ආසියා ප්‍රාදේශීය නායකත්ව පණිවිඩය
මගේ පවුල මට ප්‍රීතිය ගෙන දෙයි
දිනක් මම නිවසට යන විට, මගේ අවධානය දිනාගත් ඉංග්‍රීසි පුවරුවක් මම දුටුවෙමි. එහි ලියා තිබුණේ, "පවුල යන වචනයේ අක්ෂර වින්‍යාසය යන්නෙන් අදහස් කරන්නේ පියා සහ මවමම ඔබට ආදරෙයි" යන්නයි. මේ ලකුණෙන් මට යම් දිරිගැන්වීමක් ලැබිණි. එය "පවුල" යන වචනයේ ව්‍යුහය පැහැදිලි කරන බවක් පෙනෙන්නට තිබුණි. පවුලකට දෙමාපියන් සහ දරුවන් ඇතුළත් වන අතර, වඩාත් වැදගත් ලෙස, එයට අත්‍යවශ්‍ය ක්‍රියාවක් ඇතුළත් වේ – ඒ "ආදරය යි". එමගින් මෙම සරල වචනය බෙහෙවින් වෙනස් කරන අතර පවුලකට අවශ්‍ය අභිප්‍රේරණය සහ බලාපොරොත්තුවෙන් එය පුරවයි.
අපගේ ප්‍රේමණීය ස්වර්ගික පියාණන්වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට ලබා දී ඇති සියලු ත්‍යාග අතරින්, ශ්‍රේෂ්ඨතම ත්‍යාගය සදාකාල ජීවනයයි. ඒ ත්‍යාගය නම්, පවුල් වශයෙන් සදහටම දෙවි වූ පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන් අභිමුඛයෙහි ජීවත් වීමයි. පවුල් ජීවිතයේ ප්‍රේමණීය බැඳීම් දිගටම පවතිනු ඇත්තේ, දෙවියන්වහන්සේගේ රාජ්‍යයන්ගෙන් ඉහළම රාජ්‍යය වන සෙලෙස්ටියල් රාජ්‍යයේ පමණි. ආදරණීය පවුල්වල ජීවත් වීමේ ප්‍රීතිය අපි සැවොම බලාපොරොත්තු වන්නෙමු. අපි බොහෝ සේ ආදරය කළ, දැන් නැවතත් වැළඳ ගැනීමට වේදනා විඳින ඒ පවුලේ සාමාජිකයාගේ උණුසුම් සෙනෙහස කවදා හෝ අපට නැවත දැනෙනු ඇතැයි යන බලාපොරොත්තුව අපි සැමට දැනී ඇත.
අපගේ ප්‍රේමණීය ස්වර්ගික පියාණන්වහන්සේගේ අපගේ හදවත් දන්නා සේක. උන්වහන්සේගේ අරමුණ අපට ප්‍රීතිය ලබා දීමයි. සදාකාලිකවම පවතින පවුල් බැඳීම්වල ප්‍රීතියට ඉඩ සැලසීම සඳහා උන්වහන්සේ තම පුත්‍රයාණන් වන ඒ ත්‍යාගය ලබා දුන් සේක. ගැලවුම්කරුවාණන් මරණයේ බැඳුම් බිඳ දැමූ නිසා, අපි මරණයෙන් නැවත නැගිටින්නෙමු. උන්වහන්සේ අපගේ පාපවලට වන්දි ගෙවූ නිසා, අපගේ ඇදහිල්ලෙන් හා පසුතැවිල්ලෙන්, පවුල් සදහටම ප්‍රේමයෙන් බැඳී සිටින සෙලෙස්ටියල් රාජ්‍යයට අපට සුදුස්සන් විය හැකිය.
වැඩිහිටි හෙන්රි බී. අයිරින් මෙසේ පැවසීය, “ඔබට මගේ පොරොන්දුව වන්නේ වරක් ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ ප්‍රේරිතවරයෙකු විසින් මට දුන් පොරොන්දුවයි. අපගේ නෑදෑයන් සමහරකගේ තෝරාගැනීම් නිසා, එලබෙන්නාවූ ලෝකයේ අපට එකට එක්ව ජීවත්වීමට හැකියාව ලැබේ ද යන්න මට සැක සහිත බව, මම ඔහුට පැවසුවෙමි. මට මතක ආකාරයට, ඔහු මෙසේ පැවසීය, “ඔබ කරදර වන්නේ වැරදි ප්‍රශ්නය ගැනයි. ඔබ සෙලෙස්ටියල් රාජ්‍යට යාමට සුදුසු විදිහට පමණක් ජීවත්වන්න, එවිට ඔබට සිතාගැනීමට නොහැකි වන තරමට පවුල් විධිවිධාන බොහෝ ආශ්චර්යමත් වේවි.”
අපගේ නිවෙස්වල වැඩිපුර ආදරය, ශක්තිය සහ සතුට ඇති කර ගැනීමට සභාපති හැරල්ඩ් බී. ලී අප සැම දිරිමත් කළේය. ඔහු මෙසේ පැවසීය, “ඔබේ පවුල් සබඳතා ශක්තිමත් කර ඔබේ දරුවන් ගැන සැලකිලිමත් වන්න... මේ කරදර සහ කැලඹිලි සහිත දවසේ දී, දරුවන්ට අවශ්‍ය නැංගුරම සඳහා පැමිණිය හැකි ශක්තිමත් ස්ථානයක් බවට නිවස පත් කිරීමට වග බලා ගන්න. එවිට ප්‍රේමය වැඩි වන අතර ඔබේ ප්‍රීතිය වැඩි වනු ඇත.” අපි පවුලේ යාච්ඤා කියමින් අපගේ සභාවේ කැඳවීම් ඉටු කළ යුතු යැයි ඔහු යෝජනා කළේය. පවුලේ සාමාජිකයන් එකිනෙකාට ගරු කළ යුතුය. දෙමව්පියන් රණ්ඩු නොවිය යුතු අතර, වරදවා වටහාගැනීම් බුද්ධිමත්ව එකට එක්ව සාකච්ඡා කළ යුතුය. පවුලේ අන් අයට උපකාර කිරීම සඳහා සෑම පුද්ගලයෙකුම දිනපතා කැපකිරීම් කිරීමට උත්සාහ කළ යුතුය.
සභාපති හැරල්ඩ් බී. ලී මෙසේ ප්‍රකාශ කළේය, “දෙවියන්වහන්සේගේ ප්‍රේමය යනු ඉල්ලීමක් නිසා පමණක් ලැබෙන දෙයක් නොවේ. "යමෙක් දෙවියන්වහන්සේට ප්‍රේම කරමියි කියා තමාගේ සහෝදරයාට වෛර කරන්නේ නම්, ඔහු බොරුකාරයෙකි. මක්නිසාද තමා දුටු සහෝදරයාට ප්‍රේම නොකරන තැනැත්තා, තමා නොදුටු දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නේ කෙසේද?" යනුවෙන් පැවසුවේ යොහන් ය. ඔබට දෙවියන්වහන්සේට ප්‍රේම කර, ඔබ ඇසුරු කරන ඔබේ සහෝදරයාව හෙළා දැකිය නොහැක. තමා ආත්මික යෝධයෙකු යැයි සිතන ඕනෑම මිනිසෙකු, නොසලකා හැරීම සහ තම බිරිඳ සහ දරුවන් රැකබලා ගැනීමට අපොහොසත් වීම නිසා තම නිවස අවුල් සහගත නම්, එම මිනිසා දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රේමයක් වර්ධනය කර ගැනීමට යන මාර්ගයට පිවිසෙන්නේ නැත.”
"පවුල: ලෝකයට ප්‍රකාශනයක්" ඔබේ පවුල ශක්තිමත් කිරීමට සහ එක්සත් කිරීමට උපකාරී වේ. ප්‍රාථමිකයේ දරුවන්ට පහත යෝජනා ලබා දෙන ලදී.
-
ඔබ ඔබේ උදව් අවශ්‍ය සදාකාලික පවුලක කොටසකි.
-
ඔබේ පවුලට සතුට, කරුණාව සහ ආදරය ගෙන ඒමට ඔබට හැකිය.
-
ඔබට එකිනෙකාට සවන් දිය හැකිය, එකට වැඩ කළ හැකිය, සෙල්ලම් කළ හැකිය, සමාව දිය හැකිය, සහ එකිනෙකාට උදව් කළ හැකිය.
-
ඔබට ඔබේ පවුලේ අය සමඟ ශුද්ධලියවිලි කියවිය හැකිය.
-
ඔබ යාච්ඤා කර ආඥා පිළිපදින විට ඔබේ පවුලට හොඳ ආදර්ශයක් විය හැකිය.
ඔබ සෙලෙස්ටියල් රාජ්‍යයට සුදුසු ලෙස ජීවත් වන විට, “පවුල් විධිවිධාන ඔබට සිතාගත නොහැකි තරම් අපූරු වනු ඇත” යන අනාවැකිමය පොරොන්දුව ඔබේ වනු ඇති බවට මම සාක්ෂි දරමි. ■