පුස්තකාලය
දෙසැම්බර් 20–26. නත්තල: ‘බලවත් ප්‍රීතියෙන් යුත් ශුභාරංචිය’


දෙසැම්බර් 20–26. නත්තල: ‘බලවත් ප්‍රීතියෙන් යුත් ශුභාරංචිය,’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“දෙසැම්බර් 20–26. නත්තල,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021

ළදරු යේසුස්වහන්සේ ගව ඔරුවක

ඩැන් බර් විසින්, ගවලෙනෙහි ආරක්ෂිතව

දෙසැම්බර් 20–26

නත්තල

“බලවත් ප්‍රීතියෙන් යුත් ශුභාරංචිය”

සමහරුන්ට, නත්තල් කාලය ඉතා කලබල කාලයක් විය හැකියි. අලුත් ගිවිසුම පිළිබඳ ඔබේ අධ්‍යයනයෙන් ඔබේ ජීවිතයට සාමය හා පරිශුද්ධභාවය ගෙන ඒමට හැකිවන්නේ කෙසේදැයි සලකා බලන්න. ඔබගේ ජීවිතයට ගැලවුම්කරුවාණන්ගේ උපත සහ මෙහෙවරෙහි බලපෑම ගැන මෙනෙහි කරන්න, සහ ලැබෙන අධ්‍යාත්මික හැඟීම් සටහන් කරන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

ළදරුවෙකුගේ උපත මෙතරම් ප්‍රීතියක් ගෙනදෙන්නේ ඇයි? සමහරවිට අලුත උපන් බිළිඳකු බලාපොරොත්තුවේ සංකේතයක් වියහැකි නිසා විය හැකිය. එම දරුවාගේ ජීවිතය කෙබඳු වියහැකිද යන්න සහ ඔහු හෝ ඇය ඉටුකරනු ඇති පුදුමාකාර දේවල් ගැන මෙනෙහි කිරීමට අපට ආරාධනා කරන හැකියාවන්ගෙන් පිරිපුන් අලුත්ම ජීවිතයක් ගැන යම් හැඟීමක් ඇත. දෙවියන්වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපතතේදී මෙය වෙනත් දේවල් වලටත් වඩා වැඩියෙන් එය සත්‍යයක් වේ. කෙදිනවත් මේ තරම් දරුවෙකු කෙරෙහි වැඩි බලාපොරොත්තුවක් තබා නැති අතර, මෙතරම් පොරොන්දුවක් දී උපත ලැබූ අයෙක් කවදාවත් නොසිටියේය.

ගව ඔරුවක අලුත උපන් දරුවෙකු සෙවීමට දේවදූතයෙක් එඬේරුන්ට ආරාධනා කළ විට, ඔහු ඔවුන්ට එම දරුවා ගැන පණිවිඩයක්ද දුන්නේය. එය බලාපොරොත්තුවේ පණිවුඩයක් විය—මේ ළදරුවා මිහිතලයට පැමිණියේ පරිශුද්ධ මෙහෙවරක් ඉටුකිරීම සඳහාය. එඬේරුන් ඔවුන්ගේ පණිවිඩය “විදේශයන්හි ප්‍රසිද්ධ කර ඇත… ඒ ඇසූ සියල්ලෝ තමුන්ට එඬේරුන් විසින් කියනලද දේවලට පුදුමවූවෝය. නුමුත් මරියා ඒ සියලු කීම් සිතේ තබාගෙන මෙනෙහිකළාය” (ලූක් 2:17–19). සමහරවිට මේ නත්තලේ මරියාගේ ආදර්ශය අනුගමනය කිරීම හොඳ විය හැකිය: මේ වසරේ ගැලවුම්කරුවාණන් ගැන ඔබ ඉගෙනගත් දේවල් ඔබේ හදවතේ මෙනෙහි කරන්න. ඔබ කියවා ඇති වාර්තාවල උන්වහන්සේගේ මිදීමේ මෙහෙවර ඉටුකළේ කෙසේද? වැදගත්ම දෙය නම්, උන්වහන්සේගේ මෙහෙවර ඔබේ ජීවිතය වෙනස්කර ඇත්තේ කෙසේද?

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

මතෙව් 1:18–25; 2:1–12; Luke 1:26–38; 2:1–20

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප අතර මිහිපිට උපත ලැබීය.

ඔබ මීට පෙර කිහිපවතාවක්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත පිළිබඳ කථාව කියවා හෝ අසා ඇති නමුත්, මේ වතාවේ මෙම සිතිවිල්ල මනසේ තබාගෙන එය අධ්‍යයනය කරන්න: “නත්තල යනු යේසුස්වහන්සේ ලෝකයට පැමිණි ආකාරය සැමරීමක් පමණක් නොව, නමුත් උන්වහන්සේ කවුදැයි කියාත්—යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ස්වාමින්වහන්සේ හා ගැළවුම්කාරයාණන් බවත්—සහ උන්වහන්සේ පැමිණියේ ඇයි යන්නත් දැනගැනීමයි” (Craig C. Christensen, “The Fulness of the Story of Christmas” [First Presidency Christmas devotional, Dec. 4, 2016], broadcasts.ChurchofJesusChrist.org).

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉපදීමට පෙර උන්වහන්සේ කවුද කියා ඔබ දන්නේ කුමක්ද? (උදාහරණ සඳහා, බලන්න, යොහාන් 17:5; මොසායා 3:5; දහම සහ ගිවිසුම 76:13–14, 20–24; මෝසෙස් 4:2). උන්වහන්සේගේ උපත ගැන කියවන විට ඔබට දැනෙන ආකාරයට මෙම දැනුම බලපාන්නේ කෙසේද?

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පොළොවට ආවේ ඇයි කියා ඔබ දන්නේ කුමක්ද? (උදාහරණ සඳහා, බලන්න, ලූක් 4:16–21; යොහාන් 3:16–17; 3 නෙපි 27:13–16; දහම සහ ගිවිසුම 20:20–28). ඔබ ගැලවුම්කරුවාණන් ගැන කියවන විට ඔබට දැනෙන ආකාරයට මෙම දැනුම බලපාන්නේ කෙසේද? එය ඔබගේ ජීවන රටාවට බලපාන්නේ කෙසේද?

තවත් බලන්න 2 කොරින්ති 8:9; හේබ්‍රව් 2:7–18; 1 නෙපි 11:13–33; ඇල්මා 7:10–13; “The Nativity” (video, ChurchofJesusChrist.org).

1 කොරින්ති 15:21–26; කොලොස්සි 1:12–22; 1 පේත්‍රැස් 2:21–25

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තම මෙහෙවර ඉටුකළ අතර සදාකාල ජීවනය උරුම කරගැනීමට මට හැකියාව ලබාදුන්නේය.

ක්‍රිස්තුස්වහන්සේගේ උපත පිළිබඳ කථාව ආශ්චර්යමත් සිදුවීම් වලින් වටවී තිබුණද, උන්වහන්සේගේ ජීවිතයේ පසුකාලීනව උන්වහන්සේ විසින් ඉටුකරන ලද විශාල වැඩ සඳහා නොවේ නම්, උන්වහන්සේගේ උපත තවත් උපතක් පමණක් වනු ඇත. සභාපති ගෝර්ඩන් බී. හින්ක්ලි පැවසූ පරිදි, “ගෙත්සෙමනේ හා කල්වාරියේ මිදුම්කරුවාණන් වන ක්‍රිස්තුස්වහන්සේ සහ නැවත නැගිටීමේ ජයග්‍රාහී සත්‍යය නොමැතිව, බෙත්ලෙහෙමේ ළදරු යේසුස්වහන්සේ තවත් ළදරුවෙක් පමණක් වනු ඇත” (“The Wondrous and True Story of Christmas,” Ensign, Dec. 2000, 5).

ක්‍රිස්තුස්වහන්සේ ගෙත්සෙමනි උයනේ දණගසාගෙන

ජේ. කර්ක් රිචර්ඩ්ස් විසින්, ගෙත්සෙමනිය

ගැලවුම්කරුවාණන්ගේ දිව්‍යමය මෙහෙවර පිළිබඳ සාක්ෂි සහ අන්‍යයන් කෙරෙහි උන්වහන්සේගේ බලවත් ප්‍රේමය අලුත් ගිවිසුම පුරාම දක්නට ලැබේ. ඔබේ මතකයට එන්නේ කුමන ඡේද හෝ වාර්තාද? ඔබට මෙම සම්පත හෝ අධ්‍යයන සඟරාව හරහා ආපසු හැරීබලා ඔබ වාර්තා කළ හැඟීම් කිහිපයක් සමාලෝචනය කළ හැකිය. ඔබට 1 කොරින්ති 15:21–26; කොලොස්සි 1:12–22; 1 පේත්‍රැස් 2:21–25 කියවා ඉන්පසු ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ කාර්යය ඔබේ ජීවිතයට ආශිර්වාද කර ඇති ආකාරය ගැන මෙනෙහි කළ හැකිය. ඔබේ ජීවිතයේ කුමක් වෙනස්කිරීම සඳහා ඔබ පෙළඹෙන්නේද? ගැලවුම්කරුවාණන්ගේ බලය ඔබ ලබාගන්නේ කෙසේද?

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

මතෙව් 1:18–25; 2:1–12; ලූක් 1:26–38; 2:1–20

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත ඔබේ පවුලේ අය සමග ඔබට සැමරිය හැක්කේ කෙසේද? මෙන්න අදහස් කිහිපයක්, හෝ ඔබට ඔබේම දෑ ඉදිරිපත් කළ හැකිය:

  • උපතේ කථාවේ කොටස් එකට කියවන්න හෝ රඟදක්වන්න.

  • “The Nativity” (ChurchofJesusChrist.org) වීඩියෝව බලන්න.

  • christmas.ComeUntoChrist.org; jesuschrist.ChurchofJesusChrist.org ; or “Christmas,” Gospel Topics, topics.ChurchofJesusChrist.org හි ඇති සම්පත් කිහිපයක් ගවේෂණය කරන්න.

  • පළමු සභාපතිත්වයේ නත්තල් දේශනාව නරඹන්න (broadcasts.ChurchofJesusChrist.org).

  • නත්තල් ගීතිකා එකට ගායනා කරන්න, නැතහොත් බැහැදැක ඒවා ඔවුන්හට ගායනා කිරීමට අසල්වැසියන් හෝ මිතුරන් තෝරාගන්න (ගීතිකා, අංක 201–14 බලන්න).

  • සේවයක් කරන්න.

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සිහිපත්කිරීම සඳහා ඔවුන්ට කළ හැකි අලංකාර හෝ සැරසිලි සඳහා අදහස් ලබාදෙන උපත් කතාවේ විස්තර සොයාබැලීමට පවුලේ සාමාජිකයන්ගෙන් ඉල්ලාසිටින්න.

1 කොරින්ති 15:21–26; කොලොස්සි 1:12–22; 1 පේත්‍රැස් 2:21–25

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උපත ලැබීම ගැන අප කෘතඥ වන්නේ ඇයි? උන්වහන්සේ අපට දී ඇති ත්‍යාග මොනවාද? අපට අපගේ කෘතඥතාව උන්වහන්සේට පෙන්විය හැක්කේ කෙසේද?

“ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ: ප්‍රේරිතවරුන්ගේ සාක්ෂිය”

නත්තල් වේලාවේදී ඔබගේ පවුලට ගැලවුම්කරුවාණන් කෙරෙහි අවධානය යොමුකිරීමට ඔබට අවශ්‍ය නම්, “ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ: ප්‍රේරිතවරුන්ගේ සාක්ෂිය” එකට කියවීමට හා අධ්‍යයනය කිරීමට ඔබට යම් කාලයක් ගතකළ හැකිය (එන්සයින් හෝ ලියහෝනා, මැයි 2017, මුල් පිටේ ඇතුලත). සමහරවිට ඔබට “ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ” වෙතින් ඡේද කටපාඩම් කරගැනීමට හෝ අලුත් ගිවිසුමේ ගැලවුම්කරුවාණන්ගේ ජීවිතය පිළිබඳ විස්තර සොයාබැලීමට හැකිය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව තමාගේම සාක්ෂියක් ලිවීමට පවුලේ සෑම සාමාජිකයෙකුටම ආරාධනා කළහැකි අතර, කියවීමට පෙළඹීමක් දැණුනොත් එය පවුලට කියවන්න.

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

පුද්ගලික අධ්‍යයනය වැඩිදියුණු කිරීම

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි බලන්න. සෑමදෙයක්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව සාක්ෂි දෙන බව ශුද්ධලියවිලි අපට උගන්වයි (මෝසෙස් 6:62–63 බලන්න), එබැවින් අපි සෑමදෙයකදීම උන්වහන්සේව සෙවිය යුතුය. ඔබ ශුද්ධලියවිලි කියවන විට, ඔබට උන්වහන්සේ ගැන උගන්වන පද සටහන් කිරීම හෝ සලකුණු කිරීම සලකා බලන්න. නත්තලට පෙර දිනවල යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි සපයන ඔබ වටා ඇති දේවල් සොයාබැලීමට කාලය ගතකරන්න.

මරියා, ජුසේ, සහ එඬේරුන් සහ ළදරු යේසුස්වහන්සේ

බ්‍රයන් කෝල් විසින්, උපතේ කථාව