එන්න, මා අනුගමනය කරන්න
ඔක්තෝම්බර් 5–11. “සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකය”: යෙසායා 50–57


“ඔක්තෝම්බර් 5–11. ‘සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකය’: යෙසායා 50–57’ එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)

“ඔක්තෝම්බර් 5–11. ‘සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකය,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026

යේසුස්වහන්සේ කටු ඔටුන්නක් පැළඳ සිටී

කාර්ල් හෙන්‍රිච් බ්ලොච් විසින්, The Mocking of Christ [ක්‍රිස්තුස්වහන්සේට සමච්චල් කිරීම]

ඔක්තෝම්බර් 5–11: “සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකය”

යෙසායා 50–57

යෙසායා තම දේවසේවය පුරාම බලවත් ගැලවුම්කරුවෙකු ගැන කතා කළා. මෙම අනාවැකි ඉශ්‍රායෙල් සෙනඟ සියවස් ගණනාවකට පසු බැබිලෝනියේ වහල්භාවයේ සිටියදී ඔවුන්ට විශේෂයෙන් අනර්ඝ වන්නට ඇති. බැබිලෝනියේ පවුරු කඩා බිඳ දැමිය හැකි කෙනෙක් ඇත්තෙන්ම බලවත් ජයග්‍රාහකයෙක් වන්නට තිබුණා. නමුත් ඒ 52–53 පරිච්ඡේදවල යෙසායා විස්තර කළ මෙසියස්වහන්සේ මෙන් නොවේ: “උන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළුකොට එපාකරනු ලැබූසේක; වේදනා ඇත්තාවූ දුක දන්නාවූ මනුෂ්‍යයෙක්ය: අපි උන්වහන්සේගෙන් අපගේ මුහුණු සඟවා සිටියෙමු. … එසේ වී නුමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන්වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතීමු” (යෙසායා 53:3–4).

එවැනි අනපේක්ෂිත ගැලවුම්කරුවාණන් කෙනෙකු එවීමෙන්, සැබෑ ගැලවීම ගැන දෙවියන්වහන්සේ අපට ඉගැන්වූවා. හිරිහැරයන්ගෙන් හා පීඩාවෙන් අපව ගලවා ගැනීම සඳහා, දෙවියන්වහන්සේ “හිරිහැරයට පත් වූ, සහ … පීඩාවට පත් වූ” කෙනෙකුව එව්වා. ඇතැමුන් සිංහයෙකු බලාපොරොත්තු වූ තැන, උන්වහන්සේ බැටළු පැටවෙකු එව්වා (බලන්න යෙසායා 53:7). නිසැකවම, දෙවියන්වහන්සේගේ මාර්ග අපගේ මාර්ග නෙමේ (බලන්න යෙසායා 55:8-9). යේසුස් ක්‍රිස්තුන්වහන්සේ අපව නිදහස් කරන්නේ සිරගෙදර විවෘත කිරීමෙන් පමණක් නොව එහි අපගේ ස්ථානය ගැනීමෙනුයි. අපගේ ශෝකය සහ කනස්සල්ල උන්වහන්සේ විසින්ම දරාගෙන ඒවායින් උන්වහන්සේ අපව නිදහස් කරනවා (බලන්න යෙසායා 53:4–5, 12). උන්වහන්සේ අපව ගළවන්නේ දුර සිට නොවේ. “ඔබෙන් පහ නොවන” “සදාකාලික කරුණාවේ” ක්‍රියා වලින් උන්වහන්සේ අප සමඟ දුක් විඳිනවා (යෙසායා 54:8, 10).

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

යෙසායා 50–52

ස්වාමින්වහන්සේගේ සෙනඟගේ අනාගතය දීප්තිමත් ය.

ඉශ්‍රායෙල් සෙනඟ වසර ගණනාවක් වහල්භාවයේ ගත කළත්—එම වහල්භාවය ඔවුන්ගේම දුර්වල තේරීම් වල ප්‍රතිඵලයක් වුවත්—ස්වාමින්වහන්සේට අවශ්‍ය වූයේ ඔවුන් අනාගතය දෙස බලාපොරොත්තුවක් සමඟ බැලීමයි. ඔබ යෙසායාගේ පණිවිඩයෙන් දකින ඔබට බලාපොරොත්තුවක් ලබාදෙන දේවල් මොනවාද? මෙවැනි ප්‍රස්ථාරයක් ඔබට අධ්‍යයනය කිරීමට උපකාරී වනු ඇත:

මම දෙවියන්වහන්සේ ගැන ඉගෙනගන්න දේ (උදාහරණයක් ලෙස බලන්න, යෙසායා 50:2, 5–9; 51:3–8, 15–16; 52:3, 9–10)

බලාපොරොත්තුවේ පණිවිඩ (උදාහරණයක් ලෙස බලන්න, යෙසායා 50:9; 51:3–5, 11–12, 22–23; 52:9–10)

බලාපොරොත්තුව යථාර්ථයක් කිරීමට මට කළ හැකි දේ (උදාහරණයක් ලෙස බලන්න, යෙසායා 50:10; 51:1–2, 6–9; 52:1–3, 9–11)

තවත් බලන්න මොසායා 12:20–24; 15:13–18; 3 නෙපී 20:29–46; දහම සහ ගිවිසුම් 113:7–10; රසල් එම් නෙල්සන්, “අනාගතය ඇදහිල්ලෙන් වැලඳගන්න,” ලියහෝනා, නොවැ. 2020, 73–76.

යේසුස්වහන්සේ කුරුසියක් දරාගෙන

ඇන්ජෙලා ජොන්සන් විසින්, Because of Love [ආදරය නිසා]

ඉගෙන ගන්නන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ළඟට එන්න උදව් කරන්න. “ගුරුවරයෙකු ලෙස ඔබ කරන කිසිම දෙයක් ඉගෙන ගන්නන්ට ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දැන හඳුනා ගැනීමට සහ උන්වහන්සේලාගේ ආදරය දැනීමට උපකාර කිරීමට වඩා ආශිර්වාද කරන්නේ නැත” (ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම8). ඔබ අනෙක් අයට යෙසායා 50–57 ඉගැන්වීමට සූදානම් වන විට, ඉශ්‍රායෙල් සෙනඟගේ අභියෝග, යෙසායාගේ ක්‍රිස්තුස්වහන්සේ ගැන අනාවැකි සහ ඔවුන්ගේම අරගල සමඟ දිව්‍යමය උපකාර ලබා ගැනීම අතර සම්බන්ධතා දැකීමට ඔබට ඔවුන්ට උපකාර කළ හැකි ආකාරය ගැන සලකා බලන්න.

යෙසායා 53

සෙමනේරි නිරූපකය
යේසුස් ක්‍රිස්තුන්වහන්සේ මාගේ පව් සහ ශෝකය උන්වහන්සේ මතට ගත් සේක.

ශුද්ධලියවිල්ලේ පරිච්ඡේද කිහිපයක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ මෙහෙයුම යෙසායා 53 ට වඩා අලංකාර ලෙස විස්තර කරනවා. මෙම බලවත් ඉගැන්වීම් වඩා හොඳින් අවබෝධ කර ගැනීමට සහ අදාළ කර ගැනීමට මෙවැනි ක්‍රියාකාරකම් සලකා බලන්න:

  • කතන්දර සහ චිත්‍රපට බොහෝ විට මිනිසුන් බේරා ගන්නා වීරයන් නිරූපණය කරන්නේ කෙසේදැයි මෙනෙහි කරන්න හෝ ඒ ගැන සාකච්ඡා කරන්න. එම නිරූපණ යෙසායා 53 තුළ ගැලවුම්කරුවාණන්ගේ විස්තර සමඟ සංසන්දනය කරන්න.

  • සෑම පදයක්ම කියවීමෙන් පසු, සියලුම මිනිසුන් සඳහා සහ විශේෂයෙන් ඔබ සඳහා, උන්වහන්සේ දැරූ—“කම්කටොලු”, “ශෝක” සහ “පාපය” ගැලවුම්කරුවාණන් දුක් විඳි දේ ගැන—මෙනෙහි කිරීමට විරාමයක් ලබාගන්න. ඔබ කියවන විට “අපි” සහ “අපේ” වැනි වචන “මම” සහ “මගේ” වැනි වචන සමඟ ආදේශ කළ හැකිය. මෙම පද ඔබ තුළ ඇති කරන හැඟීම් හෝ සිතුවිලි මොනවාද?

  • යෙසායා 53 තුළ අනාවැකි ඉටු වූ ආකාරය ගැන මෙනෙහි කරන්න. ගැලවුම්කරුවාණන් ඔබ වෙනුවෙන් දරාගන්නා කම්කටොලු සහ ශෝක සමහරක් මොනවාද?

    5:25

    My Kingdom Is Not of This World

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම අවට සිදුවීම්වල පින්තූර සොයන්න. ඉන්පසු ඔබට ඒ පින්තූරවල සිදුවීම් විස්තර කරන යෙසායා 53 තුළ වාක්‍ය ඛණ්ඩ සොයා ගන්න පුළුවන්. මෙම ඉගැන්වීම් ඔබව පොළඹවන්නේ කුමක් කිරීමටද?

යෙසායා 54; 57:15–19

යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අවශ්‍ය වන්නේ මා නැවත උන්වහන්සේ වෙතට පැමිණීමටයි.

අපගේ පව් හෝ දුර්වලතා නිසා ස්වාමින්වහන්සේගෙන් ඈත් වී සිටින බව හැඟෙන අවස්ථා අප සැමට තිබෙනවා. ඇතැමුන් උන්වහන්සේ කවදා හෝ සමාව දෙනු ඇතැයි යන බලාපොරොත්තුව පවා අත්හැර දමා තිබෙනවා. යෙසායා 54 සහ 57 එවැනි කාලවලදී සහතික කිරීම සහ දිරිගැන්වීම සඳහා කියවීමට විශිෂ්ට පරිච්ඡේදයි. විශේෂයෙන්ම යෙසායා 54:4–10; 57:15–19 තුළ ගැලවුම්කරුවාණන්ට ඔබ පිළිබඳ හැඟෙන ආකාරය ගැන ඔබට උගන්වන වචන මොනවාද? උන්වහන්සේ ගැන මේ දේවල් දැන ගැනීමෙන් ඔබේ ජීවිතයේ ඇතිකරන වෙනස කුමක්ද?

සභාපති ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ් මෙසේ ඉගැන්වුවා:

“අපේ ජීවිත කොතරම් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත්ද යන්න වැදගත් නොවේ. අපගේ පව් කෙතරම් තද රතු පාටද, අපගේ තිත්තකම කොතරම් ගැඹුරුද, කොතරම් තනිකමද, අත්හැරීම හෝ අපගේ හදවත් බිඳී යාමද වැදගත් නොවේ. බලාපොරොත්තුවක් නැති, බලාපොරොත්තු සුන් වී ජීවත් වන, විශ්වාසය බිඳ දමා ඇති, තම අඛණ්ඩතාව යටත් වූ හෝ දෙවියන්වහන්සේගෙන් ඈත් වූ අය පවා නැවත ගොඩනඟා ගත හැකිය. …

“ශුභාරංචියේ ප්‍රීතිමත් පුවත මෙයයි: අපගේ ප්‍රේමණීය ස්වර්ගීය පියාණන්වහන්සේ විසින් සපයන ලද සදාකාලික ප්‍රිතීයේ සැලැස්ම සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අසීමිත පරිත්‍යාගය තුළින්, අපට අපගේ වැටී සිටි තත්ත්වයෙන් මිදී පවිත්‍රත්වයට පත් කිරීමට පමණක් නොව, ලෞකික පරිකල්පනය ඉක්මවා සදාකාල ජීවනයේ උරුමක්කාරයන් සහ දෙවියන්වහන්සේගේ විස්තර කළ නොහැකි මහිමයේ කොටස්කරුවන් බවට පත්විය හැකිය” (“He Will Place You on His Shoulders and Carry You Home,” Liahona, May 2016, 102).

තවත් බලන්න පැට්‍රික් කේරොන්, “දෙවියන්වහන්සේගේ අභිප්රාය වන්නේ ඔබව නිවහනට ගෙන ඒමයි,” ලියහෝනා, මැයි 2024, 87–89.

යෙසායා 55–56

“මාගේ ගිවිසුම අල්ලාගන්න” කියා ස්වාමින්වහන්සේ සැමට ආරාධනා කරන සේක.

පරම්පරා ගණනාවක් පුරා, ඉශ්‍රායෙල් සෙනඟව දෙවියන්වහන්සේගේ ගිවිසුම් සෙනඟ ලෙස හඳුනාගෙන තිබුණා. කෙසේ වෙතත්, දෙවියන්වහන්සේගේ සැලැස්ම සෑම විටම එක් ජාතියකට වඩා වැඩි ගණනක් ඇතුළත් කරගෙන තිබෙනවා, මොකද “පිපාසා ඇති සියල්ලෙනි” “වතුර ළඟට වරෙල්ලා” කියා ආරාධනා කරනු ලැබ තිබෙනවා (යෙසායා 55:1). ඔබ යෙසායා 55 සහ 56 කියවන විට මෙය මතකයේ තබාගෙන, දෙවියන්වහන්සේගේ සෙනඟ වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි මෙනෙහි කරන්න. දෙවියන්වහන්සේගෙන් “සම්පූර්ණයෙන්ම වෙන් වූ” අයට දෙවියන්වහන්සේගේ පණිවිඩය කුමක්ද? (යෙසායා 56:3). “මාගේ ගිවිසුම අල්ලාගෙන සිටින” අයගේ ආකල්ප සහ ක්‍රියා විස්තර කරන පද සලකුණු කිරීම සලකා බලන්න. (බලන්න යෙසායා 56:4–7).

වැඩි විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

යෙසායා 51–52

“[මගේ] ශක්තිය පැළඳගන්න” කියා ස්වාමින්වහන්සේ මට ආරාධනා කරන සේක.

  • යෙසායා 51:9, 17; 52:1–2, 9 තුළ “අවදිව සිටින්න,” “නැගිටින්න,” සහ “ඔබේ ශක්තිය පැළඳගන්න” වැනි වාක්‍ය ඛණ්ඩ සොයාගෙන එම වාක්‍ය ඛණ්ඩ ක්‍රියාවට නැංවීම ඔබේ දරුවන්ට විනෝදයක් විය හැකිය. එසේ කිරීමෙන් පසු, අවදිවීම, නැගිටීම සහ අධ්‍යාත්මිකව ශක්තිය පැළඳගැනීම යන්නෙන් අදහස් කරන දේ ගැන ඔබට කතා කරන්න පුළුවන් මෙම පදවලින් ස්වාමින්වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ කුමක් කරන්නටද?

  • ඔබේ දරුවන්ට යෙසායා 51:1, 4, 7 කියවා, ස්වාමින්වහන්සේ කතා කරන්නේ කාටද සහ ස්වාමින්වහන්සේට අවශ්‍ය ඔවුන් කුමක් කරනවාටද කියා හඳුනාගැනීමටද පුළුවන්. ස්වාමින්වහන්සේට “උවමනාවෙන් ඇහුම්කන් දීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අපි ස්වාමින්වහන්සේට “උවමනාවෙන් ඇහුම්කන් දෙන” බව පෙන්වන්නේ කෙසේද?

යෙසායා 53:3–9

යේසුස් ක්‍රිස්තුන්වහන්සේ මාගේ පව් සහ ශෝකය උන්වහන්සේ මතට ගත්තා.

  • ඔබට සහ ඔබේ දරුවන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දුක් වේදනා සහ මරණය පෙන්වන පින්තූර කිහිපයක් දෙස බලන්න පුළුවන් ඉන්පසු ඔබට එකට එක්ව යෙසායා 53:3–6, 9 කියවා එම පින්තූරවල සිදු වන දේ විස්තර කරන වචන සෙවීමට පුළුවන්. මෙම සත්‍යයන් සිදු වීමට වසර සිය ගණනකට පෙර යෙසායා ඒ ගැන බෙදාගත් බව ඔබේ දරුවන්ට තේරුම් ගැනීමට උපකාර කරන්න. මිනිසුන් මේ දේවල් වසර ගණනාවකට පෙර දැනගැනීම වැදගත් වන්නේ ඇයි? (බලන්න ඇල්මා 39:15–19).

  • යෙසායා 53:4, “උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකය” කියා කියවීමෙන් පසු, ඔබේ දරුවන්ට බර වස්තුවක් ඔසවන්නට උත්සාහ කළ හැකිය (නැතහොත් එකක් ඔසවන ආකාරයෙන් රඟ දැක්වීමට හැකිය). “කම්කටොලු” සහ “ශෝකය” හෝ දුක බර සහ දරා ගැනීමට අපහසු වන ආකාරය ගැන කතා කරන්න. යේසුස්වහන්සේ අපගේ “කම්කටොලු” “ශෝක” සහ “අයුතුකම්” හෝ පව් දරාගත්තේ ඇයි? (තවත් බලන්න ඇල්මා 7:11–12).

ක්‍රිස්තුස්වහන්සේ දරුවන් සමග

යෙසායා 55:6

මට ස්වාමින්වහන්සේව සොයමින් උන්වහන්සේට හඬ ගැසිය හැකිය.

  • යෙසායා 55:6 ගැන ඔබේ දරුවන්ට ඉගැන්වීමට, ඔබට යේසුස්වහන්සේගේ පින්තූරයක් කාමරයේ කොහේ හරි සඟවන්න පුළුවන්. ඔබට ඔබේ දරුවන්ට එම පින්තූරය සොයා ගැනීමට ආරාධනා කළ හැකි අතර ඔවුන්ට “ස්වාමින්වහන්සේව සොයා ගත හැකි වන තුරු සෙවිය හැකි” එක් මාර්ගයක් ගැන කියන්න පුළුවන්. එවිට ඔබට පින්තූරය සඟවා ක්‍රියාකාරකම නැවත කිරීමට එක් දරුවෙකුට ඉඩ දිය හැකිය.

යෙසායා 55:8–9

ස්වාමින්වහන්සේගේ මාර්ග මට වඩා උසස් ය.

  • යෙසායා 55:9 කියවීමෙන් පසු, ඔබ “උසස්” වූ විට දේවල් වෙනස් වන ආකාරය ගැන ඔබේ දරුවන්ට පුටුවක් මත සිටගෙන කතා කිරීම විනෝදයක් විය හැකිය. එහෙමත් නැත්නම් යෙසායා 55:9 කියන දේ ගැන චිත්‍රයක් අඳින්න ඔවුන්ට පුළුවන්. පසුව අපගේ මාර්ගවලට වඩා උසස් වන ස්වාමින්වහන්සේගේ මාර්ග කිහිපයක් ගැන ඔබට සාකච්ඡා කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන්, පව්කාරයන්ට සලකන උන්වහන්සේගේ ක්‍රමය කුමක්ද? (බලන්න මාර්ක් 2:15–17). අන් අයව මෙහෙයවීමේ උන්වහන්සේගේ මාර්ගය කුමක්ද?(බලන්න මතෙව් 20:25–28). ස්වාමින්වහන්සේගේ උසස් මාර්ග සහ සිතුවිලි විශ්වාස කිරීමට ඔබ ඉගෙන ගත් ආකාරය ඔබේ දරුවන් සමඟ බෙදා ගන්න.

වැඩි විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

යේසුස්වහන්සේගේ පින්තූරය

මයිකල් මැල්ම් විසින්, His Light [උන්වහන්සේගේ ආලෝකය]

ප්‍රාථමික ක්‍රියාකාරකම් පිටුව: මට ස්වාමින්වහන්සේ සොයමින් උන්වහන්සේට කතා කළ හැකිය