2025
ආදරය සහ ප්‍රීතිය පිළිබඳ සුබ පණිවිඩ
2025 ජනවාරි


“ආදරය සහ ප්‍රීතිය පිළිබඳ සුබ පණිවිඩ,” ලියහෝ නා, 2025 ජනවාරි.

මාසික ලියහෝනා පණිවිඩය, 2025 ජනවාරි

ආදරය සහ ප්‍රීතිය පිළිබඳ සුබ පණිවිඩ

නැවත පිහිටුවීමේ ආශීර්වාද අපගේ හදවත් දිරිමත් කළ යුතු අතර දෙවියන්වහන්සේගේ මහත් ප්‍රේමයට කෘතඥතාවයෙන් අපව පුරවා ගත යුතුය.

හිරු බැස යෑමේදී දේවදූත මොරෝනි පිළිමය

සියලු දෙනාටම බලාපොරොත්තුව සහ සාමය පිළිබඳ අපගේ පණිවුඩය නම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවත් වන අතර මෙම පසුදවස්වල උන්වහන්සේගේ ශුභාරංචිය සහ සභාව නැවත පිහිටුවා ඇති බවයි.

“මේ දේවල් මනුෂ්‍ය වර්ගයාට කොතරම් විස්තර කළ නොහැකි තරම් මහිමාන්විතද!” කියා අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් ප්‍රකාශ කළේය. “සත්‍ය ගැන ඔවුන් සියලු ජනයාට මහත් ප්‍රීතියේ සුබ පණිවිඩ ලෙස සැලකිය හැකිය; පණිවිඩයන්, තවද, එය පොළොව පිරවිය යුතු අතර ඔවුන් සවන් දෙන විට සෑම කෙනෙකුගේම හදවත් සතුටු කළ යුතුය.”

ගැළවුම්කරුවාණන්ගේ පොළොව මත මෙහෙයෙන් පසු සියවස් ගණනාවක් තිස්සේ, දෙවියන්වහන්සේගේ දරුවන් උන්වහන්සේ සොයමින් වැඩි ආලෝකයක් හා සත්‍යයන් බලාපොරොත්තු වූහ. දැන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ සුබ පණිවිඩ සහ සිදුවෙමින් යන නැවත පිහිටුවීම සියලු ජනතාව ආශීර්වාද කිරීමට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “රජවරුන්ගේ රජු ලෙස පාලනය කිරීමට සහ ස්වාමින්වහන්සේලාගේ ස්වාමියා ලෙස රජකම් කිරීමට” නැවත පැමිණෙන දිනය සඳහා ලෝකය සූදානම් කිරීමට ඉදිරියටම යයි. මෙය අපගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ සහ අපගේ ගැලවුම්කරුවාණන්ගේ නොනවතින ප්‍රේමයේ ගැඹුරු ප්‍රකාශවීමකි. මුළු ලෝකයටම මෙම සත්‍යයන් ප්‍රකාශ කිරීම සඳහා මගේ ජීවිතය ගත කළ හැකි වීම ගැන මම සතුටු වෙමි.

විය නොහැකි සහ විශිෂ්ට

තරුණ ජෝසෆ් කුමන සභවට සම්බන්ධ විය යුතුද යන්න ගැන කළ යාච්ඤාවට පිළිතුරු වශයෙන් දෙවියන් වූ පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පෙනී සිටිමින් ජෝසෆ් ස්මිත්ට කතා කළ වනය තුළ මනුෂ්‍ය පවුලට නව දිනයක් උදා විය (බලන්න ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:14–20). යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජෝසෆ්ට කිසිම සභාවකට සම්බන්ධ නොවන්නැයි කී සේක. උන්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය අනාගතයේ දී ජෝසෆ් ස්මිත්ට එළිදරව් කරන බවට උන්වහන්සේ පොරොන්දු වූ සේක.

බොහෝ දෙනෙකුට, ජෝසෆ් එවැනි වැදගත් කාර්යයකට කැඳවීමට බොහෝ දුරට නොහැකි බව පෙනෙන්නට තිබූ අතර, ඔවුන් නිවැරදියි. ඔහු අප්‍රසිද්ධ නගරයක කුඩා ගොවිපොලක උගත්කමක් නැති සහ වැදගත්කමක් නැති පිරිමි ළමයෙක් විය. ගැලවුම්කරුවාණන්ගේ කාලයේ දී උන්වහන්සේ ගැන සමහරු පැවසූ පරිදි, “නාසරෙත් නුවරින් යහපත එන්න පුළුවන්ද?” (යොහන් 1;46), නිව්යෝර්ක් හි පැල්මයිරා හි උගත්කමක් නැති 14-හැවිරිදි දරුවෙකුගෙන් ලැබිය හැකි යහපත කුමක්දැයි බොහෝ දෙනෙක් කල්පනා කළහ. නමුත් ජෝසෆ් හරහා—ඔහුට විය නොහාකි යැයි පෙනෙන්නට තිබුනත්—ස්වර්ගීක පියාණන්වහන්සේ සහ ස්වාමින්වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සැබවින්ම විශිෂ්ට දේ සිදු කරන සේක. අපගේ කුඩා හා නිහතමානී ආකාරයෙන්, ස්වාමින්වහන්සේගේ කාර්යයට අපට ද අර්ථවත් ආකාරවලින් දායක විය හැකි බව මෙය අපට බලාපොරොත්තුවක් ගෙන දිය යුතුය.

කාලයාගේ ඇවෑමෙන්, ස්වාමින්වහන්සේ ජෝසෆ්ට කතා කළ සේක “තවද ස්වර්ගයේ සිට ඔහුට කතා කළෙමි, තවද ඔහුට ආඥාවන් ලබාදුන්නෙමි” (දහම සහ ගිවිසුම් 1;17). ස්වර්ගීක පියාණන්වහන්සේගේ ප්‍රේමණීය සැලැස්ම සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුදවා ගැනීමේ ප්‍රේමය සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගයේ බලය පිළිබඳ අපගේ අවබෝධයට නව ආලෝකයක් ගෙන දුන් වටිනා එළිදරව් සහ ඉතා වැදගත් මූලධර්ම ජෝසෆ්ට ලැබුණි. විශිෂ්ට ලෙස, ප්‍රවාහනය, සන්නිවේදනය සහ වෙනත් ක්ෂේත්‍රවල සැලකිය යුතු දියුණුවක් දෙවියන්වහන්සේගේ ආලෝකය උන්වහන්සේගේ දරුවන් වැඩි වැඩියෙන් ආශීර්වාද කිරීම සඳහා බබළවන්න ඉඩ සලසන නිශ්චිත මොහොතේ මෙම සුබ පණිවිඩයන් පැමිණියේය.

මොරෝනි ජෝසෆ් ස්මිත්ට රන් තහඬු භාර දෙමින්

මොරෝනි දේවදූතයා ජෝසෆ් ස්මිත්ට තහඬු භාර දෙමින්, සී. සී. ඒ. ක්‍රිස්ටීන්සන් විසින්

දෙවියන්වහන්සේගේ ආදරයේ බලවත් සාක්ෂියක්

ජෝසෆ් ස්මිත්ට මොරෝනි දේවදූතයාගේ පෙනී සිටිම නැවත පිහිටුවීමට වැදගත් වන අතර දෙවියන්වහන්සේගේ ප්‍රේමය පිළිබඳව බලවත් සක්ෂියකි. මොරෝනි ජෝසෆ්ට අසල තැන්පත් කර ඇති, රන් තහඩු මත ලියා ඇති වාර්තාවක් ගැන පැවසුවේය (බලන්න ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:33–34). අවසානයේදී, එම වාර්තාව මොර්මොන්ගේ පොත බවට පරිවර්තනය කිරීමට ජෝසෆ්ට “ඉහළ සිට බලය” ලබා දෙනු ඇත (දහම සහ ගිවිසුම් 20:8), එය බයිබලය සමඟ නැගී සිටින අතර එය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ තවත් ගිවිසුමකි.

මොර්මොන්ගේ පොත පුරාවටම, ක්‍රිස්තුස්වහන්සේට වසර සිය ගණනකට පෙර, උන්වහන්සේගේ පැමිණීම ගැන දැන සිටි සහ පුරෝකථනය කළ සහ ඒ සඳහා ආශාවෙන් සිටි අය ගැන අපි කියවමු. මරණයෙන් නැවත නැගිටුන ගැළවුම්කරුවාණන්ගේ ස්වකීය පෙනි සිටීම සහ නෙපීවරුන් අතර මෙහෙය පිළිබඳ විස්තරය ද අපට හමු වන අතර, එම කාලය තුළ උන්වහන්සේ සියලු දෙනාට උන්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ ඇළයේ සහ උන්වහන්සේගේ අත්වල සහ පාදවල ඇණ ලකුණු ස්පර්ශ කරන ලෙස ආරාධනා කළ සේක (බලන්න 3 නෙපී 11:14–15). උන්වහන්සේ රෝගීන්, කොරුන්, අන්ධයන් සුවපත් කළ සේක—“කිසියම් ආකාරයකින් පීඩාවට පත් වූ සියල්ලන්”—ඉන්පසු කුඩා දරුවන්ට ආශීර්වාද කොට ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළ සේක (බලන්න 3 නෙපී 17:7–9, 21). ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය සහ දයානුකම්පාව ගැන අපි බොහෝ දේ ඉගෙන ගන්නේ මෙම ශුද්ධ වූ වාර්තාවෙනි.

මොර්මොන්ගේ පොත “යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ” බවට සාක්ෂිදරයි. මොර්මොන්ගේ පොතේ ඇති සහතිකයන් නැවත නැවතත් අපට මතක් කර දෙන්නේ ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන්වහන්සේ සහ අපගේ ගැලවුම්කරුවාණන් අපට සිතාගත නොහැකි තරමට අපට ආදරය කරන බවයි.

පූජකවරයේ ආශිර්වාද සහ සභාව

ජෝසෆ් ස්මිත්ට වෙනත් ස්වර්ගීය දූතයන්ගේ පෙනී සිටීමත් සමඟ නැවත පිහිටුවීම දිගටම පැවතුනි. “මරණයෙන් නැවත නැගිටුවනු ලැබූ යොහාන් බව්තීස්ත විසින් පව්වලට කමාව සඳහා ගිල්වීමෙන් බව්තීස්ම වීමේ බලය නැවත පිහිටුවන ලදි. මුල් ප්‍රේරිතයන් දොළොස්දෙනාගෙන් තිදෙනෙක් වන—පේත්‍රැස්, යාකොබ් සහ යොහාන්— විසින් ප්‍රේරිතකම සහ පූජකවර අධිකාරියේ යතුරු නැවත පිහිටුවනු ලැබූහ. මරණය ඉක්මවා යන සදාකාලික සබැඳියාව තුළ සදාකාලිකව පවුල් සමග එක්වීමේ බලය නැවත පිහිටවූ එලියා ඇතුලු, වෙනත් අයද පැමිණියහ.

1830 අප්‍රේල් 6 වන දින, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අනාගතවක්තෘ ජෝසපෆ් මඟින් නව ගිවිසුමේ කාලවල දී උන්වහන්සේ සංවිධානය කළ සභාවෙන් පසුව හැඩගැසුණු සභාවක් ස්ථාපිත කළේය (බලන්න ඇදහිල්ලේ කරුණු 1:6), “ප්‍රේරිතවරුන්ගෙත් සහ අනාගතවක්තෘවරුන්ගෙත් අත්තිවාරම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේම එහි ප්‍රධාන ගල වීම” සමඟ සම්පූර්ණ කළේය (එපීස 2:20). යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව, නැවත පිහිටුවන ලද පුජකවර බලයේ ආශිර්වාද ලබා ගැනීමට සුදානම් වන දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට ලබා ගත හැකිය.

සභාපති රසල් එම්. නෙල්සන් අපට උගන්වා ඇති ලෙස, අප ස්වර්ගික පියාණන්වහන්සේ සහ අපගේ ගාලවුම්කරුවාණන් දෙසට හැරෙන විට දිනපතා පසුතැවිලි වීමෙන් අපට ප්‍රීතිය සොයාගත හැකිය. දුකින් සිටින‍‍‍ නැතහොත් ඔවුන් හොඳ මදි හෝ අයිති නොවන සේ හැඟෙන ඕනෑම කෙනෙකුට: ක්‍රිස්තුස්වහන්සේ වෙතට සහ උන්වහන්සේගේ සභාවට පැමිණෙන ලෙස සියලු දෙනාට ආරාධනා කරනු ලැබේ. සභාව පරිපූර්ණයින් සඳහා ආරාමයක් නොව රෝගීන් සඳහා රෝහලකි. ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ වැඩිහිටි ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ් අපට මතක් කර දෙන්නේ “අපි සභාවට එන්නේ අපගේ ගැටළු සැඟවීමට නොව ඒවා සුව කිරීමට.” බවයි.

සභාවේ දී අප අන් අයගේ අවශ්‍යතා වලට යොමුවන විට, අන් අයට ආදරයෙන් සේවය කිරීමට සහ ක්‍රිස්තුස්වහන්සේගේ යහපත්කමේ අධිකත්වය සමඟ අපගේම පෞද්ගලික අත්දැකීම් බෙදා ගැනීමට ඇති අවස්ථාවන් තුළ ප්‍රීතිය සොයා ගනිමු. අපට “ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ ජනතාව අතරේ ගණන්ගනු ලබන්න” සහ “සිහිකිරීමට ද දෙවියන්වහන්සේගේ යහපත් වචනයෙන් පෝෂණය කළ හැකිය (මොරෝනි 6:4). එය කෙතරම් නම් ආශිර්වාදයක්ද!

මහත් ප්‍රීතියකට හේතුවක්!

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් වරක් ප්‍රකාශ කළේ, “දැන්, අපට ලැබී ඇති ශුභාරංචියේ අපට අසන්නට ලැබෙන්නේ කුමක්ද? ප්‍රීතියේ හඬක්ය! ස්වර්ගය වෙතින් වූ දයාවේ හඬක්ය; තවද පොළොවෙන් පිටතට සත්‍යයේ හඬක්ය: මළවුන් උදෙසා වූ ශුභ පණිවිඩයන්ය; ජීවත් වන්නවුන් සහ මළවුන් උදෙසා ප්‍රීතියේ හඬක්ය; මහත් ප්‍රීතියේ ශුභ පණිවිඩයන්ය” (දහම සහ ගිවිසුම් 128:19).

මෙම ශුභ පණිවිඩය පැමිණ තිබෙන්නේ, ස්වර්ගික පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ ආදරණීය පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපට ප්‍රේම කරන නිසා සහ—වෙන කිසිම දෙයකට වඩා—උන්වහන්සේලා අබියසට අපව නැවත පිළිගැනීමට, ඔවුන්වහන්සේලා ජීවත් වන ආකාරයේ ජීවිතයක් අපට සාකාලිකව ලැබෙන පිණිස ආශා කරන නිසාය. නැවත පිහිටුවීමෙන් හෙළි වෙන්නේ මෙය අප සැමට මහිමවත් අවස්ථාවක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය සෑම දෙයක්ම උන්වහන්සේලා විසින් සිදු කර ඇති බවයි. අපගේ සදාකාලික ගමනේදී, අපි පරික්ෂා සහ දුෂ්කරතා අත්විඳිනු ඇත, එහෙත් මෙම ජීවිතේ සහ පසු ජීවිතයේදී “[අපි], පැවතෙන්නේ එනම් [අපිට] ප්‍රීතිය තිබෙනු පිණිසය” (2 නෙපී 2:25). මේ බව බොහෝ දෙනාට වඩා හොඳින් අනාගතවක්තෘ ජෝසෆ් දැන සිටියේය.

ජෝසෆ් නිතර විරුද්ධත්වයට හා හිංසනයට මුහුණ දුන් නමුත් ඔහු ඔහුගේ “සහජ ප්‍රකෘතිමත් විනෝදශීලීත්වය” තබාගත්තේය (ජෝසෆ් ස්මිත්—ඉතිහාසය 1:28). ඔහු ප්‍රීතිමත්, ශක්තිමත් හා දරා ගැනීමේ හැකියාවෙන් සිටි අතර, ඔහුට කිරීමට ලබා දී ඇති සුවිශේෂි කාර්යය ඔහු ඉෂ්ට කළේය. අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත්ව විශ්වාස කළ, සහයෝගය දැක්වූ සහ ඔහුව අනුගමනය කළසහ සභාව ගොඩ නැගීම සඳහා කැපවුන මුල් කාලීන ශුද්ධවන්තයින් සියලු දෙනාටම මම උපහාරය පුද කරමි. අපි ඔවුන්ට ගෙෳරවනීයව සහ කෘතවේදිත්ව ණය ගැතියි.

සභාවේ මුල් කාලයේ එය අසීරු වු අතර, එය අද ද අසීරු විය හැකිය. එහෙත් නැවත පිහිටුවීම ඉදිරියට යයි යේසුස්වහන්සේ මෙම සභාවේ ප්‍රධානියා ලෙසත්, ජීවමාන අනාගතවක්තෘවරුන් අපට දිගටම මගපෙන්වනු ඇත. ස්වාමින්වහන්සේගේ ගෘහයන් දිගටම ගොඩනඟනු ඇත, දෙවියන්වහන්සේ සමඟ සදාකාලික ගිවිසුම්වල ආශීර්වාද අපව උන්වහන්සේට සහ තිරයේ දෙපැත්තේ අපගේ ආදරණීයයන්ව එක එක් කොට බඳිනු ලබන්නේය (බලන්න මතෙව් 16;19). උන්වහන්සේගේ බැටළුවන් පෝෂණය කිරීමට සහ උන්වහන්සේගේ ශුභාරංචිය බෙදා ගැනීමට ගැළවුම්කරුවාණන්ගේ ආඥාව අප අනුගමනය කරන විට දෙවියන්වහන්සේගේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය මුළු ලොවටම පැතිරෙනු ඇත. ජෝසෆ්ගේ කාලයේ දී සිතා ගත නොහැකි වූ ආකාර වලින් හා ස්ථානවලට නැවත පිහිටුවීමේ සත්‍යයන් ඉදිරියට යන ආකාරය අපි සාක්ෂි දකිමු.

අනාගතවක්තෘ ජෝසෆ් කළාක් මෙන්—මෙම වටිනා සත්‍යයන් වැලඳගෙන ජීවත් වන විට—අපට ශක්තියක් සහ මහත් ප්‍රීතියක් සොයාගත හැකිය. ජෝසෆ් තම කාලයේ දී ශුද්ධවන්තයන්ට කළ කැඳවුම අදත් අප සමඟ පවතී: “අපි ඉතා ශ්‍රේෂ්ඨ කාරණාවක් උදෙසා නොයන්නෙමුද? පසුපසට නොව ඉදිරියටම යන්න. ධෛර්යවන්ත වන්න, තවද පෙරට එන්න, ජයග්‍රහණය වෙතට පෙරට එන්න! නුඹලාගේ හදවත් වලට ප්‍රීති ප්‍රමුදිත වන්නටත් තවද බෙහෙවින් ප්‍රීතිමත් වන්නටත් සලස්වන්න” (දහම සහ ගිවිසුම් 128:22).

දැන් සහ සෑම විටම, නැවත පිහිටුවීම අපගේ ජීවිතවලට ආශීර්වාද සහ මඟපෙන්වන මහත් ප්‍රේමයේ සහ ප්‍රීතියේ ශුභ පණිවිඩයන් වේවා.

සටහන්

  1. Teachings of Presidents of the Church: Joseph Smith (2007), 152.

  2. The Living Christ: The Testimony of the Apostles,” Gospel Library.

  3. See Saints: The Story of the Church of Jesus Christ in the Latter Days, vol. 1, The Standard of Truth, 1815–1846 (2018), 16.

  4. මොර්මොන්ගේ පොතේ මුල් පිටුව.

  5. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියේ පූර්ණත්වය නැවත පිහිටුවීම: ලෝකය සඳහා ද්විශතවාර්ෂික ප්‍රකාශය,” ශුභාරංචි පුස්තකාලය.

  6. බලන්න රසල් එම්. නෙල්සන්, “අධ්‍යාත්මික ගම්‍යතාවයේ බලය,” ලියහෝනා, මැයි 2022,

  7. Dieter F. Uchtdorf, “On Being Genuine,” Liahona, May 2015, 83.