2025
පළමු නත්තලේ දී සිටි එඬේරුන් ගැන අප දන්නේ කුමක් ද?
2025 දෙසැම්බර් ලියහෝනා


යෞවනයේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2025 දෙසැම්බර්

පළමු නත්තලේ දී සිටි එඬේරුන් ගැන අප දන්නේ කුමක් ද?

තරුණ ගැහැණු ළමුන්

බ්‍රයන් කෝල් විසින්, Shepherds [එඬේරුන්]

පළමු නත්තලේ දී සිටි එඬේරුන් ගැන අපි කරුණු කිහිපයක් දන්නවා.

ඔවුන් සිටියේ බෙත්ලෙහෙමට ආසන්නවයි. එඬේරුන් සිටියේ ක්‍රිස්තුස්වහන්සේගේ උපත සිදු වූ “එකම රට” තුළයි (ලූක් 2:8). එමෙන්ම උන්වහන්සේ එහි සිටිය දී ඔවුන්ට පයින්ම බෙත්ලෙහෙමට ළඟා වීමට හැකි වුණා (බලන්න ලූක් 2:15–16).

ඔවුන් තම යුතුකම ඉටු කරමින් සිටියා. මෙම එඬේරුන් “රාත්‍රියේ තම රැළ රැකබලා ගනිමින් කෙතේ රැඳී සිටියා” (ලූක් 2:8). ඔවුන් යහපත් එඬේරාණන් වන ගැලවුම්කරුවාණන් මෙන් යහපත් හා ඇදහිලිවන්ත එඬේරුන් වුණා (බලන්න යොහන් 10:11, 14).

ඔවුන් මෙසියස්වහන්සේ පිළිබඳ අනාවැකි දැන සිටියා. පුරාණ කාලයේ අනාවැකි පළ කළ මෙසියස්වහන්සේ එනම් “ස්වාමින් වන ක්‍රිස්තුස්වහන්සේගේ” උපත (ලූක් 2:11) ප්‍රකාශ කළ විට දේවදූතයා කතා කළේ කුමක් ගැනදැයි ඔවුන් පැහැදිලිවම දැන සිටියා.

ඔවුන්ට මහත් උද්‍යෝගයක් තිබුණා. දේවදූතයා ඔවුන්ට “ගවයන් කන ඔරුවක බාවා ඉන්න ළදරුවා” (ලූක් 2:12) ගැන පැවසූ විට, ඔවුන් උන්වහන්සේව දැකීමට “වහාම” ගියා (ලූක් 2:16).

ඔවුන් එම සුභ පණිවිඩය බෙදාගත්තා. ක්‍රිස්තුස්වහන්සේගේ උපත පිළිබඳ දේවදූතයාගේ පණිවිඩය පිළිබඳව ඔවුන් ඇසූ දුටු දේ ඔවුන් “සියලු ජාතීන්ට ප්‍රකාශ” කළා (ලූක් 2:17).

ඔවුන් දෙවියන්වහන්සේට ස්තුති කොට ප්‍රශංසා කළා. මේ සියල්ලෙන් පසු, ඔවුන් “තමුන්ට කී ලෙසම ඇසූ දුටු සියල්ල ගැන දෙවියන්වහන්සේට ගෞරව කරමින්ද ප්‍රශංසා කරමින්ද හැරී ගියා” (ලූක් 2:20).