Doctrine and Covenants 2025
දෙසැම්බර් 15–21: “පවුල මැවුම්කරුවාණන්ගේ සැලැස්මට කේන්ද්‍රීය වේ”: පවුල: ලෝකයට ප්‍රකාශයකි


“දෙසැම්බර් 15–21: ‘පවුල මැවුම්කරුවාණන්ගේ සැලැස්මට කේන්ද්‍රීය වේ’: පවුල: ලෝකයට ප්‍රකාශයකි,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025 )

“පවුල: ලෝකයට ප්‍රකාශයකි,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

පවුලක්

දෙසැම්බර් 15–21: “පවුල මැවුම්කරුවාණන්ගේ සැලැස්මට කේන්ද්‍රීය වේ”

පවුල: ලෝකයට ප්‍රකාශයකි

අපි ඉපදෙන්නත් කලින් අපි පවුලක කොටසක්, ඒ තමයි අපේ ස්වර්ගික දෙමාපියන්ගේ පවුල. එම රටාව පොළොව මත දිගටම පවතිනවා. මෙහි සිටින පවුල්, ස්වර්ගයේ ඇති රටාව ප්‍රතිරාවය කිරීමට ඔවුන්ගේ උපරිමයෙන් උත්සහ කළ යුතුයි.

ඇත්ත වශයෙන්ම, ලෞකික පවුල් පරිපූර්ණ වේවි හෝ හොඳින් ක්‍රියාත්මක වේවි කියා සහතිකයක් නැහැ. නමුත් සභාපති හෙන්රි බී. අයිරින් මෙහෙම ඉගැන්වුවා, “අපට ස්වර්ගයේදී දැනුණු ආදරයට සමීපම ආදරය වන දෙමාපියන්ගේ ආදරය සමඟ දෙවියන්වහන්සේගේ දරුවන්ව ලෝකයට පිළිගැනීමේ හොඳම අවස්ථාව ලබාදෙන්නේ පවුල් මගින්” (“Gathering the Family of God,” Liahona, May 2017, 20). පවුල් අසම්පූර්ණ බවත් විරුද්ධවාදියාගේ ප්‍රහාරවලට ලක්වන බවත් දැනගත් දෙවියන්වහන්සේ විසින්, අපව මුදවාගෙන අපේ පවුල් සුවපත් කිරීමට උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන්ව එව්වා. එමෙන්ම පවුල් ආරක්ෂා කිරීමට සහ ශක්තිමත් කිරීමට ප්‍රකාශයක් සමඟ උන්වහන්සේ පසුදවස්වල අනාගතවක්තෘවරුන්ව එව්වා. අපි අනාගතවක්තෘවරුන්ව අනුගමනය කර, ගැලවුම්කරුවාණන් කෙරෙහි ඇදහිල්ල තබන්නේ නම්, මෙම ලෞකික පවුල් දිව්‍ය පරමාදර්ශයෙන් අඩු වුවත්, පවුල් සඳහා—පොළොවේ සහ ස්වර්ගයේ බලාපොරොත්තුවක් තිබෙනවා.

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

සෙමනේරි නිරූපකය
“පවුල මැවුම්කරුවාණන්ගේ සැලැස්මට කේන්ද්‍රීය වේ.”

පවුල: ලෝකයට ප්‍රකාශයකි” පැහැදිලිවම කතා කරන්නේ පවුල් පිළිබඳවයි. නමුත් එය දෙවියන්වහන්සේගේ ගැලවීමේ සැලැස්ම ගැනත් ඒ හා සමානවම කතා කරනවා. මෙම ප්‍රකාශය අධ්‍යයනය කිරීමට එක් ක්‍රමයක් තමයි පෙර ආත්මික ජීවිතය, ලෞකික ජීවිතය, සහ මරණයෙන් පසු ජීවිතය යන වාක්‍ය ඛණ්ඩ කඩදාසි කැබැල්ලක ලියා, මෙම එක් එක් මාතෘකාව පිළිබඳ මෙම ප්‍රකාශය උගන්වන දේවල් ඒවා යටින් ලැයිස්තුගත කිරීම. ඔබ මේ ආකාරයෙන් මෙම ප්‍රකාශය අධ්‍යයනය කරන විට ඔබ ඉගෙන ගන්නේ මොනවාද? දෙවියන්වහන්සේගේ සැලැස්මට විවාහය සහ පවුල අත්‍යවශ්‍ය වන්නේ මන්දැයි තේරුම් ගැනීමට මෙය ඔබට උපකාර කරන්නේ කෙසේද? මෙම ප්‍රකාශයේ ඇති සත්‍යයන් ඔබගේ තෝරාගැනීම් වලට බලපාන්නේ කෙසේද?

විවිධ හේතූන් මත, විවාහය හෝ දරුවන් ඇති දැඩි කිරීම ගැන බියෙන් සිටින බොහෝ අය සිටිනවා. “මට කවදාවත් කසාද බඳින්නවත් පවුලක් හදන්නවත් අවශ්‍ය නැහැ” ලෙස මිතුරෙක් ඔබට පැවසුවොත්, ඔබට කිව හැක්කේ කුමක්ද? දෙවියන්වහන්සේගේ සැලැස්ම තුළ බලාපොරොත්තුවක් ඇතිකරගැනීමට ඔබේ මිතුරාට උපකාර කිරීමට යමක් සොයමින් ඔබට මෙම ප්‍රකාශය උවමනාවෙන් කියවන්න පුළුවන්.

ඔබෙන් ඇසිය හැකි තවත් ප්‍රශ්නයක් හෝ ඔබ ඔබෙන්ම අසාගත හැකි ප්‍රශ්නයක් තමයි මේ: “පවුල සඳහා ප්‍රකාශයේ විස්තර කර ඇති ආකාරයට මගේ පවුලේ තත්වය නොගැලපේ නම් මම කුමක් කළ යුතුද?” අනාගතවක්තෘවරුන්ගේ උපදෙස් සෙවීම සඳහා ඔබට මෙය කියවිය හැකිය: වැඩිහිටි ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ්ගේ “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙමාපියන්ගේ ශක්තියයි” යන පණිවිඩයේ “බලවත් වෙනසක්” යන කොටස (ලියහෝනා, මැයි 2023, 55–59).

ඔබ ඉගෙන ගත් දේවල් තුළින් ඔබට පෙළඹවීමක් දැනෙන්නේ මොනවා කිරීමටද?

තවත් බලන්න ඩැලන් එච් ඕක්ස්, “සැලැස්ම හා ප්‍රකාශය,” ලියහෝනා, නොවැ. 2017, 28–31.

“සෑම [පුද්ගලයෙක්ම] ස්වර්ගීය දෙමාපියන්ගේ ආදරණීය පුත්‍රයෙක් හෝ දියණියක්.”

අපි බොහෝ විට පවුල් ප්‍රකාශය ගැන සිතන්නේ එය අපගේ පවුල් ජීවිතයට මගපෙන්වීමක් ලෙසයි. නමුත් එය අපගේ ස්වර්ගික පවුල සහ සදාකාලික අනන්‍යතාවය පිළිබඳ වැදගත් සත්‍යයන්ද උගන්වනවා. අපි හැමෝම මේ පවුලේ කොටසක් බව දැනගැනීම ඔබට වැදගත් වන්නේ ඇයි? ඔබ කරනා තෝරාගැනීම් වලට මෙම සත්‍යය බලපාන්නේ කෙසේද?

“පවුල් ජීවිතයේ සන්තෝෂය බොහෝ දුරට සාක්ෂාත් කරගනු ලබන්නේ ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් මත පදනම් වූ විටය.”

පවුලේ ප්‍රකාශයේ 6 සහ 7 ඡේදයන් “පවුල් ජීවිතයේ සන්තෝෂය” සඳහා රටාවක් ලෙස සිතන්න. ඔබ මෙම ඡේද කියවන විට, “සාර්ථක විවාහ සහ පවුල්” පිළිබඳ මූලධර්ම හඳුනා ගන්න. ඔබේම පවුලේ හෝ වෙනත් පවුල්වල ඔබ දැක ඇති මෙම ප්‍රතිපත්තිවල උදාහරණ ගැන ඔබට සිතිය හැකිය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අපගේ පවුල් ජීවිතයේ අත්තිවාරම බවට පත්කරගැනීමට මෙම ප්‍රතිපත්ති උපකාරවත් වන්නේ කෙසේද?

ඉන්පසු ඔබට, ඔබ ශක්තිමත් කරගැනීමට කැමති පවුල් සබඳතාවක් ගැන සිතිය හැකිය. ඔබට ලැබෙන හැඟීම් මත ක්‍රියා කිරීමට, ගැලවුම්කරුවාණන්ගේ උපකාරයෙන් සැලැස්මක් සාදන්න.

තවත් බලන්න එල්. විට්නි ක්ලේටන්, “කදිම නිවාස,” ලියහෝනා, 2020 මැයි, 107–9.

පියෙක් තම දරුවන් සඳහා කියවමින්

දෙමාපියන් තම දරුවන්ව ආදරයෙන් හා ධර්මිෂ්ඨකමින් ඇති දැඩි කළ යුතුය.

“පවුල නඩත්තු කිරීමට සහ ශක්තිමත් කරන ලෙස අපි වගකිවයුතු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.”

පවුල සඳහා වූ ප්‍රකාශයේ අවසාන ඡේදය තුළ අපට ක්‍රියාකිරීමට ආරාධනාවක් තිබෙනවා. ඔබ එම ආරාධනාවට ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි සලකා බලන විට, මෙම ප්‍රකාශයේ මාතෘකාව අධ්‍යයනය කිරීමට ඔබට ඒ සඳහා උපකාරවත් විය හැකිය. නිදසුනක් වශයෙන්, ප්‍රකාශයක් යනු කුමක්ද? මෙම ලේඛනයේ පණිවිඩය පිළිබඳව එම වචනයෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද? පවුල් පිළිබඳව ලෝකයට ප්‍රකාශයක් නිකුත් කිරීමට පළමු සභාපතිත්වයට සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ මන්ත්‍රණ සභාවට සුදුසුකම් ලැබෙන්නේ කොහොමද? මෙම ප්‍රකාශයේ ප්‍රධාන පණිවිඩ ලෙස ඔබ සලකන දේවල් ලැයිස්තුවක් ද ඔබට සෑදිය හැකිය. ඔබේ ජීවිතය තුළ, ඔබේ නිවස තුළ සහ ඔබේ ප්‍රජාව තුළ ඔබට මෙම පණිවිඩ ප්‍රවර්ධනය කළ හැක්කේ කෙසේද?

6:56

Defenders of the Faith

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 02

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්ම තුළ පවුල් වැදගත් වේ.

  • ඔබේ දරුවන්ට ඉතා වැදගත් යැයි සිතෙන දෙයක්, එනම් එය කොතරම් වැදගත්ද කියනවානම් ඒ ගැන සෑම කෙනෙකුටම කියන්නට සිතෙන දේවල් ගැන සිතන්නට ඔවුන්ට උදව් කරන්න. “පවුල: ලෝකයට ප්‍රකාශයකි” හි පිටපතක් දරුවන්ට පෙන්වන්න, එමන්ම අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් එය ලිව්වේ ස්වර්ගික පියාණන්වහන්සේට පවුල් කොතරම් වැදගත්ද යන්න අපට පැවසීමට බව පැහැදිලි කරන්න. උන්වහන්සේට පවුල් එතරම් වැදගත් වන්නේ ඇයි?

    1:19

    What Is the Purpose of Family?

  • අප සියල්ලන්ම දැනගත යුතු යැයි ඔබට හැඟෙන, මෙම ප්‍රකාශයේ ඇති යමක් ඔබේ දරුවන් සමඟ බෙදා ගන්න. එම සත්‍යයන් ගැන ඔවුන්ගේ හැඟීම් බෙදාගැනීමට දරුවන්ට ආරාධනා කරන්න. අපි මේ දේවල් නොදැන සිටියා නම් අපේ ජීවිත වෙනස් වෙන්නේ කොහොමද?

  • සභාපති ඩැලන් එච්. ඕක්ස්ගේ “සැලැස්ම හා ප්‍රකාශය” යන පණිවිඩයේ IV වෙනි කොටසෙහි (ලියහෝනා, නොවැ 2017, 30), මෙම පවුල් සඳහා වූ ප්‍රකාශය ලියවුණේ කෙසේදැයි ඔහු විස්තර කරනවා. සමහර විට ඔබට සහ ඔබේ දරුවන්ට එකට එකතු වී ඔහුගේ විස්තරය සමාලෝචනය කර, පවුල් පිළිබඳ මෙම සත්‍යයන් අපට ඉගැන්වීමට ස්වාමින්වහන්සේ තම සේවකයන්ව පෙලඹවීම ගැන ඔබ කෘතඥ වන්නේ ඇයි කියා කතා කළ හැකිය.

  • ඔබට මෙම පවුල් සඳහා වූ ප්‍රකාශයේ ඇති සත්‍යයන් නිරූපණය කරන පින්තූරද ඔබේ දරුවන්ට පෙන්විය හැකිය (හෝ ඒ සම්බන්ධ චිත්‍ර ඇඳීමට ඔවුන්ට ආරාධනා කරන්න). මේවා දේවමාළිගාවක පින්තූරයක්, පවුලක් යාච්ඤා කරන හෝ එකට සෙල්ලම් කරන පින්තූරයක් හෝ යුවළක් විවාහ වන පින්තූරයක් විය හැකිය. ඉන්පසු ඔබේ දරුවන්ට මෙම පවුල සඳහා වූ ප්‍රකාශය තුළ එම පින්තූරවලට අදාළ වාක්‍යයන් සොයාගත හැකිය. මෙම ප්‍රකාශය තුළ මේ දේවල් ගැන ස්වාමින්වහන්සේ අපට උගන්වන්නේ කුමක්ද?

කාන්තාවක් දරුවන් සමඟ

පවුල් ප්‍රීතියෙන් සිටීම ස්වර්ගික පියාණන්වහන්සේට අවශ්‍යයි.

සංවේදී වෙන්න. පවුල සඳහා වූ ප්‍රකාශය තුළ උගන්වා ඇති සත්‍යයන් ගැන ඔබ උගන්වන විට, බොහෝ දරුවන් ජීවත් වන්නේ මෙම ප්‍රකාශයේ විස්තර කර ඇති පරමාදර්ශයන්ට නොගැලපෙන පවුල්වල බව කරුණාවෙන් සලකන්න. ඔබට ඔවුන්ව දිරිමත් කළ හැකි සහ ප්‍රබෝධමත් කළ හැකි ආකාරය සලකා බලන්න.

මම “ස්වර්ගයේ සිටින දෙමාපියන්ගේ ආදරණීය ආත්මික පුත්‍රයෙක් හෝ දියණියක්” වෙමි.

  • පවුල සඳහා වූ ප්‍රකාශය තුළ “ස්වර්ගයේ සිටින දෙමාපියන්ගේ ආදරණීය ආත්මික පුත්‍රයෙක් හෝ දියණියක්” යන වාක්‍ය ඛණ්ඩය සොයා ගැනීමටත්, මෙම සත්‍යය පිළිබඳ ඔබේ සාක්ෂිය දරන්නටත් ඔබේ දරුවන්ට උදවු කරන්න.

පවුල්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන විට ඔවුන් වඩාත් ප්‍රීතිමත් වේ.

  • ඔබේ පවුල ශක්තිමත් කිරීම පිළිබඳ සංවාදයක් ආරම්භ කිරීම සඳහා, ඔබට සහ ඔබේ දරුවන්ට අපගේ දත්, අපගේ ශරීරය හෝ ගොඩනැගිල්ලක් වැනි වෙනත් දේවල් ශක්තිමත් කිරීමට අප කරන දේ ගැන කතා කළ හැකිය. ඉන්පසු ඔබට එය ශක්තිමත් පවුලක් ගොඩනැගීමට සමාන කළ හැකිය. පවුල සඳහා වූ ප්‍රකාශයේ 7 වෙනි ඡේදයේ හමුවන පවුල් ජීවිතයේ ප්‍රීතියට මගපාදන ක්‍රිස්තුස්වහන්සේගේ වැනි ප්‍රතිපත්ති සොයාගැනීමට ඔබේ දරුවන්ට උදව් කරන්න (තවත් බලන්න, මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව).

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.