එහි මාතෘකාවේ ඇති ක්‍රිස්තුස්වහන්සේ යන නම වෙත සහ පළමු සභාපතිත්වයේ සහ දොළොස්-දෙනාගේ අත්සන් වෙත ඇඟිල්ලෙන් පෙන්වීමට ඔවුන්ට උපකාර කළ හැකිය. මෙය ලෝකය සමඟ බෙදා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ඔවුන්ගේ සාක්ෂිය බව ඔබට පැහැදිලි කළ හැකිය.
-
ඔබට සෑම දරුවෙකුටම “ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ” වෙතින් වාක්‍ය ඛණ්ඩයක් ලබා දී, එම වාක්‍ය ඛණ්ඩයේ පින්තූරයක් සොයා ගැනීමට හෝ චිත්‍රයක් අඳින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිය හැකිය. ඉන්පසු ඔබට “ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ” තුළ එම වාක්‍ය ඛණ්ඩය සොයා ගැනීමට ඔවුන්ට උපකාර කළ හැකිය. ඔබට එම පින්තූර සහ වාක්‍ය ඛණ්ඩ කුඩා පොතක් ලෙස වුවද සෑදිය හැකිය.
-
ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ ඔබේ සාක්ෂිය ලබා ගත් ආකාරය එකිනෙකා සමඟ බෙදා ගන්න. සමහර විට ඔබට ගැලවුම්කරුවාණන්ගේ පින්තූරයක් අතිනත යවමින්, මාරුවෙන් මාරුවට උන්වහන්සේ ගැන ඔබ දන්නා දෙයක් බෙදාගත හැකිය (“ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ” තුළ උගන්වන සත්‍යයන් ඇතුළුව).
“උන්වහන්සේ යහපත් දේ කරමින් ගිය සේක.”
-
ඔබ සහ ඔබේ දරුවන් “ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ” හි දෙවන පරිච්ඡේදය කියවන විට, යේසුස්වහන්සේ කළ සමහර දේවල් ගැන ඔවුන් සමඟ කතා කරන්න. ඔබට උන්වහන්සේගේ ජීවිතය ගැන ඇති පින්තූර බැලීමටද හැකිය (මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව සහ ශුභාරංචි කලා පොත බලන්න). එම පින්තූරවල ගැලවුම්කරුවාණන් කරන දේ ගැන කතා කිරීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න. උන්වහන්සේ කළාක් මෙන් අපට අන් අයට සේවය කළ හැක්කේ කෙසේද?
“ආලෝකය ද, ජීවනය ද, ලෝකයේ බලාපොරොත්තුව ද උන්වහන්සේ වන සේක.”
-
එකට එක් වී ගීතිකා ගායනා කරමින්, යේසුස්වහන්සේ ඔබේ දරුවන්ගේ ජීවිතවලට ආලෝකය, ජීවනය සහ බලාපොරොත්තුව ගෙන ආ ආකාරය බෙදාගැනීමට ඔවුන්ට ඉඩදෙන්න.
“දෙවියන්වහන්සේගේ දිව්‍ය පුත්‍රයාණන්ගේ අසමසම ත්‍යාගය වෙනුවෙන් උන්වහන්සේට ස්තූති වේවා.”
-
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා අපට ලැබී ඇති ත්‍යාග මොනවාද? සමහරවිට ඔබට සහ ඔබේ දරුවන්ට “ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ” තුළ මෙම ත්‍යාග සෙවිය හැකිය. ඉන්පසු ඔවුන්ට එම ත්‍යාග නියෝජනය කරන යමක් ත්‍යාගයක් ලෙස ඔතා ගත හැකිය. ඔබේ දරුවන්ට ගැලවුම්කරුවාණන්ව සහ උන්වහන්සේ අපට දුන් ත්‍යාග මතක තබා ගැනීමට උපකාර කිරීම සඳහා, නත්තල් දිනයේදී එම තෑගි විවෘත කරන ලෙස ඔබට ඔවුන්ට යෝජනා කළ හැකිය.
තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.