පුස්තකාලය
ඔබගේ පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කිරීම සඳහා අදහස්


“ඔබේ පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කිරීම සඳහා අදහස්,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“ඔබේ පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කිරීම සඳහා අදහස්,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021

තරුණ කාන්තාවක් ලියමින්

ඔබගේ පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කිරීම සඳහා අදහස්

ශුද්ධලියවිලි වල දෙවියන්වහන්සේගේ වචනය පිළිබඳ ඔබේ අධ්‍යයනය වැඩිදියුණු කිරීම සඳහා සරල ක්‍රම කිහිපයක් මෙන්න:

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සත්‍යන් සොයන්න

සෑමදෙයක්ම ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සාක්ෂි දරන බව ශුද්ධලියවිලි අපට උගන්වයි (බලන්න 2 නෙපි 11:4; මෝසෙස් 6:63), එබැවින් අලුත් ගිවිසුමේ සිදුවීම්, කථා සහ ඉගැන්වීම් වලදී උන්වහන්සේව සොයන්න. ගැලවුම්කරුවාණන් ගැන සහ උන්වහන්සේව අනුගමනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව උගන්වන පද සටහන් කිරීම හෝ සලකුණු කිරීම ගැන සලකා බලන්න.

පොළඹවන සුළු වචන සහ වැකි සඳහා බලන්න

ශුද්ධලියවිලි වල ඇති ඇතැම් වචන සහ වාක්‍ය ඛණ්ඩයන් ඔබ වෙනුවෙන් විශේෂයෙන් ලියා ඇති ආකාරයට ඔබව විශ්මයට පත්කරන බව ඔබට පෙනීයා හැකිය. ඒවා පෞද්ගලිකව අදාළ යැයි හැඟෙන අතර ඔබව පෙලඹවීමට හා උද්යෝගීමත් කිරීමට හැකිය. ඒවා ඔබේ ශුද්ධලියවිලි වල සලකුණු කිරීම හෝ අධ්‍යයන පොතක ලිවීම සලකා බලන්න.

සුභාරංචි සත්‍යන් සොයන්න

සමහරවිට සුභාරංචි සත්‍යයන් (බොහෝවිට දහම හෝ මූලධර්ම ලෙස හැඳින්වේ) කෙලින්ම ප්‍රකාශ වන අතර සමහරවිට ඒවා නිදසුනක් හෝ කතාවක් මගින් ගම්‍ය වේ. “මෙම පදවල උගන්වා ඇති සදාකාලික සත්‍යයන් මොනවාද?” කියා ඔබෙන්ම අසාගන්න.

ආත්මයාණන්ට සවන්දෙන්න

ඔබේ සිතුවිලි සහ හැඟීම් ඔබ කියවන දෙයට සම්බන්ධ නැති වුවද ඒවා කෙරෙහි අවධානය යොමුකරන්න. එම හැඟීම් ඔබේ ස්වර්ගික පියාණන්වහන්සේට ඔබ ඉගෙනගැනීමට අවශ්‍ය දේම විය හැකිය.

ශුද්ධලියවිලි ඔබේ ජීවිතයට සමාන කරගන්න

ඔබ කියවන කතන්දර සහ ඉගැන්වීම් ඔබේ ජීවිතයට අදාළවන්නේ කෙසේදැයි සලකා බලන්න. උදාහරණයක් වශයෙන්, “මම කියවන දෙයට සමාන මට ඇති අත්දැකීම් මොනවාද?” හෝ “ශුද්ධලියවිලි වල මෙම පුද්ගලයාගේ ආදර්ශය මම අනුගමනය කරන්නේ කෙසේද?” කියා ඔබෙන්ම මෙසේ අසාගත හැකිය.

ඔබ අධ්‍යනය කරන විට ප්‍රශ්ණ අසන්න

ඔබ ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට, ප්‍රශ්න මනසට ඒමට හැකිය. මෙම ප්‍රශ්ණ ඔබ කියවන දේට හෝ පොදුවේ ඔබේ ජීවිතයට සම්බන්ධ විය හැකිය. ඔබ දිගටම ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට මෙම ප්‍රශ්ණ ගැන මෙනෙහි කර පිළිතුරු සොයන්න.

ශුද්ධලියවිලි අධ්‍යයන උපකාර භාවිතා කරන්න

ඔබ කියවන පද පිළිබඳව අමතර අවබෝධයක් ලබාගැනීම සඳහා, පාද සටහන්, Topical Guide, Bible Dictionary, Guide to the Scriptures (scriptures.ChurchofJesusChrist.org), සහ අනෙකුත් අධ්‍යන උපකාර භාවිතා කරන්න.

ඔබගේ සිතිවිලි සහ හැඟීම් වාර්තා කරන්න

ඔබ අධ්‍යයනය කරන විට ඇතිවන හැඟීම් වාර්තා කිරීමට බොහෝ ක්‍රම තිබේ. නිදසුනක් වශයෙන්, ඔබට අර්ථවත් වචනයක් හෝ වාක්‍ය ඛණ්ඩයක් සලකුණු කර ඔබේ සිතුවිලි ඔබේ ශුද්ධලියවිලි වල සටහනක් ලෙස වාර්තා කළ හැකිය. ඔබට ලැබෙන පෙළඹවීම්, හැඟීම් සහ සංකල්පනා පිළිබඳ පොතක්ද ඔබට තබාගත හැකිය.

පසුකාලීන අනාගතවක්තෘවරුන්ගේ හා ප්‍රේරිතවරුන්ගේ වචන අධ්‍යයනය කරන්න

ශුද්ධලියවිලි වල ඔබ සොයාගත් මූලධර්ම ගැන පසුකාලීන අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් උගන්වා ඇති දේ කියවන්න (උදාහරණයක් ලෙස, conference.ChurchofJesusChrist.org සහ සභා සඟරා බලන්න).

අදහස් බෙදාගන්න

ඔබේ පුද්ගලික අධ්‍යයනයෙන් ලබාගත් අදහස් සාකච්ඡා කිරීම අන් අයට ඉගැන්වීමට හොඳ ක්‍රමයක් පමණක් නොව, ඔබ කියවා ඇති දේ පිළිබඳ ඔබේ අවබෝධය ශක්තිමත් කිරීමටද එය උපකාරී වේ.

ඔබ ඉගෙනගන්නා දේ අනුව ජීවත් වන්න

ශුද්ධලියවිලි අධ්‍යයනය අපව පොළඹනවා පමණක් නොව, අප ජීවත්වන ආකාරය වෙනස් කිරීමටද අපව යොමුකළ යුතුය. ඔබ කියවන විට ආත්මයාණන්වහන්සේ ඔබෙන් ඉල්ලාසිටින දෙයට සවන්දෙන්න, ඉන්පසු එම ඉල්ලීම් ඉටුකිරීමට කැපවන්න.

පවුලක් ශුද්ධලියවිලි කියවමින්

සභාපති තෝමස් එස්. මොන්සන් මෙසේ කීවේය: “අපි ශුද්ධලියවිලි කියවා මෙනෙහි කරද්දී, අපගේ ප්‍රාණයන්ට ආත්මයාණන්ගේ මිහිරි මිමිණුම් අපි අත්විඳිනු ඇත” අපගේ ප්‍රශ්න වලට අපට පිළිතුරු සොයාගත හැකිය. දෙවියන්වහන්සේගේ ආඥා පිළිපැදීමෙන් ලැබෙන ආශිර්වාද ගැන අපි ඉගෙනගනිමු. අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ හා අපගේ ගැළවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ඔවුන් අප කෙරෙහි දක්වන ප්‍රේමය පිළිබඳව අපට ස්ථිර සාක්ෂියක් ලැබේ. ශුද්ධලියවිලි අධ්‍යයනය අපගේ යාච්ඤා සමග සංයෝජනය වූ විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සත්‍ය බව අපට නිසැකවම දැනගත හැකිය. … අපි යාච්ඤාව මතක්කරගෙන ශුද්ධලියවිලි වෙත හැරීමට කාලය ගතකරන විට, අපගේ ජීවිත අනන්තවත් ආශිර්වාද ලබන අතර අපගේ බර සැහැල්ලු වනු ඇත” (“We Never Walk Alone,” Ensign or Liahona, Nov. 2013, 122).