“උපග්‍රන්ථය B: ‘සරල සහ වටිනා සත්‍යයන්”’ එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)
“උපග්‍රන්ථය B,” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020
උපග්‍රන්ථය B
“සරල සහ වටිනා සත්‍යයන්”
දහම හෝ දෙවියන්වහන්සේගේ සදාකාලික සත්‍යය පිළිබඳ පුළුල් ව්‍යාකූල කාලයක් වන, අවසාන කාලය තුළ මෝර්මොන්ගේ පොත එළියට පැමිණීමට සූදානම් වී තිබිණි. එම පොතේ දිව්‍යමය අරමුණෙහි කොටසක් නම්, නෙපි කලින් දුටු පරිදි, ශතවර්ෂ ගණනාවක් තිස්සේ අහිමිවී ඇති “සරල හා වටිනා දේ දැනගැනීම” සහ “එනම් දෙවියන්වහන්සේගේ බැටළු පැටවාණන් සදාතන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් සහ ලෝකයේ ගැලවුම්කරුවාණන් බවත්, සියළුම ඥාතීන්ට, භාෂාවන්ට සහ ජනතාවට දැනුවත් කරනු ලබීම” සඳහා “[බයිබලයේ] සත්‍ය පිහිටුවනු ලැබීමයි” (1 නෙපි 13:40).
අඳුරු කාලයේදී නැතිවූ සදාකාලික සත්‍යයන් මෝර්මොන්ගේ පොතෙන් හෙළිවන අතර, බයිබලයෙහි උගන්වා ඇති බොහෝ සත්‍යයන් පිළිබඳව පැහැදිලි සාක්ෂියක් තවත් එක් කරයි. මෙන්න එම සත්‍යයන්ගෙන් කිහිපයක්. ඔබ මෝර්මොන්ගේ පොත අධ්‍යයනය කරන විට මේ දේවල් සහ වෙනත් පැහැදිලි හා වටිනා සත්‍යයන් සොයා බලන්න.
දේවශීර්ෂය
-
ස්වර්ගික පියාණන්වහන්සේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ශුද්ධාත්මයාණන්වහන්සේ වෙන් වෙන් වූ අය වන නමුත් අරමුණින් එකය (බලන්න 3 නෙපි 11:32, 36).
-
නැවත නැගිටිනු ලැබූ ගැලවුම්කරුවාණන්ට ස්පර්ශ කළ හැකි ශරීරයක් ඇත (බලන්න 3 නෙපි 11:10–17).
දේවශීර්ෂය පිළිබඳ අමතර ශුද්ධලියවිලි: 2 නෙපි 31:6–8; ඊතර් 12:41
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම
-
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ පාප හා දුක් පීඩා නිසා දුක්විඳි නිසා අපට උපකාර කළ යුත්තේ කෙසේදැයි උන්වහන්සේ දන්නා සේක (බලන්න ඇල්මා 7:11–13).
-
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙන් අපට පරිපූර්ණ විය හැකිය (බලන්න මොරෝනි 10:32–33).
ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම පිළිබඳ අමතර ශුද්ධලියවිලි: 1 නෙපි 10:6; 2 නෙපි 2:6–9; යාකොබ් 4:11–12; මොසායා 3:1–19; ඇල්මා 34:8–16
ගැලවීමේ සැලැස්ම
-
ආදම් සහ ඒවගේ වැටීම ස්වර්ගික පියාණන්ගේ සැලැස්මේ අත්‍යවශ්‍ය අංගයකි (බලන්න 2 නෙපි 2:22–27).
-
අපට තෝරාගැනීමේ නිදහස ක්‍රියාත්මක කිරීමට විරුද්ධත්වය අවශ්‍යය (බලන්න 2 නෙපි 2:11–16).
-
අපගේ ක්‍රියාවන් හා අපගේ හදවතේ ආශාවන් අනුව අපව විනිශ්චය කරනු ලැබේ (බලන්න ඇල්මා 41:3–7).
-
“ගින්දර සහ ගෙන්දගම් විල” යන්නෙන් පසුතැවිලි නොවූ අයගේ වේදනාව සංකේතවත් කරයි (බලන්න 2 නෙපි 9:16–19; මොසායා 3:24–27).
ගැලවීමේ සැලැස්ම පිළිබඳ අමතර ශුද්ධලියවිලි 2 නෙපි 9:11–26; ඇල්මා 22:12–14; 34:31–35; 42:1–26
අඳුරු කාලය සහ නැවත පිහිටුවීම
-
මහා අඳුරු කාලය සිදුවූයේ අධර්මිෂ්ටකම සහ අවිශ්වාසය හේතුවෙනි (බලන්න මෝර්මොන් 8:28, 31–41).
-
මොර්මොන්ගේන් පොත බයිබලයේ උගන්වන සත්‍යයන් තහවුරු කරයි (බලන්න 1 නෙපි 13:19–41; 2 නෙපි 3:12).
-
ක්‍රිස්තුස්වහන්සේගේ සභාව උන්වහන්සේගේ නාමයෙන් හැඳින්විය යුතුය (බලන්න 3 නෙපි 27:3–9).
අඳුරු කාලය පිළිබඳ අමතර ශුද්ධලියවිලි: 1 නෙපි 13:1–9, 24–29; 2 නෙපි 27–28
නැවත පිහිටුවීම පිළිබඳ අමතර ශුද්ධලියවිලි: 1 නෙපි 14:7–12; 22:7–11; 2 නෙපි 3:7–24; 25:17–18
අනාගතවක්තෘවරුන් සහ එළිදරව්
-
සියලුම අනාගතවක්තෘවරුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරයි (බලන්න මොසායා 13:33–35).
-
අධ්‍යාත්මික සත්‍යය පිළිබඳ දැනුමක් ලැබෙන්නේ ශුද්ධාත්මයාණන් කරණකොටගෙනය (බලන්න ඇල්මා 5:45–47).
-
දෙවියන්වහන්සේගේ සියලු වචන බයිබලයේ අඩංගු නොවේ (බලන්න 2 නෙපි 29:10–13).
-
දෙවියන්වහන්සේගෙන් එළිදරව් ලැබීම අපේ කාලයේ නතරවී නැත (බලන්න මොර්මොන් 9:7–9).
අනාගතවක්තෘවරුන් පිළිබඳ අමතර ශුද්ධලියවිලි: 1 නෙපි 22:1–2; මොසායා 8:16–18; හිලමන් 13:24–33
එළිදරව් පිළිබඳ අමතර ශුද්ධලියවිලි: යාකොබ් 4:8; ඇල්මා 12:9–11; 17:2–3; මොරෝනි 10:5
පූජකවරය
-
පූජකත්වය දරන්නන් කැඳවනු ලැබුවේ ලෝකයේ පදනමේ පටන්ය (බලන්න ඇල්මා 13:1–3).
-
පුද්ගලයෙකුට සුභාරංචිය දේශනා කිරීමට දෙවියන්වහන්සේගෙන් බලය තිබිය යුතුය (බලන්න මොසායා 23:17).
පූජකත්වය පිළිබඳ අමතර ශුද්ධලියවිලි: මොසායා 18:17–20; ඇල්මා 13; හිලමන් 10:7
වත්පිළිවෙත් සහ ගිවිසුම්
-
සදාකාලික ජීවිතය ලැබීමට බෞතීස්මය අත්‍යවශ්‍යයි (බලන්න 2 නෙපි 31:4–13, 17–18).
-
බෞතීස්මය ගිල්වීමෙන් සිදුකළ යුතුය (බලන්න 3 නෙපි 11:23–27).
-
කුඩා දරුවන්ට බෞතීස්ම වීම අවශ්‍ය නැත (බලන්න මොරෝනි 8:8–12).
-
නිසි අධිකාරීත්වයක් ඇති අයෙකු විසින් ක්‍රිස්තුස්වහන්සේගේ අණ පණත් වලට අනුව වත්පිළිවෙත් ක්‍රියාත්මක කළ යුතුය (බලන්න මොසායා 18:17–18; 3 නෙපි 11:21–27; මොරෝනි 4:1).
වත්පිළිවෙත් පිළිබඳ අමතර ශුද්ධලියවිලි: මොසායා 18:8–17; 21:33–35; ඇල්මා 13:16; 3 නෙපි 18:1–11; මොරෝනි 2–6; 8:4–26
ගිවිසුම් පිළිබඳ අමතර ශුද්ධලියවිලි: 2 නෙපි 11:5; මොසායා 5:1–9; ඇල්මා 24:17–18
විවාහය සහ පවුල
-
ස්වාමිපුරුෂයා හා භාර්යාව එකිනෙකාට ආදරය කළ යුතුය (බලන්න යාකොබ් 3:5–7).
-
දෙමාපියන් තම දරුවන් ස්වාමින්වහන්සේ වෙත ඇතිදැඩි කළ යුතුය (බලන්න 1 නෙපි 7:1).
විවාහය සහ පවුල පිළිබඳ අමතර ශුද්ධලියවිලි: 1 නෙපි 1:1; 2 නෙපි 25:26; යාකොබ් 2:23–28; ඊනොස් 1:1; මොසායා 4:14–15; 3 නෙපි 18:21
අණ පණත්
-
ස්වාමින්වහන්සේ සිය අණ පණත් ඉටුකිරීමට අපට මාර්ගයක් සූදානම් කරනු ඇත (බලන්න 1 නෙපි 3:7).
-
දෙවියන්වහන්සේගේ අණ පණත් පිළිපදින්නේ නම් අපට ආශිර්වාද කරන බවට උන්වහන්සේ පොරොන්දුවී ඇත (බලන්න මොසායා 2:22–24).
අණ පණත් පිළිබඳ අමතර ශුද්ධලියවිලි: 1 නෙපි 17:3; 22:30–31; ඇල්මා 37:13, 35; 50:20