එන්න, මා අනුගමනය කරන්න
එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා භාවිතය


එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා භාවිතය,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)

එක්ව අධ්‍යයනය කරන යුවළක්

එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා භාවිතය

මෙම පොත කා සඳහාද?

එන්න, මා අනුගමනය කරන්න පොත ඇත්තේ තනි තනිව, පවුලක් ලෙස සහ සභාවේ පන්තිවලදී ශුද්ධලියවිලි වලින් ඉගෙන ගැනීමට කැමති ඕනෑම කෙනෙකු සඳහායි. ඔබ අතීතයේදී ශුද්ධලියවිලි නිතිපතා අධ්‍යයනය කර නොමැති නම්, එය ආරම්භ කිරීමට මෙම පොත ඔබට උපකාරී වෙයි. ඔබට දැනටමත් ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමේ හොඳ පුරුද්දක් තිබෙනවා නම්, මෙම පොත ඔබට වඩාත් අර්ථවත් අත්දැකීම් ලබාගැනීමට උපකාරී වෙයි.

නිවසේ සිටින පුද්ගලයින් සහ පවුල්

ශුභාරංචිය ඉගෙන ගැනීමට සුදුසුම ස්ථානය නිවසයි. සභාවේ ඔබේ ගුරුවරුන්ට ඔබට සහාය වෙන්න පුළුවන්, ඒවගේම අනෙකුත් කොට්ඨාශ සාමාජිකයින්ගෙන් ඔබට දිරිගැන්වීමක් ලබාගන්න පුළුවන්. නමුත් අධ්‍යාත්මිකව සිටීමට, ඔබට සහ ඔබේ පවුලේ අයට “දෙවියන්වහන්සේගේ යහපත් වචනයෙන්” දිනපතා පෝෂණය අවශ්‍ය වෙනවා (මොරෝනි 6:4; තවත් බලන්න රසල් එම්. නෙල්සන්, “ආරම්භක පණිවිඩය”, ලියහෝනා, නොවැම්බර් 2018, 6–8).

ඔබට ප්‍රයෝජනවත් වන ඕනෑම ආකාරයකින් මෙම පොත භාවිතා කරන්න. මෙහි දළ සටහන් මගින් පරණ ගිවිසුමෙහි ඇති සදාකාලික සත්‍යයන් කිහිපයක් ඉස්මතු කරයි. ඒවා මගින් ඔබට තනි තනිව, ඔබේ පවුල සමඟ හෝ මිතුරන් සමඟ ශුද්ධලියවිලි අධ්‍යයනය කිරීමට උපකාර වන අදහස් සහ ක්‍රියාකාරකම් ද යෝජනා කරයි. ඔබ අධ්‍යයනය කරද්දී, ඔබට අර්ථවත් වන සදාකාලික සත්‍යයන් සොයා ගැනීමට ආත්මයාණන්ගේ මගපෙන්වීම අනුගමනය කරන්න. දෙවියන්වහන්සේට ඔබ වෙනුවෙන් දීමට තිබෙන පණිවිඩ සොයන්න, ඒවගේම ඔබට ලැබෙන පෙළඹවීම් අනුගමනය කරන්න.

සභාවේ ගුරුවරුන් සහ ඉගෙන ගන්නන්

එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා යනු ප්‍රාථමිකයේ, යෞවනයේ සහ වැඩිහිටි ඉරිදා පාසල්, තරුණ ගැහැණු ළමුන්ගේ පන්ති, සහ ආරෝනික පූජකවර ගණපූරණ රැස්වීම්වල ඉරිදා පන්ති සඳහා විෂය මාලාවයි. ඔබ මෙම සැකසීම් එකක හෝ උගන්වන්නේ නම්, ඔබේ පුද්ගලික අධ්‍යයනය සඳහා සහ ඔබ ඉගැන්වීමට සූදානම් වන විට මෙම සම්පතේ ඇති දළ සටහන් භාවිතා කිරීමට ඔබව දිරිමත් කරනු ලැබේ. ශුද්ධලියවිලිවල ඔබේම අත්දැකීම් ලබාගැනීමෙන් එය ආරම්භ කරන්න. ඔබගේ වැදගත්ම සූදානම සිදුවෙන්නේ ඔබ ශුද්ධලියවිලි පද සොයන විට සහ ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවය සොයන විටයි. ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වන්නට ඔබට උපකාර වන සදාකාලික සත්‍යයන් සොයන්න. ඔබට මෙම සත්‍යයන් සමහරක් හඳුනාගැනීමට සහ ශුද්ධලියවිලිවල සන්දර්භය තේරුම් ගැනීමට උපකාරයක් වෙන්න, එන්න, මා අනුගමනය කරන්න පොතට පුළුවන්.

ශුභාරංචිය උපරිම විදියට ඉගෙනගැනීමට නම්, එය නිවස කේන්ද්‍ර කරගෙන සහ සභාවේ සහය ඇතිව සිදුවිය යුතු බව මතක තබාගන්න. වෙනත් වචනවලින් කියනවා නම්, ඔබේ ප්‍රධාන වගකීම තමයි ඔබ උගන්වන පුද්ගලයින්ට නිවසේදී ශුභාරංචිය ඉගෙන ගැනීමටත් ඒ අනුව ජීවත් වීමටත් ඔවුන් දරන ප්‍රයත්නයන්ට ඔවුන්ට සහාය වීම. පන්තියේදී ඔවුන් සඳහා ලබා දීමට අද්විතීය අන්තර්ගතයක් සාදා ගැනීම ගැන කරදර වෙන්න එපා. ඒ වෙනුවට, ඔවුන් නිවසේදී කියවා ඇති ශුද්ධලියවිලි පාඨ පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම්, සිතුවිලි සහ ප්‍රශ්න බෙදාගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න. ඔවුන් සොයාගත් සදාකාලික සත්‍යයන් බෙදා ගැනීමට ඔවුන්ට ආරාධනා කරන්න. මෙය මෙම පොතේ යම් ප්‍රමාණයක් ආවරණය කරනවාට වඩා වැදගත්.

යෞවන හා වැඩිහිටි ඉරිදා පාසල් පන්ති

අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට උත්සාහ කරන විට එකිනෙකාට සහයෝගය දැක්වීම සහ දිරිගැන්වීම, අපි ඉරිදා පාසල් පන්තිවලට එක්රැස් වීමට එක් ප්‍රධාන හේතුවක්. මෙය කළ හැකි සරල ක්‍රමයක් තමයි, ඔබ ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට ශුද්ධාත්මයාණන්වහන්සේ මේ සතියේ ඔබට ඉගැන්වූයේ කුමක්ද?” වැනි ප්‍රශ්නයක් ඇසීම. මෙම ප්‍රශ්නයට පිළිතුරු, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සහ උන්වහන්සේගේ ශුභාරංචිය තුළ ඇදහිල්ල ගොඩනගන අර්ථවත් සාකච්ඡාවලට තුඩු දෙන්න පුළුවන්.

එවිට ඔබට එන්න, මා අනුගමනය කරන්න තුළ තිබෙන අධ්‍යයන යෝජනා මත පදනම්ව සාකච්ඡාවකට ආරාධනා කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන්, යෙසායා 53 හොඳින් කියවමින්, ගැලවුම්කරුවාණන්ගේ මෙහෙවර විස්තර කරන වචන සෙවීමට අධ්‍යයන අදහසකින් මගින් යෝජනා කරන්න පුළුවන්. මෙම වචන වලින් ඔවුන්ට පෙළඹවීමක් ලබා දුන් ඕනෑම සිතුවිල්ලක් හෝ හැඟීමක් බෙදාගැනීමට ඔබට පන්ති සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. නැතිනම් පන්තියක් ලෙස මෙම වචන සොයමින් යම් කාලයක් ගත කරන්න පුළුවන්.

ආරෝනික පූජක ගණපූරණය සහ තරුණ ගැහැණු ළමුන්ගේ පන්ති

ආරෝනික පූජක ගණපූරණය සහ තරුණ ගැහැණු ළමුන්ගේ පන්ති ඉරිදා දිනවල රැස්වන විට, ඔවුන්ගේ අරමුණ ඉරිදා පාසල් පන්තියකට වඩා තරමක් වෙනස්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඉගෙනගැනීමට එකිනෙකාට උපකාර කිරීමට අමතරව, මෙම කණ්ඩායම් රැස්වෙන්නේ ගැලවීමේ සහ උත්කර්ෂවත් වීමේ කාර්යය ඉටුකිරීම පිළිබඳව එකට එකතු වී සාකච්ඡා කරන්නයි (බලන්න ප්‍රධාන අත්පොත, 1.2). ඔවුන් මෙය කරන්නේ පන්ති සහ ගණපූරණ සභාපතිත්වයේ මගපෙන්වීම යටතේයි.

මේ හේතුව නිසා, සෑම ගණපූරණයක්ම හෝ පන්ති රැස්වීමක්ම ආරම්භ විය යුත්තේ ගණපූරණයේ හෝ පන්ති සභාපතිත්වයේ සාමාජිකයෙකු විසින්, උදාහරණයක් වශයෙන්, ශුභාරංචිය අනුව ජීවත් වීම, අවශ්‍යතා ඇති පුද්ගලයින්ට දේවසේවය කිරීම, ශුභාරංචිය බෙදා ගැනීමට හෝ දේවමාළිගා සහ පවුල් ඉතිහාස කාර්යයන්ට සහභාගී වීමට දරන උත්සාහයන් පිළිබඳ සාකච්ඡාවක් මෙහෙයවීමෙන්.

එකට එකතු වී සාකච්ඡා කරන මෙම කාලයෙන් පසු, එකට එකතු වී ශුභාරංචිය ඉගෙනීම සඳහා උපදේශකයෙකු පන්තිය හෝ ගණපූරණය මෙහෙයවයි. පන්ති හෝ ගණපූරණවල වැඩිහිටි නායකයින්ව හෝ සාමාජිකයන්ව ඉගැන්වීම සඳහා පවරන්න පුළුවන්. පන්ති හෝ ගණපූරණ සභාපතිත්වය, වැඩිහිටි නායකයින් සමඟ සාකච්ඡා කර, මෙම පැවරුම් ලබාදෙයි.

ඉගැන්වීමට පවරා ඇති පුද්ගලයින් එන්න, මා අනුගමනය කරන්න යන සතිපතා දළ සටහනේ ඇති ඉගෙනුම් යෝජනා භාවිතා කරමින් සූදානම් විය යුතුයි. මේ එක් එක් දළ සටහනෙහි, සෙමනේරි නිරූපකය මෙම නිරූපකය මගින් යෞවනයන්ට විශේෂයෙන් අදාළ වන ක්‍රියාකාරකමක් දක්වනවා. කෙසේ වෙතත්, මෙම දළ සටහනේ ඇති ඕනෑම යෝජනාවක් යෞවනයන් සඳහා ඉගෙනීමේ ක්‍රියාකාරකමක් ලෙස භාවිතා කරන්න පුළුවන්.

ගණපූරණ සහ පන්ති රැස්වීම් සඳහා නියැදි න්‍යාය පත්‍රයක් සඳහා, උපග්‍රන්ථය D බලන්න.

ප්‍රාථමිකය

ප්‍රාථමිකයට ඉගැන්වීමට ඔබේ සූදානම ආරම්භ වන්නේ ඔබ පුද්ගලිකව සහ ඔබේ පවුල සමඟ ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විටයි. ඔබ එහෙම කරද්දි, ඔබගේ ප්‍රාථමික පන්තියේ දරුවන් ගැන ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් ලැබෙන අධ්‍යාත්මික හැඟීම් සහ දේවානුභාවය සඳහා ඉඩ දෙන්න. යාච්ඤාවෙන් සිටින්න, එවිට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඉගෙන ගැනීමට, ඔවුන්ට උපකාර කිරීමට අදහස් සමඟ, ආත්මයාණන්ට ඔබට දේවානුභාවය ලබාදෙන්න පුළුවන්.

ඔබ ඉගැන්වීමට සූදානම් වන විට, එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා තුළ ඇති ඉගැන්වීමේ අදහස් ගවේෂණය කිරීමෙන් ඔබට අමතර පෙළඹවීමක් ලබා ගත හැකිය. මෙම සම්පත තුළ තිබෙන සෑම දළ සටහනකම “දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්” යන මාතෘකාව යටතේ කොටසක් තිබෙනවා. මෙම අදහස් ඔබේ ආනුභාවය දිරිමත් කිරීමට තිබෙන යෝජනා ලෙස සිතන්න. ඔබ ඔබේ ප්‍රාථමික පන්තියේ සිටින දරුවන්ව හඳුනනවා—ඒවගේම ඔබ ඔවුන් සමඟ පන්තියේදී අන්තර් ක්‍රියා කරන විට ඔවුන්ව වඩාත් හොඳින් දැන ගන්නවා. දෙවියන්වහන්සේත් ඔවුන්ව හඳුනනවා, ඒවගේම ඔවුන්ට ඉගැන්වීමට සහ ආශිර්වාද කිරීමට හොඳම ක්‍රම සමඟ උන්වහන්සේ ඔබට දේවානුභාවය ලබාදෙයි.

ඔබේ පන්තියේ ළමයින් ඔවුන්ගේ පවුල් සමඟ එන්න, මා අනුගමනය කරන්න තුළ තිබෙන සමහර ක්‍රියාකාරකම් දැනටමත් සිදුකර තිබෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. නැවත නැවත කිරීම හොඳයි. නිවසේදී ඉගෙන ගන්නෙ නැති වුනත්, දරුවන්ට සහභාගී වෙන්න පුළුවන් ආකාර ඔබ සැලසුම් කළ යුතු නමුත්—ඔවුන් නිවසේදී ඉගෙන ගත් දේ එකිනෙකා සමඟ බෙදාගැනීමට දරුවන්ට ආරාධනා කිරීම ගැනත් සලකා බලන්න. විවිධ ක්‍රියාකාරකම් තුළින් මෙම සත්‍යයන් නැවත නැවත උගන්වන විට දරුවන් වඩාත් ඵලදායී ලෙස ශුභාරංචි සත්‍යයන් ඉගෙන ගන්නවා. විශේෂයෙන්ම ඔබ කුඩා දරුවන්ට උගන්වද්දී, යම් ඉගෙනීමේ ක්‍රියාකාරකමක් දරුවන්ට ඵලදායී බව ඔබට පෙනී යනවා නම්, එය නැවත නැවත කිරීම ගැන සලකා බලන්න. ඔබට පෙර පාඩමක ක්‍රියාකාරකමක් වුනත් සමාලෝචනය කරන්න පුළුවන්.

ඉරිදා දින පහක් ඇති මාසවලදී, “උපග්‍රන්ථය B: ප්‍රාථමිකය සඳහා—දෙවියන්වහන්සේගේ ගිවිසුම් මාවතේ ජීවිතය ගතකිරීම සඳහා දරුවන් සූදානම් කිරීම” හි ඉගෙනුම් ක්‍රියාකාරකම් එකක් හෝ කිහිපයක් සමඟ පස්වන ඉරිදා දිනට නියමිත එන්න, මා අනුගමනය කරන්න තුළ ඇති දළ සටහන ප්‍රතිස්ථාපනය කිරීමට ප්‍රාථමික ගුරුවරුන්ව දිරිමත් කරනු ලැබෙනවා.