“ඔක්තෝම්බර් 12–18. ‘මිදුම්කරුවාණන් සයොනය වෙතට පැමිණේ’: යෙසායා 58–66” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“ඔක්තෝම්බර් 12–18. ‘මිදුම්කරුවාණන් සයොනය වෙතට පැමිණේ,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026
ග්‍රෙග් ඔල්සන් විසින්, Jesus in the Synagogue at Nazareth [යේසුස්වහන්සේ නාසරෙත්හි සිනගෝගයක]
ඔක්තෝම්බර් 12–18: “මිදුම්කරුවාණන් සයොනය වෙතට පැමිණේ”
යෙසායා 58–66
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ දේවසේවයේ මුල් අවදියේදී, උන්වහන්සේ හැදී වැඩුණු නාසරෙත්හි පිහිටි සිනගෝගයකට ගියා. උන්වහන්සේ එහි සිටගෙන ශුද්ධලියවිලි පාඨ කියවීමට, යෙසායාගේ පොත විවෘත කර, යෙසායා 61:1–2 ලෙස අප දැන් දන්නා දේ කියෙව්වා. පසුව උන්වහන්සේ “අද නුඹලා අසා සිටියදී මේ ලියවිල්ල සම්පූර්ණවී යයි”කියා ප්‍රකාශ කළා. මෙය “බිඳුණු සිත් සුවපත් කරන” සහ “වහලුන්ට මිදීම දේශනා කරන” අභිෂේක ලත් තැනැත්තා බවට ගැලවුම්කරුවාණන්ගේ වඩාත්ම සරල ප්‍රකාශයන්ගෙන් එකක් (බලන්න ලූක් 4:16–21) මෙම ශුද්ධලියවිල්ල ඇත්තෙන්ම එදින ඉටු වුණා. ඒවගේම, යෙසායාගේ වෙනත් බොහෝ අනාවැකි මෙන්ම, එයද අපේ කාලයේ ඉටු වෙමින් පවතිනවා. ගැලවුම්කරුවාණන් උන්වහන්සේ වෙතට පැමිණෙන බිඳුණු සිත් ඇති අයව දිගටම සුව කරනවා. ගැලවීම අවශ්‍ය බොහෝ වහලුන් තවමත් සිටිනවා. ඒවගේම, සූදානම් වීමට තේජාන්විත අනාගතයක් තියෙනවා—ඒ තමයි ස්වාමින්වහන්සේ “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද මවන” (යෙසායා 65:17) සහ “ධර්මිෂ්ඨකම සහ ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හටගන්නා” කාලය (යෙසායා 61:11). ස්වාමින්වහන්සේ දැනටමත් කර ඇති දේ, උන්වහන්සේ කරමින් සිටින දේ සහ උන්වහන්සේ තම සෙනඟ වෙනුවෙන් තව දුරටත් කරන්නේ කුමක්ද කියා යෙසායා පොත තුළ කියවීමෙන් අපගේ ඇස් විවෘත වෙනවා.
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
යෙසායා 58:3–12
නිරාහාරව සිටීම අධ්‍යාත්මික බලය ගොඩනඟන අතර අවශ්‍යතා ඇති පුද්ගලයින්ට ආශිර්වාද කරනවා.
ආහාර තිබෙන විට කිසිවෙකු ස්වේච්ඡාවෙන් ආහාර නැතිව ඉන්නේ ඇයි? ඔබ යෙසායා 58:3–12 අධ්‍යයනය කරන විට,මෙම නීතිය ලබා දීම සඳහා ස්වාමින්වහන්සේගේ හේතු මෙන්ම—නිරාහාරව සිටීමට හේතුව ගැන ඔබට සිතන්න පුළුවන්. මෙනෙහි කිරීමට තවත් ප්‍රශ්න කිහිපයක් මෙන්න:
-
නිරාහාරව සිටීම සමහර විට ආශිර්වාදයකට වඩා බරක් ලෙස සැලකිය හැක්කේ ඇයි? (බලන්න යෙසායා 58:3–5). මෙම පරිච්ඡේදයේ ස්වාමින්වහන්සේගේ ඉගැන්වීම් ඔබගේ එම අවබෝධය වෙනස් කරන්නේ කෙසේද?
-
“දුෂ්ටකමේ විලංගු මුදාහැරීමත්” සහ “සියලුම වියගස් කඩාදැමීමත්” යන්නෙන් අදහස් කරන්නේ කුමක් විය හැකිද? (යෙසායා 58:6). නිරාහාරව සිටීම අන් අයට ආශිර්වාද කළ හැක්කේ කෙසේද? (බලන්න 7 වෙනි පදය).
-
නිරාහාරව සිටීමෙන්, යෙසායා 58:8–12 තුළ විස්තර කර ඇති ආශිර්වාද ඔබට ගෙන ආවේ කෙසේද?
ඔබ උගන්වන අයව දැන හඳුනා ගන්න. “ක්‍රිස්තුස්වහන්සේ වැනි ගුරුවරයෙකු වීමට ඔබ උගන්වන අයව දැන හඳුනාගැනීම සහ ඔවුන්ගේ හදවත් තුළ ඇති දේ තේරුම්ගැනීමට උත්සාහ කිරීම ඇතුළත් වේ. … ඔවුන් හොඳින් ඉගෙනගන්නේ කෙසේදැයි ඔබට සොයාගත හැකිය. ඔබට ප්‍රශ්න ඇසීමට, හොඳින් සවන්දීමට, සහ නිරීක්ෂණය කිරීමට හැකිය. සියල්ලටම වඩා, ආත්මයාණන්වහන්සේට පමණක් දිය හැකි අවබෝධය සඳහා ඔබට යාච්ඤා කළ හැකිය. ඔබ පුද්ගලයෙකුව හොඳින් හඳුනන තරමට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පුද්ගලික අර්ථය සහ බලය සොයාගැනීමට ඔහුට හෝ ඇයට උපකාර කිරීමට ඔබට වඩා හොඳ හැකියාවක් ලැබෙනු ඇත. ඔබ පුද්ගලයෙකුගේ පිපාසය තේරුම්ගත් පසු, ගැලවුම්කරුවාණන්ගේ ජීවමාන ජලයෙන් එය සංසිඳුවීමට උපකාර කරන ආකාරය ආත්මයාණන්වහන්සේ විසින් ඔබට ඉගැන්විය හැකිය” (ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම, 13).
යෙසායා 58:13–14.
සබත් දවසේදී ස්වාමින්වහන්සේට ගෞරව කිරීම ප්‍රීතිය ගෙන දෙයි.
සබත් දවස ඔබට “ප්‍රීතියක්”ද? ඔබ යෙසායා 58:13–14 අධ්‍යයනය කරන විට, ස්වාමින්වහන්සේගේ දවසේදී ඔබට වඩාත් ප්‍රීතිය ලබාගත හැකි ආකාරය සලකා බලන්න. උදාහරණයක් වශයෙන්, “[උන්වහන්සේගේ] ශුද්ධ දවසේදී ඔබේ සතුටෙන් වැළකී සිටීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? “ස්වාමින්වහන්සේ තුළ ඔබම [ප්‍රීතිවීම]” සහ “ඔබේ ආකාරයට එය ගතකිරීම” අතර වෙනස කුමක්ද?
යෙසායා 59:9–21; 61:1–3; 63:7–9
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාගේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් වේ.
යෙසායා 58–66 තුළ යේසුස් ක්‍රිස්තුන්වහන්සේගේ වන්දිගෙවීමේ මෙහෙවර ගැන බහුවිධ යොමු දක්වයි. ඔබ අධ්‍යයනය කරන විට ඒවා සොයා බලන්න. විශේෂයෙන්ම, ගැලවුම්කරුවාණන්ව විස්තර කිරීමට භාවිතා කරන නාමයන් සහ වචන සැලකිල්ලට ගන්න. උදාහරණයක් ලෙස:
-
යෙසායා 59:16–21 තුළ “මැදහත්කාරයෙක්” පිළිබඳ විස්තරය ගැන ඔබේ සිත් ඇදගන්නේ කුමක්ද? ගැලවුම්කරුවාණන් 9–15 පදවල විස්තර කර ඇති තත්වයන් ජය ගන්නේ කෙසේද?
-
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තමා මෙසියස්වහන්සේ බව නාසරෙත්හි වැසියන්ට ප්‍රකාශ කළ විට, උන්වහන්සේ යෙසායා 61:1–3 උපුටා දැක්වූවා (බලන්න ලූක් 4:16–21). මෙම පදවල විස්තර කර ඇති ආකාරයට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට සහ අන් අයට ආශිර්වාද කර ඇත්තේ කෙසේද? උන්වහන්සේ අළු වෙනුවට අලංකාරය ලබා දී ඇත්තේ කෙසේද?
3:24Jesus Declares He Is the Messiah
-
ඔබට “සඳහන් කළ හැකි” “ස්වාමින්වහන්සේගේ ප්‍රේමනීය කරුණාව” කුමක්ද? (බලන්න යෙසායා 63:7–9).
-
යෙසායා 58–66 තුළ ගැලවුම්කරුවාණන් පිළිබඳ වෙනත් යොමු කිරීම් මොනවාද?
තවත් බලන්න මොසායා 3:7; දහම සහ ගිවිසුම් 133:46–53.
ඊවා තිමෝති විසින්, A Gift of Light [ආලෝකයේ තෑග්ගක්]
යෙසායා 60; 62
“ස්වාමින්වහන්සේ නුඹේ සදාකාල එළිය වනසේක.”
යෙසායා 60 සහ 62 තුළ ආලෝකය සහ අඳුර, ඇස් සහ දැකීම ගැන කතා කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අන්තිම දවස්වල ලෝකයට ආශිර්වාද කරන ආකාරය ගැන ඉගැන්වීමටයි. යෙසායා 60:1–5, 19–20; 62:1–2 තුළ මෙම සංකල්ප සොයන්න. ඔබ මෙම පරිච්ඡේද කියවන විට, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ දරුවන් අන්ධකාරයෙන් උන්වහන්සේගේ ආලෝකය වෙතට රැස් කරන්නේ කෙසේදැයි මෙනෙහි කරන්න. මෙම කාර්යයේදී ඔබේ කාර්යභාරය කුමක්ද?
තවත් බලන්න 1 නෙපී 22:3–12; 3 නෙපී 18:24; දහම සහ ගිවිසුම් 14:9; බොනී එච්. කෝඩන්, “ඔවුන් දකිනු පිණිස,” ලියහෝනා, මැයි 2020, 78–80.
යෙසායා 64:1–5; 65:17–25; 66
සහස්‍රයේදී ක්‍රිස්තුස්වහන්සේ පොළොවේ රජකම් කරන සේක.
යෙසායා “පළමු විපත්ති මතක නැති වන” දවසක් ගැන කතා කළා (යෙසායා 65:16). මෙම අනාවැකියේ ඉටුවීම් කිහිපයක් ඇතත්, එහි සම්පූර්ණ අර්ථයෙන්, එම දිනය තවම පැමිණ නැත—එනම් ඒ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණෙන දිනයයි. යෙසායා 64:1–5; 65:17–25; 66 තුළ යෙසායා මෙම අනාගත දවස විස්තර කළා. ඔහු “ප්‍රීති වන්න” සහ “ප්‍රීතිවීම” වැනි වචන කොපමණ වාරයක් භාවිත කළේද යන්න සැලකිල්ලට ගන්න. ගැලවුම්කරුවාණන්ගේ නැවත පැමිණීම ඔබට ප්‍රීතිමත් දවසක් වන්නේ ඇයි? උන්වහන්සේගේ පැමිණීම සඳහා සූදානම් වීමට ඔබට කුමක් කළ හැකිද?
තවත් බලන්න ඇදහිල්ලේ කරුණු 1:10; රසල් එම්. නෙල්සන්, “සභාවේ අනාගතය: ලෝකය ස්වාමින්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා සූදානම් කිරීම,” එන්සයින්, අප්‍රි. 2020, 13–17.
වැඩි විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
යෙසායා 58:6–11
නිරාහාරව සිටීම මට සහ අවශ්‍යතා ඇති අයට ආශිර්වාද කරයි.
-
සමහර විට ඔබේ දරුවන්ට නිරාහාරව සිටීමට දිරිගැන්වීමේ හොඳම ක්‍රමය—ඔවුන් සූදානම් වූ විට—මෙම නීතිය සඳහා ස්වාමින්වහන්සේගේ අරමුණු තේරුම් ගැනීමට ඔවුන්ට උපකාර කිරීමයි. මෙම ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට එකට එක්ව යෙසායා 58:6–11 කියවීම සලකා බලන්න: අපි නිරාහාරව සිටින්නේ ඇයි? අපි නිරාහාරව සිටින්නේ කොහොමද?
-
නිරාහාරව සිටීමෙන් ඔබට අර්ථවත් අත්දැකීමක් තිබේ නම්, එය ඔබේ දරුවන් සමඟ බෙදා ගන්න. ස්වාමින්වහන්සේ අපට මෙම නීතිය දුන්නේ මන්දැයි ඔවුන් මිතුරෙකුට පැහැදිලි කරන්නේ කෙසේදැයි ඔබට ඔවුන්ගෙන් ඇසිය හැකිය.
යෙසායා 58:13–14
සබත් දවස මට ප්‍රීතියක් විය හැකියි.
-
යෙසායා 58:13–14 කියවීමෙන් පසු, ඔබට දින දර්ශනයක සතියේ දින පෙන්වා ඔබ සමඟ ඒ දින පවසන ලෙස ඔබේ දරුවන්ට ආරාධනා කළ හැකිය. ඔබ සබතට පැමිණෙන විට, එම දිනය “ප්‍රීතියක්” ලෙස හඳුන්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. සබත් දවස ඔබට ප්‍රීතියක් වන්නේ මන්දැයි ඔවුන්ට කියන්න.
-
සබත් දවසේදී ඔබට “ස්වාමින්වහන්සේ තුළ ප්‍රීතිවීමට” හැකි ක්‍රම එකිනෙකා සමඟ බෙදාගන්න. සමහරවිට ඔබේ දරුවන්ට ඔවුන්ගේ අදහස් ඇඳ ඒවා “ප්‍රීතිමත් සබත් පෙට්ටියක” තැබිය හැකියි. ඉන්පසු, සබත් දවසේ කළ යුතු දේවල් ගැන ඔවුන්ට අදහස් අවශ්‍ය වූ විට, ඔවුන්ට පෙට්ටියෙන් අදහසක් ලබාගන්න පුළුවන්.
ඩෑන් විල්සන් විසින්, Our Light [අපේ ආලෝකය]
යෙසායා 60:1–3
ගැලවුම්කරුවාණන් මට ආලෝකයක් වැනිය.
-
ඔබ යෙසායා 60:1–3 කියවන විට ඔබේ දරුවන්ට ඔවුන්ගේ ඇස් වසා ගැනීමට ඔබට ආරාධනා කළ හැකිය. “ආලෝකය” යන වචනය ඇසෙන විට ඔවුන්ගේ ඇස් ඇරීමටත්, “අන්ධකාරය” යන වචනය ඇසෙන විට නැවත ඇස් වසා ගැනීමටත් ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය ස්වර්ගීය පියාණන්වහන්සේ වෙත ආපසු යන අපගේ මාර්ගය දැකීමට අපට උපකාර කරන ආලෝකයක් වැනි බව පැහැදිලි කරන්න.
යෙසායා 65:17–25
යේසුස්වහන්සේ නැවත පැමිණෙන විට, උන්වහන්සේ සාමය හා ප්‍රීතිය ගෙන එයි.
-
යෙසායා 65:17–25 විස්තර කරන්නේ ගැලවුම්කරුවාණන් නැවත පැමිණෙන විට පොළොව කෙබඳු වනු ඇත්ද යන්නයි. ඔබ ඔබේ දරුවන් සමඟ මෙම පද කියවන විට, යෙසායා විස්තර කළ “අලුත් පොළොවේ” ජීවිතය වෙනස් වන්නේ කෙසේදැයි සොයා බැලීමට ඔවුන්ට උපකාර කරන්න. මෙය “සදාකාලයටම සතුටුව හා ප්‍රීතියෙන්” සිටිය යුතු කාලයක් වන්නේ ඇයි? (18 වෙනි පදය)
-
ඔබට දෙවන පැමිණීම ගැන ගීතයක් ගායනා කළ හැකිය. ගැලවුම්කරුවාණන්ගේ නැවත පැමිණීම ගැන ඔබ බලා සිටින දේ එකිනෙකා සමඟ බෙදා ගන්න. ඒ දවස සඳහා සූදානම් වීමට අපට කුමක් කළ හැකිද?
වැඩි විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.