එන්න, මා අනුගමනය කරන්න
හැරී ඒම අපගේ ඉලක්කයයි


“හැරී ඒම අපගේ ඉලක්කයයි,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)

හැරී ඒම අපගේ ඉලක්කයයි

පියා සහ දරුවන් බැටළු පැටවෙකුට කවමින්

අපගේ හැරී ඒම ගැඹුරු කිරීම සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා සමාන වීමට අපට උපකාර කිරීම සියලු ශුභාරංචි ඉගෙනීමේ හා ඉගැන්වීමේ පරමාර්ථයයි. මේ හේතුව නිසා, අපි ශුභාරංචිය අධ්‍යයනය කරන විට, අපි හුදෙක් නව තොරතුරු සොයනවා පමණක් නොවේ; අපිට “නව ජීවියෙකු” වීමටත් අවශ්‍ය වෙනවා (2 කොරින්ති 5:17). මෙයින් අදහස් කරන්නේ අපගේ හදවත්, අපගේ අදහස්, අපගේ ක්‍රියාවන්, සහ අපගේ ස්වභාවයන් වෙනස් කිරීමට අපට උපකාර කිරීමට ස්වර්ගික පියාණන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මත රැඳී සිටීමයි.

නමුත් අපගේ ඇදහිල්ල ශක්තිමත් කරන සහ හැරී ඒමේ ආශ්චර්යට තුඩුදෙන ආකාරයේ ශුභාරංචි ඉගෙනීම එකවරම සිදු වෙන්නේ නෑ. එය පන්ති කාමරයෙන් ඔබ්බට පුද්ගලයෙකුගේ හදවත සහ නිවස දක්වා විහිදෙනවා. ශුභාරංචිය අවබෝධ කරගැනීමට හා ඒ අනුව ජීවත්වීමට, නොනවතින දිනපතා උත්සාහයන් අවශ්‍යයි. සැබෑ හැරී ඒමට ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලපෑම අවශ්‍යයි.

ශුද්ධාත්මයාණන්වහන්සේ අපිව එම සත්‍ය දෙසට මගපෙන්වනවා, ඒවගේම එම සත්‍යය පිළිබඳව සාක්ෂි දරනවා (බලන්න යොහාන් 16:13). උන්වහන්සේ අපගේ මනස ආලෝකමත් කරනවා, අපගේ අවබෝධය වේගවත් කරනවා, ඒවගේම සියලු සත්‍යයන්ගේ මූලාශ්‍රය වන දෙවියන්වහන්සේගෙන් ලැබෙන එළිදරව් සමඟ අපගේ හදවත් ස්පර්ශ කරනවා. ශුද්ධාත්මයාණන්වහන්සේ අපගේ හදවත් පිරිසිඳු කරනවා. සත්‍යය අනුව ජීවත්වීමේ මහත් ආශාව උන්වහන්සේ අප තුළ ඇතිකරනවා, ඒවගේම මෙය කිරීම සඳහා ක්‍රම උන්වහන්සේ අප තුළ මුමුණනවා. සැබවින්ම, “ශුද්ධාත්මයාණන්වහන්සේ … [අපට] සියල්ල උගන්වනවා” (යොහාන් 14:26).

මෙම හේතු නිසා, ශුභාරංචිය අනුව ජීවත්වීමට, ඉගෙනීමට හා ඉගැන්වීමට අප දරන උත්සාහයේදී, අප පළමුව හා ප්‍රධාන වශයෙන් ආත්මයාණන්ගේ සහකාරත්වය සෙවිය යුතුයි. මෙම ඉලක්කය මගින් අපගේ තේරීම් පාලනය කළ යුතු අතර අපගේ සිතුවිලි හා ක්‍රියාවන්ට මගපෙන්වීම ලබාදිය යුතුයි. ආත්මයාණන්ගේ පෙළඹවීම්වලට ආරාධනා කරන ඕනෑම දෙයක් අප සෙවිය යුතුයි, ඒවගේම එම පෙළඹවීම් ඉවත්කරන ඕනෑම දෙයක් ප්‍රතික්ෂේප කළ යුතුයි—මොකද ශුද්ධාත්මයාණන්වහන්සේගේ සහභාගිත්වයට අපට සුදුස්සෙක් වෙන්න පුළුවන් නම්, ස්වර්ගීය පියාණන්වහන්සේ හා උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියෙහි ජීවත්වීමට අප සුදුසු බවත් අපට දැනගන්න පුළුවන්.