ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම
නායකයින් සඳහා—ගුරුවරුන්ට දිශානතිය සහ උපකාර කිරීම


“නායකයින් සඳහා—ගුරුවරුන්ට දිශානතිය සහ උපකාර කිරීම,” ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම: නිවසේ සහ සභාවේ උගන්වන සියල්ලන් සඳහා (2022)

“ගුරුවරුන්ට දිශානතිය සහ උපකාර කිරීම,” ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම

මිනිසු​න් කතා කරමින්

නායකයින් සඳහා—ගුරුවරුන්ට දිශානතිය සහ උපකාර කිරීම

නායකයෙකු ලෙස, ඔබේ සංවිධානයේ “අලුතින් කැඳවූ ගුරුවරුන් හමුවීමට” සහ “ඔවුන්ගේ කැඳවීම් සඳහා සූදානම් වීමට ඔවුන්ට උදවු කිරීමට” ඔබට වගකීමක් ඇත (ප්‍රධාන අත්පොත, 17.3, ශුභාරංචි පුස්තකාලය). මෙම රැස්වීම් නව ගුරුවරුන්ව ඔවුන්ගේ පූජනීය කැඳවීම් වලට හඳුන්වා දීමට සහ ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ දර්ශනයකින් ඔවුන්ට අනුභාවයක් ලබාදීමට අවස්ථාවක් වේ. නායකයෙකු ලෙස, ඔබට පහත සඳහන් දෑ කිරීමෙන් සේවය කිරීමට සූදානම් වීමට නව ගුරුවරුන්ට උපකාර කළ හැකිය:

  • ඔවුන්ගේ කැඳවීමේදී ගැලවුම්කරුවාණන් ඔවුන්ට උපකාර කරන බවට ඔබේ ආත්ම-විශ්වාසය පළ කරන්න (බලන්න දහම සහ ගිවිසුම් 88:78).

  • නව ගුරුවරුන්ට මෙම පොතේ පිටපතක් ලබාදී, මෙහි මූලධර්ම ඔවුන්ගේ ඉගැන්වීමේදී අදාළ කරගැනීමට ක්‍රම සෙවීමට ඔවුන්ව දිරිමත් කරන්න.

  • නව ගුරුවරුන්ට දැනගැනීමට ප්‍රයෝජනවත් වන ඔබේ සංවිධානය පිළිබඳ ඕනෑම දෙයක් ඔවුන් සමඟ බෙදාගන්න.

  • අවශ්‍ය පරිදි, නව ගුරුවරුන්ට ඉගැන්විය යුත්තේ කුමන කාමරයේද සහ කුමන පාඩමෙන් ආරම්භ කළ යුතුද යන්න පවසන්න. ඔවුන්ගේ පන්තිය සහ පන්තියේ සාමාජිකයන් ගැන ඔවුන්ට අවශ්‍ය ඕනෑම තොරතුරක් සපයන්න.

  • නව ගුරුවරුන්ට ඔවුන්ගේ කැඳවීම සඳහා ඔබට උපකාර කළ හැකි බව පැහැදිලි කරන්න. අවශ්‍ය නම් පන්ති කාමරයේදී සහය ලබාදෙන්න එමෙන්ම ඉගැන්වීමේ සම්පත් වෙත ප්‍රවේශය ලබාදෙන්න.

  • ගුරුවරුන්ගේ පන්ති ඉඳහිට නිරීක්ෂණය කිරීමට ඉදිරිපත් වන්න, සහ ආත්මයාණන්ගෙන් පෙළඹවීම් ලැබෙන පරිදි ප්‍රතිපෝෂණ ලබාදෙන්න.

  • කාර්තුමය ගුරු සභා රැස්වීම් වලට සහභාගී වීමට ගුරුවරුන්ට ආරාධනා කරන්න.

ගුරු සේවය පුරාවටම, අඛණ්ඩ සහයෝගය ලබා දීම සඳහා වරින් වර ඔවුන් හමුවීම නොකඩ​වා කරන්න. උදාහරණයක් වශයෙන්, ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීමේ මූලධර්ම සාකච්ඡා කිරීමට පන්තියට පෙර හෝ පසුව ඔබට ගුරුවරයෙකු සමඟ කෙටි සාකච්ඡාවක් පැවැත්විය හැකිය. ඔවුන් හොඳින් කරන බව හැඟෙන දේවල් සහ ඔවුන් වැඩිදියුණු කර ගැනීමට කැමති මාර්ග පිළිබඳව ගුරුවරයාගෙන් විමසන්න. ඔවුන් කරන සේවය සඳහා කරුණාවෙන් සහ කෘතඥතාවයෙන් ඔවුන්ව දිරිමත් කරන්න.

ගුරුවරයා උගන්වන ආකාරය දෙස බලා ඔබ මෙම සාකච්ඡා සඳහා සූදානම් විය යුතුය. ගුරුවරයාගේ ශක්තීන් හොඳින් අවබෝධ කරගැනීමට සහ ඔබට සහාය ලබාදිය හැකි ක්‍රම සොයාගැනීමට උත්සාහ කරන්න. ගුරුවරයෙකුගේ ශක්තීන් මත ගොඩනැගීම; වැඩිදියුණු වීම සඳහා අවස්ථා හඳුනාගැනීම තරම්ම වැදගත් වේ.