“උපග්‍රන්ථය C: ප්‍රාථමිකය සඳහා—ගායනා කාලය සහ දරුවන්ගේ සක්‍රමේන්තු රැස්වීමේ ඉදිරිපත් කිරීම සඳහා උපදෙස්” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“උපග්‍රන්ථය C,” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026
උපග්‍රන්ථය C
ප්‍රාථමිකය සඳහා—ගායනා කාලය සහ දරුවන්ගේ සක්‍රමේන්තු රැස්වීමේ ඉදිරිපත් කිරීම සඳහා උපදෙස්
ශුද්ධ වූ සංගීතය කියන්නෙ දරුවන්ට ස්වර්ගීය පියාණන්වහන්සේගේ ප්‍රීතිය පිළිබඳ සැලැස්ම සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ මූලික සත්‍යයන් ගැන ඉගෙන ගැනීමට උදවු වන ප්‍රබල මෙවලමක්. දරුවන් ශුභාරංචි මූලධර්ම ගැන ගායනා කරද්දි, ශුද්ධාත්මයාණන්වහන්සේ ඒවායේ සත්‍යවාදී බව ගැන සාක්ෂි දරනවා. ඒ වචන සහ සංගීතය දරුවන්ගේ ජීවිත කාලය පුරාම ඔවුන්ගේ මනසෙහි සහ හදවත් තුළ පවතිනවා.
සංගීතය තුළින් ශුභාරංචිය ඉගැන්වීමට ඔබ සූදානම් වන විට ආත්මයාණන්වහන්සේගේ උදවු සොයන්න. ඔබ ගායනා කරන සත්‍යයන් පිළිබඳ ඔබේ සාක්ෂිය බෙදා ගන්න. ඔවුන් නිවසේදී සහ ප්‍රාථමික පන්තිවලදී ඉගෙන ගන්නා සහ අත්විඳින දෙයට සංගීතය සම්බන්ධ වන්නේ කෙසේදැයි දැකීමට දරුවන්ට උදවු කරන්න.
සක්‍රමේන්තු රැස්වීමේ ඉදිරිපත් කිරීම සඳහා මාර්ගෝපදේශ
සභානායකවරයාගේ මගපෙන්වීම මත, දරුවන්ගේ සක්‍රමේන්තු රැස්වීමේ ඉදිරිපත් කිරීම සාමාන්‍යයෙන් වසරේ සිව්වන කාර්තුවේදී පවත්වනු ලැබෙනවා. ප්‍රාථමික සභාපතිත්වය සහ සංගීත නායකයා, මෙම ඉදිරිපත් කිරීම සැලසුම් කිරීම සඳහා ප්‍රාථමිකය අධීක්‍ෂණය කරන සභානායකත්ව උපදේශකයා සමඟ එකතු වී වැඩ කරනවා.
මෙම ඉදිරිපත් කිරීම දරුවන්ට, ඔවුන් සහ ඔවුන්ගේ පවුල් විසින් එම අවුරුද්ද පුරාවට ගායනා කළ ප්‍රාථමික ගීත ඇතුළුව, නිවසේදී සහ ප්‍රාථමිකයේදී පරණ ගිවිසුමෙන් ඉගෙන ගත් දේ ඉදිරිපත් කිරීමට ඉඩ ලබාදිය යුතුයි. ඔබ මෙම ඉදිරිපත් කිරීම සැලසුම් කරද්දි, එය රැස්ව සිටින සභාවට ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ ඉගැන්වීම් කෙරෙහි අවධානය යොමු කිරීමට උදවු කළ හැකි ආකාරය ගැන සිතන්න.
අඩු දරුවන් සංඛ්‍යාවක් සිටින ඒකක වලට, පවුලේ සාමාජිකයින්ටත් තම දරුවන් සමඟ සහභාගී විය හැකි ක්‍රම සලකා බලන පුළුවන්. සභානායකත්වයේ සාමාජිකයෙකුට කෙටි අදහස් දැක්වීමකින් රැස්වීම අවසන් කරන්න පුළුවන්.
ඔබ මෙම ඉදිරිපත් කිරීම සඳහා සූදානම් වෙද්දි, පහත මාර්ගෝපදේශ මතක තබාගන්න:
-
පුහුණු වීම් ප්‍රාථමික පන්තිවලින් හෝ පවුල්වලින් අනවශ්‍ය කාලයක් ගත නොයුතුයි.
-
සක්‍රමේන්තු රැස්වීම සඳහා යම් දර්ශන, විවිධ ඇඳුම් පැළඳුම් සහ මාධ්‍ය ඉදිරිපත් කිරීම් සුදුසු වන්නෙ නැහැ.
බලන්න ප්‍රධාන අත්පොත: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ සේවය කිරීම, 12.2.1.2, ශුභාරංචි පුස්තකාලය.
ගායන කාලය සඳහා උපදෙස්
මිනිත්තු 5 (ප්‍රාථමික සභාපතිත්වය): ආරම්භක යාච්ඤාව, ශුද්ධලියවිලි හෝ ඇදහිල්ලේ කරුණු, සහ එක් කථාවක්
මිනිත්තු 20 (සංගීත නායකයා): ගායන කාලය
ප්‍රාථමික සභාපතිත්වය සහ සංගීත නායකයා විසින් දරුවන් තම පන්තිවල සහ නිවසේ ඉගෙන ගන්නා ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සඳහා සෑම මසකම ගීත තෝරා ගන්නවා. මෙම මූලධර්ම ශක්තිමත් කරන ගීත ලැයිස්තුවක් මෙම මාර්ගෝපදේශයෙහි ඇතුළත් වෙනවා.
ඔබ දරුවන්ට ගීත උගන්වන විට, ඔවුන් දැනටමත් ඉගෙනගෙන ඇති කථා සහ ගීතවල ඇති දහම් මූලධර්ම ගැන ඔවුන් ඉගෙන ගෙන ඇති දේ බෙදා ගැනීමට ඔවුන්ට ආරාධනා කරන්න. ගීතවල ඇති සත්‍යයන් පිළිබඳ ඔවුන්ගේ සිතුවිලි සහ හැඟීම් බෙදා ගැනීමට දරුවන්ට ආරාධනා කරන්න.
Children’s Songbook කියන්නෙ ප්‍රාථමිකයේ සංගීතය සඳහා මූලික සම්පතයි. ගීතිකා පොතේ ගීතිකා සහ මිතුරා සඟරාව තුළ ඇති ගීත ද සුදුසුයි. ඔබට Hymns—For Home and Church හි ගීත ද භාවිතා කළ හැකියි. ප්‍රාථමිකයේ භාවිතා කරන වෙනත් ඕනෑම සංගීතයක් සභානායකවරයා විසින් අනුමත කළ යුතුයි (බලන්න ප්‍රධාන අත්පොත, 12.3.4).
ගායන කාලය සඳහා සංගීතය
ජනවාරි
-
“My Heavenly Father Loves Me,” Children’s Songbook, 228–29
-
“I Will Follow God’s Plan,” Children’s Songbook, 164–65
පෙබරවාරි
-
“Follow the Prophet,” Children’s Songbook, 110–11
-
“A Child’s Prayer,” Children’s Songbook, 12–13
මාර්තු
-
“Kindness Begins with Me,” Children’s Songbook, 145
-
“I Need Thee Every Hour,” Hymns, no. 98
අප්‍රියෙල්
-
“Gethsemane,” Gospel Library
-
“Keep the Commandments,” Children’s Songbook, 146
මැයි
-
“Holy Places,” Gospel Library
-
“As I Search the Holy Scriptures,” Hymns, no. 277
ජුනි
-
“I Will Be Valiant,” Children’s Songbook, 162
-
“Love One Another,” Children’s Songbook, 136
ජූලි
-
“Search, Ponder, and Pray,” Children’s Songbook, 109
-
“I Pray in Faith,” Children’s Songbook, 14
අගෝස්තු
-
“Dare to Do Right,” Children’s Songbook, 158
-
“I Feel My Savior’s Love,” Children’s Songbook, 74–75
සැප්තැම්බර්
-
“Teach Me to Walk in the Light,” Children’s Songbook, 177
-
“Love Is Spoken Here,” Children’s Songbook, 190–91
ඔක්තෝම්බර්
-
“Seek the Lord Early,” Children’s Songbook, 108
-
“I Lived in Heaven,” Children’s Songbook, 4
නොවැම්බර්
-
“Families Can Be Together Forever,” Children’s Songbook, 188
-
“Choose the Right,” Hymns, no. 239
දෙසැම්බර්
-
“We’ll Bring the World His Truth,” Children’s Songbook, 172–73
-
“The Hearts of the Children,” Children’s Songbook, 92–93
දහම ඉගැන්වීමට සංගීතය භාවිතා කිරීම
ගායන කාලය ලබා දී ඇත්තේ දරුවන්ට ශුභාරංචි සත්‍යයන් ඉගෙන ගැනීමට උදවු කිරීමටයි. ඔබ ගීතිකා සහ ප්‍රාථමික ගීතවල ඇති ශුභාරංචි මූලධර්ම ඉගැන්වීමට ක්‍රම සැලසුම් කරන විට පහත අදහස් ඔබට දේවානුභාවයක් ලබාදෙයි.
අදාළ ශුද්ධලියවිලි කියවන්න. Children’s Songbook තුළ සහ ගීතිකා පොතේ බොහෝ ගීත සඳහා, අදාළ ශුද්ධලියවිලි පදවලට යොමු ලැයිස්තුගත කර තිබෙනවා. මෙම ඡේදවලින් සමහරක් කියවීමට දරුවන්ට උපකාර කරන්න, සහ ශුද්ධලියවිලි පද එම ගීතයට සම්බන්ධ වන ආකාරය ගැන කතා කරන්න. ඔබට පුවරුවේ ශුද්ධලියවිලි පද කිහිපයක් ලැයිස්තුගත කළ හැකි අතර, එක් එක් යොමුව ගීතයකට හෝ ගීතයක පදයකට ගලපන ලෙස දරුවන්ට ආරාධනා කරන්න.
හිස්තැන් පුරවන්න. ප්‍රධාන වචන කිහිපයක් මගහරිමින් පුවරුව මත ගීතයේ පදයක් ලියන්න. ඉන්පසු හිස්තැන් පුරවන වචනවලට සවන් දෙමින් ගීතය ගායනා කිරීමට දරුවන්ට කියන්න. ඔවුන් ඒ එක් එක් හිස්තැන් පුරවන විට, නැතිවූ වචන වලින් ඔබ ඉගෙන ගන්නා ශුභාරංචි මූලධර්ම මොනවාදැයි සාකච්ඡා කරන්න.
සාක්ෂි දරන්න. ඔබ ගායනා කරන ප්‍රාථමික ගීතයේ දක්නට ලැබෙන ශුභාරංචි සත්‍යයන් පිළිබඳ දරුවන්ට කෙටි සාක්ෂියක් දෙන්න. ගායනය යනු ඔවුන්ට සාක්ෂි දැරීමට සහ ආත්මයාණන්වහන්සේව දැනීමට හැකි එක් මාර්ගයක් බව තේරුම් ගැනීමට දරුවන්ට උදවු කරන්න.
සාක්ෂිකරුවෙකු ලෙස නැගී සිටින්න. ඔවුන් ගායනා කරන ගීත වලින් ඉගෙන ගන්නා දේ හෝ ගීතයේ උගන්වන සත්‍යයන් ගැන ඔවුන්ට හැඟෙන ආකාරය මාරුවෙන් මාරුවට පැමිණ බෙදා ගැනීමට දරුවන්ට ආරාධනා කරන්න. ඔවුන් එම ගීත ගායනා කරන විට ඔවුන්ට හැඟෙන්නේ කෙසේදැයි ඔවුන්ගෙන් අසන්න, සහ ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලපෑම හඳුනා ගැනීමට ඔවුන්ට උදවු කරන්න.
පින්තූර භාවිතා කරන්න. එම ගීතයේ වැදගත් වචන හෝ වාක්‍ය ඛණ්ඩ සමඟ ගැලපෙන පින්තූර සොයා ගැනීමට හෝ නිර්මාණය කිරීමට ඔබට උදවු කරන ලෙස දරුවන්ගෙන් ඉල්ලා සිටින්න. එම පින්තූර ගීතයට සම්බන්ධ වන ආකාරය සහ එම ගීතය උගන්වන දේ බෙදා ගැනීමට ඔවුන්ට ආරාධනා කරන්න. උදාහරණයක් ලෙස, ඔබ “When He Comes Again” (Children’s Songbook, 82–83) ගීතය උගන්වන්නේ නම්, ඔබට ගීතයේ වැදගත් වචන (දේවදූතයන්, හිම සහ තරුව වැනි) නිරූපණය කරන පින්තූර කාමරය පුරා තැබිය හැකිය. ඔබ එකට එක්ව ගීතයක් ගායනා කරන විට ඒවාට අදාළ පින්තූර එකතු කර ඒවා නිවැරදි පිළිවෙලට තබා ගැනීමට දරුවන්ට කියන්න.
භාණ්ඩ භාවිතා කර පාඩමක් බෙදාගන්න. ගීතයක් ගැන සංවාදයක් ඇති කිරීමට ඔබට යම් භාණ්ඩයක් භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස, “My Heavenly Father Loves Me” (Children’s Songbook,228–29) ගීතය ගායනා කරන විට, ඔබට කුරුල්ලෙක්, වැස්ස සහ මල් වැනි දේවල පින්තූරයක් දරුවන්ට පෙන්විය හැකිය. මෙය අප වටා තිබෙන ස්වර්ගීය පියාණන්වහන්සේගේ ප්‍රේමයේ සලකුණු සොයා ගන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාවකට තුඩු දෙන්න පුළුවන්.
පුද්ගලික අත්දැකීම් බෙදා ගැනීමට ආරාධනා කරන්න. ගීතයේ උගන්වන මූලධර්ම සමඟ ඔවුන් ලැබූ අත්දැකීම් සම්බන්ධ කිරීමට දරුවන්ට උදවු වෙන්න. උදාහරණයක් වශයෙන්, “I Love to See the Temple” (Children’s Songbook, 95), ගායනා කිරීමට පෙර, ඔවුන් දේවමාළිගාවක් දැක ඇත්නම් ඔවුන්ගේ දෑත් ඔසවන ලෙස ඔබට දරුවන්ගෙන් ඉල්ලා සිටිය හැකිය. ඔවුන් ගායනා කරන අතරතුර, දේවමාළිගාවක් දැකීමෙන් ඔවුන්ට හැඟෙන ආකාරය ගැන සිතා බැලීමට ඔවුන්ට ආරාධනා කරන්න.
ප්‍රශ්න අසන්න. ඔබ ගීත ගායනා කරන විට ඔබට ඇසිය හැකි ප්‍රශ්න බොහොමයක් තිබෙනවා. උදාහරණයක් වශයෙන්, ගීතයේ එක් එක් පදයෙන් ඔවුන් ඉගෙන ගන්නා දේ මොනවාද කියා ඔබට දරුවන්ගෙන් අසන්න පුළුවන්. එම ගීතයේ පිළිතුරු සපයන ප්‍රශ්න ගැන සිතා බැලීමටත් ඔබට ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. මෙමගින් මෙය ගීතයේ උගන්වා ඇති සත්‍යයන් පිළිබඳ සංවාදයකට මගපෙන්වන්න පුළුවන්.
සරල අත් සංඥා භාවිතා කරන්න. ගීතයක වචන සහ පණිවිඩ මතක තබාගැනීමට උපකාර කිරීම සඳහා සරල අත් සංඥා ගැන සිතීමට දරුවන්ට ආරාධනා කරන්න. උදාහරණයක් වශයෙන්, ඔබ “Search, Ponder, and Pray” (Children’s Songbook, 109) ගායනා කරන විට, ශුද්ධලියවිලි කියවීම ගැන ගීතයේ කියවෙද්දි ඔවුන්ගේ දෑස් අල්ලා ගැනීමටත්, මෙනෙහි කිරීම ගැන කියවෙද්දි ඔවුන්ගේ හිස අල්ලා ගැනීමටත්, එමෙන්ම යාච්ඤා කිරීම ගැන කියවෙද්දි ඔවුන්ගේ අත් බැඳගන්නා ලෙසත් ඔබට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න පුළුවන්.