යෞවනයේ ශක්තිය සඳහා මාසික පණිවිඩය, 2025 ජුනි
මම සැබවින්ම පසුතැවිලි වී සමාව ලබා ඇති බව මම දැන ගන්නේ කෙසේද?
ජෙනඩි පේජ් විසින්, Coming Full Circle [සම්පූර්ණ කවයකට පැමිණීම]
ස්වාමීන්වහන්සේ මෙසේ කියනවා: “[පාපයන්ගෙන්] පසුතැවී ඇත්නම්, ඔවුන් එසේ සමාව ලබන්නේය, එමෙන්ම ස්වාමීන්වහන්සේ වන මම ඒවා තවත් මතක තබාගන්නේ නැත.”
“මෙම කාරණය හේතුවෙන් මනුෂ්‍යයෙක් ඔහුගේ පාපයට පසුතැවිලි වන්නේ නම්—බලන්න, ඔහු ඒවා පාපොච්ඡාරණය කොට තවද ඒවා අත්හල යුතුයැයි නුඹ දැනගන්නෙහිය” (දහම සහ ගිවිසුම් 58:42–43).
අවංක පසුතැවිල්ල තුළින් අපට සමාව ලබා ගත හැකිය. “ඔබට ආත්මයාණන්ගෙන් සැනසීමක් දැනෙන විට, ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීමේ බලය ඔබේ ජීවිතය තුළ ක්‍රියාත්මක වන බව ඔබට දැනගත හැකියි.” අපි නැවතත් ලිස්සා ගියත්, අපට නැවතත් පසුතැවිලි විය හැකිය, සමාව ලබා ගත හැකිය, සහ දිගටම උත්සාහ කළ හැකිය.
ඊට අමතරව, ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ වැඩිහිටි ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ් මෙසේ ඉගැන්වූවා: “අපගේ පාප අපට මතක තිබෙන නිසා ඒවාට සමාව ලැබී නැති බව විශ්වාස කිරීමට සාතන් අපව පොළඹවනු ඇත. සාතන් බොරුකාරයෙක්. … අපගේ පාප අප මතක තබා නොගන්නා බවට දෙවියන්වහන්සේ පොරොන්දු වූයේ නැත. මතක තබා ගැනීම නැවත එම වැරදි නොකිරීමට අපට උපකාරයක් වෙනවා. නමුත් අපි සත්‍යවන්තව හා ඇදහිලිවන්තව සිටියහොත්, කාලයත් සමඟ අපගේ පව් පිළිබඳ මතකය තුනී වනු ඇත.”
© 2025 by Intellectual Reserve, Inc. All rights reserved. අමෙරිකා එක්සත් ජනපදයේ මුද්‍රණය කර ඇත. ඉංග්‍රීසි අනුමැතිය: 6/19. පරිවර්තන අනුමැතිය: 6/19. Monthly For the Strength of Youth Message, June 2025 හි පරිවර්තනයකි. Sinhala. 19629 408