“දෙසැම්බර් 8–14: ‘අපි විශ්වාස කරන්නෙමු’: ඇදහිල්ලේ කරුණු සහ නිල ප්‍රකාශන 1 සහ 2,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“ඇදහිල්ලේ කරුණු සහ නිල ප්‍රකාශන 1 සහ 2,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
එමා ඇලබෙස් විසින්, To All Worthy Male Members [සියලුම සුදුසු පිරිමි සාමාජිකයින් වෙත]
දෙසැම්බර් 8–14: “අපි විශ්වාස කරන්නෙමු”
ඇදහිල්ලේ කරුණු සහ නිල ප්‍රකාශන 1 සහ 2
ජෝසෆ් ස්මිත්ගේ පළමු දර්ශනයේ සිට, දෙවියන්වහන්සේ විසින් එළිදරව් මගින් උන්වහන්සේගේ සභාවට මගපෙන්වනවා. සමහර අවස්ථාවලදී, එම එළිදරව් වලට සභාවේ ප්‍රතිපත්ති සහ භාවිතයන් සඳහා වෙනස්කම් ඇතුළත් කර තිබුණා. නිල ප්‍රකාශන 1 සහ 2 මේ ආකාරයේ එළිදරව්වක් ප්‍රකාශයට පත් කළා–එකක් බහු විවාහය අවසන් කිරීමට හේතු වූ අතර අනෙක සියලු ජාතීන්ට අයත් පුද්ගලයන්ට පූජකවරය ලැබීමේ ආශිර්වාදය ලබාදුන්නා. මෙවැනි වෙනස්කම්, සත්‍ය සහ ජීවමාන දෙවියන් කෙනෙකු විසින් මෙහෙයවනු ලබන ජීවමාන අනාගතවක්තෘවරයෙකු සමඟ ඇති “සත්‍ය සහ ජීවමාන සභාවක්” (දහම සහ ගිවිසුම් 1:30) තිබීමෙහි කොටසක් වෙනවා.
නමුත් සදාකාලික සත්‍යය පිළිබඳ අපගේ අවබෝධය වෙනස් වුවත්, එම සත්‍යය වෙනස් වන්නේ නෑ. සමහර අවස්ථා වල එළිදරව් මගින් එම සත්‍යයට අමතර ආලෝකයක් ලබාදෙනවා. ඇදහිල්ලේ කරුණු මෙම පැහැදිලි කිරීමේ අරමුණ ඉටු කරනවා. සභාව, සදාකාලික සත්‍යය මත ස්ථිරව පිහිටුවා ඇති නමුත් “මනුෂ්‍යය දරුවන්ගේ අවශ්‍යතාවයන්ට අනුව උන්වහන්සේගේ කරුණාව ප්‍රමාණවත් වන අයුරින්, ස්වාමින්වහන්සේගේ කැමැත්තට අනුව” එය වර්ධනය වී වෙනස් වෙන්න පුළුවන්. (දහම සහ ගිවිසුම් 46:15). වෙනත් වචන වලින් කිවහොත්, “දෙවියන්වහන්සේ විසින් එළිදරව් කරන ලද සියල්ලද, උන්වහන්සේ දැන් එළිදරව් කරන සියල්ලද, අපි විශ්වාස කරන්නෙමු, තවද දෙවියන්වහන්සේගේ රාජ්‍යය හා සම්බන්ධ ඉතා උතුම් හා වැදගත් දේවල් බොහොමයක් උන්වහන්සේ අනාගතයේදී එළිදරව් කරන බවද අපි විශ්වාස කරන්නෙමු” (ඇදහිල්ලේ කරුණු 1:9).
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
ඇදහිල්ලේ කරුණුවල නැවත පිහිටුවන ලද ශුභාරංචිය පිළිබඳ මූලික සත්‍යයන් අඩංගු වෙනවා.
ඇදහිල්ලේ කරුණු අධ්‍යයනය කිරීම සඳහා මෙම ප්‍රවේශය සලකා බලන්න: ඇදහිල්ලේ සෑම කරුණුක් සඳහාම, ඔබ විශ්වාස කරන දේ පැහැදිලි කිරීමට “කුඩා පාඩමක්” සාදන්න. ඔබේ මෙම කුඩා පාඩමට එයට අදාළ ශුද්ධලියවිල්ලක්, පින්තූරයක්, ගීතිකාවක් හෝ ළමා ගීතයක් හෝ එම ඇදහිල්ලේ කරුණ උගන්වන සත්‍යයක් අනුව ජීවත්වීම පිළිබඳ පුද්ගලික අත්දැකීමක් ඇතුළත් විය හැකිය.
ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඇති ඔබේ සම්බන්ධතාවයට මෙම සත්‍යයන් ඇති කරන්නේ කුමන ආකාරයේ වෙනසක්ද? ඇදහිල්ලේ කරුණු ඔබගේ ශුභාරංචි අධ්‍යයනය වැඩිදියුණු කර හෝ අන් අය සමඟ ශුභාරංචිය බෙදා ගැනීමට ඔබට උපකාර කර ඇත්තේ කෙසේද?
ඇදහිල්ලේ කරුණු 1:9; නිල ප්‍රකාශන 1 සහ 2
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට මගපෙන්වනු ලබන්නේ එළිදරව් මගිනි.
“දෙවියන්වහන්සේගේ රාජ්‍යය හා සම්බන්ධ ඉතා උතුම් හා වැදගත් දේවල් බොහොමයක් උන්වහන්සේ අනාගතයේදී එළිදරව් කරන බවද අපි විශ්වාස කරන්නෙමු” (ඇදහිල්ලේ කරුණු 1:9). මෙම මූලධර්මය මනසේ තබාගෙන, නිල ප්‍රකාශන 1 සහ 2 සමාලෝචනය කර, දිගටම ලැබෙන එළිදරව් කිරීම සඳහා ඔබේ ඇදහිල්ල ශක්තිමත් කරන වචන සහ වාක්‍ය ඛණ්ඩ සොයන්න. මෙම එළිදරව් කිරීම් ඔබේ ජීවිතයට බලපා ඇත්තේ කෙසේද? ස්වර්ගික පියාණන්වහන්සේගේ රාජ්‍යයේ ප්‍රගතියට ඒවා උපකාර කර ඇත්තේ කෙසේද?
අද සභාව මෙහෙයවනු ලැබෙන්නේ “සර්වබලධාරී දෙවියන්වහන්සේගේ අනුභාවයෙන් යුතුව” බවට ඔබ දකින සාක්ෂි මොනවාද? (නිල ප්‍රකාශය 1). ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සභාවට සහ ඔබේ ජීවිතයට මගපෙන්වන ආකාරය සොයමින්, ඔබට මෑතකාලීන ප්‍රධාන සම්මන්ත්‍රණ පණිවිඩ එකක් හෝ කිහිපයක් සමාලෝචනය කළ හැකිය. සභාවේ සභාපතිවරයාගේ නවතම පණිවිඩය එය ආරම්භ කිරීමට හොඳ කතාවක් විය හැකිය.
ස්වාමින්වහන්සේ තම අනාගතවක්තෘවරුන් හරහා උගන්වන දේ තේරුම් ගැනීමට හෝ පිළිගැනීමට, ඔබ හෝ ඔබ ආදරය කරන කෙනෙකු අරගල කරන්නේ නම් ඔබට කළ හැක්කේ කුමක්ද? අනාගතවක්තෘවරයෙකු සිටීම ගැන ඔබ කෘතඥ වන්නේ ඇයි?
තවත් බලන්න ආමොස් 3:7; 2 නෙපී 28:30; ඇලන් ඩී. හෙයිනි, “පසුදවස් සඳහා ජීවමාන අනාගතවක්තෘවරයෙක්,” ලියහෝනා, මැයි 2023, 25–28.
දෙවියන්වහන්සේගේ කාර්යය ඉදිරියට යා යුතුමය.
“ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධව සභාපති වුඩ්රෆ්ගේ කතා තුනකින් උපුටාගැනීම්” තුළ (නිල ප්‍රකාශය 1 අවසානයේ), ස්වාමින්වහන්සේ විසින් බහු විවාහ චාරිත්‍රය අවසන් කිරීම ගැන අනාගතවක්තෘවරයා දැක්වූ හේතු මොනවාද? දෙවියන්වහන්සේගේ කාර්යය ගැන මෙයින් ඔබට උගන්වන්නේ කුමක්ද?
එච්.ඊ. පීටර්සන් විසින්, Wilford Woodruff [විල්ෆර්ඩ් වුඩ්රෆ්]
මට පරිපූර්ණ අවබෝධයක් නොමැති විට පවා, මට ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකිය.
අප්‍රිකානු සම්භවයක් ඇති සභා සාමාජිකයින්ට යම් කාලයක් සඳහා පූජකවරය නියම කිරීම සහ දේවමාළිගාවේ නියෝග නොතිබුනේ මන්දැයි අපි දන්නේ නැහැ. එම ප්‍රතිපත්තිය පිළිබඳ පිළිතුරු නොලැබුණු දුෂ්කර ප්‍රශ්නවලට මුහුණ දෙන විට පවා, බොහෝ කළු පසුදවස්වල ශුද්ධවන්තයින් ස්වාමින්වහන්සේව විශ්වාස කළ අතර (බලන්න හිතෝපදේශ 3:5) එමෙන්ම ඔවුන්ගේ ජීවිත කාලය පුරාම උන්වහන්සේට ඇදහිලිවන්තව සිටියා. ඔවුන්ගේ ඇදහිල්ල සහ අත්දැකීම් ගැන ඉගෙන ගැනීම ඔබව ප්‍රබෝධමත් කරයි. history.ChurchofJesusChrist.org හි සොයා ගත හැකි ඔවුන්ගේ වාර්තා කිහිපයක් මෙන්න:
-
“Jane Elizabeth Manning James”
-
“In My Father’s House Are Many Mansions” (story of Green Flake)
-
“You Have Come at Last” (story of Anthony Obinna)
-
“Break the Soil of Bitterness” (story of Julia Mavimbela)
-
“I Will Take It in Faith” (story of George Rickford)
-
“Long-Promised Day” (story of Joseph W. B. Johnson)
ඔබ නිල ප්‍රකාශය 2 කියවන විට, ස්වාමින්වහන්සේගේ සභාවේ ප්‍රතිපත්ති වලට මගපෙන්වීම සඳහා උන්වහන්සේගේ ක්‍රියාවලිය ගැන ඔබ ඉගෙන ගන්නේ මොනවාද? ඔබට පරිපූර්ණ අවබෝධයක් නොමැති විට පවා, ස්වාමින්වහන්සේව විශ්වාස කිරීමට ඔබ ඉගෙන ගෙන ඇත්තේ කෙසේදැයි මෙනෙහි කරන්න.
තවත් බලන්න 2 නෙපී 26:33.
“මම දන්නේ නැහැ” කීම කමක් නැහැ. ඔබ උගන්වන මිනිසුන්ගේ ශුභාරංචිය පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දීමට උපකාර කිරීමට ඔබ උපරිමයෙන් උත්සාහ කළ යුතු අතර, ඔබ සියල්ලම දැනගෙන සිටීම ස්වාමින්වහන්සේ අපේක්ෂා කරන්නේ නෑ. ඔබ යම් දෙයකට පිළිතුරු දීමට නොදන්නා විට, එය නොදන්නා බව පිළිගන්න. පසුව එළිදරව් කර ඇති දහමට ඉගෙන ගන්නන්ව යොමු කරන්න, ඒවගේම ඔබ දන්නා දේ පිළිබඳ අවංකව සාක්ෂි දරන්න.
තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය විශ්වාස කරනවා.
-
ඔබේ දරුවන්ට ඇදහිල්ලේ කරුණු එකක් හෝ කිහිපයක් තේරුම් ගැනීමට උපකාර කළ හැකි ගීතිකා හෝ ළමා ගීත සොයා ගැනීම සහ ඒවා ගායනා කිරීම ගැන සලකා බලන්න. සමහරවිට ඔබට ගීතිකා සහ ගීත තෝරා ගැනීමට දරුවන්ට උපකාර කළ හැකිය. එම ගීත ඇදහිල්ලේ කරුණු හා සම්බන්ධ වන්නේ කෙසේදැයි බැලීමට ඔබේ දරුවන්ට උදවු කරන්න.
-
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය හෝ උන්වහන්සේගේ සභාව ගැන මිනිසුන්ට ඇති විය හැකි ප්‍රශ්න සටහන් කිරීමට, ඔබට සහ ඔබේ දරුවන්ට එකට එකතු වී වැඩ කළ හැකිය. ඉන්පසු ඔබට ඇදහිල්ලේ කරුණු භාවිතා කරමින් එම ප්‍රශ්නවලට පිළිතුරු දීමට එකට එකතු වී වැඩ කළ හැකිය. අපට ශුභාරංචිය ගැන ප්‍රශ්න ඇති විට, අපට යා හැකි තවත් ස්ථාන මොනවාද?
ඇදහිල්ලේ කරුණු 1:9; නිල ප්‍රකාශන 1 සහ 2
ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ අනාගතවක්තෘවරයා හරහා උන්වහන්සේගේ සභාවට මගපෙන්වන සේක.
-
ඔබේ දරුවන්ට ඇදහිල්ලේ කරුණු වල නවවැන්න තේරුම් ගැනීමට උපකාර කිරීම සඳහා, සමහරවිට ඔබට ඔවුන්ට ශුද්ධලියවිලි පොත් කිහිපයක් සහ ජීවමාන අනාගතවක්තෘවරයාගේ පින්තූරයක් ලබාදිය හැකිය (නැතහොත් ලියහෝනා හි මෑත සම්මන්ත්‍රණ කලාපයක් ලබා දිය හැකිය). ඔබ “දෙවියන්වහන්සේ විසින් එළිදරව් කරන ලද සියල්ල” ලෙස කියවන විට ඔවුන්ට ශුද්ධලියවිලි ඔසවන ලෙසත්, ඔබ “උන්වහන්සේ දැන් එළිදරව් කරන සියල්ල” ලෙස කියවන විට පින්තූරය හෝ සඟරා ඔසවන ලෙසත් ඔවුන්ට කියන්න (ඇදහිල්ලේ කරුණු 1:9). අපට පැරණි සහ නූතන අනාගතවක්තෘවරුන් යන දෙපාර්ශවයම අවශ්‍ය වන්නේ ඇයි?
-
ආහාර හෝ සෙල්ලම් බඩුවක් වැනි යමක් සෑදීමට ලබාදී ඇති උපදෙස් අනුගමනය කිරීමෙන්, අනාගතවක්තෘවරුන්ගේ වචන අපට මගපෙන්වන ආකාරය ඔබේ දරුවන්ට ඉගෙන ගත හැකිය. ඔබට මෙය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අනාගතවක්තෘවරයා හරහා අපට ලබාදෙන උපදෙස් සමඟ සැසඳිය හැකිය. ස්වාමින්වහන්සේ විසින් වර්තමානයේ සිටින ජීවමාන අනාගතවක්තෘවරයා හරහා අපට උගන්වා ඇති සමහර දේවල් මොනවාද?
දෙවියන්වහන්සේගේ සභාව මෙහෙයවීමට උන්වහන්සේ අනාගතවක්තෘවරුන්ව කැඳවන සේක.
නිල ප්‍රකාශන 1 සහ 2
අනාගතවක්තෘවරුන් අපට ස්වර්ගික පියාණන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමට උපකාර කරයි.
-
සමහර විට පැරණි ශුද්ධලියවිලි මෑතකාලීන එළිදරව් වලට සම්බන්ධ වන්නේ කෙසේදැයි බැලීම, ඔබේ දරුවන්ට නිල ප්‍රකාශයන් තේරුම් ගැනීමට උපකාරයක් විය හැකිය. ක්‍රියා 10:34–35 සහ යාකොබ් 2:27–30 කියවා නිල ප්‍රකාශය 1ට අදාළ (බහු විවාහයේ අවසානයට හේතු වූ ප්‍රකාශය) ශුද්ධලියවිල්ල තීරණය කරන ලෙසත්, නිල ප්‍රකාශය 2 ට අදාළ (පූජකවරයට නියම කිරීම සහ දේවමාළිගාවේ නියෝග සියලු ජාතීන්ට අයත් පුද්ගලයින්ට ලබා ගත හැකි බව නිවේදනය කළ ප්‍රකාශය) ශුද්ධලියවිල්ල තීරණය කරන ලෙසත් ඔබේ දරුවන්ගෙන් ඉල්ලා සිටිය හැකිය. පුරාණ සහ නූතන අනාගතවක්තෘවරුන්ට ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ කැමැත්ත එළිදරව් කරන බවට වූ ඔබේ සාක්ෂිය දරන්න.
තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.