පුස්තකාලය
දෙසැම්බර් 13–19. එළිදරව් 12–22: ‘ජයගන්නා ඔහු මේ දේවල් උරුම කරගන්නේය’


“දෙසැම්බර් 13–19. එළිදරව් 12–22: ‘ජයගන්නා ඔහු මේ දේවල් උරුම කරගන්නේය’ “එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“දෙසැම්බර් 13–19. එළිදරව් 12–22,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ දෙවන පැමිණීමේදී මිනිසුන්ට ආචාර කරමින්

කීත් ලාර්සන් විසින්, සදාකාලික නගරය

දෙසැම්බර් 13–19

එළිදරව් 12–22

“ජයගන්නා ඔහු මේ දේවල් උරුම කරගන්නේය”

ඔබ එළිදරව් 12–22 කියවන විට, යොහාන් දුටු දේ සහ වර්තමාන ලෝකයේ ඔබ දකින දේ අතර සමානකම් සොයා බලන්න. ඔබ යොහාන්ගේ සංඛේතාත්මක භාශාවෙන් ග්‍රහණයවී සිටින විට පුද්ගලික පාඩම් සොයාගැනීමට ඔබට උපකාර කිරීමට ආත්මික මගපෙන්වීම ලබාගන්න.

ඔබේ හැඟීම් සටහන් කරන්න

“විළිරුජාවෙන් සහ ප්‍රසව වේදනාවන් විඳින” කාන්තාවක් ගැන සිතන්න. “ඇගේ දරුවා ඉපදුන විගසම ගිලදැමීමට” සූදානමින් “හිස් සතක්ද අං දසයක්ද, ඇති විශාල රතු මකරෙකු” කන්තාව මත සැරිසරමින් සිටිනවා යැයි දැන් සිතන්න (එළිදරව් 12:2–4). යොහාන්ගේ එළිදරව්වේ මෙම පද තේරුම්ගැනීමට, මෙම රූප වලින් නියෝජනය වන්නේ සභාව සහ දේවරාජ්‍යය සහ ඔවුන් මුහුණදෙන අනතුරු ගැන බව මතකතබාගන්න. යොහාන්ගේ කාලයේ දැඩි පීඩා අත්විඳින සාන්තුවරයන්ට, නපුරට එරෙහි ජයග්‍රහණය පෙනෙන්නවත් තිබුණේ නැත. සතුරා “සාන්තුවරයන් සමග යුද්ධ කරන” විට සහ “සියලු නෑදෑයන්, භාෂාවන් සහ ජාතීන් කෙරෙහි බලය” ඇති අපගේ වැනි කාලයකදීද ජයග්‍රහණය දැකීම අපහසු විය හැකිය (එළිදරව් 13:7). නමුත් යොහාන්ගේ එළිදරව්වේ අවසානය තේජාන්විතව පෙන්නුම්කරන්නේ නපුරට වඩා යහපත පවතිනු ඇති බවයි. බැබිලෝනිය වැටෙනු ඇත. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ රජවරුන්ගෙත් රජෙකු ලෙස රජකම් කරන සේක. “දෙවියන්වහන්සේ සියලු කඳුළු පිසදමන සේක,” එමෙන්ම ඇදහිලිවන්තයන් උන්වහන්සේ සමග රජකම් කර “සියල්ල උරුම කරගන්නෝය” (එළිදරව් 21:4, 7).

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

එළිදරව් 12:7–17

ස්වර්ගයේ යුද්ධය දිගටම පොළොව මත පවතී.

ස්වර්ගයේ යුද්ධය ගැන අපි බොහෝදේ නොදනිමු, නමුත් ඒ පිළිබඳ විචිත්‍රවත් කෙටි විස්තරයක් එළිදරව් 12:7–11 හි ඇත. ඔබ මෙම පද කියවන විට, ඔබව මනුශ්‍ය ජීවිතයට පෙර එම යුද්ධයේ කොටසක් ලෙස සිතන්න. ඔබ සහ දෙවියන්වහන්සේගේ අනෙකුත් ඇදහිලිවන්ත දරුවන් සාතන්ව පරාජය කළ ආකාරය ගැන මෙම පද වලින් උගන්වන්නේ කුමක්ද? ඔහු දිගටම “යේසුස්වහන්සේගේ සාක්ශිය දරන්නාවූ අයට විරුද්ධව යුද්ධකරන විට” අපේ දවසේදී ඔබට ඔහුව ජයගතහැකි ආකාරය ගැන මෙයින් අදහස් වන්නේ කුමක්ද? (17 වන පදය).

තවත් බලන්න 1 නෙපි 14:12–14;“War in Heaven,” Gospel Topics, topics.ChurchofJesusChrist.org; බයිබල් ශබ්ධකෝශය, “Michael,”“War in Heaven.”

එළිදරව් 14:6–7

යොහාන් දුටු ශුභාරංචිය දේශනා කරන දේවදූතයා කවුද?

මෙම පදවල අනාවැකියේ එක් ඉටුවීමක් සිදුවූයේ මොරෝනි ජෝසෆ් ස්මිත්ට දර්ශනය වී ඔහු පරිවර්තනය කළ හා මෝර්මොන්ගේ පොත ලෙස ප්‍රකාශයට පත්කළ වාර්තා වෙත ඔහුව ගෙනගිය විටය. “සියලු ජාතීන්ටත්, ගෝත්‍රයන්ටත්, භාශාවන්ටත්, සෙනගටත්” ප්‍රකාශ කරණ පිණිස අපට භාරවී ඇති “සදාකලික ශුභාරංචිය” මෙම පොතෙහි අතුලත් වේ (එළිදරව් 14:6).

එළිදරව් 17–18

බැබිලෝනිය සහ ඇගේ පවු පලවාහැරීමට ස්වාමින්වහන්සේ මට ආරාධනා කරයි.

එළිදරව් 17–18 ලෞකිකත්වයේ හා දුෂ්ටකමේ සංකේතය වන—බැබිලෝනියේ පාපය, භෞතිකවාදය සහ රාගය විස්තර කරන නොසන්සුන් රූප අඩංගු වේ. අද ලෝකයේ පවතින බැබිලෝනිය හා සමාන තත්වයන් පිළිබඳ උදාහරණ ගැන සිතාබලා, බැබිලෝනියෙන් “ඉවත්ව පැමිණ, ඇගේ පාප වලට හවුල් නොවන්න” යන උපදෙස් පිළිපැදීමට ඔබට කළ හැකිදේ ගැන මෙනෙහි කරන්න (එළිදරව් 18:4).

එළිදරව් 20:12–15

දෙවියන්වහන්සේගේ සියලු දරුවන් විනිශ්චය කරනු ලබන්නේ ජීවන පොතෙනි.

කතුවරයෙකු ඔබේ ජීවිතය ගැන පොතක් ලිවීමට ඉදිරිපත් වූවා යැයි සිතන්න. ඔබට කුමන විස්තර හෝ අත්දැකීම් ඇතුලත් කිරීමට අවශ්‍යද? ඔබගේ අනාගත ක්‍රියාවන්ද පටිගත වන බව ඔබ දැනසිටියේ නම්, ඔබ ඔබේ ජීවිතයට වෙනස් ආකාරයකින් ප්‍රවේශ වන්නේ කෙසේද? විනිශ්චය දිනය ගැන එළිදරව් 20:12–15 ඔබ කියවන විට මේ ගැන සිතන්න. ජීවන පොතෙහි ඔබ ගැන කුමක් ලියනු ඇතැයි ඔබ බලාපොරොත්තු වෙනවාද?

බයිබල් ශබ්ධකෝශයේ “Book of life” ද බලන්න.

එළිදරව් 21; 22:1–5

මම ඇදහිලිවන්න නම්, මට සෙලෙස්ටියල් මහිමය ලැබෙනු ඇත.

බැබිලෝනියේ විස්තර වලට වෙනස්ව, එළිදරව් 21–22 හි ක්‍රිස්තුස්වහන්සේගේ විශ්වාසවන්ත අනුගාමිකයන් බලාසිටින සෙලෙස්ටියල් තේජස විස්තර කරයි. දුෂ්කර වූවත් විශ්වාසවන්තව සිටීමට ඔබව පොලඹවන මෙම පරිච්ඡේදවල ඇති අනුරූප, වාක්‍ය ඛණ්ඩ හෝ පොරොන්දු මොනවාද?

එළිදරව් 22:18–19

මෙම පද වලින් අදහස් කරන්නේ බයිබලය හැර වෙනත් අමතර ශුද්ධලියවිලි පදයක් තිබිය නොහැකි බවද?

සමහර පුද්ගලයන් මොර්මොන්ගේ පොත සහ වෙනත් පසු-දවස්වල ශුද්ධලියවිලි ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් ලෙස එළිදරව් 22:18–19 දක්වා ඇත. කෙසේවෙතත් වැඩිහිටි ජෙෆ්‍රි ආර්. හොලන්ඩ් මෙසේ ඉගැන්වූවේය:

“දැන් සියලුම බයිබලානුකුල විද්වතුන් අතර මෙම පදය අදාළ වන්නේ එළිදරව් පොතට පමණක් බවට සහ මුළු බයිබලයටම නොවන බවට අතිමහත් එකඟතාවක් පවතියි. අපේ දවසේ එම විද්වතුන් පිළිගනුලබන්නේ, අලුත් ගිවිසුමේ පොත් ගණනාවක්ම පාහේ අනිවාර්‍යයෙන්ම ලියා ඇත්තේ පැට්මෝස් දූපත පිළිබඳ යොහාන්ගේ එළිදරව්ව ලැබීමෙන් පසුව බවයි.

“නමුත් ඊට වඩා සරල පිළිතුරක් ඇත. … අප දන්නා පරිදි—එක වෙළුමකින් බැඳී ඇති එක් පෙළ එකතුවක් වන මුළු බයිබලයම—එම පදය ලියන විට නොතිබුණි” (“My Words … Never Cease,” Ensign or Liahona, May 2008, 91).

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සැඳෑව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

එළිදරව් 12; 19; 21

එළිදරව් පොතේ විස්තර කර ඇති දර්ශන වල පින්තූර ඇඳීමෙන් පවුලේ සමහර සාමාජිකයින්ට විනෝද වියහැකි වන අතර ප්‍රයෝජනවත් විය හැකිය. නිදසුනක් වශයෙන්, එළිදරව් 12 මත පදනම්ව පින්තූර ඇඳීම ස්වර්ගයේ යුද්ධය පිළිබඳ සාකච්ඡා කිරීමට හේතුවිය හැකිය (බලන්න 7–11 පද). එළිදරව් 21 මත පදනම් වූ පින්තූර මගින් සෙලෙස්ටියල් රාජ්‍යය පිළිබඳ සංවාද ඇතිකරගත හැකිය. ඔබට මෙම දළ සටහන සමග ඇති පින්තූරය පෙන්විය හැකි අතර පින්තූරය නිරූපණය කරන එළිදරව් 19 හි පද සොයාගැනීමට පවුලේ සාමාජිකයන්ගෙන් ඉල්ලාසිටින්න.

එළිදරව් 12:11

“ඔවුන්ගේ සාක්ෂියේ වචනය” යන යෙදුමේ අර්ථය කුමක්ද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ අපගේ සාක්ෂි අපට සහ අනෙක් අයට සාතන්ව පරාජය කිරීමට උපකාර කරන්නේ කෙසේද?

එළිදරව් 13:11–14

රැවටිලිකාර මෘගයා ගැන ඔබේ පවුලේ සාමාජිකයින්ගේ අදහස් මොනවාද? අද ලෝකයේ අප දකින රැවටීම් හඳුනාගෙන ඒවා වළක්වාගන්නේ කෙසේද?

එළිදරව් 20:2–3

1 නෙපි 22:26; දහම සහ ගිවිසුම 43:30–31 සාතන් “බැඳීසිටීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න තේරුම්ගැනීමට අපට උපකාර කරන්නේ කෙසේද?

එළිදරව් 22:1–4

ගැලවුම්කරුවාණන්ගේ නාමය “[අපගේ] නළලෙහි” තිබීමේ සංකේතාත්මක අර්ථය කුමක් විය හැකිද? (එළිදරව් 22:4; එළිදරව් 13:17 ද බලන්න).

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා,Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

අපගේ ඉගැන්වීම වැඩිදියුණු කිරීම

ක්‍රියා කිරීමට කළ ආරාධනා පසු විපරම්කර බලන්න. “ඔබ ක්‍රියා කිරීමට කළ ආරාධනයක් ගැන පසු විපරම් කරන බලන විට, ඔබ [ඔබගේ පවුලේ සාමාජිකයින්ට] ඔබ ඔවුන් ගැන සැලකිලිමත් වන බවත් ශුභාරංචිය ඔවුන්ගේ ජීවිත වලට ආශිර්වාද කරන බවත් පෙන්වාදෙයි. ඔවුන්ගේ කැපවීම ශක්තිමත් වන සහ ශුභාරංචිය ජීවත්වීමේදී එකිනෙකාට සහයෝගය දැක්වීමට ඔවුන්ට ඉඩසලසන, අත්දැකීම් බෙදාහදාගැනීමටද ඔබ ඔවුන්ට අවස්ථාව ලබාදෙයි” (Teaching in the Savior’s Way, 35).

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමේදී ස්වර්ගයේ සිට අශ්වයෙකු මතින් බැස එමින්

රතු වස්ත්‍ර වලින් සැරසී සිටින ක්‍රිස්තුස්වහන්සේ සුදු අශ්වයෙකු පිට වාඩිවී සිටිමින්.