පුස්තකාලය
දෙසැම්බර් 6–12. එළිදරව් 1–11: ‘මහිමය හා බලය, සදහටම බැටළු පැටවාණන් … වෙතට වන සේක්වා’


“දෙසැම්බර් 6–12. එළිදරව් 1–11: ‘මහිමය හා බලය, සදහටම බැටළු පැටවාණන් … වෙතට වන සේක්වා’” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: අලුත් ගිවිසුම 2021 (2020)

“දෙසැම්බර් 6–12. එළිදරව් 1–11,” එන්න, මා අනුගමනය කරන්න—පුද්ගලයන් සහ පවුල් සඳහා: 2021

ක්‍රිස්තුස්වහන්සේ බැටළු රැළක් බලාගනිමින්

ඩෙල් පාර්සන් විසින්, යහපත් එඬේරාණන්

දෙසැම්බර් 6–12

එළිදරව් 1–11

“මහිමය හා බලය, සදහටම බැටළු පැටවාණන් … වෙතට වන සේක්වා”

ඔබ එළිදරව් පොතේ කියවන දේ ගැන ඔබට ඇති ප්‍රශ්න ලිවීම සලකා බලන්න. එවිට ඔබට ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමට හෝ පවුලේ සාමාජිකයෙකු සමග හෝ සභාවේ පන්ති වලදී ඒවා සාකච්ඡා කළ හැකිය.

ඔබේ හැඟීම් සටහන් කරන්න

ප්‍රබල අධ්‍යාත්මික අත්දැකීමක් තුළ ඔබට දැනුණු දේ අන් අයට ප්‍රකාශ කිරීමට ඔබ කවදා හෝ වෙහෙස වී තිබේද? අධ්‍යාත්මික හැඟීම් සහ පෙළඹවීම් විස්තර කිරීමට එදිනෙදා භාෂාවට ප්‍රමාණවත් නොවන බවක් දැනිය හැකිය. යොහාන් තම මහිමාන්විත එළිදරව්ව විස්තර කිරීම සඳහා එවැනි පොහොසත් සංකේතවාදයක් සහ නිරූපණ භාවිතා කළේ මේ නිසා විය හැකිය. ඔහුට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දුටු බව සරලව පැවසිය හැකි නමුත්, ඔහුගේ අත්දැකීම් තේරුම්ගැනීමට අපට උපකාර කිරීම සඳහා, ගැළවුම්කරුවාණන් ගැන මෙවැනි වචන භාවිතා කරමින් ඔහු මෙසේ විස්තර කළේය: “උන්වහන්සේගේ ඇස් ගිනිදැල්ලක් හා සමානය,” “උන්වහන්සේගේ මුඛයෙන් දෙමුවහත් තියුණු කඩුවක් නික්මුණේය” සහ “උන්වහන්සේගේ මුහුණ තදින් බබළන සූර්යයා මෙන්ය” (එළිදරව් 1:14–16). ඔබ එළිදරව් පොත කියවන විට, සෑම සංකේතයකම පිටුපස ඇති අරුත ඔබට නොතේරුණත්, ඔබට ඉගෙනගැනීමට හා දැනීමට යොහාන්ට අවශ්‍යවූ පණිවිඩ සොයාගැනීමට උත්සාහ කරන්න. සභාවේ පුද්ගලයින් සභා ඉටිපන්දම් වලටත්, සාතන්ව මකරෙකුටත්, හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේව බැටළු පැටවෙකුටහ් සසඳන්නේ ඇයි? අවසාන වශයෙන්, එළිදරව් පොතේ සෑම සංකේතයක්ම තේරුම්ගැනීම, ඔබට එහි වඩාත්ම කැපීපෙනෙන තේමාව ඇතුළුව එහි තේමාවන් තේරුම්ගැනීමට අවශ්‍ය නැත: යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ අනුගාමිකයන් මිනිසුන්ගේ සහ සාතන්ගේ රාජධානි ජයගනු ඇත.

පුද්ගලික අධ්‍යයන නිරූපකය

පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්

එළිදරව්

එළිදරව් පොත මට තේරුම්ගත හැක්කේ කෙසේද?

එළිදරව් පොත තේරුම්ගැනීමට අපහසු වියහැකි නමුත් අධෛර්යමත් නොවන්න. යොහාන්ගේ පොරොන්දුව දිගින් දිගටම උත්සාහ කිරීමට ඔබව පොළඹවනු ඇත: “මේ අනාවැකියේ වචන අසන හා තේරුම්ගෙන එහි ලියා ඇති දේ රක්ෂා කරන්නෝද, කියවන්නෝද භාග්‍යවන්තයෝය, ස්වාමින්වහන්සේගේ පැමිණීමේ කාලය ළංවන්නේය” (ජෝසෆ් ස්මිත් පරිවර්තනය, එළිදරව් 1:3 [බයිබල් උපග්‍රන්ථයේ], අවධාරණය කිරීම් එකතුකර ඇත).

ඔබ එළිදරව් අධ්‍යයනය කරන විට පහත සඳහන් ප්‍රශ්න සහ සම්පත් මගින් අවබෝධයක් ලබාගත හැකිය:

  • යොහාන් යනු කවුද? (බලන්න 1 නෙපි 14:18–27; Bible Dictionary, “John.”)

  • මෙම පොත සංවිධානය කරඇත්තේ කෙසේද, සහ සොයාබැලිය යුතු තේමාවන් මොනවාද? (බලන්න Bible Dictionary, “Revelation of John.”)

  • එළිදරව් පොතේ සංකේත වලින් නියෝජනය වන්නේ මොනවාද? (බලන්න දහම සහ ගිවිසුම 77; New Testament Student Manual [Church Educational System manual, 2014], 525–68.)

එළිදරව් පොතේ විවිධ ඡේද වල ජෝසෆ් ස්මිත්ගේ පරිවර්තනය සොයමින් අදහස් සඳහා බැලීමද ප්‍රයෝජනවත් විය හැකිය. (පාද සටහන් සහ බයිබල් උපග්‍රන්ථය බලන්න.)

එළිදරව්

ස්වර්ගික පියාණන්වහන්සේ තම දරුවන් බේරාගන්නා ආකාරය යොහාන්ගේ දර්ශනය උගන්වයි.

ඔබ එළිදරව් පොත අධ්‍යයනය කිරීමට පටන්ගන්නා විට, ඔබ කියවන දේ ස්වර්ගික පියාණන්ගේ දරුවන්ගේ මිදීම හා උසස් කිරීම සඳහා වූ සැලැස්ම ගැන ඔබ දන්නා දේ සමග සම්බන්ධවන්නේ කෙසේදැයි සිතාබලන්න. Preach My Gospel (පිටු 47–59) හි ගැලවීමේ සැලැස්ම පිළිබඳ දළ විශ්ලේෂණය සමාලෝචනය කිරීමෙන් ඔබට ආරම්භ කළ හැකිය. ඉන්පසු, යොහාන්ගේ දර්ශනය පිළිබඳ විස්තරය ඔබ කියවන විට, මෙවැනි ප්‍රශ්න ඔබෙන්ම අසන්න: ස්වර්ගික පියාණන්වහන්සේ උන්වහන්සේ වෙත නැවත පැමිණීමට මට උපකාර කිරීම සඳහා කර ඇති එළිදරව් පොතෙන් මා ඉගෙනගන්නා සත්‍යයන් මොනවාද? දෙවියන්වහන්සේගේ මා සඳහා වූ සැලැස්ම තේරුම්ගැනීමට මෙය මට උපකාර කරන්නේ කෙසේද?

පොදුවේ එය දැනගැනීමට එය ඔබට උදව්වනු ඇත:

  • 12 වන පරිච්ඡේදයේ වැඩිහරියක් පෙර ආත්මික ජීවිතයේ සිදුවීම් පිළිබඳව විස්තර කරයි (තවත් බලන්න “Premortality,” Gospel Topics, topics.ChurchofJesusChrist.org).

  • 6–11, 13–14, 16–19 පරිච්ඡේදවල ලෞකික ජීවිතය හා පොළොවේ ඉතිහාසයේ සිදුවීම් විස්තර කරයි (තවත් බලන්න “Mortality,” Gospel Topics, topics.ChurchofJesusChrist.org).

  • 2–3, 15, 20–22 පරිච්ඡේදවල අවසාන විනිශ්චය සහ සදාකාලික ක්ෂේත්‍රයන්හි ඇදහිලිවන්තයන් බලාපොරොත්තුවෙන් සිටින මහිමය විස්තර කරයි (තවත් බලන්න “Postmortality,” Gospel Topics, topics.ChurchofJesusChrist.org).

එළිදරව් 2–3

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මා පෞද්ගලිකව හඳුනන අතර මගේ අභියෝග ජයගැනීමට මට උපකාර කරයි.

එළිදරව් 2–3 හි ගැලවුම්කරුවාණන්ගේ වචන වලින් හෙළිවන්නේ යොහාන්ගේ දවසේදී සභාවේ සෑම ශාඛාවකටම ආවේණික වූ සාර්ථකත්වයන් සහ අරගලයන් උන්වහන්සේ තේරුම්ගත් බවයි. ඔවුන්ට වැඩිදියුණු වියහැකි ක්‍රම කිහිපයක් සමගම—ඔහු සභාවන් කිහිපයකම සාන්තුවරයන්ට ඔවුන්ගේ “ක්‍රියා,” “පීඩා,” “දුප්පත්කම” සහ “පුණ්‍ය කටයුතු” (එළිදරව් 2:2, 9, 19) පිළිබඳ දැනුවත් බව සහතික විය.

ගැලවුම්කරුවාණන් ඔබගේ ශක්තීන් හා දුර්වලතා තේරුම්ගෙන ඇති අතර ඔබගේ ලෞකික අභියෝග ජයගැනීමට ඔබට උදව් කිරීමට උන්වහන්සේට අවශ්‍ය බව මෙම පරිච්ඡේද වලින් ඔබට මතක්කර දිය හැකිය. ජයගන්නා අයට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පොරොන්දු වන්නේ මොනවාද? ඔබේ අභියෝග ජයගැනීමට ඔබෙන් බලාපොරොත්තු වන වෙනස්කම් මොනවාදැයි ඔබට පෙළඹවීමක් දැනෙන්නේද?

එළිදරව් 5

ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්ම සැබෑවක් කළ හැක්කේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට පමණි.

ඔබට එය මතක නැති වුවද, එළිදරව් 5 හි යොහාන් විස්තර කළ සිදුවීම් සඳහා ඔබ සිටින්නට ඇත. මෙම සිදුවීම් ගැන ඔබ කියවන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේට (“බැටළු පැටවාණන්”) ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්ම සැබෑවක් කළහැකි බව අප සැවොම තේරුම්ගත් විට එය කෙබඳු විය යුතුදැයි සලකා බලන්න (පොත විවෘත කර මුද්‍රා හත ලිහිල් කරන්න). යේසුස් ක්‍රිස්තුස්වහන්සේට තනිව මෙය කළේ ඇයි? ඔබගේ ගැලවුම්කරුවාණන් ලෙස උන්වහන්සේ කෙරෙහි ඔබට ඔබේ ඇදහිල්ල පෙන්විය හැක්කේ කෙසේද?

තවත් බලන්න යෝබ් 38:4–7; “Atonement of Jesus Christ,” Gospel Topics, topics.ChurchofJesusChrist.org.

එළිදරව් 6–11

නැවත පිහිටුවීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීමට පෙර සිදුවන විනාශයට පෙර සිදුවනු ඇත.

අවසාන දිනවල ශුභාරංචිය නැවත පිහිටුවීම ඇතුළුව (එළිදරව් 7 බලන්න), පොළොවේ තාවකාලික පැවැත්ම තුළ සිදුවන සිදුවීම් (දහම සහ ගිවිසුම 77:6 බලන්න), එළිදරව් 6–11 විස්තර කරයි. යොහාන් අනාවැකි පැවසූ සිදුවීම් ගැන කියවන විට සහ ඒවායින් සමහරක් දිගහැරෙන ආකාරය දෙස බලන විට, දෙවන පැමිණීම සඳහා ඔබ සහ ඔබේ පවුලේ අය වඩාත් හොඳින් සූදානම් කිරීමට ඔබ කුමක් කරන්නට පෙලඹෙනවාද?

පවුල් අධ්‍යයන නිරූපකය

පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්

ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළයුතු හා සාකච්ඡා කළයුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න තවත් යෝජනා කිහිපයක්:

එළිදරව් 2–3

ඔහුගේ කාලය තුළ සභා වලට දුන් පණිවිඩ මෙන් ඔබේ පවුලටත් පණිවිඩයක් ලබාදෙන ලෙස යොහාන්ගෙන් ඉල්ලා ඇතැයි සිතන්න. හොඳින් සිදුවනවා යැයි ඔහු කියන්නේ කුමක්ද? ඔබට දියුණුවිය හැක්කේ කෙසේද?

එළිදරව් 3:20

ගැලවුම්කරුවාණන් දොරට තට්ටු කරන පින්තූරය පෙන්වන්න (මෙම දළ සටහන සමග ඇති පින්තූරය බලන්න). එළිදරව් 3:20 කියවීමට ඔබේ පවුලේ අයට ආරාධනා කර පහත සඳහන් ප්‍රශ්න සාකච්ඡා කරන්න: යේසුස්වහන්සේ ඇතුළට එනවා වෙනුවට තට්ටු කරන්නේ ඇයි? අපි උන්වහන්සේගේ බලපෑම අපගේ නිවසට ආරාධනා කරන්නේ කෙසේද?

එළිදරව් 7:9, 13–14

දේවමාළිගාවේ වත්පිළිවෙත් සඳහා අප සුදු ඇඳීමට හේතුව ගැන මෙම පද වලින් අපට ඉගෙනගත හැක්කේ මොනවාද?

දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, Come, Follow Me—For Primary හි මෙම සතියේ ආකෘතිය බලන්න.

අපගේ ඉගැන්වීම් වැඩිදියුණු කිරීම

ප්‍රශ්ණ සඳහා දිරිමත් කරන්න. ප්‍රශ්න යනු පවුලේ සාමාජිකයන් ඉගෙනීමට සූදානම්ව සිටින බවත්, ඔවුන්ට උගන්වනු ලබනදේට ඔවුන් ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබාදෙන බවත් පෙන්වන සංඥාවක් වේ. ශුද්ධලියවිලි වලින් පිළිතුරු සොයාගන්නේ කෙසේදැයි ඔබේ පවුලට උගන්වන්න. (බලන්න Teaching in the Savior’s Way, 25–26.)

ක්‍රිස්තුස්වහන්සේ දොරකට තට්ටුකරමින්

ග්‍රෙග් කේ. ඔල්සන් විසින්, උන්වහන්සේට ඇතුල්වන්නට ඉඩදෙන්න