2025
අපගේ ජීවිතවල සත්‍යය
2025 අගෝස්තු


“අපගේ ජීවිතවල සත්‍යයs,” ලියහෝනා, 2025 අගෝස්තු.

මාසික ලියහෝනා පණිවිඩය, 2025 අගෝස්තු

අපගේ ජීවිතවල සත්‍යය

සියලු දීමනා වලට වඩා ශ්‍රේෂ්ඨතම දේ ලබා ගන්නේ කෙසේද යන්න ඇතුළුව අපගේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබඳ සත්‍යයන්ද අපගේ ප්‍රේමණීය ස්වර්ගික පියාණන්වහන්සේ විසින් හෙළි කර තිබේ.

එන්.කේ. විට්නි & සමාගමේ වෙළඳසැල

1833 ජනවාරි 22 වන දින ඔහායෝ කර්ට්ලන්ඩ් හි නිවෙල් කේ. විට්නිගේ වෙළඳසැලේ ඉහළ මාලයේ කුඩා, බොහොම සීමිත ඉඩක් තියෙන කාමරයක, සභාවේ වැඩිහිටියන් අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් සමඟ රැස් විය. කලින් වසරේ දෙසැම්බර් මාසයේදී, මූලික වශයෙන් ධර්මදූත මෙහෙවර සඳහා සහෝදරයන්ව සූදානම් කිරීම සඳහා පාසලක් පිහිටුවීමට මඟපෙන්වමින් එළිදරව්වක් ජෝසෆ්ට ලැබී තිබුණි.

“මම ඔබට ආඥාවක් දෙන්නෙමි,” ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කර තිබුණා, “ඔබ එකිනෙකාට රාජ්‍යයේ දහම ඉගැන්විය යුතුය.”

එනම් නුඹලාට තේරුම්ගැනීමට යෝග්‍ය වන්නාවූ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය හා සම්බන්ධ සියලුම දේවල් තුළ, සිද්ධාන්තයන් තුළ, ප්‍රතිපත්තීන් තුළ, මූලධර්මයන් තුළ, ශුභාරංචියේ නීතිය තුළ, වඩාත් පරිපූර්ණ ලෙස නුඹලාට උපදෙස් ලැබෙන පිණිස ද; …

“එනම් මම නුඹලාව කැඳවා ඇති එම කැඳවීම, සහ මා විසින් නුඹලාට පවරන ලද මෙහෙයුම සම්පූර්ණ කිරීමට, මම නුඹලාව නැවත යවන විට නුඹලා සියලු දෙයින් සූදානම් වී සිටින පිණිසය” (දහම සහ ගිවිසුම් 88:77–78, 80).

මෙම “අනාගතවක්තෘවරුන්ගේ පාසල” ලෙස හැඳින්වූ එය අපූරු අධ්‍යාත්මික ආශීර්වාදයක් සපයා දී තිබුණි. මුල් කාලීන සභාවේ නායකයින් බොහෝ දෙනෙකුට එහිදී අධ්‍යාපනය ලබා දෙනු ලැබීය. අද ලෝකය සම්පූර්ණයෙන්ම වෙනස් තැනක්, නමුත් ස්වාමීන්වහන්සේ එදා ලබා දුන් මඟපෙන්වීම තවමත් ඇදහිය නොහැකි තරම් අදාළ වේ. අපිත් “තිබෙන්නාවූ දේවල් වලද, තවද ඒවා තිබූ ලෙසද, තවද ඒවා පැමිණෙන අකාරය ගැනද” දැනුම සහ සත්‍යය සෙවිය යුතුයි (දහම සහ ගිවිසුම් 93:24).

කාන්තාවක් ඇය කියවන පොත ගැන මෙනෙහි කරමින්

සත්‍යය සඳහා අපගේ සෙවීම

අප ජීවත් වන මේ යුගයේ, පෙර කවරදාටත් වඩා වැඩි දැනුමක් අපට ලබා ගත හැකිය. අතීතයේදී, ඔබට යමක් දැන ගැනීමට අවශ්‍ය නම්, පුස්තකාලයට ගොස් එය සොයා බැලිය යුතුව තිබුණි. අද වන විට අන්තර්ජාලය සහ අතේ ගෙන යා හැකි උපාංග මඟින් අපට ඉතා ඉක්මනින් සොයාගත හැකි නිමක් නැති තොරතුරු වෙත ප්‍රවේශය ලබා දෙයි.

අපට ඇති සම්පත් ඥානවන්තව භාවිතා කරන විට ස්වාමීන්වහන්සේ සතුටු වන නමුත් උන්වහන්සේ මෙම සදාකාලික උපදෙස ලබා දී තිබේ: “නුඹලා උද්යෝගයෙන් සොයන්න තවද එකිනෙකාට ප්‍රඥාවේ වචනයන් උගන්වන්න; එසේය, හොඳම පොත් වලින් නුඹලා ප්‍රඥාවේ වචනය සොයන්න; අධ්‍යනය මගින්ද, එසේම ඇදහිල්ල මගින් වුවද, ඉගෙනගැන්ම සොයන්න.” (දහම සහ ගිවිසුම් 88:118). අප වටා ඇති ලෝකය ගැන ඉගෙන ගැනීමට උන්වහන්සේ අපව දිරිමත් කරයි (බලන්න දහම සහ ගිවිසුම් 88:79; 93:53), නමුත් සත්‍යය සඳහා අපගේ සෙවීමේදී, අපි දෙවියන්වහන්සේ දෙස බැලිය යුතුය, උන්වහන්සේ “සියලු දේවල් අවබෝධ කරගන්නේය, තවද සියලු දේවල් උන්වහන්සේ ඉදිරියේ වන්නේය, … තවද උන්වහන්සේ සියලු දේවලට ඉහළින් සිටින සේක, … සියලු දේවල් අසල වටකොට සිටින සේක; තවද සියලු දේවල් උන්වහන්සේ කරණ කොටගෙනය” (දහම සහ ගිවිසුම් 88:41).

දෙවියන්වහන්සේ අපට දී ඇති සත්‍යයන් අතරින්, අපගේ පොළොවේ ජීවිත සඳහා වඩාත්ම පදනම් වූ එකක් වන්නේ, උන්වහන්සේ අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ වීමයි. අපි උන්වහන්සේගේ ආත්මික පුත්‍රයන් සහ දියණියන් වන්නෙමු. උන්වහන්සේ අපව හොඳින් හඳුනන අතර අපට ප්‍රේම කරන සේක. උන්වහන්සේගේ ආත්මික දරුවන් ලෙස, අපට දිව්‍යමය ස්වභාවයක් සහ ඉරණමක් තිබේ. මෙම සදාකාලික සත්‍යයන් අවබෝධ කර ගැනීම සහ වැළඳ ගැනීම මගින් අපට අනන්‍යතාවය, වටිනාකම සහ අරමුණක් ලබා දෙන අතර එය අපගේ පොළොවේ ජීවිතයට පෙර අපට ආශිර්වාද කර මඟ පෙන්වූ අතර එය දැන් සහ සදහටමත් එසේ කරනු ඇත.

මිනිසුන් තිරය හරහා ගමන් කරමින්

ආරම්භයේදී අපි පියාණන්වහන්සේ සමඟ සිටියෙමු

අපි දේවල් “ඒවා තිබූ ලෙසටම” සත්‍යය සොයන විට, අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් මෙම වචන අපට සොයාගත හැකිය: “තවද දැන්, සැබවක් මම නුඹලා හට පවසන්නෙමි, මම ආරම්භයේදී පියාණන්වහන්සේ සමඟ වූයෙමි, තවද මම කුළුඳුලාණෝය,” සහ “නුඹලාද එසේම ආරම්භයේදී පියාණන්වහන්සේ සමඟ වූහ” (දහම සහ ගිවිසුම් 93:21, 23).

අපේ පොළොවේ ජීවිතයට පෙර, අපි ස්වර්ගයේ පැවති මන්ත්‍රණ සභාවකට සහභාගි වුණෙමු, එහිදී අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ සතුට පිළිබඳ සැලැස්ම ඉදිරිපත් කළ සේක. දෙවියන්වහන්සේගේ සැලැස්ම සඳහා උන්වහන්සේගේ අභිප්‍රාය “තමන් මෙන් ඉදිරියට යාමට [සහ] … තමන් සමඟ උසස් වීමට වරප්‍රසාදයක්” අපට ලබා දීම බව අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් ඉගැන්නුවේය. උන්වහන්සේගේ කාර්යය හා මහිමය වන්නේ “මනුෂ්‍යයාගේ අමරණීයත්වය සහ සදාකාල ජීවනය ගෙන ඒමයි.” (මෝසෙස් 1:39).

අපි අපගේ නිදහස ක්‍රියාත්මක කර ස්වර්ගික පියාණන්වහන්සේගේ සැලැස්ම අනුගමනය කිරීමට තෝරා ගත්තෙමු. මේ ජීවිතයේ ඉපදීමට අපි ආශිර්වාද ලබා ඇත, එහිදී අපට තෝරාගැනීමේ නිදහස දිගටම ලැබෙන අතර ලෞකිකත්වය අත්විඳිය හැකිය, ඉගෙන ගැනීමට, සහ ප්‍රගතියක් ලබා ගැනීමට හැකිය.

අපගේ ලෞකික ගමනේදී, අපට අභියෝග සහ පසුබෑම් අත්විඳීමට සිදු වේ. නමුත් ජීවිතයේ දුෂ්කරතාවන්ට අප තනිවම මුහුණ දිය යුතු නැත. ජෝසෆ් ස්මිත් මෙසේ ඉගැන්වූයේය, ස්වර්ගික පියාණන්වහන්සේ, “විශ්වයේ ශ්‍රේෂ්ඨතම දෙමාපියා[,] මුළු මිනිස් පවුල දෙසම පියෙකුගේ අවධානයෙන් සහ පිය සෙනෙහසින් යුතුව බලන සේක.”

අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ, “දයාබර කරුණාවල පියවූ ද සෑම සැනසිල්ලේ දෙවි වූද”, අපට ආශීර්වාද කර, අපව ඔසවා, සහ “අපි දෙවියන්වහන්සේගෙන් යම් සැනසිල්ලක් ලැබුවෙමු ද, ඒ සැනසිල්ල කරණකොටගෙන කොයි පීඩාවක් නුමුත් විඳින්නන් සනසන්ට අපට පුළුවන් වන පිණිස උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අප සනසන සේක” (2 කොරින්ති 1:3-4). උන්වහන්සේගේ සැලැස්මේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස, ස්වර්ගික පියාණන්වහන්සේ අපට උන්වහන්සේ වෙත නැවත පැමිණීමට මාර්ගය සපයා තිබේ.

ඊශ්‍රායෙලයේ ගෙත්සෙමන උයන

අපගේ පියාණන්වහන්සේ වෙත යන මාර්ගය

“පවතින්නාවූ එම ආකාරය” (ජේකබ් 4:13) ගැන සත්‍යය පැහැදිලි ය: අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ දරුවන් ලෙස අපට අපගේ සම්පූර්ණ හැකියාවන් කරා තනිවම ළඟා විය නොහැක. ආත්මයෙන් පියාණන්වහන්සේගේ කුලුඳුල් පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ගැළවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් වීමට ගිවිසුමක් ඇති කරගනු ලැබූ සේක.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, “පියාණන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ මහිමය මෙන්, කරුණාවෙන් සහ සත්‍යයෙන්ද, එමෙන්ම සත්‍යයේ ආත්මයෙන් වුවත් පූර්ණව, … මාංශයෙන් යුතුව ජීවත් වී, තවද අප අතරට පැමිණ ජීවත් වූ සේක” (දහම සහ ගිවිසුම් 93:11). මේ ජීවිතයේ සහ සදාකාලික ජීවිතයේ සතුට, අර්ථය සහ ප්‍රීතිය සොයා ගැනීමට මාර්ගය පෙන්වීමට උන්වහන්සේ පැමිණි සේක.

“මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.”

“මක්නිසාද දෙවියන්වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එවුවේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව, ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගලවනු ලබන පිණිසයි.”(යොහන් 3:16–17).

ගැලවුම්කරුවාණන්ගේ පොළොවේ අත්දැකීම වැදගත්. උන්වහන්සේ “පූර්ණත්වය පළමුවම නොලැබූ බව දුටුවෙමි, එහෙත් ලැබූවේ කරුණාවෙන් කරුණාවටය” (දහම සහ ගිවිසුම් 93:12). උන්වහන්සේ “පියාණන්වහන්සේගේ මහිමයේ පූර්ණත්වයක්” සහ “තවද ස්වර්ගයේ සහ පොළොව මත දෙකෙහිම, උන්වහන්සේ සියලු බලය ලැබූ සේක, තවද පියාණන්වහන්සේගේ මහිමය උන්වහන්සේ සමඟ විය, මක්නිසාද උන්වහන්සේ උන්වහන්සේ තුළ වාසය” (දහම සහ ගිවිසුම් 93:16-17) කරන තෙක් වර්ධනය විය. ගැලවුම්කරුවාණන් මෙලෙස ඉගැන්වූ සේක:

“මම මෙම ප්‍රකාශයන් නුඹලා හට දෙන්නේ එනම් නුඹලා තේරුම්ගෙන තවද නමස්කාර කරන්නේ කෙසේදැයි දැන, තවද නමස්කාර කරන්නේ කුමකටදැයි දැන, එනම් නුඹලා පියාණන්වහන්සේ වෙතට මාගේ නාමයෙන් පැමිණ, තවද යථා කාලයේදී උන්වහන්සේගේ පූර්ණත්වය ලබාගන්නා පිණිසය.

“මක්නිසාද නුඹලා මාගේ ආඥාවන් පිළිපදින්නේ නම් නුඹලා උන්වහන්සේගේ පූර්ණත්වය ලබන්නෙහුය, තවද මා පියාණන්වහන්සේ තුළ සිටින්නාක් මෙන් මා තුළ මහිමාන්විත වන පිණිසය; එසේහෙයින්, මම නුඹලා හට පවසන්නෙමි, නුඹලා කරුණාවෙන් කරුණාවට ලැබිය යුතු වන්නෝය” (දහම සහ ගිවිසුම් 93:19–20).

ගෙත්සෙමන උයනේදී සහ කුරුසියේදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ පාප උන්වහන්සේ මතට ගෙන සියලු දුක් සහ “සියලු ආකාරයේ වේදනාවන් ද පීඩාවන් ද පරීක්ෂාවන් ද” විඳවූ සේක (ඇල්මා 7:11). මෙය “සියල්ලන්ගෙන්ම ශ්‍රේෂ්ඨ වූ, [උන්වහන්සේ හට] … වේදනාව නිසා වෙව්ලීමට, සෑම රෝම කූපයකින්ම ලේ ගැලීමට සැලැස්වූ සේක” (දහම සහ ගිවිසුම් 19:18). ගැලවීම සහ උත්කර්ෂවත් වීම ලබා ගත හැක්කේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීම සහ මරණයෙන් නැවත නැඟිටීම තුළින් පමණයි.

ගැලවුම්කරුවාණන්ගේ කරුණාව සහ වන්දිගෙවීමේ පරිත්‍යාගය තුළින්, අපට පූර්ණත්වයක් ලැබෙන තෙක් වර්ධනය විය හැකි අතර යම් දිනක පරිපූර්ණත්වයට ගෙන ඒමට හැකි වේ. අපි ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අනුගමනය කර උන්වහන්සේගේ ආඥාවලට කීකරු වුවහොත්, අපගේ ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේගේ මහිමාන්විත අබිමුඛයට නැවත යන ගමනේදී උන්වහන්සේ අපට මඟ පෙන්වනු ඇත.

ක්‍රිස්තුස්වහන්සේ යෙරුසලමට යන මාර්ගයේ ගමන් කරන ආකාරය දිස්වෙන සිතුවමක්

යෙරුසලමට යන මාර්ගයේ ක්‍රිස්තුස්වහන්සේ, මයිකල් කෝල්මන් විසින්, පිටපත් නොකළ යුතුය.

ඔබට උන්වහන්සේගේ දීමනාව ලැබේවි ද?

“සත්‍යයෙන්ම සිදුවන්නාවූ” (යාකොබ් 4:13) සත්‍යයන් අතර, සදාකාලිකත්වය පිළිබඳ අපගේ අත්දැකීම තීරණය වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට සහ උන්වහන්සේ පිරිනමන දීමනා ලබා ගැනීමට අප ගන්නා තේරීම අනුව බව අපි ඉගෙන ගන්නෙමු. ශුද්ධලියවිලි අපට උගන්වන්නේ “[අප] ලබාගැනීමට කැමති දෙයින් සතුටු වන” බවයි. කණගාටුවට කරුණක් නම්, සමහරු “ඔවුන් ලබා තිබෙන දෙයින් සතුටුවීමට ඔවුන් අකමැති වනු ඇත” (දහම සහ ගිවිසුම් 88:32).

මගේ ධර්මදූත සභාපති, හැතෑවරුන්ගේ ප්‍රධාන අධිකාරීවරයෙකු ලෙස සේවය කළ වැඩිහිටි මේරියන් ඩී. හැන්ක්ස් (1921–2011), ඔහුගේ ධර්මදූතයින්ට ඉගැන්වූයේ අප ලැබීමට සහ භුක්ති විඳීමට කැමති දේ ඉල්ලා සිටීම අපගේ අධ්‍යාත්මික ගමනේ අප කොතැනද යන්න විනිශ්චය කළ හැකි ක්‍රමයක් බවයි. “මක්නිසාද මනුෂ්‍යයාට ඔහු මත ත්‍යාගයක් ප්‍රදානය කරනු ලැබ, තවද ඔහු එම ත්‍යාගය නොලබන්නේ නම් එයින් කුමන ප්‍රයොජනයක් වන්නේ ද?” උනන්දුවෙන් උන්වහන්සේව සෙවීමෙන් සහ අනුගමනය කිරීමෙන් අපි ගැළවුම්කරුවාණන්ගේ දීමනා ලබා ගන්නා විට, අපි සදාකාල ජීවනයේ බලාපොරොත්තුවෙන් සහ “[ඒ] ත්‍යාගය දෙන්නාවූ තැනැත්තා තුළ ප්‍රීති වන්නෙමු” (දහම සහ ගිවිසුම් 88:33). ඉතා ආදරයෙන් ලබා දුන් මෙම දීමනාව “දෙවියන්වහන්සේගේ සියලු දීමනා වලින් ශ්‍රේෂ්ඨතම දීමනාව වන්නේය” (දහම සහ ගිවිසුම් 14:7).

දෙවියන්වහන්සේ අපගේ ස්වර්ගික පියාණන්වහන්සේ ය. උන්වහන්සේ අපව දන්නා අතර අපට ප්‍රේම කරයි. සත්‍යය සෙවීමේදී අපි උන්වහන්සේ වෙත හැරෙන විට, අපට බුද්ධියට ඇලී සිටිය හැකිය, ප්‍රඥාව ලබා ගත හැකිය, සත්‍යය වැළඳ ගත හැකිය, ගුණවන්තකමට ප්‍රේම කළ හැකිය, සහ උන්වහන්සේගෙන් එන ආලෝකයට ඇලී සිටිය හැකිය (බලන්න දහම සහ ගිවිසුම් 88:40). ඉන්පසු අපි අපගේ ජීවිත කාලය පුරාම “[අපි] උන්වහන්සේ තුළ සහ උන්වහන්සේ මගින් ප්‍රාණවත් වී, දෙවියන්වහන්සේව වුවත් අවබෝධ කරගන්නා වූ දවස පැමිණෙන තෙක්” ඉදිරියට යන්නෙමු (දහම සහ ගිවිසුම් 88:49).

ඒ දවස ඉතාමත් තේජාන්විත හා ප්‍රීතිමත් දවසක් වේවි.

සටහන්

  1. Teachings of Presidents of the Church: Joseph Smith (2011), 210, Gospel Library.

  2. Teachings: Joseph Smith, 39.