“හැරීම අපගේ ඉලක්කයයි,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)
“හැරීම අපගේ ඉලක්කයයි,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021
හැරීම අපගේ ඉලක්කයයි
සියලු සුභාරංචි ඉගෙනීමේ හා ඉගැන්වීමේ පරමාර්ථය වන්නේ අපගේ හැරීම ගැඹුරු කිරීම සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා සමාන වීමට අපට උපකාර කිරීමයි. මේ හේතුව නිසා, අපි සුභාරංචිය අධ්‍යයනය කරන විට, අපි හුදෙක් නව තොරතුරු සොයන්නේ නැත; අප “නව ජීවියෙකු” වීමට අවශ්‍යයි (2 කොරින්ති 5:17 බලන්න). මෙයින් අදහස් කරන්නේ අපගේ හදවත්, අපගේ අදහස්, අපගේ ක්‍රියාවන් සහ අපගේ ස්වභාවයන් වෙනස්කිරීමට ක්‍රිස්තුස්වහන්සේ මත රැඳීසිටීමයි.
නමුත් අපගේ ඇදහිල්ල ශක්තිමත් කරන සහ හැරීමේ ආශ්චර්යමත් වෙනසට තුඩුදෙන ආකාරයේ සුභාරංචි ඉගෙනීම එකවරම සිදුනොවේ. එය පන්ති කාමරයෙන් ඔබ්බට පුද්ගලයෙකුගේ හදවත සහ නිවස දක්වා විහිදේ. සුභාරංචිය අවබෝධ කරගැනීමට හා ජීවත්වීමට, නොනවතින දිනපතා උත්සාහයන් අවශ්‍ය වේ. සැබෑ හැරීමට ශුද්ධාත්මයාණන්ගේ බලපෑම අවශ්‍ය වේ.
ශුද්ධාත්මයාණන්වහන්සේ සත්‍යයට මගපෙන්වන අතර එම සත්‍යය පිළිබඳව සාක්ෂි දරයි (බලන්න යොහාන් 16:13). උන්වහන්සේ අපගේ මනස ආලෝකවත් කරයි, අපගේ අවබෝධය වේගවත් කරයි, සියලු සත්‍යයන්ගේ උල්පත වන දෙවියන්වහන්සේගෙන් එළිදරව් මගින් අපගේ හදවත් ස්පර්ශ කරයි. ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ හදවත් පවිත්‍ර කරයි. සත්‍යය අනුව ජීවත්වීමේ ආශාව උන්වහන්සේ අප තුළ ඇති කරයි, සහ මෙය කිරීම සඳහා ආකාර උන්වහන්සේ අපට මුමුණයි. සැබවින්ම, “ශුද්ධාත්මයාණන්වහන්සේ … [අපට] සියල්ල උගන්වනු ඇත” (යොහාන් 14:26).
මෙම හේතු නිසා, සුභාරංචිය අනුව ජීවත්වීමට, ඉගෙනීමට හා ඉගැන්වීමට අප දරන උත්සාහයේදී, අප පළමුව හා ප්‍රධාන වශයෙන් ආත්මයාණන්ගේ සහකාරත්වය සෙවිය යුතුය. මෙම ඉලක්කය අපගේ තේරීම් පාලනය කළ යුතු අතර අපගේ සිතුවිලි හා ක්‍රියාවන්ට මගපෙන්විය යුතුය. අප ආත්මයාණන්ගේ බලපෑමට ආරාධනා කරන ඕනෑම දෙයක් සෙවිය යුතු අතර, එම බලපෑම් ඉවත්කරන ඕනෑම දෙයක් ප්‍රතික්ෂේප කළ යුතුය—මක්නිසාද ශුද්ධාත්මයාණන්වහන්සේගේ පැමිණීමට අපට සුදුස්සෙකු විය හැකිනම්, ස්වර්ගික පියාණන්වහන්සේ හා උන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියෙහි ජීවත්වීමටද අප සුදුසු බව අපි දනිමු.