2025
පළමු දර්ශනය
2025 ජනවාරි


“පළමු දර්ශනය,” මිතුරා, 2025 ජනවාරි, 26–28.

මාසික මිතුරා පණිවිඩය, 2025 ජනවාරි

පළමු දර්ශනය

ඔබට මෙම කථාව ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:1-20 තුළ කියවන්න පුළුවන්.

එක් මනුෂ්‍යයෙක් පිරිසකට දේශනා කරන අයුරු ජෝසෆ් ස්මිත් බලා සිටී

ජෝසෆ් ස්මිත් කුඩා කාලයේ දී, බොහෝ සභාවන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව වෙනස් වෙනස් දේ ඉගැන්නුවා. කුමන සභාවට සම්බන්ධ විය යුතුද කියා ජෝසෆ් දැන සිටියේ නැහැ.

ජෝසෆ් ස්මිත් බයිබලය කිවමින්

දිනක්, ඔහු බයිබලයේ යෘකොබ් 1;5 කියෙව්වා. අපට ප්‍රඥාව අවශ්‍ය නම්, අපට දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටින්න පුළුවන් බව අහු කියවුණා. ජෝසෆ් එසේ කිරීමට තීරණය කළා.

ජෝසෆ් ස්මිත් වනයට ඇවිද යමින්

සුන්දර වසන්ත කාලයේ දිනයක, ජෝසෆ් ස්වර්ගික පියාණන්වහන්සේට යාච්ඤා කිරීම සඳහා වනය තුළට ගියා.

ජෝසෆ් ස්මිත් යා‍ච්ඤා  කරමින්

ජෝසෆ් දණ ගසා යාච්ඤා කිරීමට පටන් ගත්තා. එහෙත් එවිට ඔහුට ඔහු වටා අන්ධකාරය දැනුණා. ජෝසෆ් බය වුණා. ඔහු දෙවියන්වහන්සේගෙන් උපකාර ඉල්ලා සිටියා.

ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔහුට දර්ශනය වුණා.

හදිසියේම, ජෝසෆ් ස්වර්ගයෙන් බැස එන දීප්තිමත් ආලෝකයක් දුටුවා. ඔහු ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ආකාශයේ සිටගෙන සිටිනවා දුටුවා. ස්වර්ගීය පියාණන්වහන්සේ ජෝසෆ්ගේ නම පැවසුවා. එවිට උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව පෙන්වා මෙසේ කිව්වා, “මේ මාගේ ආදරණීය පුත්‍රයාය. ඔහුට සවන් දෙන්න!”

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

යේසුස්වහන්සේ ඔහුට පැවසුවේ කිසිම සභාවකට සම්බන්ධ නොවන්න කියායි.

ජෝසෆ් ස්මිත් දණ ගසාගෙන ඉහළ බලාගෙන

ජෝසෆ් ස්මිත් පොළොව මත ශුභාරංචියේ පූර්ණත්වය නැවත පිහිටුවීමට උපකාර වනු ඇත.

ජෝසෆ් ස්මිත් සිනාසෙමින් වනයෙන් පිටව යමින්

ජෝසෆ් තවදුරටත් ව්‍යාකූල වුණේ නෑ. ඔහු ප්‍රීතියෙන් පිරී ගියා! දෙවියන්වහන්සේ ඔහුට ප්‍රේම කරන බව ඔහු දැන සිටියා. ඔහු ස්වර්ගීය පියාණන්වහන්සේව සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දුටු බව සමහර මිනිසුන් විශ්වාස කළේ නැහැ, නමුත් එය සත්‍ය බව ඔහු දැන සිටියා.

පාට කරන පිටුව

ස්වර්ගීය පියාණන්වහන්සේ මාගේ යාච්ඤාවලට සවන් දී පිළිතුරු දෙනවා.

පළමු දර්ශනයේ පාට කරන පිටුව

කෝරි එග්බර්ට්ගේ නිදර්ශනයකි

ස්වර්ගික පියාණන්වහන්සේ ජෝසෆ් ස්මිත්ගේ යාච්ඤා වට පිලිතුරු දුන්නා. උන්වහන්සේ ඔබගේ යාච්ඤා වලට ද පිළිතුරු ලබාදෙනවා.