පුස්තකාලය
පවුලේ ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කිරීමට අදහස්


“පවුලේ ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කිරීමට අදහස්,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“පවුලේ ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කිරීමට අදහස්,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021

පවුලක් ශුද්ධලියවිලි සාකච්ඡා කරමින්

පවුලේ ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කිරීමට අදහස්

නිතිපතා පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය ඔබගේ පවුලට ශුභාරංචිය ඉගෙනගත හැකි ප්‍රබල ක්‍රමයකි. කොපමණ ප්‍රමාණයක් සහ කොපමණ කාලයක් ඔබ පවුලක් හැටියට කියවා ඇතිද යන්න ඔබගේ උත්සහයන් හි ස්ථාවර වනවාට වඩා වැදගත් නැත. ඔබගේ පවුල් ජීවිතය තුල ඔබ ශුද්ධලියවිලි අධ්‍යයනය ඉතා වැදගත් කොටසක් කරගත් විට, ඔබ ඔබේ පවුලේ සාමාජිකයන් හට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට ලංවී උන්වහන්සේගේ වචනයේ අත්තිවාරම මත ඔවුන්ගේ සාක්ශි ගොඩනගාගැනීමට උපකාර කරනු ඇත. පහත ප්‍රශ්ණ ගැන සලකා බලන්න:

  • ඔවුන් විසින්ම ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමට ඔබ පවුලේ සාමාජිකයන්ව දිරිමත් කරන්නේ කෙසේද?

  • ඔවුන් ඉගෙනගන්නාවූ දේ බෙදාගනීමට ඔබ පවුලේ සාමාජිකයන්ව දිරිමත් කිරීමට කුමක් කළ හැකිද?

  • අලුත් ගිවිසුමේ එදිනෙදා ඉගැන්වීමේ අවස්ථාවන්හීදී ඔබ ඉගෙනගන්නා මූලධර්ම අවධාරණය කරන්නේ කෙසේද?

ශුභාරංචිය ඉගෙනගැනීමට වඩාත් සුදුසුම ස්ථානය නිවස බව මතක තබාගන්න. සභාවේ පන්තියක කළ නොහැකි ආකාර වලින් ඔබට නිවසේදී ශුභාරංචිය ඉගෙනගැනීමට සහ ඉගැන්වීමට හැකිය. ශුද්ධලියවිලි තුලින් ඉගෙනගැනීමට ඔබේ පවුලට උපකාරකිරීමට ආකාර සොයන විට නිර්මාණශීලී වන්න. ඔබගේ පවුලේ ශුද්ධලියවිලි අධ්‍යයනය වැඩිදියුණු කරගැනීමට පහත සඳහන් අදහස් වලින් සමහරක් අනුගමනය කරන්න.

අර්ථවත් ශුද්ධලියවිලි බෙදාගන්න

ඔවුන්ගේ පුද්ගලික අධ්‍යයනය අතරතුරදී ඔවුන්ට අර්ථවත් යයි සොයාගන්නා ලද ශුද්ධලියවිලි පද බෙදාගැනීමට පවුලේ සාමාජිකයන්ට කාලය ලබාදෙන්න.

ඔබගේම වචන භාවිතා කරන්න

ඔබ අධ්‍යයනය කරන ලද ශුද්ධලියවිලි වලින් ඔවුන් ඉගෙනගත්තේ කුමක්ද කියා ඔවුන්ගේම වචන වලින් සාරාංශ කිරීමට පවුලේ සාමාජික්යන්ට ආරාධනා කරන්න.

ඔබේ ජීවිතයට ශුද්ධලියවිලි අදාළ කරගන්න.

ශුද්ධලියවිලි පාඨයක් කියවූ පසු, ඔවුන්ගේ ජීවිත වලට එම පාඨය අදාල කරගතහැකි ආකාර බෙදාගනීමට පවුලේ සාමාජිකයන්ට ආරාධනා කරන්න.

ප්‍රශ්ණ අසන්න

පවුලේ සාමාජිකයෙකුට ශුභාරංචි ප්‍රශ්ණයක් ඇසීමට ආරාධනා කරන්න, පසුව එම ප්‍රශ්ණයට පිළිතුරුදීමට උපකාර කළහැකි පද සෙවීමට කාලය ගතකරන්න.

පින්තූරයක් ප්‍රදර්ශ්ණය කරන්න

ඔබට අර්ථවත් යැයි හැඟෙන පදයක් තෝරා, පවුලේ සාමාජිකයන්ට එය සැමවිටම නෙත ගැටෙන ස්ථානයක ප්‍රදර්ශණය කරන්න. ශුද්ධලියවිල්ලක් මාරුවෙන් මාරුවට ප්‍රදර්ශනය කිරීමට අනෙක් පවුලේ සාමාජිකයන්ට ආරාධනා කරන්න.

ශුද්ධලියවිලි ලැයිස්තුවක් සාදන්න

එළඹෙන සතිය තුල සාකච්ඡා කිරීමට කැමති ශුද්ධලියවිලි පද කිහිපයක්, පවුලක් ලෙස තෝරාගන්න.

ශුද්ධලියවිලි කටපාඩම් කරන්න

ඔබේ පවුලට අර්ථවත් වන ශුද්ධලියවිලි පාඨයක් තෝරාගෙන, දිනපතාම එය නැවත නැවතත් කියවීම තුලින් හෝ කටපාඩම් කිරීමේ ක්‍රීඩාවක් කිරීමෙන් එය කටපාඩම් කිරීමට පවුලේ සාමාජිකයන්ට ආරාධනා කරන්න.

වස්තු භාවිතාකරමින් කෙරෙන පාඩම් බෙදාගන්න

පවුලක් ලෙස ඔබ කියවන පරිච්ඡේද වලට සහ පද වලට ගැළපෙන වස්තූන් සොයාගන්න. ශුද්ධලියවිලි වල ඉගැන්වීම් වලට එක් එක් වස්තුව සම්බන්ධ වන ආකාරය පිළිබඳව කතාකිරීමට පවුලේ සාමාජිකයන්ට ආරාධනා කරන්න.

මාතෘකාවක් තෝරාගන්න

පවුල තුල එකට අධ්‍යයනය කිරීමට මාතෘකාවක් තෝරාගැනීමේදී වාර ලබාගැනීමට පවුලේ සාමාජිකයින්ට ඉඩදෙන්න. මාතෘකාව පිළිබඳව ශුද්ධලියවිලි පාඨ තෝරාගැනීම සඳහා Topical Guide, බයිබල් ශබ්දකෝශය, හෝ Guide to the Scriptures (scriptures.ChurchofJesusChrist.org) භාවිතා කරන්න.

පින්තූරයක් අඳින්න

පවුලක් ලෙස පද කිහිපයක් කියවා, ඔබ කියවූ දෙයට සම්බන්ධ යමක් ඇඳීමට පවුලේ සාමාජිකයන්ට කාලය ලබාදෙන්න. එකිනෙකාගේ චිත්‍රය ගැන සාකච්ඡා කරමින් කාලය ගතකරන්න.

කතන්දරයක් රඟදක්වන්න

කතන්දරයක් කියවීමෙන් පසුව, එය රඟදැක්වීමට පවුලේ සාමාජිකයන්ට ආරාධනා කරන්න. පසුව, පවුලක් ලෙස සහ පුදගලයෙකු ලෙස ඔබ අත්දකින දේවල් වලට කතන්දරය සම්බන්ධවන්නේ කෙසේද කියා කතාබහේ යෙදෙන්න.

ශුද්ධලියවිලි අධ්‍යයනය කරන වැඩිහිටි යුවලක්

වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් ඉගැන්වූ පරිදි: “සෑම පවුල් යාච්ඤාවක්ම, සෑම පවුල් ශුද්ධලියවිලි අධ්‍යයන කථාංගයක්ම, සහ සෑම පවුල් නිවාස සැන්දෑවක්ම අපේ ආත්ම නමැති කැන්වසය මත පින්සල් පහරකි. කිසිඳු සිදුවීමක් ඉතා ආකර්ශණීය හෝ මතකතබාගත හැකිබවක් නොපෙනේ. කහ, රන්වන් සහ දුඹුරු පැහැති තීන්ත එකිනෙකට අනුපූරක වන අතර ආකර්ශණීය විශිෂ්ට කෘතියක් බිහිකරනවා සේම, කුඩා දේවල් ලෙස පෙනෙන දේ කරගෙනයාමේ අපගේ අඛණ්ඩතාව සැලකිය යුතු අධ්‍යාත්මික ප්‍රතිඵලවලට මගපෙන්වයි” (“More Diligent and Concerned at Home,” Ensign or Liahona,