“උපග්‍රන්ථය D: ආරෝනික පූජකවර ගණපූරණ සහ තරුණ ගැහැණු ළමුන්ගේ පන්ති සඳහා—රැස්වීම් න්‍යාය පත්‍රය” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“උපග්‍රන්ථය D,” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026
උපග්‍රන්ථය D
ආරෝනික පූජකවර ගණපූරණ සහ තරුණ ගැහැණු ළමුන්ගේ පන්ති සඳහා—රැස්වීම් න්‍යාය පත්‍රය
රැස්වීම් දිනය:
මෙහෙයවීම (පන්ති හෝ ගණපූරණ සභාපතිත්වයේ සාමාජිකයෙක්):
ආරම්භය
ගීතිකාව (විකල්පයකි):
යාච්ඤාව:
තරුණ ගැහැණු ළමුන්ගේ තේමාව හෝ ආරෝනික පූජකවර ගණපූරණ තේමාව කියවීම.
එක්ව සාකච්ඡා කිරීම
රැස්වීම මෙහෙයවන පුද්ගලයා විසින් මෙහෙයවනු ලබන, පන්තිය හෝ ගණපූරණය, දෙවියන්වහන්සේගේ ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යයේ ඔවුන්ගේ වගකීම් පිළිබඳව එකට එක්ව විනාඩි 5 සිට 10 දක්වා කාලයක් සාකච්ඡා කරයි. මෙය සභාපතිත්ව රැස්වීම් වලදී හෝ කොට්ඨාශ යෞවන මන්ත්‍රණ සභා රැස්වීම් වලදී සාකච්ඡා කරන ලද අයිතම පිළිබඳව පසු විපරම් කිරීමට, පන්ති හෝ ගණපූරණ සභාපතිවරයාට ලැබෙන අවස්ථාවකි.
මෙහෙයවන පුද්ගලයාට මෙම ප්‍රශ්න වලින් එකක් හෝ කිහිපයක් භාවිතා කරන්න පුළුවන්:
ශුභාරංචිය අනුව ජීවත් වීම
-
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සහ උන්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ අපගේ සාක්ෂි ශක්තිමත් කිරීමට දායක වුණු මෑතකාලීන අත්දැකීම් මොනවාද?
-
ගැලවුම්කරුවාණන්ට සමීප වීමට අප කරන්නේ මොනවාද? අපි උන්වහන්සේ හා සමාන වීමට උත්සාහ කරන්නේ කොහොමද?
-
අපගේ ජීවිත තුළ ස්වාමින්වහන්සේගේ මගපෙන්වීම අපට දැනී තිබෙන්නේ කොහොමද?
අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීම
-
අපට උපකාර කිරීමට හෝ සේවය කිරීමට මගපෙන්වීමක් දැනී ඇත්තේ කා වෙනුවෙන්ද? අවශ්‍යතා ඇති කෙනෙකුට උපකාර කිරීමට අපට ලැබී ඇති පැවරුම් මොනවාද?
-
අපගේ පන්තියේ හෝ ගණපූරණයේ සාමාජිකයන් මුහුණ දෙන අභියෝග මොනවා ද? අපි අත්විඳින දේවල්වලදී අපි එකිනෙකාට සහයෝගය දක්වන්නේ කොහොමද?
-
යමෙකු මෑතකදී අපගේ කොට්ඨාශයට මාරු වී හෝ සභාවට සම්බන්ධ වී තිබෙනවාද? ඔවුන්ව සාදරයෙන් පිළිගැනීමට අපට උදවු වෙන්න පුළුවන් කොහොමද?
ශුභාරංචිය ලබාගැනීමට සැමට ආරාධනා කිරීම
-
අන් අයට දෙවියන්වහන්සේගේ ප්‍රේමය දැනෙන්න උදවු කරන්න අපට කරන්න පුළුවන් මොනවාද?
-
අපගේ මිතුරන්ට සහභාගී වීමට ආරාධනා කළ හැකි ඉදිරියට පැමිණෙන ක්‍රියාකාරකම් මොනවාද?
-
කොට්ඨාශ යෞවන මන්ත්‍රණ සභා රැස්වීම්වලදී සාකච්ඡා කර ඇති ශුභාරංචිය බෙදාගැනීමේ සැලසුම් මොනවාද? අපගේ පන්තියට හෝ ගණපූරණයට එයට සම්බන්ධ වෙන්න පුළුවන් කොහොමද?
සදාකාලය සඳහා පවුල් එකට එකතු කිරීම
-
ආච්චිලා සීයලා සහ ඥාති සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සාමාජිකයන් සමඟ අපට වඩා හොඳින් සම්බන්ධ විය හැකි ක්‍රම මොනවාද?
-
දේවමාළිගා නියෝග අවශ්‍ය අපේ මුතුන් මිත්තන්ගේ නම් සොයා ගැනීමට අප කරන්නේ මොනවාද? අන් අයට ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ නම් සොයා ගැනීමට උදවු කිරීමට අපට කළ හැක්කේ මොනවාද?
-
තනි තනිව සහ පන්තියක් හෝ ගණපූරණයක් ලෙස අපට දේවමාළිගා කාර්යයන්ට වැඩිපුර සහභාගි වෙන්න පුළුවන් කොහොමද?
එකට එක්ව ඉගෙනගන්න
වැඩිහිටි නායකයෙකු හෝ ගණපූරණයේ හෝ පන්තියේ සාමාජිකයෙකු මෙම සතියේ එන්න, මා අනුගමනය කරන්න තුළ කියවීම් පිළිබඳ උපදෙස් ලබා දෙයි. ඔවුන් එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා තුළ ඇති අධ්‍යයන අදහස් භාවිතා කරයි. මෙම නිරූපකය සමඟ ඇති අධ්‍යයන අදහස් සෙමනේරිය සමඟ පෙලගැසී ඇති අතර එය යෞවනයින්ට විශේෂයෙන් අදාළ වෙයි. කෙසේ වෙතත්, ඕනෑම අධ්‍යයන අදහසක් භාවිතා කරන්න පුළුවන්. රැස්වීමේ මෙම කොටසට සාමාන්‍යයෙන් විනාඩි 35 සිට 40 ක් දක්වා ගත වෙනවා.
නිමාකිරීම
රැස්වීම මෙහෙයවන පුද්ගලයා:
-
ඉගැන්වූ මූලධර්ම පිළිබඳ සාක්ෂි දරයි.
-
පන්තිය හෝ ගණපූරණය, කණ්ඩායමක් ලෙස හෝ තනි තනිව ඔවුන් ඉගෙන ගත් දේවල් මත ක්‍රියා කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කරයි.
යාච්ඤාව: